- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 57
Location : Waga
කොටස් පිරිවැටුම බිලියන 5 ඉක්මවයි
කොළඹ කොටස් වෙළෙඳපොළ අද (19) දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 64.43 ක ඉහළ යාමක් වාර්තා කළේය. දිනය අවසානයේ දී එහි අගය ඒකක 6,446.80 ක්වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව සියයට 1.01 ක ඉහළ යාමකි.
අද දින වාර්තා වූ සුවිශේෂී සිදුවීම නම් රුපියල් බිලියන 5 ඉක්මවූ පිරිවැටුමක් දෛනික ගනුදෙනුවලින් වාර්තා වී තිබීමයි. අද දින සමස්ත පිරිවැටුම රුපියල් 5,169,387,354.90 කි.
මේ සඳහා ඉහළම දායකත්වය ලබා දුන්නේ කොමර්ෂල් බැංකුවේ ගිවිසා ගනු ලැබූ කොටස් ගනුදෙනු 5 කි. එහිදී රුපියල් 145.00 බැගින් කොමර්ෂල් බැංකු කොටස් 29,626,270 ක් ගනුදෙනු වී තිබූ අතර රුපියල් බිලියන 4.29 ක පිරිවැටුමක් එයින් වාර්තා වී තිබිණි.
- කොටස් වෙළෙඳපොළ සක්රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට
- කොළඹ කොටස් පිරිවැටුම මිලියන 800 ඉක්මවයි
- කොටස් වෙළෙඳපොළට ගලා ආ සුද්දන්ගේ ශුද්ධ මුදල් බිලියන 15 ඉක්මවයි
- සිංගර් කොටස් ගනුදෙනුවෙන් පසු ශුද්ධ විදේශීය ගලායාම රු. බිලියන 8 ඉක්මවයි
- ආණ්ඩුවේ මුළු ණය බිලියන නවදහස ඉක්මවයි