The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

5 posters

    කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි Empty කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි

    Post by nihal123 Mon Jul 09, 2018 12:38 pm

    පසුගිය ජූලි 04 දා කොළඹ කොටස් වෙළෙඳපොළට සුවිශේෂී දිනයක් විය. ඒ මෙරට අංක එකේ ධනවත් පුද්ගලයා ලෙසින් සැලකෙන වැලිබල් වන් සමූහ ව්‍යාපාරයේ සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ ධම්මික පෙරේරා මහතා, කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු ආරම්භ කිරීම සංකේතවත් කරමින් එදින සීනුව නාද කිරීමේ උත්සව අවස්ථාවට එක් වූ නිසාය.

    ධම්මික පෙරේරා මෙදින උදෑසන මෙම උත්සව අවස්ථාවට එක් වූයේ ප්‍රධාන වශයෙන් හේතු දෙකක් කරණ කොට ගනිමිනි. ඉන් එකක් නම් කොළඹ කොටස් වෙළෙඳපොළේ S&P SL20 දර්ශකය ගණනය කිරීමට ගන්නා සමාගම් 20 අතරට තමන්ගේ නායකත්වය යටතේ ඇති වැලිබල් වන් සමාගම ද එක්වීමයි. අනෙක් කරුණ වන්නේ වැලිබල් වන් සමාගම, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර වසර 07 ක් පිරීම ද මෙම ජූලි මාසයට යෙදී තිබීමයි.

    වැලිබල් වන් සමාගම මීට වසර 7 කට පෙර මූලික කොටස් නිකුතුවක් කරමින් සිය සමාගමේ ආයෝජනය කිරීමේ අවස්ථාව මෙරට මහජනතාවට ද ලබා දුන්නේය. ඒ එක් කොටසක් රු. 25.00 බැගින් නිකුත් කරමිනි. බොහෝ සුළු පරිමාණ ආයෝජකයෝ මෙහිදී වැලිබල් වන් සමාගමේ ආයෝජනයට පෙළඹුණේ, ධම්මික පෙරේරා වැනි දූරදර්ශී ව්‍යාපාර ඥාණයකින් හෙබි තැනැත්තෙකු එහි සුක්කානම හසුවරුවන බැවිනි. එහෙත් ලැයිස්තුගත කිරීමෙන් වසර 7 ක් ඉක්ම යාමෙන් පසු සිදුව ඇත්තේ, වැලිබල් වන් සමාගමේ කොටස් මිල ඉහළ යනවා වෙනුවට, මෙම ලැයිස්තුගත කාලපරිච්ඡේදය තුළ දී සියයට 20 කට වඩා වැඩි ප්‍රමාණයකින් කොටස් මිල කඩා වැටී තිබීමයි. මෙය වැලිබල් වන් සමාගමට පමණක් නොව කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් බහුතරයක්ම අද වන විට මුහුණ පා සිටින තත්ත්වයකි.

    පසුගිය දා කොළඹ කොටස් වෙළෙඳපොළේ දී ධම්මික පෙරේරා මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව විමසා සිටීමට අද දෙරණ පියවර ගත්තේය.



    අද දෙරණ - “වැලිබල් වන් සමාගම මූලික කොටස් නිකුතුවේ දී, එක් කොටසක් නිකුත් කළේ රු. 25.00 බැගින්. නමුත් වසර 7 ක් ගත වෙලත්, කොටස් මිල ඉහළ යනවා වෙනුවට සිදු වී ඇත්තේ මිල කඩා වැටීමක්. නමුත් සමාගමේ මූල්‍ය ප්‍රකාශනවලට අනුව පසුගිය කාලපරිච්ඡේදය පුරාවට සමාගමේ වර්ධනයක් සිදුවී ඇති බව පැහැදිලිව පෙන්නුම් කරනවා. කොටස් වෙළෙඳපොළෙන් නිරූපණය වන මිල, සමාගමේ සැබෑ වටිනාකම පිළිබිඹු කරනවා කියා ඔබ සිතනවා ද?“

