The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
HAYC - HaycarbMon Oct 26, 2020 9:58 amsubash
Plantation Sector UpdatesTue Oct 20, 2020 3:11 pmslstock
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Dividend AnnouncementsMon Aug 17, 2020 1:27 pmRana
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

අවදානම් ආර්ථිකය Empty අවදානම් ආර්ථිකය

on Thu Mar 23, 2017 9:57 pm
Message reputation : 100% (3 votes)
(කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - මහාචාර්ය සිරිමල් අබේරත්න)

රටේ පවත්නා ආර්ථික වාතාවරණය සම්බන්ධයෙන් විවිධාකාර වූ අර්ථ දැක්වීම් දැකගන්නට පුළුවන. අප මේ ගතකරන්නා වු වසර ගණනාවේදී ඉතිහාසයේ නොලැබී තිබූ අවස්ථාවක් ලැබී තිබේ. නිදහසෙන් පසු කාලයේදී ලංකාවට පොහොසත්, දියුණු රටක් වීමට, සංවර්ධිත රටක්වීමට ඇති හොඳම අවස්ථාව අප පසුකරමින්  සිටින බව කියන්නට පුළුවන. එයට හේතුවී ඇත්තේ ලංකාවේ ඇතිවී තිබෙන සාමකාමී වාතාවරණය සහ අනෙකුත් සාධක පමණක් නොවේ. මීට වඩා වැදගත් වන්නේ ජාත්‍යන්තර ආර්ථිකයේ ඇතිවී තිබෙන වෙනස්කම්ය. බටහිර ලෝකයේ දියණු රටවල ඇතිවී තිබෙන ආර්ථික අවපාත තත්ත්වය, එම රටවලින් ආසියාවට ප‍්‍රාග්ධනය විශාල වශයෙන් ගලාගෙන ඒම, අසියාවේ වෙළෙඳපොළවල් ශීඝ‍්‍රයෙන් පුළුල්වීම යනාදී කාරණා අපට දියුණුවීමට අවස්ථාව සලසාදී තිබේ. ඒ වගේම බටහිර ලෝකයේ ඇතිවෙමින් තිබෙන දේශපාලන අර්බුද ද මේ අතර තිබේ.



රටට බාහිරින් මේ කාරණා පවතිද්දී රට තුළ ගත්විට මේ ආකාරයේම වැදගත් කොන්දේසි කීපයක් තිබේ. සාමය පැවතීම ඉන් එකකි. ඒ වගේම අප ගමන් කළ මාර්ගයේ ඇති වැරැුදි සියල්ල නිවැරැදි කර ගනිමින් අපේ ප‍්‍රතිපත්ති අවශ්‍ය ආකාරයට වෙනස් කරගත හැකි අවුරුදු කීපයක් යුද්ධයෙන් පසුව ලැබී තිබේ. මේ තත්ත්වය නිසා ලංකාවට අනගි අවස්ථාවක් ලැබී තිබේ. ඒ වගේම ප‍්‍රධාන පක්‍ෂ දෙක එක්වී පිහිටුවාගත් ආණ්ඩුවක්ද තිබේ. මේ කොන්දේසි මෙලෙස පැවතියද ඒ කොන්දේසි එකක්වත් ප‍්‍රයෝජනයට ගත් රටක් වශයෙන් ලංකාව පෙන්වා දීමට නොහැක. ඒ සියල්ල මගහැර කවදාවත් නොතිබූ තරමේ ආර්ථික අර්බුදයකට රට පත්වෙමින් පවතින ආකාරයක් දැකගන්නට පුළුවන.

