The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
Coronavirus UpdatesFri May 21, 2021 11:24 amThe Invisible
Browns Investments updateTue Feb 02, 2021 2:38 pmYin-Yang
ACL CablesWed Dec 30, 2020 7:22 pmsubash
Merry Christmas to AllTue Dec 29, 2020 4:53 pmchutiputha
Trading Journal Sat Dec 12, 2020 11:33 pmxmart
HVA FoodsFri Dec 04, 2020 10:25 amThe Invisible
Tokyo CementMon Nov 23, 2020 9:42 amRajapaksap
Insider Dealings Fri Nov 20, 2020 2:30 ampjrngroup
UML United MotorsTue Nov 10, 2020 8:50 amThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

තාජුදීන් ඝාතනය: 'සිරුරේ අස්ථි කොටස් අතුරුදහන්' Empty තාජුදීන් ඝාතනය: 'සිරුරේ අස්ථි කොටස් අතුරුදහන්'

Fri Mar 31, 2017 3:36 pm
තාජුදීන් ඝාතනය: 'සිරුරේ අස්ථි කොටස් අතුරුදහන්'
BBC Sandeshaya 2017 මාර්තු 30

වසීම් තාජුදීන් ඝාතන පරීක්ෂණය පිණිස වැදගත් අස්ථි කොටස් කිහිපයක් මළ සිරුරෙන් අතුරුදන්ව තිබුණු බව රජයේ නීතිවේදියා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය කළේය.

ඝාතනයට අදාළ පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේ ප්‍රකාශයක් කළ සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක වෙනුවෙන් පෙනීසිටි නීතිවේදියා, සිය සේවාදායකයා වසරකට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින බවට චෝදනා කළේය.

එය අසාධාරණයක් බැවින් පරීක්ෂණ අවසන් වන දිනය රජය අධිකරණයට දැනුම්දිය යුතු යයි ද නීතිවේදියා පැවසීය.

එම ප්‍රකාශයට විරෝධය පළ කළ රජයේ නීතිවේදියා කියා සිටියේ, වෙනත් අපරාධ නඩුවලට වඩා මෙය සංකීර්ණ පරීක්ෂණයක් බවය.

'සාක්ෂි වසන් කළ නඩුවක්'

තාජුදීන්ගේ මළ සිරුරේ තුවාල ලැබූ, පරීක්ෂණ සඳහා වැදගත් අස්ථි කොටස් කිහිපයක්ම අතුරුදන්ව තිබූ බව සිරුර ගොඩගෙන පරීක්ෂණ සිදු කළ අවස්ථාවේ හෙළි වූ බවත් රජයේ නීතිවේදියා පැවසීය.

මෙය සැකකටයුතු තත්වයක් බව පෙන්වාදුන් ඔහු, මෙය සාක්ෂි වසන් කළ නඩුවක් බැවින් ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණ පැවැත්වෙන බව අධිකරණයට දැනුම් දුන්නේය.

එබැවින් පරීක්ෂණ කටයුතු අවසාන කිරීම සඳහා සාධාරණ කාලයක් අවශ්‍ය බව ද ඔහු පැවසීය.

මේ අතර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළ රහස් පොලිසිය, තාජුදීන් ඝාතනය සිදු වූ වකවානුවේ ජනාධිපති ආරක්ෂක අංශයේ පැවති දුරකථන අංක කිහිපයක් පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වන බව දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන 05 වෙනි දින ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියම කළ අතර එතෙක් සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum