The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි

    avatar
    Danidu


    Posts : 264
    Join date : 2015-09-03
    Age : 43
    Location : Welisara

    නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි Empty නැකතට කලින් කොටස් වෙළෙඳපොළට අවුරුදු ආ හැටි

    Post by Danidu Sat Apr 15, 2017 3:34 pm

    කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික කොටස් ගනුදෙනු පසුගිය අප්‍රේල් 12 වන බදාදා නිමාවට පත්වූයේ දීර්ඝ සතිඅන්තයක එළඹීමත් සමඟිනි. එදින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,402.99 ක් ලෙසින් වාර්තා වූ අතර 2017 වසරේ දී තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ උපරිම වර්ධනය ද මෙදින වාර්තා විය. ඒ ඒකක 97.45 ක් හෙවත් සියයට 1.55 ක කොටස් වෙළෙඳපොළ ඉහළ යාමක් සනිටුහන් කරමිනි. වසර දෙකක කාලයක් තුළ දී තනි දිනක දී කොටස් වෙළෙඳපොළ ඉහළ ගිය වැඩිම ඒකක ප්‍රමාණය ලෙසින් ද මෙය සටහන් වේ.

    S&P SL20 දර්ශකය ද මෙදින අවසානයේ දී ඒකක 3,647.82 ක් දක්වා ඒකක 58.93 ක වර්ධනයක් සටහන් කළේය. මෙය පෙර දිනය හා සැසඳීමේ දී සියයට 1.64 ක ඉහළ යාමකි.

    සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව ඉහළ ගිය 11 වන දිනය ලෙසින් 2017 අප්‍රේල් 12 වන දින සටහන් වන අතර 2016 නොවැම්බර් 15 වන දිනෙන් පසු වාර්තා වූ ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය ලෙසත්, 2015 පෙබරවාරි 06 වන දිනෙන් පසු තනි දිනක් තුළ වාර්තා වූ ඉහළම ප්‍රතිශතාත්මක වර්ධනය ලෙසත් මෙම ඉහළ යාම වාර්තා වේ.

    විදෙස් ආයෝජන ඉහළට

    පසුගිය බදාදා වන විට අඛණ්ඩව ගනුදෙනු දින 16 ක් පුරාවට ශුද්ධ විදේශීය ආයෝජනවල ගලා ඒමක් වාර්තා වී තිබිණි. මෙම වකවානුව තුළ දී රුපියල් බිලියන 5.22 ක ශුද්ධ මිල දී ගැනීමක් විදෙස් ආයෝජකයින් විසින් සිදු කර තිබේ. 2017 වසර ආරම්භයේ සිට අප්‍රේල් 12 වන දින දක්වා කාලය අතරතුර දී රුපියල් බිලයන 7.71 ක ශුද්ධ විදේශීය ආයෝජන ගලා ඒමක් වාර්තා වී ඇත.

    මෙහිදී කොටස් වෙළෙඳපොළ විශ්ලේෂකයින් කියා සිටින්නේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හා ලංකා දුම්කොළ සමාගමේ කොටස් ආයෝජනය වෙනුවෙන් විදේශිකයින් වැඩි වශයෙන් යොමුව ඇති බවයි.

    ජෝන් කීල්ස් කොටස් වෙළෙඳපොළට ජීවය දෙයි

    අඛණ්ඩව දින 11 ක් පුරාවට කොටස් වෙළෙඳපොළ ඉහළ නගිද්දී තවත් එක් සුවිශේෂී තත්වයක් නිරීක්ෂණය කළ හැකිය. එනම් අවසාන ගනුදෙනු දින 10 පුරාවට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කොටස් මිල කැපී පෙනෙන ලෙස අඛණ්ඩව වර්ධනය වී තිබීමයි.

    2017 මාර්තු 28 දින රුපියල් 134.90 ක් ලෙසින් වාර්තා වූ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කොටසක මිල අප්‍රේල් 12 දින ගනුදෙනු අවසානයේ දී රු. 17.10 කින් ඉහළ ගොස් රු. 152.00 ක් ලෙසින් සටහන් විය. මෙය සියයට 12.68 ක වර්ධනයකි.

    එසේම මෙම වකවානුව තුළ දී ලංකා දුම්කොළ සමාගමේ කොටසක මිල රු. 865.00 සිට රු. 999.20 දක්වා රු. 134.20 කින් (15.51%) , සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් කොටසක මිල රු. 811.00 සිට රු. 937.70 දක්වා රු. 126.70 කින් (15.62%) සහ කොමර්ෂල් බැංකු කොටසක මිල රු. 129.00 සිට රු. 139.00 දක්වා රු. 10.00 කින් (7.75%) වර්ධනය වී ඇත.

    Safety first

    කෙසේ වෙතත් කොටස් වෙළෙඳපොළ විශ්ලේෂකයින් වැඩිදුරටත් මෙහිදී කියා සිටින්නේ ආයෝජකයින් වඩාත් කල්පනාකාරී විය යුතු මට්ටමකට කොටස් වෙළෙඳපොළ මේ වන විට පැමිණ ඇති බවයි. ඊට හේතූන් කිහිපයක් ඔවුන් විසින් සඳහන් කර සිටී.

