The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද?

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? Empty ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද?

    Post by nihal123 Tue Apr 26, 2016 11:32 am

    ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද?
    ( ෂමිල පෙරේරා ) 2016-04-25 22:34:42


    කොටස් වෙළෙඳ පොළ ආයෝජනය පිළිබඳ අවධානය යොමු කිරීමේදී බොහෝ දෙනා දැන සිටින්නේ තමන්ට ආයෝජනය කිරීමට නැත්නම් මිලදී ගැනීමට තිබෙන්නේ ලැයිස්තුගත සමාගම්වල කොටස් පමණක් බවයි. ඊට හේතුව කොටස් යන වචනය අප කාගේත් සිත් තුළට කා වැදී ඇති බව නිසාය. එහෙත් ඔබ දැන සිටිය යුතු තවත් පැත්තක් වනුයේ කොටස් වෙළෙඳ පොළ ආයෝජන උපකරණ අතර ඉතා ආකර්ෂණීය පොලි අනුපාතිකයන් සහිත සමාගම් ණයකර මෙන්ම රජයේ ණයකරද ගනුදෙනු කිරීම සඳහා පවතින බවයි.

    ණයකරයක් යනු කුමක්ද?

    නිශ්චිත පොලී අනුපාතිකයක් හා නිශ්චිත කල්පිරීමේ දිනයක් සඳහන් කරමින් සමාගමක් හෝ රජය විසින් නිකුත් කරන්නා වූ ණය සුරැකුම්පතක් ණයකරයක් යනුවෙන් කෙටියෙන් හැඳින්විය හැකිය. මෙසේ ණයකර නිකුත් කරනු ලබන්නේ සමාගමක් නම් එකී සමාගමේ අභිප්‍රාය වන්නේ තම අනාගත සංවර්ධන අරමුණු වෙනුවෙන් අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගැනීමය. ණයකර නිකුත් කරනු ලබන්නේ රජය නම් එහි මූලික අරමුණ රජයේ අනාගත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනයයි. මෙම දෙපාර්ශ්වය විසින් නිකුත් කරන්නාවූ ණයකර මිලදී ගනු ලබන්නේ සමාන්‍ය ජනතාව, පෞද්ගලික සමාගම් හෝ රාජ්‍ය සමාගම්ය. මෙහිදී නිකුත් කරන්නා වූ පාර්ශ්වය විසින් මිලදී ගන්නා පාර්ශ්වය වෙත මූලික ආයෝජන මුදල හා එකඟ වූ පොලී අනුපාතිකයක් ණයකරය කල්පිරීමේදී නැවත ගෙවීමට පොරොන්දු වෙයි.

    ණයකර වෙළෙඳ පොළේ ස්වභාවය

    ණයකර වෙළෙඳ පොළක් යනු ණයකර ගනුදෙනුවක වෙළෙඳ පොළයි. ණයකර මිලදී ගෙන ළඟ තබා ගන්නා පුද්ගලයන්ට ස්ථාවර ප්‍රතිලාභයක් ලැබෙන අතර, එය පොලී අනුපාතිකයක් ලෙස ආයෝජකයාගේ අතට පත් වෙයි. එමෙන්ම ණයකර වෙළෙඳ පොළ නැවත ප්‍රධාන කොටස් දෙකකට බෙදා වෙන්කළ හැකිය. එනම් රජයේ ණයකර සහ සමාගම් ණයකර වෙළෙඳ පොළයි. අපගේ අවධානය මෙහිදී වැඩිපුර යොමු කරන්නේ සමාගම් ණයකර වෙත වුවද, රජයේ ණයකර පිළිබඳවද අප යම් අවබෝධයක් ලබා තිබීම වැදගත් යැයි හැඟෙන නිසා ඉතා කෙටියෙන් ඒ පිළිබඳවත් අප මෙහිදී සාකච්ඡා කරන්නෙමු.

    රජයේ ණයකර (Government Securities)

    රජයේ ණයකර යනුවෙන් අප ප්‍රධාන වශයෙන් හඳුන්වනු ලබන්නේ භාණ්ඩාගාර බිල්පත් (Treasury Bills) සහ භාණ්ඩාගාර බැඳුම්කර (Treasury Bonds) වන අතර, රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඒවා නිකුත් කරනු ලබයි. භාණ්ඩාගාර බිල්පතක් යනු රජයේ කෙටිකාලීන ණය උපකරණයයි. මේවා මාස 3, 6, සහ 12 ලෙස කල්පිරීමේ කාල සීමාවන් සඳහන් කරමින් නිකුත් කරනු ලබන අතර, උපරිම කල්පිරීමේ කාලය වසරකි. මුහුණත අගයට වඩා අඩු මිලකට නිකුත් කිරීම එහි තවත් විශේෂ ලක්ෂණයකි. භාණ්ඩාගාර බැඳුම්කර යනු රජයේ දිගුකාලීන ණය උපකරණයයි. එහි කල්පිරීමේ කාලය වසරකට වඩා වැඩි වන අතර, මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසර 2 සිට වසර 20ක් දක්වා කල්පිරීමක් සහිතව නිකුත් කළ ණයකර දැකගත හැකි වෙයි.



