The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
"දකුණේ තිලකය" මැකුනේ ඇයි? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    "දකුණේ තිලකය" මැකුනේ ඇයි?

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    "දකුණේ තිලකය" මැකුනේ ඇයි? Empty "දකුණේ තිලකය" මැකුනේ ඇයි?

    Post by Ethical Trader Sat Jun 17, 2017 8:22 am

    "දකුණේ තිලකය" මැකුනේ ඇයි?
    BBC Sandeshaya   පැය 8 කට පෙර
    "දකුණේ තිලකය" මැකුනේ ඇයි? _96518366_2016.12.26
    Image copyright Asanka Premaratne
    Image caption "ඇත්තම කිව්වොත් දකුණේ තිලකය තමයි මේ මිය ගිහින් තියෙන්නේ. කාලාන්තරයකට ඒ වගේ ප්‍රතාපවත්, දැකුම්කළු, විශාල ඇතෙක් යාල කලාපය ආශ්‍රිතව බිහි වෙන එකක් නැහැ"

    ශ්‍රී ලංකාව තුළ ආකාලයේ මරණයට පත්වන අලි ඇතුන්ගෙන් බහුතරය එවැනි ඉරණමකට ගොදුරු වන්නේ අලි මිනිස් ගැටුමට මැදි වීමෙනි.

    එහෙත් යාල වනෝද්‍යානයේ විසූ තිලක් නමැති සද්දන්තයාට මරු කැඳවුයේ රැහේම එකෙකු විසිනි.

    අලි ඇතුන් අතර සටන් ඇති වීම සුලභව දැකිය නොහැකි බව ප්‍රවීනයන්ගේ මතයයි.

    කෙසේ නමුත් යාල ජාතික වනෝද්‍යානයේ දිවි ගෙවූ තිලක් නමැති ඇත් රජුගේ වියෝව පරිසරවේදීන් මෙන්ම සත්ත්ව ලෝලීන්ට ද කණගාටුදායක පුවතක් විය.

    තවත් තනි දළ ඇතෙකු විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් තිලක් නමැති ඇතාගේ මරණයට හේතු වී ඇති බව වනජීවී නිලධාරීහු පවසති.

    වනජීවී පශු වෛද්‍ය නිලධාරී විජිත පෙරේරා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඇතාගේ ඉලඇට ප්‍රදේශයට හානි සිදුව තිබූ බවය.

    එමෙන්ම පනස් විය ඉක්මවූ ඇතාගේ ශරීර සෞඛ්‍ය ද යම් තරමක් පිරිහී තිබූ බව ඔහු සඳහන් කළේය.
    'යුගයක අවසානය'
    "දකුණේ තිලකය" මැකුනේ ඇයි? _96502205_19205135_10213257233451227_1577180651_o-1
    Image caption "තිලක් දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත, යුගයක් එකළු කළ හස්ති රාජයෙක්"
    "දකුණේ තිලකය" මැකුනේ ඇයි? _96502209_19182190_10213257137408826_1939004526_o
    Image caption "ඇතාගේ ඉලඇට ප්‍රදේශයට හානි සිදුව තිබුණා"

    තිලක් දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත, යුගයක් එකළු කළ හස්ති රාජයෙකු ලෙස හැඳින්විය හැකි බව පරිසරවේදී නයනක රන්වැල්ල පවසයි.

    "ඇත්තම කිව්වොත් දකුණේ තිලකය තමයි මේ මිය ගිහින් තියෙන්නේ. කාලාන්තරයකට ඒ වගේ ප්‍රතාපවත්, දැකුම්කළු, විශාල ඇතෙක් යාල කලාපය ආශ්‍රිතව බිහි වෙන එකක් නැහැ" යනුවෙන් ඔහු සඳහන් කළේය.

    අලි ඇතුන් අතර සටන් ඇති වීම සුලභව දැකිය නොහැකි බව අලි ඇතුන් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් කටයුතු කර ඇති පශු වෛද්‍ය නන්දන අතපත්තු බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

       කොටියා ගොදුරු රැගෙන ගස් නගින්නේ ඇයි?
       ත්‍රිකුණාමලයේ සිඟාකන මුව පරපුර
       කොටි මිනිස් ගැටුමෙන් දිවියන් 20 ක් මිය ගිහින්

    තමන් සැරිසරන භූමිය හා ආහාර මුල් කර ගනිමින් අලි ඇතුන් අතර සටන් ඇති නොවන බව කී පශු වෛද්‍ය නන්දන අතපත්තු "සටනක් ඇති වීමට එකම හේතුව දෙදෙනාම එකම ගැහැණු සතෙකුට ඇල්මක් දැක්වීම" යනුවෙන් සඳහන් කළේය.