මේ අර්බුදය පැති කීපයකින් දැකීමට පුළුවන. ආණ්ඩුවේ මුදල් කළමනාකරණය පැත්තෙන් මෙය දැකිය හැකිය. එනම් අය වැය පැත්තෙනි. අයවැය යනු ආණ්ඩුවේ එක් ක්‍ෂේත‍්‍රයකි. අය සෑදී ඇත්තේ ජනතාවගෙන් ගන්නා බදු වලිනි. වැය වශයෙන් ඇත්තේ ආණ්ඩුව මේ බදු වියදම් කරන ආකාරයයි. අද වනවිට රටේ ණය වාරිකය ගෙවා ගැනීමටවත් මේ බදු ආදායම ප‍්‍රමාණවත් නොවීමේ ප‍්‍රශ්නයක් අද තිබේ. ඒ අනුව ආණ්ඩුව කරන සියලූ වියදම්වලට අවශ්‍ය මුදල් ලබාගැනීමට වන්නේ තවත් ණය ගැනීමකිනි. ආණ්ඩුවේ මූල්‍ය තත්ත්වය ගත්විට පවතින්නේ එවන් අර්බුදකාරී තැනකය.

රටේ පවතින විදේශ විනිමය ප‍්‍රශ්නය දෙවැන්නය. රටේ තවත් ශේෂ පත‍්‍රයක් වන්නේ එයයි. රටේ විදේශ මූල්‍ය තත්ත්වය බැලූවත් එයද  ආණ්ඩුවේ මූල්‍ය තත්ත්වය හා සමානය. ආනයන ඩොලර් බිලියන 20ක පමණ තිබේ. අපනයන ඇත්තේ ඩොලර් බිලියන 10ක් පමණයි. ඒ අනුව ඩොලර් බිලියන 10ක පමණ හිඟයක් තිබේ. මෙය පියවා ගන්නේ මැදපෙරදිග සේවයේ නියුතුවූවන්ගෙන් ලැබෙන ආදායම් වලින් සහ ආණ්ඩුව ගන්නා ණයවලනි. මේ කරුණු දෙකම අපේ රටේ සෞභාග්‍යය පෙන්වන සාධක නොවේ.

විදේශ විනිමය ප‍්‍රමාණවත් පරිදි ලැබෙන්නේ නැතිව අපට ඩොලරයේ අගය ආරක්‍ෂා කරගැනීමට නොහැක. විදේශ විනිමය ලැබිය යුතු ප‍්‍රධාන මාර්ගය වන්නේ අපනයන වැඩිවීමෙනි. මෙහිදී භාණ්ඩ හා සමානව සේවාවද වැදගත්ය. වරාය, ගුවන්, සෞඛ්‍ය, අධ්‍යාපන ආදී සේවා අංශ ගණනාවකින් විදේශ විනිමය ඉපැයීමේ විශාල ඉඩක් ලංකාවට තිබේ. එහෙත් පසුගිය වසර පහළොවක පමණ සිට බැලූවහොත් භාණ්ඩ අපනයන ප‍්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 34, 35ක පමණ මට්ටමේ සිට සියයට 14, 15 දක්වා වූ මට්ටමට දැන් අඩුවී තිබේ. වසර 15ක් 16ක් තිස්සේ ස්ථාවර මට්ටමකින් අපනයන අඩුවී තිබේ. සෑහෙන කාලයක සිට මේ කාරණය දෙස අවධානය යොමුකර නැත. මෙය ලොකු අවදානම් තත්ත්වයකි

මේ අවදානම් තත්ත්වය ගණන් නොගෙන සිටීමටද හේතුවක් තිබුණි.  ඕනෑ තරම් ණය ලැබීම එම හේතුවය. බැඳුම්කර විකුණා විදේශ ණය ගත්තේය. එනිසා ආයෝජන නොලැබුණාට ප‍්‍රශ්නයක් වූයේ නැත. මැදපෙරදිගින් ලැබෙන ආදායම් අනෙක් හේතුවය. මේ නිසා ප‍්‍රශ්නය වසාගෙන සිටියේය. ණය ගැනීමත්, මැදපෙරදිග සේවයේ  නියුතු අයගෙන් ලැබෙන ආදායම් යන දෙකම මේ රටේ ආර්ථික  ශක්තිය පෙන්වන දර්ශක නොවේ. මේ ව්‍යාපෘතියේ යෙදුණු රටවල් රාශියක් ලෝකයේ තිබේ. ඒ රටවල් එකකවත් ආර්ථික තත්ත්වය හොඳ මට්ටමට එන්නේ නැත. තිබෙන වටිනාම සම්පත පිටරටවලට යවා රටකට සෞභාග්‍යමත් වීමට නොහැක. විනිමය අනුපාතය ආරක්‍ෂා කරගැනීමට නොහැකි කමෙන් පෙන්නුම් කරන්නේ මේ කාරණාය. අයවැය ප‍්‍රශ්නයේත් විදේශ විනිමය ප‍්‍රශ්නයේත් අන්තයටම ගොස් හිරවී සිටින මට්ටමට පැමිණ තිබේ.