    ධම්මික පෙරේරා - “පවතින පොළී අනුපාතිකයයි, විදේශ විනිමය අගය ඉහළ යාමයි සැලකුවොත් මේ වගේ roller-coaster effects එනවා. හැබැයි සමාගම ගත්තොත් අද වෙන කොට ශුද්ධ වත්කම් වටිනකම රු. 42.00 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ කියන්නේ තිබුණු මට්ටමට වඩා ඉහළ මට්ටමකට අපි සමාගම ගෙනල්ලා තිබෙනවා. මම කරන්නේ වත්කම් ගොඩනංවන එක. සමාගමේ කොටසක වෙළෙඳපොළ මිල බලලා මට වැඩක් නැහැ. Roller-coaster effects එනකොට මාකට් උඩ යනවා, පල්ලෙහා යනවා. මෙය දරාගන්න පුළුවන් කියන එකයි මිනිසුන්ගේ ගැටළුව. සුළුපරිමාණ ආයෝජකයින් වෙළෙඳපොළට ගෙන්නුවාට පස්සේ, ඒ ගොල්ලන්ට අල්ලාගෙන සිටීමේ හැකියාවක් (holding power) නැතිනම් ඒ ගොල්ලෝ අමාරුවේ වැටෙනවා. ඒක හින්දා මගේ එක සමාගමක්වත් වෙළෙඳපොළට ගිහිං කොටස් ගන්න කියලා marketing tools එකක්වත් හදලා නැහැ. ඇයි හදන්න බැරි, මේ Roller-coaster effect එකට මිනිස්සු අහුවුණොත් දාන සල්ලි ටික නැති වෙනවා. මේක රු. 25-30 කට ගෙනල්ලා මාකට් කරන එක මට එච්චරම ලොකු ගැටළුවක් නෙමෙයි. හැබැයි අනිත් කම්පැනීස් කරනවා. ප්‍රතිපත්තියක් විදියට අපේ කිසිම සමාගමක් එහෙම කරන්නේ නැහැ. වත්කම් ගොඩනැගීම තමයි අපිට කරන්න පුළුවන් එකම දේ.“

    මෙයින් ගම්‍ය වන්නේ රටේ ධනවත්ම පුද්ගලයා පවා සිය සමාගම්වල කොටස් මිල අඩු වැඩිවීම පිළිබඳව එතරම් අවධානයක් ලබා දෙන්නේ නැති බවකි. අනෙක් අතට ඔහු සඳහන් කරළ ආකාරයට සමාගමේ ශුද්ධ වත්කම් අගය පසුගිය කාලපරිච්ඡේදය පුරාවට වැඩිවී තිබේ. එහෙත් එය වෙළෙඳපොළෙ මිලෙන් පිළිබිඹු වන්නේ නැත. අද වන විට මෙරට ලැයිස්තුගත සමාගම් ගණනාවක් මුහුණ පා තිබෙන තත්ත්වය එයයි.

    මේ හේතුව නිසාම මේ වන විට ලැයිස්තුගත කර නොමැති, එහෙත් ඉතා ඉහළ කාර්යසාධනයක් වාර්තා කරන සමාගම් පවා අද වන විට කොටස් වෙළෙඳපොළේ සිය සමාගම් ලැයිස්තුගත කිරීමට අකමැත්තක් ප්‍රකාශ තිබේ.

    මීට පෙර අවස්ථාවක දී ජැට් හෝල්ඩිංග්ස් (පුද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඊලියන් ගුණවර්ධන මහතා සම්මුඛ සාකච්ඡාවක් සඳහා අද දෙරණ සමඟ එක්විය. එහිදී සිය සමාගම් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට උනන්දුවක් තිබෙනවාද යනුවෙන් අද දෙරණ ඇසූ පැනයට ඔහු ලබා දුන්නේ මෙවැනි ප්‍රතිචාරයකි.