    ගැහැණු සතා සිය අයිතියට පත් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් සටන ආරම්භවන බව කියා සිටි වෛද්‍යවරයා ඉන් මද වේලාවකට පසු ඇතින්න එම ස්ථානයෙන් ඉවත් වුවත් පිරිමි ඇතුන් දෙදෙනා අවසානය දක්වා සටන් කරන බව පැවසීය.

    එහිදී ලිංගික ආශාව යටපත්ව එය එකිනෙකාගේ අභිමානය පිළිබඳ ප්‍රශ්නයක් බවට පරිවර්තනය වන බව ඔහු පෙන්වා දෙයි.
    "දකුණේ තිලකය" මැකුනේ ඇයි? _96510332_3c6588ef-b4f2-44b6-b5d1-3d482d40f3d8
    Image copyright Getty Images

    එවැනි සටන් ඇතුන් අතර ඇති වීමේ දී දළ පහර වැදීමෙන් එක් ඇතෙකු හෝ ඇතුන් දෙදෙනාම මිය යාමේ අවදානමක් පවතින බව පශු වෛද්‍ය නන්දන අතපත්තු කියා සිටියේය.

    "අදාළ ඇතින්නිය හෝ රංචුවේ සෙසු ඇතින්නියන් හෝ රංචුවේ නායිකාව මේ සටනට සහභාගී වන්නේ නැහැ. එහෙම රණ්ඩු වුනා කියලා ඇතින්නිය හෝ රංචුව එතෙන්ට වෙලා බලා ඉන්නේ නැහැ ඒ අය තම දෛනික කටයුතුවල යෙදීම සඳහා ඉවත්ව යනවා"

    පශු වෛද්‍ය නන්දන අතපත්තු විසින් එය හඳුන්වනු ලැබුවේ "ශක්තිවන්තයාගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා වනයේ තිබෙන රීතිය" ලෙසය.

    මේ අතර තිලක් නමැති ඇතා දීර්ඝ කාලයක සිට මිනිසුන් අතර ගැවසීම හේතුවෙන් අනියම් ලෙස ගෘහස්ථකරණයට ලක් වූ බව පවසන පරිසරවේදී නයනක රන්වැල්ල ඒ හේතුවෙන් ඇතාගේ සටන්කාමී ගුණය පහව ගොස් තිබුණු බව පවසයි.

    ආගමික ස්ථාන සහ මහා මාර්ග අසල සැරිසරන අලි ඇතුන්ට ආහාර ලබා දීම ඔවුන්ගේ හැසිරීම් රටාවට බලපාන බව පරිසරවේදී නයනක රන්වැල්ල පවසයි.

    විශේෂයෙන් මිනිසුන් ලබා දෙන ආහාර තනියෙන් භුක්ති විදීම සඳහා ඔවුනොවුන් අතර තරගයක් ඇති වීමේ ස්වභාවයක් දක්නට ඇති බව ඔහුගේ අදහසයි.
    සිතුල්පව්ව
    "දකුණේ තිලකය" මැකුනේ ඇයි? _96510334_gettyimages-137599353
    Image copyright Getty Images

    "සිතුල්පව්ව් ආශ්‍රිත වෙසෙන නන්දිමිත්‍ර කියන ඇතා ඒ ප්‍රදේශයේ වෙසෙන අනෙක් ඇතුන්ට මාරාන්තික ප්‍රහාර ගණනාවක් එල්ල කර තිබෙනවා. ඒ වගේම යාල වනෝද්‍යානයේ ඉන්න ගැමුණු කියන ඇතා අනෙක් සතුන්ට ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් පෙන්නුම් කරන්න පටන් අරන් තිබෙනවා. මේක කෘත්‍රිම තත්ත්ව යටතේ ඇති කරපු දෙයක්"

    ජාතික වනෝද්‍යාන යනු සත්වෝද්‍යාන නොවන බව කී ඔහු මිනිසුන් එවැනි ස්ථාන වෙත ගොස් සතුන්ට ආහාර ලබා දිය යුතු නොමැති බව සඳහන් කළේය.

    "ඒවා අපි පාලනය කරන පරිසර පද්ධති නොවෙයි. ඒවා ස්වාභාවික පරිසර පද්ධති"

       'පුතුනි ! කෙලෙස අතැර යන්නද නුඹ?'
       කෙන්යාවේ අලි පැටවුන් රැකුමට දිවිය කැපකළ යුරෝපීය මව

    ඇතුන් ළඟට ගෙන්වා ගැනීම සඳහා ඇතැම් සෆාරි ජීප් රථ රියදුරන් විසින් ඔවුන් කුඩා කළ පලතුරු වැනි ආහාර ලබා දී ඊට හුරු කර ගන්නා බවත් පරිසරවේදී නයණක රන්වැල්ල වැඩිදුරටත් කියා සිටියේය.