    අවදානමකින් තොරව ඉහළ පොලියක්

    රජයේ කෙටිකාලීන සහ දිගුකාලීන ණය අවශ්‍යතා සම්පූර්ණ කරගැනීම සඳහා අවශ්‍යතාවයේ හැටියට මේවා නිකුත් කරනු ලබන අතර, මේවා මිලදී ගන්නා පාර්ශ්වයන්ට නිශ්චිත පොලී අනුපාතිකයක් ලබාගැනීමටත්, මූලික ආයෝජිත මුදල නැවත ගෙවීමේ අවදානමකින් තොරව ලබාගැනීමටත් ආයෝජකයන්ට අවකාශ සැලසෙයි. භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සෑම සතියකම පුවත්පත්වල දැන්වීම් පළ කරනු ලබන අතර, භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි මසකට වරක් සිදුකරනු ලබයි. ඒ පිළිබඳවද පුවත්පත් දැන්වීම් මගින් ජනතාව දැනුවත් කරනු ලබයි. මහ බැංකුව විසින් නම්කර ඇති ප්‍රාථමික අලෙවිකරුවන් මාර්ගයෙන් මේවා මිලදී ගැනීමට සාමාන්‍ය ජනතාවටද අවස්ථාව ඇත. එමෙන්ම, වාණිජ බැංකු, කොටස් තැරැව්කාර සමාගම් හරහාද මේවා මිලදී ගැනීමට ආයෝජකයන්ට හැකියාව පවතී. මෙම භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර සඳහා මහ බැංකුව විසින් රටේ පවතින සාමාන්‍ය පොලී අනුපාතිකයට වඩා ඉහළ පොලී අනුපාතිකයක් බොහෝ අවස්ථාවල ගෙවා ඇති බව ඒ පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වෙයි.

    රජයේ ණයකර කොටස් වෙළෙඳ පොළ හරහාද ගනුදෙනු කළ හැකිය

    භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර කොටස් වෙළෙඳ පොළ හරහාද ගනුදෙනු කළ හැකි නිසා මේවා රජයේ ණයකර කියා සම්පූර්ණයෙන්ම අපට බැහැර කරමින් කථා කළ නොහැකිය. 2004 වර්ෂයෙන් පසුව කොටස් වෙළෙඳ පොළ හරහාද මේවා ජනතාවට ගනුදෙනු කිරීමට අවස්ථාව උදා වූවා සේම පරිණත වීමට පෙර එනම් කල්පිරීමට ප්‍රථමයෙන් වුවද යම් පුද්ගලයෙකුට අවශ්‍ය නම් ණයකර මුදල් බවට පත්කර ගැනීමටත් අවස්ථාව උදා විය.

    රජයේ ණයකර සඳහා ලැබෙන ප්‍රතිලාභය

    මේවා මිලදී ගැනීමෙන් ආයෝජකයාට ලැබෙන ප්‍රතිලාභය වන්නේ නිශ්චිත පොලී අනුපාතිකයක් ලබාගත හැකිවීමය. එම පොලී අනුපාතිකය ස්ථාවර එකකි. පසුකාලීනව නිකුත් කරනු ලබන භාණ්ඩාගාර බිල්පත් හෝ බැඳුම්කර පොලී අනුපාතිකය වෙනස්වීමට ඉඩකඩ තිබුණද ආයෝජකයාට තමා ආයෝජනය කළ අවස්ථාවේ ගිවිසගත් පොලී අනුපාතිකය ලබාගත හැකිය. එය වෙනස් විය හැක්කේ යම් ආයෝජකයෙකු කල්පිරීමට ප්‍රථමයෙන් එය මුදල් කරගැනීමට උත්සාහ කළහොත් පමණි. මෙම රජයේ ණයකරවල ඇති විශේෂ වාසියක් වන්නේ ගිවිසගත් පොලී අනුපාතිකය සහ කල්පිරීමේදී මූලික ආයෝජිත මුදල නැවත කිසිදු අවදානමකින් තොරව ලබාගත හැකිවීමය. බොහෝ දෙනා අතර පවතින මතයක් වන 'රජයේ ණයකරවල අවදානමක් නොමැත' යන්නෙන් අදහස් වන්නේද එයයි.

    සමාගම් ලබාගන්නා විවිධ ණය ස්වරූප

    සමාගමක් තම අනාගත අවශ්‍යතා සඳහා ණය ලබාගන්නා ක්‍රම කිහිපයක් දැකගත හැකිය. මූලික වශයෙන් ණය අරමුදල් කෙටිකාලීන (Short Term) සහ දිගුකාලීන වශයෙන් (Long Term) ලබාගත හැකිය. වෙළෙඳ පොළේ පොදු ව්‍යවහාරය අනුව වසරකට වඩා අඩු කාලයකින් ගෙවිය යුතු ණය කෙටිකාලීන ලෙසද, වසරක් ඉක්මවා ආපසු ගෙවිය යුතු ණය දිගුකාලීන වශයෙන්ද හඳුන්වනු ලබයි. ඒ අනුව සමාගමකට බැංකු ණයක් ලෙස (Bank Loans) සහ ණය සුරැකුම්පත් වෙළෙඳ පොළට නිකුත් කිරීම යන ක්‍රම දෙකෙන්ම අවශ්‍ය ප්‍රාග්ධනය රැස්කර ගත හැකිය. සමාගමක් මෙසේ නිකුත් කරන ණය සුරැකුම්පත් වාණිජ පත්‍රිකා සහ සාංගමික ණයකර ලෙස වෙන්කර හඳුනාගත හැකි වෙයි.

