The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

5 posters

    කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට Empty කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට

    Post by nihal123 Tue Mar 22, 2016 10:41 pm

    කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට
    ( ෂමිල පෙරේරා ) 2016-03-21 22:25:58

    උච්චාවචනවලින් ඉහළ ප්‍රතිලාභ

    මෙම වසරේ මුල් මාස දෙකෙහි පහළ වැටුණු කොටස් වෙළෙඳ පොළ තුළ මේ වනවිට නැවතත් යම්කිසි ආකාරයක වර්ධනයක් දක්නට ලැබෙයි. කොටස් වෙළෙඳ පොළ තුළ පසුගිය සති දෙකෙහිදී සැලකිය යුතු උච්චාවචන වාර්තා වුවත්, සැලකිය යුතු ඉහළ යාමක්ද සමහර දිනවල දක්නට ලැබුණි. කොටස් වෙළෙඳ පොළ සංකල්පය වන මිල ගණන් පහළ ගිය විට කොටස් මිලදී ගෙන, මිල ගණන් ඉහළ ගිය විට කොටස් විකිණීම සමහර ආයෝජකයන් සිදුකරනු ලබන ආකාරය පසුගිය කාලවකවානුවේදී දක්නට ලැබුණි. බොහෝ ආයෝජකයන් අතර තිබුණු මතය නම්, කොටස් වෙළෙඳ පොළකින් ලාභ ලබාගැනීමට නම්, කොටස් වෙළෙඳ පොළ නොකඩවා ඉහළ නැගිය යුතු බවය. නමුදු, උච්චාවචනය වෙමින් පවතින කොටස් වෙළෙඳ පොළකින් ආයෝජකයන් වෙත ලාභ ලබාගත හැකි බව බොහෝ කොටස් වෙළෙඳ පොළ විචාරකයන් පවසන මතයකි. විශේයෙන්ම ලෝක ප්‍රකට ආයෝජකයෙකු වන වොරන් බෆට්ද පවසා ඇත්තේ කොටස් වෙළෙඳ පොළ උච්චාවචනවලින් ඉහළ ප්‍රතිලාභ ලබාගත හැකි බවය.

    සූදුවක් ලෙස භාවිත නොකිරීම

    උච්චාවචන පවතින සමයකදී කොටස් වෙළෙඳ පොළේ මුදල් යොදවන ආයෝජකයන් කොටස් වෙළෙඳ පොළ පිළිබඳව ඉතා අවදියෙන් සිටිය යුතු වෙයි. ඕනෑම උච්චාවචනයකින් ඉහළ ප්‍රතිලභ ලබාගැනීමට හැකියාව ඇති වීම මීට හේතුවයි. කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීම දිගුකාලීන ආයෝජන මාර්ගයක් බව අපි 'අද ව්‍යාපාරික පිටුවෙහි' සති පතා පළ වන 'දැනුමෙන් ආයෝජනයට' ලිපි මාලාවෙන් නොකඩවා පවසා ඇත්තෙමු. කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඕනෑම පුද්ගලයෙකු තමන් යොදවන මුදල අවම වශයෙන් වසර දෙක තුනක්වත් කොටස් වෙළෙඳ පොළේ රඳවා තබාගැනීමේ බලාපොරොත්තුවෙන් පැමිණිය යුතු වෙයි. එසේ නොමැතිව, තමන්ට ඉදිරියේදී හදිසියකට යෙදවීමට ඇති මුදල් කොටස් වෙළෙඳ පොළේ නොදමන්නට ආයෝජකයන් බොහෝ පරිස්සම් විය යුතුය. දිගුකාලීන වශයෙන් මුදල් යෙදවූවත්, කෙටි කාලීන වශයෙන්ද කොටස් වෙළෙඳ පොළෙන් ප්‍රතිලාභ ලබාගත හැකි බව පසුගිය දිනවල සිදුවූ ඉහළ යාම්වලින් දැකිය හැකිය. එහිදී ආයෝජකයන් සිදුකළ යුතු වන්නේ බුද්ධිමත්ව ආයෝජනය කර පහළ මිල ගණන්වලට කොටස් මිලදී ගෙන ඉහළ මිල ගණන්වලට කොටස් විකිණීමය. මෙහිදී, ආයෝජකයන් සිදුකළ යුතු වැදගත්ම කාරණය වන්නේ කොටස් වෙළෙඳ පොළ උච්චාවචනවල මුදල් යෙදවීමේදී එය සූදුවක් ලෙස භාවිත නොකිරීමය. ඕනෑම කොටසක් මිලදී ගැනීමේදී ඒ පිළිබඳව හැදෑරීමක් කර, සමපේක්ෂණය මත නොව සමාගමේ ඇති සිද්ධාන්ත මත පිහිටා කොටස් මිලදී ගැනීමට උත්සාහ කිරීමය.

