- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම නැවතත් සහකරුවෙකු සොයයි
(www.randora.lk-21/07/2015)-ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගම, නව ප්‍රාග්ධන ආයෝජක අවස්ථා සඳහා සුදුසු ආයෝජකයෙකු සොයමින් සිටින බව එහි ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු රන්දොරට පවසා සිටියේය.
මේ අනුව එහි අයිතියෙන් අඩක් හෝ ඊට වැඩි ප්‍රමානයක් නව ආයෝජකයාට ලබා දිමට කටයුතු කරන බවත් ඉදිරියේදි මෙහි නම වෙනස් කිරිමටත් කටයුතු කරන බවත් ඔහු පවසා සිටියේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ කලින් පාලනාධිකාරියේ මුදල් සමාගම් ඒකාබද්ධ කිරිමේ ක්‍රියාමාර්ගයන් අනුව යමින් දැන් සර්වෝදය ව්‍යාපාරයට අයත් සර්වෝදය මුදල් සමාගම නමින් හැදින්වෙන කලින් දේශෝධය මුදල් සමාගම නමින් හැදින්වු මෙම සමාගම විසින් ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගමේ සියයට 75 කට අධික අයිතියක් පසුගිය වසරේ අඟ භාගයේ මිලදි ගත්තේ රුපියල් මිලියන 400 ක පමණ මුදලක් ආයෝජනය කරමිණි.
විවිධ කොටස් වෙළෙඳ පොල ආන්තික ණය අර්බුද මැද අධික කල් පසු වු ණය ප්‍රතිශතයකට හිමිකම් පෑ මෙම සමාගමේ මුදල් ආයෝජනය කිරිමට දේශෝධය මුදල් සමාගම ගත් පියවර මුදල් වෙළෙඳ පොල විශ්ලේෂකයින්ගේ දැඩ් කතා බහකට එවකට ලක් වු කරුණක් විය.
සර්වෝදය කළමනාකරණය යටතේ ජෝර්ජ්ස්ටුවර්ට්මුදල්සමාගම නව ජිවයක් ලබා තිබෙනවා.එම ජිවය තවදුරටත් ඉදිරියට ගෙන යාමට යි අප නව ආයෝජකයෙකු සොයන්නේ යැයි ඔහු පවසා සිටියේය.
රුපියල් බිලියන 1.3 ක වත්කම් පදනමක් ඇති මෙහි පොත් අගය රුපියල් 11.70 ක් වන අතර පසුගිය මාර්තු කාර්තුවේ මෙහි ශුද්ධ ලාභ සියයට 45 කින් බිද වැට් රුපියල් මිලියන 14.3 ක් විය.
DivasaFINANCE සහ 'Asia Commerce Limited' ලෙස හැදින්වු ජෝර්ජ්ස්ටුවර්ට්මුදල්සමාගම කලින් දිලිත් ජයවිර,තුෂාන් වික්‍රමසිංහ හවුලේ තිබිණි.