    වාණිජ පත්‍රිකා (Commercial Papers)

    වාණිජ පත්‍රිකාවක් යනු මූල්‍ය වශයෙන් ශක්තිමත් විශාල සමාගම් විසින් කෙටිකාලීන ණය අරමුදල් ලබාගැනීම සඳහා නිකුත් කරන ණය පත්‍රිකාවකි. මේවා පෞද්ගලික අලෙවියක් මගින් (Private Placement) ඒවායේ ආයෝජනය කිරීමට කැමති පාර්ශ්වවලට විකුණා අරමුදල් රැස්කර ගනියි. විශේෂයෙන්ම ඒකක භාර අරමුදල් සහ විශ්‍රාම අරමුදල් ඒවායේ ආයෝජනය කිරීමක් දැකගත හැකි අතර තනි පුද්ගලයන්ටද වාණිජ පත්‍රිකා මිලදී ගත හැකිය.

    සමාගම් ණයකර (Corporate Debt)

    සමාගම් ණයකර යනු සමාගම්වලට අවශ්‍ය ණය ප්‍රාග්ධනය රැස්කර ගැනීම සඳහා සමාගම් විසින් නිකුත් කරන්නා වූ ණය සුරැකුම්පත් ලෙස පෙන්වා දිය හැකිය. එය තවදුරටත් පැහැදිලි කළහොත් සාංගමික ණය ලෙස හඳුන්වනු ලබන්නේ සමාගම් විසින් ලබාගන්නා විවිධ ස්වරූපයේ ණය ප්‍රාග්ධන අරමුදල්ය. අප නිතර අසා තිබෙන සාමාන්‍ය කොටස් හෝ වරණීය කොටස් නිකුතු මගින් සමාගම්වලට අවශ්‍ය හිමිකම් ප්‍රාග්ධනය හෙවත් කොටස් ප්‍රාග්ධනය රැස්කර ගනු ලබන අතර ඊට අමතරව සමාගම් විසින් ණය ප්‍රාග්ධනය (Debt Capital) ලබාගැනීමද සිදුකරනු ලබයි. මෙම සාංගමික ණයකර පෞද්ගලිකව හෝ ප්‍රසිද්ධ නිකුතුවක් මගින් (Public Issue) නිකුත් කිරීමක් දැකගත හැකිය.

    සාංගමික ණයකර නිර්වචනය (Definition of Debentures)

    නිකුතු සමාගම විසින් ආයෝජකයාට කිසියම් කාලපරිච්ඡේදයකට වරක් පොලියක් ගෙවීමට සහ/හෝ පරිණත කාලය අවසානයේදී හෝ වෙනත් නිශ්චිත කාලයකදී මුහුණත අගය ගෙවීමට පොරොන්දුවක් සහිතව දිගුකාලීන වශයෙන් නිකුත් කරන ණය සුරැකුම්පත් සාංගමික ණය සුරැකුම්පත් ලෙස හඳුන්වයි.

    සමාගම් ණයකර නව ආයෝජන උපකරණයක් නොවේ

    සමාගම් ණයකර මෑත කාලයේ කොටස් වෙළෙඳ පොළ විසින් හඳුන්වා දුන් ගනුදෙනු උපකරණයක් නොව, දැනට අවුරුදු ගණනාවකට පෙර හඳුන්වාදී ඇති ආයෝජන උපකරණයකි. නූතන සාංගමික ණයකර වෙළෙඳ පොළේ ආරම්භය ලෙස සැලකෙන්නේ 1996 වර්ෂයයි. එදා සිට අද දක්වා කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි වරින් වර විවිධ ණයකර, සමාගම් විසින් අඛණ්ඩව නිකුත් කර ඇති බව කොටස් වෙළෙඳ පොළ වාර්තා පරිශීලනය කිරීම මගින් මනාව අවබෝධ කර ගත හැකිය. සමාගම් ණයකරවල ආයෝජනය කළ ආයෝජකයන්ටද එදා සිට අද දක්වා ලබාදී ඇති ප්‍රතිලාභ ප්‍රමාණය ඉතා ඉහළය.

    සමාගම් ණයකර සඳහා ප්‍රාථමික වෙළෙඳ පොළ

    සාංගමික ණයකර සඳහා පවතින මූලික වෙළෙඳ පොළ එසේත් නැත්නම් ප්‍රාථමික වෙළෙඳ පොළ යනු සමාගමක් විසින් පෞද්ගලික අලෙවියක් ලෙස හෝ පොදු නිකුතුවක් ලෙස ආයෝජකයන්ට සාංගමික ණයකර නිකුත් කරන අවස්ථාවකි. මෙය බොහෝදුරට ඔබ මීට පෙර අසා ඇති සාමාන්‍ය කොටස් නිකුතුවකට සමානය. ඒවාද පෞද්ගලික කොටස් නිකුතු මෙන්ම පොදු කොටස් නිකුතු ස්වරූපයෙන් නිකුත් කරනු ලබයි. මෙම නිකුතු ස්වරූප දෙකෙන් අප රටේ වඩාත් ජනප්‍රිය ක්‍රමය වන්නේ පොදු නිකුතුවක් ලෙස ආයෝජනය කිරීමට කැමති පොදු ජනයාට සාංගමික ණයකර සඳහා ව්‍යාපාර විස්තර ප්‍රකාශ පත්‍රයක් මගින් හෙවත් සංස්ථා ප්‍රකාශයක් මගින් (Prospectus) අර්පණයක් සිදුකිරීම (ණයකර නිකුත්කිරීම) ය. එසේම සාංගමික ණයකර හිමිකම් නිකුතුවක් නැතහොත් අයිතිවාසිකම් නිකුතුවක් ලෙස නිකුතු සමාගමේ දැනට සිටින කොටස් හිමියන්ට ලබාදීමක්ද කළ හැකිය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන සාංගමික ණයකර අතරින් බොහෝ ඒවා මෙම ව්‍යාපාර විස්තර ප්‍රකාශ පත්‍රයන් මගින් නිකුත්කළ ඒවා වෙයි.

    සමාගම් ණයකර සඳහා ද්විතියික වෙළෙඳ පොළ

    සාංගමික ණයකර සඳහා ද්විතියික වෙළෙඳ පොළ ලෙස ක‍්‍රියා කරනු ලබන්නේ කොළඹ කොටස් වෙළෙඳ පොළය. මෙහිදී සිදුවන්නේ ආයෝජකයන් කලින් මිලදී ගත්, නැත්නම් ප්‍රාථමික නිකුතුවකින් මිලට ගත් සාංගමික ණයකර එකිනෙකා අතර මිලදී ගැනීම් හා විකිණීම් සිදුකරමින් හුවමාරු කරගැනීමය. මෙසේ නිකුත් කර ඇති සාංගමික ණයකර කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත කිරීමේ කොන්දේසිවලට යටත්ව ලැයිස්තුගත කළ ඒවා වෙයි. කොළඹ කොටස් වෙළෙඳ පොළේ ණයකර ලැයිස්තුගත කර ඇති සමාගම් කිහිපයක් ඔබගේ අවධානය සඳහා උදාහරණ ලෙස පහත පරිදි පෙන්වා දිය හැකිය. ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩී.එෆ්.සී.සී බැංකුව, හැටන් නැෂනල් බැංකුව, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව, අබාන්ස්, ජනශක්ති, සිංගර් ශ්‍රී ලංකා, රිචඩ් පීරිස්, එල්.ඕ.එල්.සී ,හේලීස් යන සමාගම් ඇතුළු තවත් සමාගම් ගණනාවක් මේ වනවිට කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ණයකර ලැයිස්තු ගත කර ඇත.

    සාංගමික ණයකරවල වත්මන් තත්ත්වය

    දැනට කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත කර ඇති ණයකර විවිධ කල්පිරීමේ කාලසීමාවන් සහිතව විවිධ ලක්ෂණයන් සහිතව කලින් කලට නිකුත් කරනු ලැබ ඇති බව කොටස් වෙළෙඳ පොළ වාර්තා තුළින් දැකගත හැකිය. මේ වනවිට කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි එක් එක් ව්‍යාපාර ක්ෂේත්‍ර නියෝජනය කරමින් ලැයිස්තුගත කර ඇති ණයකර වර්ග රැසක් දැකගත හැකි අතර, කොළඹ කොටස් වෙළෙඳ පොළේ සමාගම් ලැයිස්තුගත කර ඇති ව්‍යාපාර කාණ්ඩ 20 අතරින් ව්‍යාපාර කාණ්ඩ 8ක් යටතේ සමාගම් 46ක විවිධ ණයකර වර්ග 229ක් ලැයිස්තුගත කර ඇත. ඉන් වැඩි වශයෙන්ම සමාගම් සංඛ්‍යාවක් ණයකර නිකුත් කර ඇත්තේ බැංකු, මූල්‍ය සහ රක්ෂණ ක්ෂේත්‍රය යටතේය. බීම, ආහාරපාන සහ දුම්කොළ, ඉදිකිරීම් සහ ඉංජිනේරු, විවිධාංගීකරණ, සෞඛ්‍ය හා සනීපාරක්ෂක, ආයෝජන භාර, වැවිලි කර්මාන්ත සහ වෙළෙඳාම් යන අංශ යටතේ අනෙකුත් ණයකර නිකුත් කර ඇත.

    සමාගම් ණයකරවල ආයෝජනයට ප්‍රවිෂ්ට වන්නේ කෙසේද, විවිධ ණයකර වර්ග, ණයකරවල ආයෝජනයේදී සැලකිලිමත් විය යුතු කරුණු, සමාගම් ණයකරවල පවතින අවදානම ආදි තවත් කරුණු සමගින් මෙම ලිපියේ ඉතිරි කොටස 'අද ව්‍යාපරික පිටුවේ' පළ වන මීළඟ 'දැනුමෙන් ආයෝජනයට' ලිපිය තුළින් බලාපොරොත්තු වන්න.

    CK
    CK
    Active Member
    Active Member


    Posts : 1393
    Join date : 2015-11-01

    ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? Empty Re: ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද?

    Post by CK Tue Apr 26, 2016 11:37 am

    thank you Mr.nihal
    avatar
    Danidu


    Posts : 264
    Join date : 2015-09-03
    Age : 43
    Location : Welisara

    ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද? Empty Re: ණයකරවල ආයෝජනය පිළිබඳව ඔබ දැනුවත්ද?

    Post by Danidu Sat Jun 11, 2016 6:43 pm

    ණයකරවල ලක්ෂණ

    ණයකරවල ලක්ෂණ අනුව එකිනෙකට වෙනස් ණයකර වර්ග හඳුනාගත හැකි බව ණයකර වෙළෙඳ පොළ පිළිබඳව අධ්‍යයනය කරන විට පෙනී යන බව අපි පසුගිය සතියේදී කෙටියෙන් සාකච්ඡා කළෙමු. ඒ අනුව, ආරක්ෂිත ණයකර, අනාරක්ෂිත ණයකර, සහතික ණයකර, යටත් ණයකර, කැඳවිය හැකි ණයකර ආදී වශයෙන් විවිධ ණයකර වර්ග හඳුනා ගත්තෙමු.

    එමෙන්ම, ලැබෙන පොලී අනුපාතිකය අනුව, කල්පිරීම අනුව සහ විවිධ මුහුණත අගයන් සඳහන් කරමින් සමාගම් විසින් ණයකර නිකුත් කරනු ලබන බවත් අපි විස්තර කළෙමු. ඒ අනුව, මෙම ණයකරවල දක්නට ලැබෙන විශේෂතා, තවත් ලක්ෂණ දැකිය හැකි බව මෙම ලිපියෙන් ඔබට පැහැදිලි වනු ඇත.

    ණයකර නිකුතුවකට උදාහරණයක්

    XYZ සමාගම, මුහුණත අගය රු.100/- ක් වන අවුරුදු පහකින් කල්පිරෙන නිදහස් කළහැකි ණයකර නිකුතුවක් වාර්ෂික පොලී අනුපාතය 10% ක් ලෙස නිකුත් කළ හැකිය. සමහර අවස්ථාවල ණයකර වර්ග දෙකක් වුවද, එකවර නිකුත්කළ හැකි අතර, එය A වර්ගය හා B වර්ගය වශයෙන් ණයකර වර්ග දෙකක් ලෙසින් නිකුත් කළ හැකිය. එය පහත පරිදි පෙන්වාදිය හැකිය.

    • A  වර්ගය - වාර්ෂික පොලී අනුපාතය 9% ක් වන, මුහුණත අගය රු.100/- ක් වන අවුරුදු පහකින් කල්පිරෙන නිදහස් කළහැකි ණයකරය. (පොලී ගෙවීම වාර්ෂිකව)

    • B වර්ගය - වාර්ෂික පොලී අනුපාතය 8.75% ක් වන, මුහුණත අගය රු.100/- ක් වන අවුරුදු පහකින් කල්පිරෙන නිදහස් කළ හැකි ණයකරය. (පොලී ගෙවීම අර්ධ වාර්ෂිකව)

    ණයකර සමග බැඳී පවතින අවදානම් සාධකය

    ඕනෑම ආයෝජනයක අවදානමක්ද පවතින බව අප දන්නා කරුණකි. නමුත්, ආයෝජනයෙන් ආයෝජනයට අවදානම නමැති සාධකයද වෙනස් වෙයි. ණයකර අතරද අවදානම අඩු සහ අවදානම වැඩි ණයකර හඳුනාගත හැකිය. නම ඇසූ පමණින් අවදානම වැඩි ණයකරවල ආයෝජනය කිරීමට අයෝජකයන් පෙළඹෙන්නේ නැතැයි යන්න අපට හිතට නැගෙන අදහසකි. එහෙත් තත්ත්වය එසේ නොවේ. ණයකරවල ආයෝජනයේදී ආයෝජකයන් සැලකිල්ලට භාජනය කරනු ලබන්නේ අවදානම සාධකය පමණක් නොවේ. තවත් කරුණුද ඊට බලපාන බව ඒ පිළිබඳව වැඩිදුර කරනු ලබන අධ්‍යයනයකින් පැහැදිලිවනු ඇත.

    විවිධ අවදානම් ස්වභාවයන්

    පොලී අනුපාතික අවදානම (Interest rate risk)

    අනෙකුත් සාධක ස්ථාවරව පවතින විට ණයකර මිල සහ වෙළෙඳ පොළ පොලී අනුපාතිකය අතර ඇත්තේ ඍණ සම්බන්ධතාවකි. වෙළෙඳ පොළ පොලී අනුපාතය ඉහළ යන විට ණයකරයේ මිල පහළ යන අතර, වෙළෙඳ පොළ පොලී අනුපාතය පහළ යනවිට ණයකරයේ මිල ඉහළ යනු ඇත. උදාහරණ ලෙස යම් ආයෝජකයෙකු වෙළෙඳ පොළ පොලී අනුපාතය ඉහළ අවස්ථාවක කල්පිරීමට ප්‍රථමයෙන් තම ණයකරය විකුණන්නේ නම්, තම ණයකරයේ පොලී අනුපාතය පහළ නිසා ප්‍රාග්ධන අලාභයක් සිදුවේ. එසේම වෙළෙඳ පොළ පොලිය පහළ අවස්ථාවක ආයෝජකයෙකු කල්පිරීමට ප්‍රථමයෙන් ණයකර අලෙවි කරන්නේ නම් ඔහුට ප්‍රාග්ධන ලාභයක් හිමිවේ. මෙම අවිනිශ්චිතතාව පොලී අනුපාතික අවදානම යනුවෙන් හඳුන්වනු ලබයි.

    ප්‍රතිආයෝජන අවදානම (Reinvestment risk)

    දැනට ණයකරවල ආයෝජනය කර තිබෙන ආයෝජකයෙකුට ණයකර මත ලැබෙන පොලිය නැවත ආයෝජනය කළ හැකිය. එසේ නැවත ආයෝජනය කරන විට එම අවස්ථාවේ පවතින පොලී අනුපාතය ඔහු හෝ ඇය එම ණයකරවල මුල්වරට ආයෝජනය කරන අවස්ථාවේ පැවැති පොලියට වඩා අඩු හෝ වැඩි විය හැකිය. මෙම අවිනිශ්චිතතාව 'ප්‍රතිආයෝජන අවදානම' යනුවෙන් හඳුන්වයි.



    පැහැර හැරීමේ අවදානම (Default risk)

    පැහැර හැරීමේ අවදානම, ණය අවදානම ලෙසද සමහර අවස්ථාවල හඳුන්වනු ලබයි. ණයකර නිකුත් කරනු ලබන සමාගමට ණයකර වෙනුවෙන් ගෙවිය යුතු පොලිය සහ ආයෝජිත මුදල නියමිත වෙලාවට නැවත ආයෝජකයාට ගෙවීමට නොහැකි වුවහොත් එය පැහැර හැරීමේ අවදානම ලෙස හඳුන්වයි. මෙහිදී සාකච්ඡාවට ලක්වන අවදානම් ස්වභාවයන් අතරින් පැහැර හැරීමේ අවදානම පිළිබඳව ණයකරවල ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයෙකු විශේෂ අවධානයක් යොමු කළ යුතුය.

    ණයකරවල ආයෝජනය කරන නිවැරදි ආයෝජකයෙකු නම් ණයකර නිකුත්කර ඇති සමාගමක පහත සඳහන් කරුණු පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ. එම කරුණු අතර සමාගමේ පසුගිය කාර්යසාධන තත්ත්වයන්, ඉපැයුම් සහ වත්කම් වර්ධනය, සමාගමේ ගෙවුම් ශේෂ ලේඛනයේ සඳහන් ආකාරයට වර්තමාන මූල්‍ය ශක්‍යතාවය, අවදානම් කළමානකරණ ප්‍රතිපත්ති, ණයකරයේ සම්බන්ධ ණය ගුණත්වය, පළපුරුද්ද හා දක්ෂතාව සහිත අධ්‍යක්ෂවරුන් සහ සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය යනාදී කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා ප්‍රයෝජනවත් වේ.

    ද්‍රවශීලතා අවදානම (Liquidity risk)

    ද්‍රවශීලතා අවදානම යනුවෙන් අදහස් වනුයේ ණයකර හිමියෙකුට අවශ්‍ය ඕනෑම වෙලාවක ණයකර අලෙවි කර නැවත මුදල් බවට පත් කරගැනීමේ හැකියාවයි. සලකා බලන ණයකරය කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත කර ඇත්නම්, එවැනි ණයකර හිමියෙකුට අවශ්‍ය ඕනෑම අවස්ථාවක තම ණයකර ද්විතීයික වෙළෙඳ පොළ තුළින් විකුණාගෙන මුදල් බවට පත්කර ගැනීමට හැකි නිසා එවැනි ණයකරවල පවතින අවදානම අවම වේ.

    සාංගමික ණයකර ආයෝජනයේ ප්‍රතිලාභ

    සාංගමික ණයකර ආයෝජනයේදී සාමාන්‍ය කොටස්වල ආයෝජනය කරන්නන්ට ප්‍රතිලාභ ලබාගැනීමට හැකි ආකාරයෙන් ප්‍රතිලාභ නොලැබුණද ණයකරයේ කල්පිරීම තෙක් ස්ථාවර පොලී ආදායමක් උපයාගැනීමට හැකියාව ලැබෙයි. එමෙන්ම ණයකර කල්පිරීමට ප්‍රථමයෙන් අලෙවි කරන්නේ නම් වෙළෙඳ පොළ පොලී අනුපාතය මත ප්‍රාග්ධන ලාභ ලැබීමට හැකියාව ඇත. ණයකර ආයෝජනයේ ඇති විශේෂ ප්‍රතිලාභ පහත පරිදි පෙන්වා දිය හැකිය.

    බදු නිදහස් කිරීම්

    ණයකරවල ආයෝජනය කරනු ලබන ආයෝජකයන්ට කොටස්වල ආයෝජනය කරන ආයෝජකයන්ට වඩා සමහර අවස්ථාවල විශේෂ වරප්‍රසාද හිමි වේ. ණයකර වෙළෙඳ පොළ ජනතාවට සමීප කිරීම, ජනප්‍රිය කිරීම සහ ජනතා ආකර්ෂණය වැඩි කිරීම සඳහා රජයයන් සහ නියාමන ආයතන එක්ව විවිධ පියවරයන් ගනු ලබයි. උදාහරණ ලෙස ශ්‍රී ලංකාවේ වර්තමාන බදු නීති හඳුන්වා දිය හැකිය. එනම් සමාගම් සහ තනි පුද්ගල ආයෝජකයන් විසින් වර්තමානයේදී සිදුකරනු ලබන සාංගමික ණයකර මත උපයනු ලබන පොලී ආදායම රඳවා ගැනීමේ බදුද ඇතුළුව සම්පූර්ණයෙන් නිදහස් කර තිබීම පෙන්වා දිය හැකිය.

    •  ආකර්ෂණීය පොලී අනුපාතයන්

    සාංගමික ණයකරවල ආයෝජනය කරන ආයෝජකයන්ට ණයකර නිකුතු ආයතන විසින් ලබාදෙන සිත් ඇදගන්නා සුළු පොලී අනුපාතයන් මත ණයකර මිලදී ගැනීමට අවස්ථාව උදාවෙයි. වර්තමානයේදී කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කර ඇති ණයකර සඳහා ගෙවීමට එකඟ වී ඇති පොලී අනුපාතයන් 7% හා 20% අතර පරාසයක පැතිරී පවතී.

    •  ප්‍රාග්ධන ලාභ ලැබීමේ හැකියාව

    ප්‍රාග්ධන ලාභ විශේෂයෙන් ලබාගත හැකි වන්නේ යම් ණයකර ආයෝජකයෙකු පරිණත වීමට පෙර එම ණයකර ද්විතීයික වෙළෙඳ පොළ හරහා විකිණීමට අපේක්ෂා කරයි නම් පමණි. මූල්‍ය වෙළෙඳ පොළ තුළ සිදුවන පොලී අනුපාත උච්චාවචනයන් අනුව ප්‍රාග්ධන ලාභ හෝ අලාභ ලැබීමට ඉඩ ඇත. ණයකරයේ පොලී අනුපාතය වෙළෙඳ පොළ පොලී අනුපාතයට වඩා අඩු වනවිට ආයෝජකයාට ණයකරය වැඩි පොලී අනුපාතයනට අලෙවි කළ හැකි නිසා ප්‍රාග්ධන ලාභ ලබාගත හැකිය. එසේම මතක තබාගත යුතු වැදගත් කරුණක් වනුයේ ණයකරය අලෙවි කරනු ලබන අවස්ථාව වනවිට ණයකරයේ පොලී අනුපාතය වෙළෙඳ පොළ පොලී අනුපාතයට වඩා පහළ නම් ප්‍රාග්ධන අලාභත් සිදුවීමට ඉඩකඩ පැවතීමය.

    ආයෝජනයෙන් ඉවත්වීමේ හැකියාව

    කොටස් මිලදීගෙන ඕනෑ අවස්ථාවක විකිණීමට ආයෝජකයාට නැවත විකිණිය හැකි සේම ණයකරද කොටස් හුවමාරුවක ලැයිස්තුගත කර ඇත්නම් එවැනි ආයෝජකයන්ට ඕනෑම අවස්ථාවක එය ද්විතීයික වෙළෙඳ පොළ හරහා විකුණා ගැනීමට අවස්ථාව ඇත. ණයකර නැවත පහසුවෙන් නැවත මුදල් බවට පත්කර ගැනීමට ඇති හැකියාව ණයකර ආයෝජනයේදී ආයෝජකයාට ඇති විශේෂ වාසියකි.

    ඇපයක් ලෙස තැබීමේ හැකියාව

    ණයකර ආයෝජනයේදී ආයෝජකයන්ට හිමිවන තවත් වාසියක් වනුයේ බැංකු ණයක් ලබාගැනීමේදී ණයකර ඇපයක් ලෙස තැබීමට ඇති හැකියාවයි.

    සාංගමික ණය සුරැකුම්පත් ලැයිස්තුගත කිරීම

    ආයෝජකයෙකු ණයකරවල ආයෝජනය කරන විට තමන් මිලදී ගන්නේ කුමන ආකාරයේ ලැයිස්තුගත ණයකරද යන්න දැනුවත් වී මිලදී ගැනීම ප්‍රයෝජනවත් වේ. කොළඹ කොටස් හුවමාරුවේ සාංගමික ණයකර ලැයිස්තුගත වන ආකාරය පහත පරිදි විස්තර කළ හැකිය. එනම් රාජ්‍ය ආයතනයක් හෝ පෞද්ගලික සමාගමක් වශයෙන් ණයකර ලැයිස්තු ගත කරන විට කොළඹ කොටස් හුවමාරුව වෙත ඉදිරිපත් කළ යුතු කොන්දේසි කිහිපයක් ඇත.

    රාජ්‍ය ආයතනයක් හෝ සංස්ථාවක් නම්,

    අ.) එවැනි ආයතනයක් විසින් කොන්දේසි විරහිත හා අවලංගු කළ නොහැකි සහතිකයක් පහත සඳහන් පාර්ශ්ව මගින් ලබාගත යුතුය.

    ශ්‍රී ලංකා රජය හෝ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි ණය ඇගයීමේ ආයතනයකින් අවම වශයෙන් ලබාගත් A ශ්‍රේණියේ ඇගයීමක් සහිත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍ර ලබාදී ඇති බැංකුවක්,

    ප්‍රාග්ධනය හා පොලිය නැවත ගෙවිමේ හැකියාව ඇති බවට කොළඹ කොටස් හුවමාරුවට පිළිගත හැකි අන්තර්ජාතික බහුපාර්ශ්වීය හෝ ද්වීපාර්ශ්වීය හෝ වෙනත් නියෝජිතායතනයකින් සහතිකයක් ලබා තිබීම,  හෝ
    ආ.) ලැයිස්තුගත කරන්නා වූ ණය සුරැකුම්පත් සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ ලියාපදිංචි වී ඇති ණය ඇගයීමේ ආයතනයකින් ආයෝජන මට්ටමේ ඇගයීමක් ලබා තිබීම.