    වෙළෙඳ පොළ මිල සහ සත්‍යය අගය

    වර්ෂ 2010 සහ 2011 වැනි කාලවලදී බොහෝ ආයෝජකයන් සිදුකරනු ලැබුවේ සිද්ධාන්ත මත පිහිටා කොටස් මිලදී ගන්නවා වෙනුවට, සමපේක්ෂණය මත කොටස් මිලදී ගැනීමය. එහිදී, විවිධ කටකතා මත කොටස් මිලදී ගැනීමට බොහෝ ආයෝජකයන් පෙළඹීමය. බොහෝ විට මොවුන් කොටස් මිලදී ගත්තේ සිද්ධාන්තවලින් අඩු, එතරම් කාර්යක්ෂමතාවක් නොතිබූ සමාගම්වල කොටස්ය. කොටස් වෙළෙඳ පොළකදී නම්, සමාගමක කොටස් මිල ආකාර දෙකකට හැඳින්විය හැකිය. එනම්, වෙළෙඳ පොළ වටිනාකම සහ සත්‍යය වටිනාකම යනුවෙනි. වෙළෙඳ පොළ වටිනාකම යනු කොටසක්, කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු වන මිලයි. සත්‍යය වටිනාකම යනු කොටසක ඇති සත්‍යය අගයයි. සමහර අවස්ථාවලදී කොටසක ඇති වෙළෙඳ පොළ මිල, සත්‍යය අගයට වඩා වැඩිවිය හැකිය. මෙසේ සුදුවන්නේ මෙම කොටස් සඳහා ඇති ඉල්ලුම වැඩිවූ විටය. මෙම ඉල්ලුම වැඩිවීම සමහර අවස්ථාවලදී කිසියම් පදනමකින් තොරවද සිදුවිය හැකිය. සමාගම පිළිබඳව ඇති කටකතාවක් හේතුවෙන් මෙසේ එම කොටස්වලට ඇති ඉල්ලුම වැඩිවිය හැකිය. මෙවැනි අවස්ථාවකදී කොටස් මිලදී ගැනීමේදී ආයෝජකයන් බුද්ධිමත් විය යුතුය. කොටස් වෙළෙඳ පොළේ කොටසක ඇති වෙළෙඳ පොළ මිල සහ එහි ඇති සත්‍යය අගය තේරුම් ගැනීමට ආයෝජකයන් පුරුදු පුහුණු විය යුතුය. ආයෝජකයන් වෙත වෙළෙඳ පොළ මිලට වඩා සත්‍යය අගය වැඩි කොටස් මිලදී ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නම් ඔවුන්ට ඉදිරියේදී තම ලාභ උපරිම කර ගැනීමට අවස්ථාවක් උදාවනු ඇත.