මෙතැනින් එළියට එන්නේ කෙසේදැයි ඊළඟට මතුවන ප‍්‍රශ්නයයි. රටක් හැටියට මේ මොහොතේ ආණ්ඩුවට කිරීමට ඇත්තේ සීමිත කටයුතු දෙක තුනකි. තවත් ණය ගැනීම ඉන් පළමුවැන්නය. දැන් එය කරමින් තිබේ. මෙසේ ණය ගැනීමෙන් රට තව තවත් හිරවන්නට පුළුවන. මෙයින් කෙරෙන්නේ ප‍්‍රශ්නය තාවකාලිකව ඉදිරියට දැමීම පමණි. මෙසේ ප‍්‍රශ්නය කල් දැමීමද ඉදිරියේදී මේ ප‍්‍රශ්නය වඩා බරපතළව මතුවනු ඇත. රටේ තිබෙන යම් යම් දේ විකිණීම දෙවැන්නය. ආණ්ඩුව  ඒ පියවරට ද ගොසිනි. දැන් උත්සාහ කරන්නේ යම් යම් දේ විකිණීමටය. මෙසේ විකිණීමේ හොඳ පැත්තක් තිබේ. කිසිදු ප‍්‍රතිලාභයක් නොලැබෙන කටයුතුවල ආණ්ඩුව  ආයෝජනය කර තිබේ. මේ ආයෝජන නඩත්තුවට විශාල පිරිවැයක් දැරීමටද ආණ්ඩුවට සිදුව ඇති බව පැහැදිලිය. මේ සියල්ල කරන්නේ ජනතාවට බදු පටවමිනි. සෑම තැනකටම බදු ගැසීමට සිදුව ඇත්තේද මේ  නිසාය. මේවා මෙලෙස පවත්වාගෙන යනවාද, හොඳ කළමනාකාරිත්වයක් ඇති පෞද්ගලික අංශයට බාරදෙනවාද යන්න තීරණය කළ යුතුය. රාජ්‍ය දේපළ විකුණන්න දෙන්නේ නැතැයි කියා හැඟීම්බරව කියන්නට පුළුවන. එයින් කියැවෙන්නේ පාඩු ලබන ආයතන වෙනුවෙන් බදු ගෙවීමට සූදානම් බවය.

මේ කාලයේ පෞද්ගලික අංශය ලෝකයේ බොහෝ දේ කරන අකාරයක් දැකගත හැකිය. ඒවා නොකරන්නේ අපේ රටේය. යටිතල පහසුකම්, වරාය, අධිවේගී මාර්ග, ගුවන්තොටුපොළ, බලාගාර ආදී ක්‍ෂේත‍්‍රවල පෞද්ගලික සමාගම් ආයෝජනය කරනු ඇත. ඉන්දියාවෙන් මෙයට උදාහරණ සපයාගත හැකිය. එහෙත් අප මෙතෙක් කල් එවැන්නක් කර නැත. ණය වී මේ සියල්ල ආණ්ඩුවම කිරීමෙන් පසු එම ණය ජනතාව මත පැටවීමේ ක‍්‍රමවේදයක් ලංකාව අනුගමනය කර තිබේ. මේ කි‍්‍රයාවලියෙත් සීමාවට පැමිණ තිබේ. එනිසා යම් යම් ආයතන විකිණීම නිවැරැදිය. එහෙත් මේවා විකිණීමට යන්නේ අසරණව සිටින අවස්ථාවකය. ගෙදර තිබෙන බඩුවක් කීයකට හෝ දී මාසයේ ණය වාරිකය ගෙවීමට යොමුවන  හා සමාන මට්ටමකට රට පත්වී තිබේ. මේ නිසා කේවල් කිරීමේ ශක්තිය නැත.