    “ස්වාධීන අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් අපේ සමාගමේ කටයුතු ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ ලැයිස්තුගත සමාගම්වලට වැඩිය හොඳ මට්ටමේ ආයතනික යහපාලනයක් අප සමාගමේ ක්‍රියාත්මක වෙනවා. පසුගිය දා පැවති වාර්ෂික වාර්තා ඇගයීමට ලක් කරන වරලත් ගණකාධිකාර සංගමයේ සම්මාන ප්‍රදානයේ දී, පුද්ගලික සමාගමක් වු අපටත් සම්මානයක් හිමිවුණා. අපි අපේ සියලු මූල්‍ය ප්‍රකාශ ප්‍රසිද්ධියට පත්කරනවා. සමාගමේ සියයට 80 ක කොටස් අයිතිය තිබෙන්නේ මා සතුවයි. අපිට ඕනෑම වෙලාවක ලංකාවේ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කරන්න හැකියාව තිබෙනවා. ලංකාවේ කොටස් වෙළෙඳපොළේ තිබන අවිනිශ්චිත තත්ත්වය නිසා කවදාවත් නිසි වටිනාකමක් අපේ සමාගමට ලැබෙන්නේ නැහැ. ඒ හින්දා 2019 වසරේ දී සිංගප්පූරු කොටස් හුවමාරුවේ ජැට් හෝල්ඩිංග්ස් සමාගම ලැයිස්තුගත කරන්න අපි සැලසුම් කර තිබෙනවා.“

    කොටස් වෙළෙඳපොළ ආයෝජනය කෙරෙහි මෙරට කුඩා පරිමාණ ආයෝජකයින්ගේ පමණක් නොව මෙරට මුල් පෙළේ ව්‍යාපාරිකයින්ගේ පවා අවධානය යොමු වූයේ 2009 සහ 2010 වසරවල දී එහි වාර්තා වූ දැවැන්ත වර්ධනයත් සමඟිනි. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට බලපා තිබූ ප්‍රධානතම ගැටළුව වූ මෙරට යුධමය වාතාවරණය 2009 මැයි 18 දිනෙන් අවසන් වීමත් සමඟම එම වසර අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකයට අනුව කොටස් වෙළෙඳපොළ වර්ධනය සටහන් වූයේ වසර ආරම්භයට සාපේක්ෂව 126% ක් ලෙසිනි. මේ තත්ත්වය තවදුරටත් ඉදිරියට යමින් 2010 වසර තුළ දීද 96% ක වර්ධනයක් කොළඹ කොටස් වෙළෙඳපොළේ දැකගත හැකිවිය.

    මෙම වාතාවරණය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින්, කොටස් වෙළෙඳපොළ ආයෝජන ප්‍රවර්ධනය සඳහා දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙසින් එතෙක් ‘සල්ලි පොතේ දාන්න‘ හුරු වී සිටි සාමාන්‍ය ජනතාව පවා කොටස් වෙළෙඳපොළ සමාගම්වල ආයෝජනයට පෙළඹුණේ ඉහළ ප්‍රතිලාභයක් ඇස් ඉදිරිපිටම පෙනෙන්නට තිබුණු නිසාය.