    සමීක්ෂණ වාර්තා පරිහරණය

    මෙසේ සත්‍යය අගය අවබෝධ කර ගැනීමට නම් ආයෝජකයන් කොටස් වෙළෙඳ පොළ තැරැව්කාර ආයතන මගින් ලබාදෙන සමීක්ෂණ වාර්තා පරිහරණය කිරීම වැදගත් වෙයි. පසුගිය කාලවකවානුවේදී කොටස් වෙළෙඳ පොළේ ඇති වූ ඉහළ නැගීමත් සමගම බොහෝ ආයෝජකයන් කොටස් තරැව්කාර ආයතන මගින් ලබාදෙන මෙම සමීක්ෂණ වාර්තා පරිහරණය කරනවා වෙනුවට, ඉහළ නැගෙමින් පවතින කොටස් දෙස බලා කොටස් මිලදී ගැනීමට පෙළඹුණි. එය බොහෝ දුරට සූදුවකට සමාන විය. වර්තමානයේදී ආයෝජකයන් අතීතයේදී ඔවුන් සිදුකළ වැරදි අවබෝධ කරගෙන අවම වශයෙන් කොටස් තැරැව්කාර ආයතන මගින් ලබාදෙන සමීක්ෂණ වාර්තා පරිහරණය කිරීමට පෙළඹෙන්නේ නම් එය ඉතා වැදගත් වනු ඇත. ඇතැම් කොටස් තැරැව්කාර ආයතන මගින් ඉතා ඉහළ මට්ටමේ සමීක්ෂණ වාර්තා නිකුත් කරන අතර, ඔවුන් එම වාර්තා තම ආයෝජකයන් වෙත ලබාදෙනු ලබයි. මෙම වාර්තා තේරුම් ගැනීමට අපහසු නොවන අතර, අවශ්‍ය නම් එම වාර්තා පැහැදිලි කරගැනීමට කොටස් තැරැව්කාර ආයතනයේ උපදෙස් ලබාගත හැකිය.

    ගනුදෙනු ගැන අවධානයෙන් සිටීම

    එමෙන්ම, කොටස් තැරැව්කාර ආයතනය සමග ගනුදෙනු කිරීමේදීද තමන්ට අවශ්‍ය උපදෙස් ඉතා පැහැදිලිව, ලිඛිතව ලබාදීමද අත්‍යවශ්‍ය කරුණක් වෙයි. තමන් කරන සියලු ගනුදෙනු පිළිබඳව අවධානයෙන් සිටීමද, ඉතාමත් අත්‍යවශ්‍ය කරුණකි. තම කොටස් තරැව්කාර ආයතනයට යම්කිසි අවස්ථාවකදී තමන්හට නොදන්වා කොටස් මිලදී ගැනීමට හා විකිණීමට බලය ලබාදී ඇත්නම් තමන් වෙනුවෙන් කොටස් තරැව්කාර ආයතනයේ නියෝජිතයා විසින් සිදුකරන ගනුදෙනු පිළිබඳවද අවධානයෙන් සිටීම ඉතා අත්‍යවශ්‍ය වෙයි. තමන් කොටස් තැරැව්කාර ආයතනයට අවශ්‍ය ආකාරයට ගනුදෙනු කිරීමට බලය ලබාදී ඇතත්, ඔවුන් යොදවන්නේ තමන්ගේ මුදල් බැවින් ආයෝජකයා ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටිය යුතු වෙයි. එවිට, කොටස් වෙළෙඳ පොළේ ඇතිවිය හැකි සමහර ගැටලුවලට මුහුණ පෑමට ආයෝජකයාට සිදු නොවෙයි.

    අප මේ ලිපියෙන් ආයෝජකයන් වෙත පහදා දීමට උත්සාහ කරනු ලැබුවේ, කොටස් වෙළෙඳ පොළ තුළ හැකි උච්චාවචනයන් මගින්ද ප්‍රතිලාභ ලබාගැනීමට හැකි බවය. ඒ සඳහා ආයෝජකයන් නිරන්තර විමසිල්ලෙන් සිටිය යුතු අතර, අවශ්‍ය තීරණ අවශ්‍ය අවස්ථාවේදී ගතයුතු බවද අපි පැහැදිලි කළෙමු. එසේ කිරීමේදී ඉහළ ගුණත්වයෙන් සපිරි සමාගම්වල මුදල් යෙදවිය හැකි නම් සමහර අවස්ථාවලදී කෙටි කාලීනව මිල උච්චාවචනය වුවත්, දිගුකාලීනව ඉහළ ප්‍රතිලාභ ලබාගත හැකි බවද ආයෝජක ඔබ තේරුම් ගැනීම වටී.

