- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ගූගල් වෙතින් ප්‍රොජෙක්ට් ෆයි
Written by Randora LK Editorial Board Published in Lead Story Thursday, 23 April 2015 17:36
ගූගල් වෙතින් ප්‍රොජෙක්ට් ෆයි
නොදන්නා දෙයක් හොයන්නට දන්නා කෙනෙක් සොයා ගිය එහෙමත් නැත්නම් පුස්තකාලයක් වෙත ගිය කාලය අවසන් වී, ඒ සඳහා අතැති මොබයිල් දුරකතනයෙන් ගූගල් සහාය පැතීම සිරිතක් බවට දැන් පත් වී ඇත. එහෙත් ගූගල් වලින් සහාය ගන්නට නම් අන්තර්ජාලයට සම්බන්ධවීමට හැකියාව තිබිය යුතුයි.
ගූගල් වෙතින් පාරිභෝගිකයන්ට ලැබෙන නවතම වාසිය ප්‍රොජෙක්ට් ෆයි නමින් හැඳින්වේ.එය ප්‍රධාන වශයෙන් මොබයිල් වර්චුවල් නෙට්වර්ක් ඔපරේටර් (MVNO) නමින් ලැබෙන්නා වූ වයර්ලස් සන්නිවේදන සේවාවක් සැපයීමේ ආධාරකයකි.
ගෙදර සිට කඩේටත් එතැනින් කාර්යාලයටත් අනතුරැව හිත මිතුරන් හමුවන්නට යන අයෙකුට මග දිගට නොනැවතී ලැබෙන වැඩිම අධිවේගී අන්තර්ජාල පහසුකම සපයන්නට ගන්නා උත්සාහයකි මෙය. එහි දී විශේෂය තමන්ට අන්තර්ජාල පහසුකම් සපයන කොම්පැණියෙන් පමණක් නොව වෙනත් කොම්පැණියකින් ද සේවය ලබාගැනීමට හැකියාව ලැබීමයි. දැනට ප්‍රොජෙක්ට් ෆයි සඳහා අන්තර්ජාල පහසුකම් සපයන කොම්පැණි දෙක ස්ප්‍රින්ට් සහ ටී-මොබයිල් වෙති. එයින් එකක් තෝරාගැනීමට සිද්ධ නොවීම විශේෂයකි.
දැනට මේ හැකියාව විමසා බලන්නට නම් මෙතැනින් ගොස් ආරාධනයක් ඉල්ලා සිටිය යුතුයි. එසේම එයට හැකියාව දැනට නිර්මාණය කර ඇත්තේ Nexus 6 මොබයිල් දුරකතනයෙන් භාවිතයට පමණි.
එහෙත් මේ හැකියාව වර්ධනය කරන ප්‍රොජෙක්ට් ෆයි හි අරමුණ ඕනෑම අන්තර්ජාල පහසුකම් සපයන කොම්පැණියක් සමඟ, මොබයිල් දුරකතන හදන කොම්පැණි සමඟ එකතු වී යන යන තැන වැඩිම වේගයකින් වැඩ කරන අන්තර්ජාල පහසුකම ලබාගැනීමට සමත් වූ මොබයිල් දුරකතනයක් පාරිභෝගිකයා අතට ලබා දීමයි.
දැනට ඔවුන් මාසයකට සේවාව සැපයීම සඳහා ඩොලර් විස්සක් අය කරති. එයින් දේශීය වශයෙන් අසීමිත කතාබහට සහ කෙටි පණිවුඩ වලටත්, ජාත්‍යන්තර වශයෙන් අසීමිත කෙටි පණිවුඩ යැවීමටත්, මේ වැඩිම වේගයකින් වැඩ කරන WiFi සොයා සම්බන්ධ කර දීමත්, රටවල් 100 කට පමණ අඩු මිලට කතා කරන්නට හැකි පහසුකමත් සපයයි. ඊට අමතරව මාසයකට data සඳහා අඩුම වශයෙන් 1GB සමඟ ඩොලර් 10 ක් 1GB බැගින් ගෙවන්නට පාරිභෝගිකයාට සිද්ධ වේ. පාවිච්චි කරන data සඳහා පමණක් ගෙවීම කරන අතර ඉතිරිය ඊ ළඟ බිල්පතට ක්‍රෙඩිට් වෙයි.
වර්තමානයේ දී අමතර ගාස්තුවක් නොගෙවා WiFi සපයන කඩයකට ගොඩවෙද්දී මගේ අයිෆෝනය මා වෙතින් විමසන්නේ එම WiFi හා සම්බන්ධ වෙන්නට කැමති දැයි කියායි. මම කළින් භාවිතා කර ඇති, පාස්වර්ඩ් එකතු කර ඇති, WiFi සේවාවන් සමඟ ඉබේම එකතු වී සේවය සැපයීම දැනටමත් අයිෆෝනයෙන් සිද්ධ වෙන්නකි. එහෙත් එයින් වැඩිම වේගයක් සපයන සේවය නිතැතින්ම සහ නොනැවතීම ලැබෙන්නේ නැත.
නුදුරු අනාගතයේ දී ලෝකයේ කොහේ ගියත් වැඩියෙන්ම වේගයකින් සැපයෙන අන්තර්ජාල පහසුකම් සමඟ ඍජුවම සම්බන්ධ වීමට නොනැවතී ලැබෙන සේවය භාවිතයට ඕනෑම කෙනෙකුට හැකියාව ලැබෙනු ඇත. අන්තර්ජාල පහසුකම් සපයන කොම්පැණි වලට තම සේවය වෙනත් ඕනෑම මොබයිල් පහසුකම් භාවිතා කරන පාරිභෝගිකයෙකුට මේ මාර්ගයෙන් විකුණන්නටත් හැකියාව ලැබෙනු ඇත.
භාවිතා කරන දේවල් වලට පමණක්, භාවිතා කරන ප්‍රමාණයට පමණක් අනුව වැය දැරීමේ හැකියාවක් ලැබීමෙන් ස්වභාවික සහ මිනිස් ශ්‍රමය යන සම්පත් දෙකෙහිම නාස්තිය අවම වේ.
ඇමෙරිකාවේ ආණ්ඩුවේ අය ද ලංකාවේ ආණ්ඩුවේ අය මෙන්ම කොංග්‍රසයේ හා ප්‍රාන්ත, නගර ආණ්ඩු සභා ගර්භයන් දී මහජනතාවගේ යහපත වෙනුවෙන් කියමින් මහජන මුදල් නාස්තියේ යෙදෙති. එහෙත් මෙහි වෙනස පාරිභෝගිකයාට අනගි සේවයක් අඩු මිලට සපයන නවෝත්පාදනයක් ගෙනෙන්නට දිවා රෑ වෙහෙසෙන ගූගල් වැනි කොම්පැණි තිබීමයි.
ආණ්ඩු වලිනුත් සැපයෙන සේවාවන්හි භාවිතා කරන කොටස් වලට පමණක් ගෙවත හැකි අනෙකුත් ප්‍රතික්ෂේප කරන කොටස් හි වැය දැරීමත් ප්‍රතික්ෂේප කරත හැකි යුගයක් උදාවේවි ද?!!!!
අරුණි ශපිරෝ විසිනි