    පැවති තත්ත්වය තුළ නව ආයෝජකයින් වෙත සේවා ලබා දීම සඳහා වෘත්තීය ආයෝජන උපදේශකවරුන්ගේ අවශ්‍යතාවයක් ද නිර්මාණය විය. මේ අනුව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම යටතේ ඇති මූල්‍ය සේවා ඇකඩමිය විසින් 2011 පෙබරවාරි 03 වන දා හදිසි සම්මන්ත්‍රණයක් කැඳවිමින් එහි අධ්‍යාපනය ලබමින් සිටි සිසුන් වෙත මූල්‍ය රෙගුලාසි හා ආචාරධමර්ම පිළිබඳ සැසියක් පවත්වන ලදී. එවකට එහි ප්‍රධානියාව සිටි මහාචාර්ය දිසා බණ්ඩාර මහතා එහිදී කියා සිටියේ ඒ වන විට වෙළෙඳපොළ තුළ වෘත්තීය ආයෝජන උපදේශකයින්ගේ 800 ක පමණ හිඟයක් ඇති බවත්, මෙම සැසියෙන් පසුව සිසුන් හට ආයෝජන උපදේශකවරුන් ලෙස වෘත්තියේ නියැලීමට තාවකාලික බලපත්‍රයක් නිකුත් කරනු ලබන බවත්ය.

    කොළඹ කොටස් වෙළෙඳපොළෙ ඉතිහාසයේ කූටප්‍රාප්තිය සිදුවන්නේ එතැන් සිට සතියක් ඉක්මයාමෙනි. 2011 පෙබරවාරි 14 දින ඒකක 7,811.0 ක් දක්වා සියලු කොටස් මිල ඉහළ යන්නේ කොළඹ කොටස් වෙළෙඳපාළ ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ වැඩිම අගය වාර්තා කරමිනි.

    පැවති වාතාවරණය තුළ නව ආයෝජකයින් මෙන්ම නව සමාගම්ද කොටස් වෙළෙඳපොළ සම්ප්‍රාප්තියට මුල පිරුවේය. මූලික මහජන කොටස් නිකුතු හරහා නව අරමුදල් සම්පාදනය කර ගනිමින් කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වීමට සමාගම් පියවර ගත්තේ මේ වාතාවරණය තුළ දීය. ආරම්භක ගනුදෙනු දිනයේ දීම සමාගම්වල මූලික නිකුතු මිලට වඩා කිහිප ගුණයකින් වැඩි මිලක් තීරණය වීම නිසා මෙම වකවානුවේ දී මූලික මහජන කොටස් නිකුතු සඳහා පැවතියේ ඉහළ ඉල්ලුමකි. යුනියන් බැංකුවේ මූලික මහජන කොටස් නිකුතුව සඳහා ඉදිරිපත් කළ කොටස් ප්‍රමාණය මෙන් 300 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයකට අයදුම්පත් ලැබී තිබීම එහි උච්ඡතම අවස්ථාව විය.

    එසේම රු. 15 බැගින් නිකුත් කළ ඔඩෙල් සමාගමේ කොටසක් ආරම්භක ගනුදෙනු දිනයේ දීම රු. 35 ක් ඉක්මවා යාමත්, රු. 15 ක් වූ සිංගර් ෆිනෑන්ස් සමාගමේ කොටසක් ආරම්භක දිනයේ දී රු. 50 ඉක්මවා ගනුදෙනු වීමත් වැනි කරුණු නිසා කෙටි කාලයේ දී ඉහළ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සුළුපරිමාණ ආයෝජකයින් රැසක් ‘සල්ලි පොතේ දමන‘ පුරුද්දෙන් මිදී, කොටස් වෙළෙඳපොළ ආයෝජනයට පිවිසුණේ ද මෙම අවධියේ දීය.

    එහෙත් 2011 වසරේ සිට මේ දක්වා වසර 7 කට අධික කාලසමයක් ගත වී ඇති අවස්ථාවක දකින්නට ලැබෙන්නේ තවදුරටත් ආයෝජකයින් හෝ සමාගම් කොටස් වෙළෙඳපොළ වෙත පැමිණීමට අපේක්ෂා කරන තත්ත්වයක් නොවේ. දැනට සිටින කුඩා පරිමාණ ආයෝජකයින් මෙන්ම මහා පරිමාණ ආයෝජන අරමුදල් පවා අද වන විට පත්ව ඇත්තේ සිය ආයෝජන කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කර ගන්නා තත්ත්වයකටය. කොළඹ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කර තිබෙන මෙරට ප්‍රමුඛතම මහජන අරමුදලක් වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව පවා පසුගිය දිනෙක සිය සම්පූර්ණ කොටස් වෙළෙඳපොළ වෙළෙඳ ආයෝජන කළඹ (Trading portfolio) විකුණා දැමීම සඳහා යෝජනා කැඳවා තිබුණේ මෙවන් පසුබිමක දීය. කෙසේ වෙතත් මේ පිළිබඳව වැඩිදුර කළ විමසීමක දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද දෙරණ වෙත පැවසුවේ, ජාතික ඉකිරිකිරීමේ බැංකුව ඔවුනගේ තීරණය වෙනස් කර ඇති බවකි.