    - See more at: http://www.ada.lk/article/148846/
    avatar
    Rana
    Top contributor
    Top contributor


    Posts : 1786
    Join date : 2015-12-16

    කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට Empty Re: කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට

    Post by Rana Tue Mar 22, 2016 11:49 pm

    nice article ,Thank you mr.nihal.
    avatar
    sanjulanka


    Posts : 180
    Join date : 2015-10-29

    කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට Empty Re: කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට

    Post by sanjulanka Wed Mar 23, 2016 6:18 am

    Thanks Mr. Nihal I love you I love you I love you
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට Empty Re: කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට

    Post by yellow knife Wed Mar 23, 2016 8:04 am

    Thanx
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට Empty Re: කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට

    Post by nihal123 Tue Mar 29, 2016 6:44 am

    කොටස් වෙළෙඳ පොළ මිල දර්ශක ගැනයි මේ

    කොටස් වෙළෙඳ පොළක් ගැන සඳහන් කරන විට බොහෝ විට සඳහන් වන්නේ එහි ඇතිවන ඉහළ පහළ යෑම් ගැනය. සමස්තයක් වශයෙන් කොටස් වෙළෙඳ පොළක ඉහළ හෝ පහළ යෑම නිර්ණය කිරීමට යොදාගනු ලබන්නේ මිල දර්ශකයි. කොටස් වෙළෙඳ පොළක් ඉහළ ගොස් ඇතැයි පැවසූ විට ඉන් හැඟෙන්නේ කොටස් වෙළෙඳ පොළේ මිල දර්ශක ඉහළ ගොස් ඇති බවය. එමෙන්ම, කොටස් වෙළෙඳ පොළක් පහළ වැටී ඇතැයි සඳහන් වනවිට ඉන් පෙනෙන්නේ කොටස් වෙළෙඳ පොළේ මිල දර්ශකය පහළ ගොස් ඇති බවය.

    සමස්ත කොටස් මිල දර්ශකය සහ S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය

    කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ආයෝජකයන් මෙම මිල දර්ශක පිළිබඳව විමසිල්ලෙන් සිටී. කොළඹ කොටස් වෙළෙඳ පොළේදී නම්, භාවිත වන ප්‍රධාන මිල දර්ශක දෙකක් පවතී. එනම්, සමස්ත කොටස් මිල දර්ශකය සහ S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකයයි. ශ්‍රී ලංකාවේ මෙම මිල දර්ශක දෙක භාවිත වුවත්, එක් එක් රටවලට ආවේණික වූ මිල දර්ශක තිබේ. කොටස් වෙළෙඳ පොළක ආයෝජනය කරන ආයෝජකයෙකු දිනයක් අවසානයේදී බලන්නේ මෙම මිල දර්ශක ඉහළ ගොස් ඇතිද, එසේත් නැතිනම් පහළ ගොස් ඇතිද යන්නය.

