The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි?

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? Empty ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි?

    Post by Ethical Trader Thu Jun 29, 2017 1:34 pm

    ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි?
    BBC Sandeshaya  2017 ජුනි 28

    Image copyright Sujathro Ghosh
    Image caption ඉන්දීය සමාජයේ කොන්වෙන ගැහැණියඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? _96725098_indiangate

    ඉන්දීය කාන්තාවන් එළදෙනුන් තරම්වත් වැදගත් නැද්ද?

    දේශපාලනමය වශයෙන් මහත් ආන්දෝලනයක් ඇති කෙරෙන එම ප්‍රශ්නය නගනු ලබන්නේ ගව මුහුණු පැළඳ ගනිමින් කැමරාවක් ඉදිරියේ පෙනී සිටින කාන්තාවන්ගේ ඡායාරූප ඇතුළත් විශේෂ ව්‍යාපෘතියක් මගිනි.

    එම ව්‍යාපෘතිය කරළියට ගෙන ආ විසිතුන් හැවිරිදි ඡායාරූප ශිල්පියා හින්දු ජාතිකවාදීන්ගේ බලවත් කෝපයට භාජනය වෙමින් ඇති බවත් වාර්තා වෙයි.

    "මගේ රටේ පවතින තත්වය සම්බන්ධයෙන් මම බලවත් ලෙස කැළඹීමට පත්වෙලා ඉන්නේ. මේක කාන්තාවන්ට වඩා එළදෙනුන් වැදගත් කමක් ලබන සමාජයක්. බොහෝ හින්දූන් විසින් පූජනීය සත්වයකු ලෙස සලකනු ලබන ගවයෙකුට වඩා දූෂණය කරනු ලැබීමට හෝ පහර දීමකට ගොදුරු වූ කාන්තාවකට සිය යුක්තිය ඉටුකර ගැනීමට කල් ගත වෙනවා" ඡායරූප ශිල්පී සුජාත්‍රෝ ඝෝෂ් පවසයි.

    ඉන්දියාව කාන්තාවන්ට එරෙහිව සිදු කෙරෙන අපරාධ නිතරම මෙන් වාර්තා කෙරෙන සමාජයකි.

    ඉන්දීය ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන වලට අනුව ගතවෙන හැම මිනිත්තු පහළොවකට වරක් ස්ත්‍රී දූෂණයක් වාර්තා වෙයි

    "ඒ වගේ අපරාධයක් පිළිබඳව උසාවියට පැමිණිල්ලක් කළත් අපරාධකාරයාට දඬුවම් දෙන්න අවුරුදු ගණනක් ගත වෙනවා. ඒ වුනාට ගවයෙක් මැරුවොත් හින්දු අන්තවාදියෝ වහාම ගිහින් ගවයා මැරූ බවට සැක කරන පුද්ගලයා මරල දානවා. නැත්නම් ඔහුට පහර දෙනවා" සුජාත්‍රෝ ඝෝෂ් පෙන්වා දෙයි.

    අගමැති නරේන්ද්‍ර මෝඩි නායකත්වය දෙන හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ ආණ්ඩුව 2014 වසරේ බලයට පත්වීමේ පටන් ගවයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් වල බලය ශක්තිමත් වෙමින් පවතින අතර තම ඡායාරුප ව්‍යාපෘතිය ඊට විරෝධය පළ කිරීමේ උපාංගයක් වන බවත් ඔහු පවසයි.

    "මුස්ලිම් ජාතිකයෙක් ශීතකරණයේ ගබඩා කර ගනිමින් ගවමස් ආහාරයට ගන්නා බවට කටකතා පැතිර යාමත් එක්ක හින්දු කල්ලියක් ගිහින් ඒ පුද්ගලයා මරා දැම්මා. මම ඒ ගැන සංවේදී වුනා. ගවයන් වෙනුවෙන් පෙනී සිටින්නන් ඒ වගේ තවත් ප්‍රහාර එල්ල කරලා තියෙනව"ඝෝෂ් වැඩිදුරටත් කියා සිටියි.

    'පූජනීය සත්වයකු හෙයින් ගවයා ආරක්ෂා කළ යුතුය' යන්න භාරතීය ජනතා පක්ෂයේ ස්ථාවරයයි.

    ඉන්දියානු ප්‍රාන්ත කීපයක ගව ඝාතනය දැනටමත් තහනම් කරනු ලැබ ඇති අතර, එම නීතිය උල්ලංඝනය කරනු ලබන්නන්ට දෙන දඬුවම් තවත් දැඩි කිරීමට ද එම ප්‍රාන්ත බලධාරීන් විසින් පියවර ගනු ලැබ ඇත.

    ගව ඝාතනයට දඬුවම මරණීය දණ්ඩනය බවට පත් කිරීමේ පනත් කෙටුම්පතක් ගැනත් ඉන්දීය පාර්ලිමේන්තුව සලකා බලමින් ඇත.

    ඉන්දියාවේ ගත වූ අවුරුදු දෙක ඇතුළත 'ගවයාගේ නාමයෙන්'දොළොස් දෙනකුට ආසන්න පිරිසක් මරා දමනු ලැබ ඇත.

    මස් සඳහා යයි පැතිරෙන කටකතා නිසා කිරි සඳහා ගවයන් ප්‍රවාහනය කරන මුස්ලිම් ජාතිකයන් පවා මරා දමන ලද අවස්ථා වාර්තා වෙයි.

    ඒ අතරම ගවමස ඉන්දියානු මුස්ලිම්, ක්‍රිස්තියානි සහ දශ ලක්ෂ සංඛ්‍යාත 'දලිත්' කුල පීඩිත ජනයාගේ ප්‍රධාන ආහාරයක් වෙයි.