    පසුගිය සිකුරාදා (ජූලි 06) වන විට 2018 වසර තුළ දී පමණක් සියලු කොටස් මිල දර්ශකයට අනුව කොටස් වෙළෙඳපොළේ පහළ යාම, වසර ආරම්භය හා සැසඳීමේ දී සියයට 4.09 කි. මෙහි ඇති භයානක තත්ත්වය නම් මීට වඩා දෙගුණයකටත් වැඩි ප්‍රමාණයකින් S&P SL20 දර්ශකය පහළ ගොස් තිබීමයි. වසරේ මේ දක්වා කාලය තුළ එය සියයට 9.48 කින් පහළ ගොස් තිබේ.

    පෙර කී ධම්මික පෙරේරා මහතාගේ වැලිබල් වන් සමාගම මෙන්ම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, එයිට්කන් ස්පෙන්ස්, ලංකා ඔරික්ස් ලීසිං, මෙල්ස්ටාකෝප්, කොමර්ෂල්, සම්පත්, සෙලාන්, DFCC හා NDB යන බැංකු සමාගම් ඇතුළු කොටස් වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණය, ද්‍රවශීලතාව හා මූල්‍ය ශක්‍යතාව යනා දී කරුණ මත පදනම් ව ප්‍රමුඛ පෙළේ සමාගම් 20 ක් ඇසුරින් මෙකී S&P SL20 දර්ශකය ගණනය කරනු ලබයි. මේ අනුව පැහැදිලි වන්නේ මෙකී මුල්පෙළේ සමාගම්වල කොටස් මිල පහළ යාම සමස්ත කොටස් වෙළෙදපොළ පහළ යාමට වඩා වැඩි වේගයකින් සිදුව ඇති බවයි.

    විශේෂයෙන්ම විදෙස් ආයෝජකයින් විසින් මෙරට කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමට ක්‍රමයෙන් පියවර ගැනීම මීට එක් හේතුවෙකි. ගෙවී ගිය සතියේ දින 5 පුරාවට වාර්තා වූ සමස්ත ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 2.84 කි. මෙයින් රු. බිලියන 1.74 ක් සඳහන් වන්නේ විදේශ විකිණුම් වශයෙනි. සතිය තුළ විදේශීය මිල දී ගැනීම් රු. මිලයන 845 කි. මේ අනුව පසුගිය සතිය තුළ පමණක් ශුද්ධ විදේශීය විකිණුම් රු. මිලියන 900 කි. වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වන ශුද්ධ විදේශීය විකුණුම් වටිනාකම රු. බිලියන 2.23 ක් ලෙසින් වාර්තා වේ. ධම්මික පෙරේරා මහතා මුලින් සඳහන් කළ ආකාරයට විදේශ විනිමය අධිප්‍රමාණය වීම මීට ප්‍රධාන හේතුවෙක් වේ. කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කළ යුත්තේ රුපියල්වලිනි. ප්‍රතිලාභ ලැබෙන්නේ ද රුපියල්වලිනි. රුපියල්වලින් ලැබෙන ප්‍රතිලාභය ඩොලර්වලට පරිවර්තනය කළ විට, විනිමය අවප්‍රමාණය හා ගැළපුම් කිරීමේ දී ප්‍රමාණවත් ප්‍රතිලාභයක් නොමැති නම්, නිසැකවම විදේශිකයෝ එවැනි වෙළෙඳපොළවල ආයෝජනය කරන්නේ නැත. 2018 වසරේ ජූනි 28 දක්වා කාලපරිච්ඡේදෙය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 3.7 කින් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.