    කොටස් වෙළෙඳ පොළේ හැසිරීම සාමාන්‍යයක් ලෙස පෙන්වන සමස්ත මිල දර්ශකය

    කොළඹ කොටස් වෙළෙඳ පොළේ සමස්ත සමාගම් සියල්ලෙහිම මිල ගණන්වල හැසිරීම බැලීමට යොදාගනු ලබන්නේ සමස්ත මිල දර්ශකයයි. සරලව පැවසුවහොත් සමස්ත මිල දර්ශකයෙන් පෙන්වනු ලබන්නේ සාමාන්‍යයක් වශයෙන් කොටස් වෙළෙඳ පොළේ ඇති සමාගම් සියල්ලෙහිම මිල ගණන්වල ඉහළ හෝ පහළ යෑමය. සාමාන්‍ය ව්‍යවහාරයේදී %කොටස් වෙළෙඳ පොළ ඉහළ නැගිලා^ යන අර්ථයෙන් පෙන්වනු ලබන්නේ කොටස් වෙළෙඳ පොළේ සමස්ත මිල දර්ශකය ඉහළ ගොස් ඇති බවය. ශ්‍රී ලංකාවේ දැනට ඇති සමාගම් සියල්ලෙහිම ඇති සාමාන්‍ය කොටස් මෙම මිල දර්ශකය ගණනය කිරීමට යොදාගනු ලබයි. ඒ අනුව, යම් දිනයක සමස්ත මිල දර්ශකය ඉහළ ගොස් ඇත්නම් ඉන් හැඟෙන්නේ සමස්තයක් වශයෙන් කොටස් වෙළෙඳ පොළේ ඉහළ නැගීමක් ඇති බවය. නමුත්, මින් කොටස් වෙළෙඳ පොළේ ඇති සමාගම් සියල්ලෙහිම මිල ගණන් ඉහළ ගොස් ඇතැයි අනුමාන කළ නොහැකිය. මින් පෙන්නුම් කරනු ලබන්නේ සාමාන්‍යයකි. දිනයක් තුළ සමස්ත මිල දර්ශකය ඉහළ ගොස් තිබුණත් සමහර සමාගම්වල මිල ගණන් ඉහළ ගොස්, තවත් සමහර සමාගම්වල මිල ගණන් පහළ ගොස් තිබිය හැකිය. නමුත්, සමාගම් සියල්ලම සැලකිල්ලට ගෙන බැලීමේදී පෙන්නුම් කරනු ලබන්නේ ඉහළ යාමකි. උදාහරණයක් වශයෙන් දිනයක් තුළ සමස්ත මිල දර්ශකය ඉහළ ගොස් තිබුණහොත්, සමාගම් 100ක මිල ගණන් ඉහළ යෑමක්ද, තවත් සමාගම් 50ක මිල ගණන් පහළ වැටීමක්ද, තවත් සමහර සමාගම්වල මිල ගණන්වල නොවෙනස්ව තිබීමක්ද තිබිය හැකිය. එනමුදු, මිල ඉහළ ගොස් ඇති සමාගම් 100 යේ ඉහළ යෑම අනුව මුළු සමස්ත මිල දර්ශකයම ඉහළ ගොස් තිබිය හැකිය. මෙහිදී, ආයෝජකයා වටහාගත යුත්තේ කොටස් වෙළෙඳ පොළේ සමස්ත මිල දර්ශකය ඉහළ ගොස් තිබූ පමණින් තමන් මිලදී ගෙන ඇති සමාගම්වල කොටස් මිල ගණන් ඉහළ ගොස් නොතිබිය හැකි බවය. එමෙන්ම, කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය පහළ වැටී තිබුණහොත් තමන් මිලදී ගෙන ඇති සමාගම්වල කොටස් මිල ගණන් සමහර අවස්ථාවලදී ඉහළ ගොස් තිබිය හැකිය. මෙම කාරණය තවත් සරලව පැවසුවහොත් සමස්ත මිල දර්ශකයෙන් පෙන්නුම් කරනු ලබන්නේ කොටස් වෙළෙඳ පොළේ හැසිරීම සාමාන්‍යයක් ලෙසය. මෙහිදී, ආයෝජකයා සමස්ත මිල දර්ශකය භාවිත කරනු ලබන්නේ කොටස් වෙළෙඳ පොළේ හැසිරීම පිළිබඳව අවබෝධයක් ලබාගැනීමටය. එය ගමන් කරනා දිශාව පිළිබඳව අවබෝධයක් ලබාගැනීමටය. එසේ නොමැතිව, තමන් සතුව අති කොටස්වල මිල ගණන් ඉහළ හෝ පහළ යෑම බලා ගැනීමට නොවේ. කලින් සඳහන් කළ ආකාරයට කොටස් වෙළෙඳ පොළේ සමස්ත මිල දර්ශකය පහළ වැටී තිබුණත්, ආයෝජකයා මිලදී ගෙන ඇති සමාගම්වල කොටස් මිල ගණන් ඉහළ ගොස් තිබිය හැකිය.

    කාර්ය සාධනයෙන් ඉහළ සමාගම් 20ක හැසිරීම පෙන්වන S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය

    කොටස් වෙළෙඳ පොළේ භාවිත වන අනෙකුත් මිල දර්ශකය නම් S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකයයි. මෙම දර්ශකය ගණනය කිරීමේදී කොටස් වෙළෙඳ පොළේ ඇති සමාගම් සියල්ලම යොදා නොගන්නා අතර, ඒ සඳහා යොදාගනු ලබන්නේ තෝරාගත් සමාගම් 20 කි. මෙම සමාගම් 20 තෝරා ගැනීමේදී ඒ ඒ සමාගම්වල විශාලත්වය (එසේත් නැත්නම් වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය), ද්‍රවශීලතාවය (ගනුදෙනු සිදුවීමේ වේගය) සහ ලාභදායීත්වය යනාදී කරුණු සැලකිල්ලට ගනු ලැබේ. මේ අනුව, කොටස් වෙළෙඳ පොළේ ඇති සමාගම්වලින් විශාලත්වය වැඩි, ද්‍රවශීලතාවය වැඩි සහ ලාභදායීත්වය ඇති සමාගම් 20 ක් මෙම දර්ශකය ගණනය කිරීමේදී යොදාගනු ලබයි. තවත් සරලව පැවසුවහොත් S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකයට ඇතුළත් වන්නේ කොටස් වෙළෙඳ පොළේ ඇති කාර්යසාධනය අතින් ඉහළම සමාගම් 20කි.

    සමස්ත මිල දර්ශකය සහ S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශක දෙක අතර ප්‍රධාන වෙනස්කම්

    සමස්ත මිල දර්ශකයෙන් පෙන්නුම් කරනු ලබන්නේ කොටස් වෙළෙඳ පොළේ ඇති සමාගම් සියල්ලෙහිම ඇති මිල ගණන්වල හැසිරීම සාමාන්‍යයක් ලෙසය.
    S&P ශ්‍රී ලංකා 20 දර්ශකයෙන් සමාගම් සියල්ලම නොපෙන්වන අතර, ඉන් පෙන්වනු ලබන්නේ තෝරාගත් සමාගම් 20 ක් පමණි.
    සමස්ත මිල දර්ශකය ගණනය කිරීමේදී කොටස් වෙළෙඳ පොළේ ඇති සමාගම් සියල්ලෙහිම සාමාන්‍ය කොටස් යොදාගනු ලබයි. ඒ සඳහා යොදාගනු ලබන්නේ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස්ය. ඡන්ද බලය රහිත සාමාන්‍ය කොටස්, වර්ණීය කොටස් සහ ණයකර මේ සඳහා යොදාගනු නොලැබේ.
    S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකයට සමාගමක් ඇතුළත් කිරීමේදී සමාගමක ඇති විශාලත්වය, ද්‍රවශීලතාවය සහ ලාභදායීත්වය සලකා බලනු ලබයි.
    සමස්ත මිල දර්ශකය ගණනය කිරීමේදී සමාගමේ ලාභදායීත්වය මත දර්ශකය ගණනය කිරීමක් සිදු නොවේ. S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකයේ ඇතුළත්ව ඇත්තේ ලාභ ලබන සමාගම් පමණි. එහෙත් සමස්ත මිල දර්ශකයට ලාභ අලාභ ලබන සියලුම සමාගම් ඇතුළත් වේ.
    මිල දර්ශක ගමන් කරන දිශාව තේරුම් ගැනීම