    තාක්ෂණික විශ්ලේෂණ (Technical analysis) ක්‍රමවලට අනුව කොටස් වෙළෙඳපොළ ඇගයීමේ දී මේ වන විට සියලු කොටස් මිල දර්ශකයේ RSI වටිනාකම 83.82 ක් ලෙසින් වාර්තා වේ. මාර්තු 27 දිනයේ දී මෙම අගය දැක්වුණේ 26.88 ක් පරිද්දෙනි.

    RSI (Relative Strength Index)අගය යනු අවසාන ගනුදෙනු දින 14 ක කාලපරිච්ඡේදයක් තුළ කොටස් මිල උච්ඡාවචනය වීමේ සාපේක්ෂ ඇගයීම් ක්‍රමයකි. මෙය 0 හා 100 අතර අගයයක් ගනු ඇත. සාමාන්‍යයෙන් RSI අගය 30 ට වඩා අඩුවන අවස්ථාවක දී එම වෙළෙඳපොළ අධි විකුණුම් (Oversold) වෙළෙඳපොළක් ලෙසින් හඳුන්වන අතර ආයෝජකයින් හට ඉතා ආකර්ෂණීය මිල ගණන්වලට කොටස් මිල දී ගැනීමට අවස්ථාව හිමිවන බව කියැවේ. එබැවින් වෙළෙඳපොළේ ඇති සමාගම් කොටස් ඉතා අඩු මිල ගණන්වලට හෙවත් ‘කුණු කොල්ලයට‘ මිල දී ගැනීමට අවශ්‍ය නම් RSI අගය 30 ට වඩා අඩුවෙන් පවතින අවධියේ දී ආයෝජකයින් විසින් කොටස් මිල දී ගැනීම ආරම්භ කළ යුතු බව මෙම සිද්ධාන්තයේ සරල අදහසයි.

    එසේම මෙම අගය 70 ඉක්මවන අවස්ථාව යනු අධි ගැනුම් (Overbought) තත්ත්වයක් නිර්මාණය වී තිබෙන අවස්ථාවකි. එනම් සමාගම් කොටස් සඳහා නෛසර්ගික වටිනාකමට වඩා වැඩි මිලක් නියම වී ඇති තත්ත්වයකි. ඇතැම් විට මෙය වෙළෙඳපොළ තුළ කෘතිමව මිල නියම වූ අවස්ථාවක් ද විය හැකියි. එබැවින් ආයෝජකයෝ මෙම අවධියේ දී බෙහෙවින් කල්පනාකාරී විය යුතුවේ. RSI අගය පහළ මට්ටමක පැවති අවස්ථාවක දී මිල දී ගනු ලැබූ කොටස් විකුණු දැමීමට සුදුසුම කාලපරිච්ඡේදය ලෙසින් මෙම වකවානුව හඳුන්වයි. අප්‍රේල් 12 වන දින වන සියලු කොටස් මිල දර්ශකයට අනුව වෙළෙඳපොළ RSI අගය 80 මට්ටම ද ඉක්මවා ගොස් තිබෙන අතර එයින් කියැවෙන්නේ වෙළෙඳපොළ තුළ අධි ගැනුම් තත්ත්වයක් වී ඇති බවකි.

    බාහිර සාධක ගැන සීරුවෙන්

    කෙසේ වෙතත් RSI යනු හුදු ගණිතමය ඇගයීමක් පමණි. එහිදී බාහිර සාධක පිළිබඳ අවධානයක් යොමු නොවේ. 2017 මාර්තු 31 යනු 2016/17 මූල්‍ය වර්ෂයේ අවසාන දිනයයි. ඉදිරි දින කිහිපයේ දී මෙම මූල්‍ය වර්ෂයට අදාළ කාර්තුමය හා වාර්ෂිකමය මූල්‍ය වාර්තා එළි දැකීමට නියමිතය. එහිදී ඉහළ කාර්ය සාධනයක් වාර්තා කර ඇති සමාගම් දෙස අවධානය යොමු කිරීමේ දී RSI වැනි ගණිතමය ඇගයීම් ක්‍රම පිළිබඳ එතරම් සැලකිල්ලක් යොමු කළ යුතු නොවේ. මක් නිසාද යත් සමාගම්වල ආදායම්, ලාභදායීත්වය වැනි කරුණු මත තවදුරටත් කොටස් මිල ගණන්වල වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බැවිනි.

    එසේම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය මාසයේ දී ගනු ලැබූ ප්‍රතිපත්ති පොළී අනුපාතික ඉහළ දැමීමේ තීරණයත් සමඟම වෙළෙඳපාළ පොළී අනුපාතික තවදුරටත් ඉහළ යන තත්ත්වයක් නිර්මාණය විය හැකිය. මේ හේතුව මත ආයෝජකයෝ කොටස් වෙළෙඳපොළ වැනි අවදානම් සහිත ආයෝජන මාර්ගවලින් බැහැරව ඉහළ ස්ථාවර ප්‍රතිලාභයක් හිමිවන රජයේ සුරැකුම්පත් වැනි ආයෝජන ක්‍රම වෙත විතැන් වීමට වැඩි හැකියාවක් පවතී. එමෙන්ම ඉදිරියේ දී විදෙස් ආයෝජනවල තවදුරටත් වර්ධනයන් දැකිය හැකි වන්නේ නම් එය කොටස් වෙළෙඳපොළ කෙරෙහි වඩාත් හිතකර තත්ත්වයක් නිර්මාණය කරනු නිසැකය.

    http://biz.adaderana.lk

      Current date/time is Sat Jul 27, 2024 10:00 am