    සමාගමක් නම්,
    අ.) ලැයිස්තුගත කරන්නා වූ ණය සුරැකුම්පත් සඳහා අනිවාර්යය ඇගයීමක් ලබා තිබීම හෝ
    ආ.) අදාළ ඇගයීම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ ලියාපදිංචි ණය ඇගයිමේ ආයතනයකින් ඉහත සඳහන් ආයෝජන මට්ටමේ ඇගයීමට වඩා අවම වශයෙන් සුළු ප්‍රමාණයකින් හෝ වැඩි අගයක් ලබා තිබීම.

    ණය සුරැකුම්පත් සඳහා ගනුදෙනු යන්ත්‍රය

    ද්විතීයික වෙළෙඳ පොළේ එනම්, කොළඹ කොටස් හුවමාරුවේ ණයකර ගනුදෙනු කරන්නේ නම් ඒ සඳහා පවතින ගනුදෙනු ක්‍රමය මෙයින් අදහස් වේ. කොළඹ කොටස් හුවමාරුවේ සාමාන්‍ය කොටස් ගනුදෙනු වන ස්වයංක්‍රීය වෙළෙඳ ක්‍රමය (Automated Trading System-ATS) යටතේම සාංගමික ණයකරද ගනුදෙනු වෙයි. එසේ ගනුදෙනු වීමේදී කවුරුත් පොදුවේ පිළිගන්නා ක්‍රමවේදයක් තිබිය යුතුය. එය මිල - කාල ප්‍රමුඛතාව (Price Time Priority) යන්නෙන් හඳුන්වනු ලබයි.

    මිල ප්‍රමුඛතාව (Price Priority)

    ඉතා සරලව පැහැදිලි කරන්නේ නම්, යම් ණයකරයක් මිලදී ගත් ආයෝජකයන් පිරිසක් අතර නැවත එය ද්විතීයික වෙළෙඳ පොළේ විකිණීමට සහ මිලදී ගැනීමට ඇණවුම් ඉදිරිපත් කරමින් ආයෝජකයන් බලාපොරොත්තුවෙන් සිටිය හැකිය. විවිධ මිල ගණන් යටතේ ගැනුම් ඇණවුම් කිහිපයක්ද විවිධ මිල ගණන් යටතේ විකුණුම් ඇණවුම් කිහිපයක්ද ඉදිරිපත්ව තිබිය හැකිය. එවැනි අවස්ථාවක ගැනුම් ඇණවුම් අතරින් වැඩිම ගැනුම් මිල සහ විකුණුම් ඇණවුම් අතරින් අඩුම විකුණුම් මිල සඳහා අන් සැමටම වඩා ප්‍රමුඛතාව හිමි වේ.

    කාල ප්‍රමුඛතාව ( Time Priority)

    එය ඉතා සරලව පැහැදිලි කරන්නේ නම් ඉහත දැක්වූ අයුරින් ගැනුම් ඇණවුම් සහ විකුණුම් ඇණවුම් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වී ඇති අවස්ථාවක ගැනුම් මිලත්, විකුණුම් මිලත් සමානව ඉදිරිපත් වී ඇත්නම් කලින් ඉදිරිපත් කළ ඇණවුම සඳහා අනෙකාට වඩා ප්‍රමුඛතාව හිමිවේ. මේ නිසා ස්වයංක්‍රීය වෙළෙඳ ක්‍රමය හරහා ද්විතීයික වෙළෙඳ පොළ තුළ කල්පිරිමට කලින් ආයෝජකයන් ණයකර අලෙවි කිරීමට බලාපොරොත්තු වන්නේ නම් කාටත් සාධාරණ අයුරින් ණයකර ගනුදෙනු කිරීමට අවස්ථාව උදා වී ඇත.

    ණය සුරැකුම්පත් සඳහා ගනුදෙනු පිරිවැය

    සාමාන්‍ය කොටස් ගනුදෙනු සඳහා ආයෝජකයෙකු පිරිවැයක් දැරිය යුතු බව අප මීට පෙර ඉදිරිපත් කළ ලිපි මගින් ඔබව දැනුවත් කළෙමු. එසේම ද්විතීයික වෙළෙඳ පොළ තුළ සිදු කරන ණයකර ගනුදෙනු සඳහාද ආයෝජකයෙකු විසින් යම් පිරිවැයක් දැරිය යුතු වෙයි. එය පහත පරිදි විස්තර කළ හැකිය.

    ණයකර තැරැව්කාර සමාගම් සඳහා ආයෝජකයා වෙනුවෙන් ණයකර මිලදී ගැනීම හෝ විකිණීම වෙනුවෙන් තැරැව්කාර ගාස්තුවක් ගෙවීමට සිදුවන අතර, එය තැරැව්කරු සමග සාකච්ඡා කිරීමෙන් තීරණය කරගත හැකිය. (Negotiable)
    ගනුදෙනුවේ වටිනාකමින් 0.02% ක් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව, කොළඹ කොටස් හුවමාරුව සහ මධ්‍යම තැන්පතු ක්‍රමයේ ගාස්තු වශයෙන් එම ආයතන තුන අතර සමසේ බෙදී යයි.

      Current date/time is Sun Sep 01, 2024 8:26 am