    අද වන විට කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පිරිවැටුම් සාමාන්‍ය 2018 දී රුපියල් මිලියන 921 ක් පමණ වේ. එනම් එය දෛනිකව ඩොලර් මිලියන 6 කටත් වඩා අඩු වෙළෙඳපොළකි. මෙය මීට පෙර වසර කිහිපය හා සැසඳීමේ දී පහළ අගයයකි. ගනුදෙනු පිරිවැටුම මෙලෙස පහළ වැටීම සෘජුවම බලපා ඇත්තේ කොටස් තැරැව්කාර සමාගම්වලටය. 2011 වසරේ දී මෙරට මූල්‍ය සේවා ඇකඩමියේ ප්‍රධානියා, ආයෝජක උපදේශකයින් 800 කගේ පමණ හිඟයක් මෙරට තුළ ඇතැයි පැවසූවද අද වන විට මෙරට සියලු කොටස් තැරැව්කාර ආයතනවල සේවය කරනු ලබන ආයෝජන උපදේශකයින්ගේ ප්‍රමාණය 200 ක් වත් නොමැති තරම්ය.

    එසේම ගනුදෙනු පිරිවැටුම පහත වැටීම සෘජුවම තැරැව්කාර සමාගම්වල දෛනික කටයුතු කෙරෙහි බලපා තිබේ. මේ අතර අවම ප්‍රාග්ධන ප්‍රමාණතා අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වීම සහ අවම කොටස්කරුවන්ගේ අරමුදල් අවශ්‍යතා සපුරාලීමට අසමත්වීම යන කරුණු හේතුවෙන් නේෂන් ලංකා ඉක්විටීස්, නවාරා සිකියුරිටීස්, TKS සිකියුරිටීස් හා ක්ලැරිඩ්ජ් ස්ටොක්බ්‍රෝකර්ස් යන තැරැව්කාර සමාගම්වල ගනුදෙනු ක්‍රියාකාරකම් මේ වන විට තහනම් කර ඇත. මේ හේතුවෙන් ආයෝජන උපදේශක වෘත්තියේ යෙදුණු සැලකිය යුතු පිරිසකට වෙනත් වෘත්තීන් සඳහා විතැන් වීමට සිදුව තිබේ. වාර්තා වන අන්දමට තවත් කොටස් තැරැව්කාර සමාගම් 5 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට පවත්වා ගෙන යන්නේ දැඩි මූල්‍ය දුෂ්කරතා මධ්‍යයේය.



    සියලු කොටස් මිල දර්ශකය සැලකීමේ දී පසුගිය ජූලි 06 සිකුරාදා දිනය වන විට එහි අගය 6,108.71 කි. කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වතාවට, සියලු කොටස් මිල දර්ශකය මෙම කඩ ඉම පසු කළේ 2010 සැප්තැම්බර් 14 වනදාය. මේ අනුව බලන කළ, කොටස් වෙළෙඳපොළ දැන් වැටී තිබෙන්නේ ද මීට වසර 8 කට පමණ පෙර තිබූ මට්ටමකටය. එදා ලොව වේගයෙන් වර්ධනය වෙමින් පැවති කොටස් වෙළෙඳපොළ අතර පෙරමුණේ සිටි කොළඹ කොටස් වෙළෙඳපොළ අද වන විට පත්ව ඇත්තේ ආයෝජකයින්ගෙන් ඈත්වන අඩියකටය.