    නැගෙනහිර ඉන්දියාවේ කොල්කටා නගරවාසියකු වූ සුජාත්‍රෝ ඝෝෂ් මෙයින් වසර හතරකට පෙර දිල්ලි අගනුවර වාසය ආරම්භ කළ අතර ගවයන් සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන ඉහත කී පිළිවෙත දැන් ඔහු දකින්නේ "ආගම සහ දේශපාලනය එකට මුසු වීමෙන් නිර්මාණය වූ අනතුරුදායක තත්වයක්" හැටියටයි.

    තමා දියත් කරන ඡායාරූප ව්‍යාපෘතිය ඊට බලපෑමක් කළ හැකි "නිහඬ විරෝධයක්" ලෙසත් ඔහු දකියි.

    මෙම ජූනි මාසය මුල නිව්යෝර්ක් නගරයේ සංචාරයක නිරත වූ සුජාත්‍රෝ ඝෝෂ් ආපසු සියරට ලඟා වුනේ ඇමෙරිකාවේ දී මිලට ගත් කෘත්‍රිම ගව මුහුණු කීපයක් ද රැගෙනයි.

    එම ගව මුහුණු කාන්තාවන්ට පළඳවමින් ඔවුන් ජනාධිපති මන්දිරය ,ආණ්ඩුවේ ගොඩනැගිලි, සංචාරකයන ගැවසෙන තැන් , මහා මාර්ගවල ප්‍රසිද්ධ ස්ථාන, දුම්රියකදී සහ බෝට්ටුවකදී මෙන්ම නිවාස වැනි පෞද්ගලික තැන් වලදීත් ඡායාරූප ගතකළ සුජාත්‍රෝ ඝෝෂ් එමගින් පෙන්වා දෙන්නේ ඉන්දීය සමාජය තුළ හැම තැනකදී ම කාන්තාවන් අනාරක්ෂිත බවයි.

    "මම පළමු ඡායාරූපය ගත්තේ ඓතිහාසික ඉන්දියානු දොරටුව(India Gate,) ඉදිරිපිටදී. එය ඉන්දියාවට එන සංචාරකයන් වැඩියෙන් ගැවසෙන තැනක්. ඉන් අනතුරුව මම ජනාධිපති මන්දිරය ඉදිරිපිටදී නිරූපිකාවක් ඡායාරූපයට ගත්තා.ඊ ළඟ පින්තූරය ගත්තේ කොල්කටා නගරයේ හූග්ලි (Hooghly) ගංගාවේ බෝට්ටුවක දී" ගෝෂ් සිය චාරිකාව විස්තර කරයි.

    මෙයින් සති දෙකකට පෙර සුජාත්‍රෝ ඝෝෂ් සිය ඡායාරූප ව්‍යාපෘතිය Instagram ප්‍රකාශනයක් ලෙස සමාජගත කළ මොහොතේ පටන් විශාල ප්‍රතිචාරයක් ලද අතර එය 'ශුභවාදී' විය.

    ඝෝෂ් නොහඳුනන්නන් පවා ඔහුට ශුභ පතා තිබුණි.

    එහෙත් එය පුවත්පත් සහ සමාජ මාධ්‍ය ජාලයේ කතිකාවක් බවට පත් වීමත් සමඟ දෙසතියකට පසු ලද ප්‍රතිචාරය සහමුලින්ම වෙනස් තත්වයක විය.

    "ඇතැමුන් මට තර්ජනය කරමින් ලිව්වා.සමහරු කිව්වා -මමත් ඒවගේම මම නිරූපිකාවන් හැටියට යොදාගත් කාන්තාවනුත් දිල්ලි අගනුවර 'ජමා මස්ජිඩ්' මුස්ලිම් පල්ලියට ගෙන ගිහින් මරා දමන්න ඕන කියල.තවත් කෙනෙක් ලිව්වා- අපේ මස් ජාතිකවාදීන් ගර්හාවට ලක් කරන කාන්තා මාධ්‍යවේදිනියකට සහ ලේඛිකාවකට කැවිය යුතුය කියල. මගේ මව මගේ මළ සිරුර මත වැළපෙන හැටි දකින්න අවශ්‍යයි කියල ඔවුන් ලිව්ව" සුජාත්‍රෝ ඝෝෂ් තමා ලද ප්‍රතිචාර විස්තර කළේ එවැනි වචන වලිනි

    ඒ අතර ඇතැමුන් දිල්ලි පොලිසිය අමතමින් "කැරලි ගැසීමට මිනිසුන් පෙළඹවීමේ චෝදනා යටතේ ඝෝෂ් අත්අඩංගුවට ගන්නා මෙන් පැමිණිලි කර ඇත.

    තර්ජන මගින් බියපත් නොවන සුජාත්‍රෝ ඝෝෂ් තමා යහපත් පරමාර්ථයක් වෙනුවෙන් පෙනී සිටින බව කියා සිටියි.
    WasteofTime
    WasteofTime


    Posts : 271
    Join date : 2014-09-29

    ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? Empty Re: ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි?

    Post by WasteofTime Thu Jun 29, 2017 2:29 pm

    Incredible India !!

    To avoid rape,Ladies should wear pads similar to cows privates.

    avatar
    malanp


    Posts : 518
    Join date : 2014-03-04

    ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි? Empty Re: ඉන්දියානු කාන්තාවන් ගව මුහුණු පැළඳ ගත්තේ ඇයි?

    Post by malanp Thu Jun 29, 2017 8:51 pm

    I think Sri Lankans should wear Donkey face to show their intelligent level.

      Current date/time is Sat Nov 09, 2024 6:52 am