The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
Plantation Sector UpdatesTue Oct 20, 2020 3:11 pmslstock
HAYC - HaycarbFri Oct 16, 2020 12:55 amsubash
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Dividend AnnouncementsMon Aug 17, 2020 1:27 pmRana
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

උතුරු කොරියානු නායකයා "ඝාතනය කිරීමේ CIA කුමන්ත්‍රණයක්" Empty උතුරු කොරියානු නායකයා "ඝාතනය කිරීමේ CIA කුමන්ත්‍රණයක්"

on Fri May 05, 2017 6:12 pm
Message reputation : 100% (1 vote)
උතුරු කොරියානු නායකයා "ඝාතනය කිරීමේ CIA කුමන්ත්‍රණයක්"
BBC Sandeshaya මිනිත්තු 46 පෙර
උතුරු කොරියානු නායකයා "ඝාතනය කිරීමේ CIA කුමන්ත්‍රණයක්" _95918587_8c0a82f4-4a06-4ea6-bcbe-1971256e7b5c
Image copyright Reuters

උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් ඝාතනය කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ දකුණු කොරියාවේ රහස් ඔත්තු සේවා කුමන්ත්‍රණය කරමින් සිටින බවට උතුරු කොරියාවේ රාජ්‍ය ජනමාධ්‍ය චෝදනා කරයි.

සිය නායකයාට රසායනික ප්‍රහාරයක් එල්ලකිරීම පිණිස CIA ඇමෙරිකානු රහස් ඔත්තු සේවයේ සහ දකුණු කොරියානු රාජ්‍ය රහස් ඔත්තු සේවයේ අනුග්‍රහය ලබන "ත්‍රස්තවාදී කණ්ඩායමක්" දැනටමත් රට තුළට ඇතුල් වී සිටින බවත් උතුරු කොරියාවේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

එම "ත්‍රස්තවාදීන්" සොයා "අනුකම්පා විරහිත ලෙස" ඔවුන් "විනාශ කරන" බවත් අමාත්‍යාංශය අවධාරණය කරයි.

උතුරු කොරියාව එම නිවේදනය නිකුත් කරන්නේ කලාපයේ උණුසුම ඉතා ඉහල යමින් පවතින අවස්තාවකය.

"ක්ෂුද්‍ර විෂ රසායන සහ විකිරණ ද්‍රව්‍ය ඇතුළත්" රසායනික ආයුධ සිය නායකයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සඳහා යොදාගැනීමේ උත්සාහයක් පවතින බවද ආරක්ෂක අමාත්‍යංශ නිවේදනයේ සඳහන් වේ.

හමුදා ආචාර පෙළපාලියකදී හෝ පොදු උත්සවයකදී හෝ සිය නායකයාට රසායනික ප්‍රහාරයක් එල්ල කිරීම කුමන්ත්‍රණකරුවන්ගේ උත්සාහය බවට චෝදනා කරන උතුරු කොරියානු බලධාරීන්, මාස හයත්, දොළහත් අතර කාලයක් තුළ එහි ප්‍රතිඵලය නොදැනෙනු ඇති බවත් පවසති.

රුසියාවේ සේවය කරමින් සිටි "කිම්" යන වාසගමෙන් පමණක් හඳුන්වන උතුරු කොරියානුවෙකුට දකුණු කොරියානු රහස් ඔත්තු සේවා විසින් "අල්ලස් දී" මෙම කුමන්ත්‍රණය සඳහා යොදවාගෙන තිබෙන බව පවසන නිවේදනයේ, ඔහුට කරන ලද බව පැවසෙන ගෙවීම් පිළිබඳවත් වැඩිදුරටත් සඳහන් වේ.

"ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන්ගේ සහ ඔවුන්ගේ රූකඩ කණ්ඩායම් සහ රහස් ඔත්තු කටයුතු අතුගා දැමීම පිණිස මේ මොහොතේ සිට කොරියානු ක්‍රමයේ ත්‍රස්ත-විරෝධී ප්‍රහාර ආරම්භ කරන්නෙමු," යනුවෙන්ද රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

පසුගිය සති කිහිපය තුළ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් සහ උතුරු කොරියානු පාලනය අතර වාග සංග්‍රාමය උත්සන්න වූ අතර, සිය හය වෙනි න්‍යෂ්ඨික අත්හදා බැලීම දියත් කරන බවට උතුරු කොරියාව තර්ජනය කළේය.

පසුගිය සෙනසුරාදා උතුරු කොරියාව යළිත් වරක් බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලීමේ උත්සාහයක නිරත වූ නමුත් එය අසාර්ථක විය.

මේ අතර සිය යුද නෞකාවක් කලාපයට පිටත්කර යැවූ ඇමෙරිකාව, මතභේදයට ලක් වූ මිසයිල ආරක්ෂණ පද්ධතියක් දකුණු කොරියාවේ ස්ථානගත කර තිබේ.
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 8695
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

උතුරු කොරියානු නායකයා "ඝාතනය කිරීමේ CIA කුමන්ත්‍රණයක්" Empty Re: උතුරු කොරියානු නායකයා "ඝාතනය කිරීමේ CIA කුමන්ත්‍රණයක්"

on Sat May 06, 2017 8:37 am
A few decades ago, such an effort was tried and failed in Cuba, because people were not on their side then.
But same can't be said about the present situation in NK.

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

උතුරු කොරියානු නායකයා "ඝාතනය කිරීමේ CIA කුමන්ත්‍රණයක්" Empty Re: උතුරු කොරියානු නායකයා "ඝාතනය කිරීමේ CIA කුමන්ත්‍රණයක්"

on Sat May 06, 2017 11:29 am
Message reputation : 100% (1 vote)
It is possible to recruit insiders who are not pleased with the regime.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum