- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
මිනිත්තු 15 න් සැතපුම් 300 ක් – වොක්ස්වැගන් ගොල්ෆ් ඉලෙක්ට්‍රික් කාරය එළි දකී
මෙම වසරේ දී පැවැත්වීමට නියමිත පැරිස් මෝටර් ෂෝ හිදී වොක්ස්වැගන් හි 2019 නවතම ඉලෙක්ට්‍රික් මෝටර් රථය එළිදක්වන බව, වොක්ස්වැගන් සභාපති Herbert Diess පවසයි. ඔහු මේ බව අනාවරණය කළේ ජර්මානු සඟරාවක් වන WirstschaftWoche සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.
වාර්තා වන අන්දමට මිනිත්තු 15 ක ආරෝපණයකින් සැතපුම් 300 ක ධාවනයක් ලබා දීමට මෙම නවතම වොක්ස්වැගන් ඉලෙක්ට්‍රික් කාරය සමත්වේ.
වොක්ස්වැගන් සභාපතිවරයා පවසන්නේ මෙම ඉලෙක්ට්‍රික් මෝටර් රථය සාමාන්‍ය වොක්ස්වැගන් ගොල්ෆ් රථයක ප්‍රමාණය ගන්නා බවයි. මෙය 2018 අගභාගයේ දී හෝ 2019 මුල භාගයේ දී වෙළෙඳපොළට එක්වන බව ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
මෝටර් රථය සම්ප්‍රදායික ඉන්ධන දහනය කරන කාර් රථයකට වඩා මිලෙන් අඩු වනු ඇති බව වොක්ස්වැගන් සභාපතිවරයා වැඩිදුරටත් මෙහිදී පැවසීය.
පැරිස් මෝටර් රථ ප්‍රදර්ශනය 2016 ඔක්තෝබර් 01 සිට 16 දක්වා පැවැත්වීමට නියමිතය.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: මිනිත්තු 15 න් සැතපුම් 300 ක් – වොක්ස්වැගන් ගොල්ෆ් ඉලෙක්ට්‍රික් කාරය එළි දකී
- spw19721Active Member
- Posts : 683
Join date : 2015-08-22
Re: මිනිත්තු 15 න් සැතපුම් 300 ක් – වොක්ස්වැගන් ගොල්ෆ් ඉලෙක්ට්‍රික් කාරය එළි දකී
- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
ලංකාවේ ආයෝජනය නොකරන්න වොක්ස්වැගන් තීරණය කරලා – නි. ඇමති එරාන් කියයි
වොක්ස්වැගන් සමාගම හට ජාත්‍යන්තරව මුහුණ දීමට සිදු වූ ප්‍රශ්න හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදුකිරීමට සැලසුම් කර තිබූ ආයෝජනය දැනට නොකිරීමට තීරණය කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
අද දෙරණ ‘මොකද වුණේ‘ ප්‍රවෘත්ති විශේෂාංගය සමඟ එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
- spw19721Active Member
- Posts : 683
Join date : 2015-08-22
Re: මිනිත්තු 15 න් සැතපුම් 300 ක් – වොක්ස්වැගන් ගොල්ෆ් ඉලෙක්ට්‍රික් කාරය එළි දකී
- Danidu
- Posts : 264
Join date : 2015-09-03
Age : 43
Location : Welisara