ආණ්ඩුවේ ආයතන විකුණන විට ලෝකයේ දියුණු රටවල් කරන්නේ ඒවායේ කළමනාකාරිත්වය දියුණුකර පෞද්ගලික අංශයට වඩාත් සිත් ඇදගන්නාසුළු තත්ත්වයට පත්කර විකිණීමය. එවන් අවස්ථාවකදී හොඳ කේවල් කිරීමේ ශක්තියක් ආණ්ඩුව සතුය. ඒ වගේම හොඳ ආයෝජකයන් පැමිණෙනු ඇත. එහෙත් මෙවන් අවස්ථාවක ඒ හැකියාව නැත. අද අප කරමින් සිටින්නේ අසරණ වී නැති  බැරිකමට විකිණීමය. පවතින තත්ත්වය හමුවේ කෙටිකාලීනව ගත හැක්කේ මෙකී පියවර පමණි. මේ පියවර දෙකෙන්ම අපට විසඳුමක් ලැබේ යැයි සිතිය නොහැක.

දිගුකාලීන විසඳුමකට යනවානම් පවතින ප‍්‍රධාන ප‍්‍රශ්නය වන්නේ ආයෝජන පරිසරයේ පවතින දුවර්වලකමයි. යුද්ධය අවසන් වුවද ආයෝජනයට සුදුසු ස්ථානයක් හැටියට ආයෝජකයන් ලංකාව පිළිගන්නේ නැත. ආයෝජකයන්ට විශ්වාසය ඇති කිරීමට අපට හැකිනම් සිංගප්පූරුවට, ඩුබායිවලට වඩා ඉහළ මට්ටමට යාමේ හැකියාව අපට මේ අවස්ථාවේ තිබේ. එයට අවශ්‍ය පිහිටීම හා සම්පත්ද තිබේ. මේ ලොකු පින්තූරය අපේ සිතේ නැත. එය පැත්තකට දමා වී මිල, හාල් මිල, ලූනු, මිරිස්, තේ කෝප්පය යනාදිය ගැන කතා කරමින් සිටින ආකාරයක් දැකගත හැකිය.

රටේ  සාමකාමී වාතාවරණයක් පැවැතියත් ආයෝජකයන් නොඑන්නේ මන්දැයි ප‍්‍රශ්නයකි. ආයෝජකයන් ඉන්දියාවට මුදල් රැුගෙන යන්නේ ඇයි? වියදම් අධික සිංගප්පූරුවට තවමත් ආයෝජකයන් යන්නේ ඇයි? වසරකට ලංකාවට ඩොලර් බිලියනයක් එනවිට සිංගප්පූරුවට යන ආයෝජන වටිනාකම ඩොලර් බිලියන 50ත් 75ත් අතරය. ඉන්දියාවටත් ඩොලර් බිලියන තිහක්, තිස්පහක් යනු ඇත. වියට්නාමයට ඩොලර් බිලියන දහයක පමණ ආයෝජන ගලනු ඇත. කාම්බෝජය, මියන්මාරය ආදී රටවලටද ආයෝජන ගලන ආකාරයක් දැකගත හැකිය. මෙලෙස ප‍්‍රාග්ධනය ගලාගෙන යද්දී ලෝකෙන් උතුම් රටට ආයෝජකයන් නොඑන්නේ ඇයි? එයට හේතුව ඔවුන්ට විශ්වාසය නොමැතිවීමය. ආයෝජනය කිරීමට නම් හොඳ පරිසරයක්  තිබිය යුතුය. වැඩ කිරීමට, ව්‍යාපාර කිරීමට, ජීවත්වීමට හොඳ පරිසරය තිබිය යුතුය. එම පරිසරය මේ රටේ තිබෙනවාද කියා  සලකා බැලිය යුතු ප‍්‍රශ්නයකි. ආයෝජන වැඩිදියුණු වීමට අවශ්‍ය ආර්ථික හා දේශපාලන පරිසරය මේ රටේ තිබෙනවාද යන්නත් බැලිය යුතුය. ඒ විශ්වාසය තවම ඇතිවී නැත.