    අලි ඇතුන්ට ආහාර ලබා දීම සතුන්ගේ ආරක්ෂාවට වඩා මිනිසුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවත් එය නීතියෙන් තහනම් කළ යුතු බවත් පශු වෛද්‍ය නන්දන අතපත්තු පවසයි.

    කෙසේ නමුත් මිනිසුන් සමග ඇසුරු කිරීමෙන් අලි ඇතුන්ගේ ශාරීරික ශක්තිය හීන නොවන බව ඔහු කියා සිටියේය.

    තිලක් වැනි සුවිශේෂ සද්දන්තයන් ගේ එදිනෙදා චර්යාව සහ ගමන් මග නිරීක්ෂණය කිරීම සඳහා දකුණු අප්‍රිකාව වැනි රටවල් විවිධ උපායමාර්ග භාවිත කරති.
    "දකුණේ තිලකය" මැකුනේ ඇයි? _96520242_gettyimages-620587290
    කෘගර් වනයේ රජු - ඩියුක්
    Image copyright Getty Images
    Image caption ජී.එස්.පී කොලරයක් පැළඳවීම සඳහා සිහිසන් කළ අප්‍රිකානු ඇතෙක්

    කලක් දෙස් විදෙස් සංචාරකයන් වසඟ කර ගෙන සිටි කෘගර් වනයේ රජු ලෙස විරුදාවලි ලත් ඩියුක් නමැති ඇත් රජුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු බලධාරීන් ගෙන තිබූ ක්‍රියාමාර්ග ඊට එක් උදාහරණයකි.

    ඩියුක් නමැති සද්දන්තයා වයස්ගත වෙත්ම ඔහුගේ හැසිරීම් රටාව නිරීක්ෂණය කිරීම සඳහා ජී.එස්.පී කොලරයක් පැළඳවීමට දකුණු අප්‍රිකාවේ කෘගර් ජාතික වනෝද්‍යානය කටයුතු කර තිබිණි.

    2011 වසරේ ඔක්තෝබර් 01 වෙනිදා මිය ගිය ඩියුක් ඇත් රජු කෘගර් වනය තුළ වසර පනස් පහකට අධික කාලයක් දිවි ගෙවා ඇති බව එහි වනෝද්‍යාන පාලකයෝ පවසති.

       ජීපීඑස් කොලරයක් නිසා තවත් අලියකු 'ජීවිත අවදානමක'
       ‘කරපටි බර වුණිද දුප්පත් ඇතින්නියේ’

    "දකුණේ තිලකය" මැකී යාමට ස්වාභාවික සංසිද්ධියක් බලපා ඇතත් කලක් මුළුල්ලේ අයහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවූ තිලක්ගේ ගමන් මග නිරීක්ෂණය කිරීම සඳහා ඔහුට ජී.එස්.පී කොලරයක් පළඳවා නොතිබූ බව පරිසරවේදී නයනක රන්වැල්ල පවසයි.

    ඊට යාල ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් වගකිවයුතු නැතත් මෙවන් ජාතික සම්පත් රැක ගැනීම සඳහා විධිමත් ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බව ඔහු පෙන්වා දෙයි.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    "දකුණේ තිලකය" මැකුනේ ඇයි? Empty Re: "දකුණේ තිලකය" මැකුනේ ඇයි?

    Post by කිත්සිරි ද සිල්වා Sat Jun 17, 2017 8:45 am

    Thanks ET.

    (That is sad but can we capitalize on its death by getting a good taxidermist to work on it and a bit of marketing).
    spw19721
    spw19721
    Active Member
    Active Member


    Posts : 683
    Join date : 2015-08-22

    "දකුණේ තිලකය" මැකුනේ ඇයි? Empty Re: "දකුණේ තිලකය" මැකුනේ ඇයි?

    Post by spw19721 Sun Jun 18, 2017 1:12 pm

    Thanks for the update.. What a huge tusks ? As I remember there is a formula of counting the body height of an elephant based on tusk size. Once I saw the largest couple of tusks in south Asia , in a temple called Nadun Maha Viharaya . Its so enormous as its lower part is huge than a grown mans human thigh . Its from an elephant who assumed to died in 1904.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    "දකුණේ තිලකය" මැකුනේ ඇයි? Empty Re: "දකුණේ තිලකය" මැකුනේ ඇයි?

    Post by කිත්සිරි ද සිල්වා Sun Jun 18, 2017 1:46 pm

    This is educational.
    (I know how to accurately determine the height of wild ones but not the weight).

    spw19721 wrote: As I remember there is a formula of counting the body height of an elephant based on tusk size.

      Current date/time is Sun Sep 01, 2024 7:29 am