    මෙහිදී ආයෝජකයන් තේරුම්ගත යුතුව ඇත්තේ සමහර අවස්ථාවලදී මෙම මිල දර්ශක දෙකම එක් දිශාවකට ගමන් කර අතර, තවත් සමහර අවස්ථාවලදී මෙම මිල දර්ශක දෙක දිශාවන් දෙකකට ගමන් කරන බවය. උදාහරණයක් වශයෙන් සමහර අවස්ථාවලදී සමස්ත මිල දර්ශකය පහළ ගොස් S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඉහළ ගොස් තිබිය හැකිය. මෙයින් අදහස් වන්නේ S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකයේ ඇති සමාගම් 20 හි මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවය. එනමුදු, එම සමාගම්වල මිල ගණන්වල ඉහළ යාමට සාපේක්ෂව සමස්ත මිල දර්ශකයේ ඇති අනෙකුත් සමාගම්වල මිල ගණන් ඉහළ ගොස් නොමැති බවය. සමස්ත මිල දර්ශකය පහළ ගොස් S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඉහළ ගොස් තිබුණහොත් එහිදීද ආයෝජකයන් කලබල විය යුතු නැත. මක්නිසාද යත්, කාර්ය සාධනය අතින් ඉහළ සමාගම්වල මිල ගණන් ඉහළ යමින් පවතින බැවිනි. එය කොටස් වෙළෙඳ පොළේ ඉදිරි පැවැත්මට හිතකරය. එහෙත් යම් ආකාරයකින් සමස්ත මිල දර්ශකය ඉහළ ගොස් S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය සැලකිය යුතු ලෙස පහළ වැටී තිබේ නම්, එහිදී, ආයෝජකයන් සැලකිලිමත් විය යුතුය. ඉන් පෙන්වනු ලබන්නේ කාර්යසාධනය අතින් ඉහළ සමාගම්වල මිල ගණන් පහළ වැටෙමින් තිබෙන බවය. එයට සාපේක්ෂව අනෙකුත් සමාගම්වල මිල ගණන් ඉහළ යමින් තිබෙන බවය. මෙම අනෙකුත් සමාගම්වලට කාර්යසාධනය අතින් ඉතා අඩු සමාගම්ද ඇතුළත් විය හැකිය.

    මිල දර්ශකවලින් තමන් මිලදී ගත් කොටස් පිළිබඳ උපකල්පනවල නොයෙදීම

    අප මෙම ලිපියෙන් ආයෝජක ඔබ වෙත පහදා දීමට උත්සාහ කරනු ලැබුවේ මිල දර්ශක හැසිරෙන ආකාරය තේරුම් ගන්නා ආකාරයයි. මිල දර්ශක ඉහළ හෝ පහළ යාමෙන් තමන් මිලදී ගෙන ඇති කොටස්වල මිල ගණන් ඉහළ හෝ පහළ ගොස් ඇතැයි උපකල්පනය කළ නොහැකිය. සමස්ත මිල දර්ශකයෙන් පෙන්වනු ලබන්නේ කොටස් වෙළෙඳ පොළෙහි ඇති සමාගම් සියල්ලෙහිම ඉහළ හෝ පහළ යෑම සමස්තයක් වශයෙනි. එහෙත් S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකයෙන් පෙන්වනු ලබන්නේ තෝරාගත් සමාගම් 20 ක මිල ගණන්වල හැසිරීමය. එයින් කොටස් වෙළෙඳ පොළේ මුළු හැසිරීම පිළිබඳව පින්තූරයක් ලබාගත නොහැකිය.

    - See more at: http://www.ada.lk/article/150500/
    CK
    CK
    Active Member
    Active Member


    Posts : 1393
    Join date : 2015-11-01

    කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට Empty Re: කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන ඔබට

    Post by CK Tue Mar 29, 2016 9:04 am

    thank you nihal Very Happy

      Current date/time is Sun Sep 01, 2024 8:14 am