    පවතින වාතාවරණය තුළදී පවා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලැයිස්තුගත කිරීම සඳහා නව පුවරුවක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම සමඟින් කොළඹ කොටස් වෙළෙඳපොළ පියවර ගැනීම, යම්තාක් දුරකට සාධනීය කටයුත්තක් ලෙසින් නම් කළ හැකිය. කෙසේ වෙතත් කොටස් වෙළෙඳපොළ පවතින මට්ටමෙන් ගොඩ ගැනීමට නම් මීට වඩා දැනෙන වෙනසක් සිදුකිරීමට වගකිව යුත්තන් පියවර ගත යුතුය.

    දේශීය මුදලේ වටිනාකම පහළ යාම, පොළී අනුපාතික ඉහළ යාම යනාදී සාර්ව ආර්ථික ප්‍රතිපත්තීන් මෙන්ම රාජ්‍ය අරමුදල් ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයෝජන සීමා කිරීම, ව්‍යාපාරකරණයට වඩාත් පහසු නීති රෙගුලාසි යනාදී කෙටි කාලීනව සොයා බැලිය යුතු යුතු අංශ වෙත ප්‍රමාණවත් අවධානයක් දැන් හෝ යොමු නොවන්නේ නම් මෙරට කොටස් වෙළෙඳපොළ පිළිබඳව තවදුරටත් ආයෝජක විශ්වාසය ගොඩනැංවීම සිහිනයක්ම වනු ඇත. ඒ අතරම දීර්ඝ කාලීන ප්‍රතිපත්ති මත පදනම්ව මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීමට කටයුතු යෙදීම ද බලධාරීන් විසින් හැකි ඉක්මනින් අවධානය යොමු කළ යුතු ප්‍රධානතම කර්තව්‍ය වන්නේය.

    http://biz.adaderana.lk
    CK
    CK
    Active Member
    Active Member


    Posts : 1393
    Join date : 2015-11-01

    කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි Empty Re: කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි

    Post by CK Mon Jul 09, 2018 2:12 pm

    Thanks nihal.  Anyhow derana always see only bad news. Very Happy
    avatar
    lanka


    Posts : 624
    Join date : 2014-11-26

    කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි Empty Re: කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි

    Post by lanka Mon Jul 09, 2018 2:35 pm

    Thank you,
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි Empty Re: කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි

    Post by Ethical Trader Mon Jul 09, 2018 5:14 pm

    Thanks Nihal for sharing. The gist of Dhammika's analysis is that devaluation of the rupee and high interest rates have kept the market down.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි Empty Re: කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි

    Post by Ethical Trader Tue Jul 10, 2018 5:44 pm

    In addition to local monetary measures discussed above, the behavior of Fed Reserve Rates too badly affect CSE. Foreign sales are mostly influenced by this fact.

    https://d3fy651gv2fhd3.cloudfront.net/charts/united-states-interest-rate@2x.png?s=fdtr&v=201806131814v&d1=20130101&d2=20181231
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි Empty Re: කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි

    Post by serene Tue Jul 10, 2018 6:22 pm

    Good we made to be youngerby 8 years.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි Empty Re: කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි

    Post by Ethical Trader Tue Jul 10, 2018 9:37 pm

    Just like Fed interest rates shown above Sri Lanka interest rates too are destined to rise in the future. These are the reasons for the down ward trend in the stock market.

    [img]කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි Sl_ite11[/img]
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි Empty Re: කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි

    Post by Ethical Trader Tue Jul 10, 2018 9:53 pm

    Rapid devaluation of the Rupee completes the triple effect on the CSE diverting funds out from the market.

    [img]කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි _to_ru10[/img]
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි Empty Re: කොළඹ කොටස් තවමත් අවුරුදු 8 කට කලින් තිබුණු තැනමයි

    Post by serene Wed Jul 11, 2018 7:37 am

    Thanks ET.
    One has to be really smart to be a winner in this challenging environment.

      Current date/time is Sat Jul 27, 2024 9:59 am