ඉදිරි වසර දෙක තුනේදී කුමක් වේදැයි දන්නේ නැත. හෙට උදේ නැගිටින විට අද තිබෙන බදු වෙනස් වී ආයෝජනවලට පහර වැදී තිබිය හැකිය. තිබෙන්නේ අස්ථාවරත්වයකි. ඊළඟ මැතිවරණයෙන් කුමක්වේද, පවතින රාමුව උඩු යටිකුරු  කරයිද යන ප‍්‍රශ්න තිබේ. පසුගිය මැතිවරණයෙන් පසු එවැනිදේ සිදුවුණි. මැතිවරණයෙන් පසු චීනයට යන්න කීවේය. ජේම්ස් පැකර්ට එන්න එපා කීවේය. මේවායේ හරි වැරැුද්ද වෙනම ප‍්‍රශ්නයකි. මෙහිදී වැදගත් වන්නේ මෙයින් අප ජාත්‍යන්තර ආයෝජකයන්ට  ලබාදෙන පණිවිඩයයි.

පසුගිය කාලයේ ගත් ණය ඵලදායිනොවන කටයුතුවල යෙදවූ බව සත්‍යයකි. එමෙන්ම පසුගිය වසර දෙකේදී එය නොදැන සිටි කරුණක්ද නොවේ. එසේ දැනගෙන තිබියදීත් ඒ කෙරෙහි අවධානය යොමු නොකළේ ඇයිද යන ප‍්‍රශ්නය තිබේ. වසර දෙකක් ගත වුවද රටේ ආර්ථික ප‍්‍රතිපත්තියේ ලොකු වෙනසක් වූයේ නැත. කුඩා කුඩා දේවල් කිරීම ඒ වෙනසෙන් අපේක්‍ෂා කරන්නේ නැත. සමස්ත ආර්ථික පරිසරය වෙනස් වන වසර පහක් දහයක් විස්සක් ඉදිරිය බලාගෙන දියුණුවන දැක්ම ඇති ආර්ථික ප‍්‍රතිසංස්කරණ එම වෙනසෙන් අදහස් කෙරේ. මේ ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලිය ආරම්භ කිරීම ප‍්‍රධාන වශයෙන් අවශ්‍යය. 89, 90 කාලයේ ආර්ථික ප‍්‍රතිසංස්කරණය කෙරුණු එතැන් සිට මේ දක්වා කිසිවක් කෙරී නැත. අතෙන්ට මෙතෙන්ට බදු පැනවීම, රුපියලෙන් දෙකෙන් බඩුමිල අඩුවැඩි කිරීම් නම් බොහෝ සෙයින්  කර තිබේ. එතැනින් එහා බලන්නේ නැත. අද අප සිටින්නේද එතැනය. ලොකු දෙයක් බලාගෙන ප‍්‍රතිසංස්කරණය කිරීමේ හැකියාවද එන්න එන්නම  පිරිහෙන බවද කිව යුතුය.

මේ රටේ පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය යටතේ මැතිවරණයෙන් මැතිවරණයට එම හැකියාව පිරිහෙමින් තිබේ. ඉදිරියේදී මෙය තවත් දුර්වලවනු ඇත. අදහස් පැවතියද වැඩ කරන්නේ කුඩා කුඩා දේවල් බලාගෙනය. වෘත්තීය, සහනාධාරය රැුකගැනීමට කටයුතු කරනු දැකගත හැකිය. දේශපාලන වැඩටද සෑහෙන කාලයක් ගත කරමින් සිටී. ව්‍යවස්ථාවට, අධිකරණ වැඩට ආදියටද එසේමය. එහෙත් අත්‍යවශ්‍ය සාධකයට තවම අත ගසා නැත. අවධානය යොමුකර නැත.

ණය ගෙවාගත නොහැකි අවස්ථාවට පැමිණ තිබේ. කතාව ඇත්තය. රුපියල රැුකගැනීමට නොහැකි මට්ටමට පැමිණ තිබේ. මේ දෙකටම යම් යම් පැලැස්තර ඇලවීමෙන් තාවකාලික විසඳුම් ලබාගත හැකිය. 2009 දී මෙවන් තත්ත්වයකට ලංකාව පත්වුණි. එහෙත් ඒ අවස්ථාවේ අවසන් මොහොතේ මූල්‍ය අරමුදල ලංකාව බේරා ගත්තේය. මේ අවස්ථාවේ ආර්ථිකය කඩා වැටිලා යැයි කීමෙන් අදහස් කරන්නේ ණය ගෙවාගැනීමට නොහැකිව සිටීම සහ රුපියලේ අගය ආරක්‍ෂා කර ගැනීමට නොහැකි තත්ත්වයට පත්වීමය. ආර්ථිකය කඩාගෙනම වැටෙනවා යැයි එයින් කීමට නොහැක. කලින් මෙන් පැලැස්තර අලවා ගැනීමට හැකි වුවොත් තව කාලයක් ආර්ථිකය ආරක්‍ෂාකරගත හැකිය. දිගුකාලීනව පැලැස්තර ආර්ථිකයක් බවට මේ  ආර්ථිකය පත්ව තිබේ.

දැක්මක් යම් යම් අවස්ථාවල ප‍්‍රකාශවී තිබේ. සිංගප්පූරුව හා මැදපෙරදිග අතර හොඳම ව්‍යාපාරික මධ්‍යස්ථානය බවට ලංකාව පත්වත බවට කතා තිබේ. ලොකු පින්තූරය ගැන යම් යම් තැන්වල දර්ශන තිබේ. එහෙත් එතැනට යන්නේ කෙසේද යන වැඩපිළිවෙළ නැත. විෂන් එක තිබුණාට මිෂන් එක නැත. මේවා කි‍්‍රයාත්මක නොවීමේ වගකීම ජනතාවද බාරගත යුතුය. ඒ හුදු බහුතර ජනතාව නොවේ. සුළු පිරිසක් වුවද මේ අයගේ බලපෑම වැඩිය. මේ අය කරන කියන දෑ ආයෝජකයන්ට දෙන්නේ  හොඳ පණිවිඩයක් නොවේ. මාර්ගවල උද්ඝෝෂණ කර  පෙළපාලි ගොස් පෞද්ගලික ආයෝජනවලට විරුද්ධ වනවිට ආයෝජනයට මේ රට සුදුසු නැති බව ආයෝජකයන් වටහාගනු ඇත. දේශපාලනඥයන්ද මේ ගැන සැලකිලිමත් විය යුතුය. මේ ගමන යන්නේ සුඛෝපභෝගි ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්ද ආරක්‍ෂා කරමිනි. වෙනත් රටවල නැති තරමේ සීමා ඉක්මවාගිය නිදහසක් මේ රටේ තිබේ. ආර්ථික ප‍්‍රශ්නය එයට හේතුවකි. මේ පසුබිම යටතේ තීරණ ගැනීමට දක්වන්නේ බියකි. කෙසේ වුවත් තීරණ ගැනීම අවදානම්ය. තීරණ නොගෙන සිටීම ඊටත් වඩා අවදානම්ය.

(සටහන - චමින්ද මුණසිංහ)
spw19721
spw19721
Active Member
Active Member
Posts : 681
Join date : 2015-08-22

අවදානම් ආර්ථිකය Empty Re: අවදානම් ආර්ථිකය

on Thu Mar 23, 2017 10:26 pm
Thanks nihal ayya..
spw19721
spw19721
Active Member
Active Member
Posts : 681
Join date : 2015-08-22

අවදානම් ආර්ථිකය Empty Re: අවදානම් ආර්ථිකය

on Thu Mar 23, 2017 10:28 pm
Thanks nihal ayya..
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum