The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

4 posters

    මහ රහතුන් වැඩිමග ඔස්සේ......................

    kass
    kass
    Top contributor
    Top contributor


    Posts : 470
    Join date : 2014-02-27

    මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... Empty මහ රහතුන් වැඩිමග ඔස්සේ......................

    Post by kass Sat Mar 21, 2015 12:27 am

    අපේ forum එකේ බුදු දහම ගැන සැහෙන දන්නා අය සහ සැහෙන උනන්දු වෙන අය ඉන්න බව අපේ shashimal මහතාගේ  ත්රෙඩ්  එකට ලැබෙන ප්රතිචාර වලින් පැහැදිලි වෙනවා . මා  මෙහි පල කරන ලිපි මාලාව දිවයින  පුවත්පතින්  බොහොම  ජනප්රිය උන එකක්. Forum එකේ  බුදු දහම ගැන ගොඩක් කතා කලත් මෙවන් වටිනා ලිපි මාලාවක් බොහෝ අයට මග හැරී ඇති බව තේරුණ නිසා  මෙය පලකරමි . මෙම ත්රෙඩ් එක  අපේ shashimal මහතාගේ ත්රෙඩ් එක සමග ගැටීමකට පලකරන එකක් නොව නිවැරදි බුදු දහම ඔබට සමීප කිරීමට දරණ සුළු ප්‍රයත්නයක් පමණි.

    මේ සියලු ලිපි  ඉතා සරල බසින් බුදු දහමේ හරය වටා ලියවී ඇත. බෞද්ධ  නොවන කෙනෙකුට උවද පහසුවෙන් තේරුම් ගත හැක. එමෙන්ම  ගලායන රචනා ශෛලිය නිසා මනසට විඩාවක් ද නොමැත. මෙම ස්වාමින් වහන්සේ අරණ්‍ය ගතව සත්‍ය අවබෝධ කල කෙනෙක් යැයි මට සිතේ එහෙත් කෙදිනකවත් උන්වහන්සේ එසේ පවසා නොමැත. අඥාතව  පලකල මෙම ලිපි පෙළ ලැබූ  ඉමහත් ජනප්‍රිය තාව නිසා උන්වහන්සේ ප්‍රසිද්ධ සමාජයේ පසුගිය වසර පුරා ධර්ම දේශනා පැවැත්වූ සේක. පසුගිය වෙසක් මාසෙන් පසු යලි උන්වහන්සේ අරණ්‍ය වාසී දිවි පෙවතක් සදහා යලිත් පිවිස ඇත.

    මේ ඝෝර ලෝකයේ යථා ස්වභාවය බිඳකින් හෝ ඔබ වෙත අවබෝද කිරීමේ අරමුණින් තෝරාගත් ලිපි කිහිපයක් මෙසේ පලකරමි . පහත වෙබ් අඩවියේ උන් වහන්සේගේ භෝ ධර්ම දෙසනා අඩංගු වේ.  


    http://www.maharahathunwadimaga.com/

    ============================================================================================================

    "ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ. මන්ද, ඔබ සියල්ල අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසා."


                                                  ඔබත් ඔරලෝසු කටුවක්‌ද?

    ඔබ මොහොතක්‌ සිතන්න. අපි අවිද්‍යාව නිසා මොනතරම් වැරදි දෘෂ්ඨිවල ඉන්නවාද කියලා. ඔබට සිතෙන්නේම “දැන් ශාසනයෙන් වසර දෙදහස්‌ පන්සීයක්‌ ගෙවිලා අවසන්, දැන් ශාසනය අතුරුදන් වන යුගය, ධර්මය අවබෝධකර ගැනීමට මේ වකවානුවේ නොහැකියි. පිනක්‌ දහමක්‌ කරගෙන, පාරමී සම්පූර්ණ කර ගැනීමයි කළ යුත්තේ” කියලා.

    මේ සියලුම දෘෂ්ඨීන් අවිද්‍යාව නිසා ඇතිවන ඒවාය. සමාජය දෙස බැලීමේදී අපි දකින්නේ විකෘති ස්‌වභාවයන්ය. අනාගතයේදී ඇතිවන විකෘති ස්‌වභාවය ගැන කොසොල් රජතුමාගේ සිහින විස්‌තර කිරීමේදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මනාව පෙන්වා දී ඇත. වර්තමානයේ අපි කවි බණ, විරිදු බණ, කාලීන බණ, දෙපිට කැපෙන වචන යොදන බණ ආදිය අසන්නෙමු. අනාගතයේදී අපට සින්දුවෙන් බණ කියන ස්‌වභාවය දැකිය හැකිය. ස්‌වාමීන්වහන්සේ ධර්මාසනයේ සිට ධර්මගීතය ගායනා කරන විට ඒ අසළ සිටින සංගීත කණ්‌ඩායම එම ධර්ම ගීතයට සංගීතය සපයනු ඇත. මේවා ජනතාව අතර, විශේෂයෙන්ම තරුණ පරපුර අතර, ඉතා ජනප්‍රියභාවයට පත්වේ. ජනතාව, තරුණ පරපුර ධර්මයට යොමු කිරීම සඳහා පාලකයන් ද, මාධ්‍යය ද තව තවත් ධර්ම ගීත ප්‍රචලිත කරනු ඇත. මේවාට ඔබ කලබල විය යුතු නැත. මේවා ලෝකයේ ස්‌වභාවයන්ය. අපි කලබල වියයුත්තේ මෙසේ නොවුනහොත්ය.

    අපි කළ යුත්තේ ලෝකයේ මෙම ස්‌වභාවය හඳුනාගෙන ලෝකයෙන් මිදීයැමට වෙර දැරීමය. ලෝකයේ ස්‌වභාවය අපට වෙනස්‌ කළ නොහැකිය. ඔබ මේවාට ගැටුනහොත් ඔබ ගැටෙන්නේ ධර්මය සමඟය. ලෝක ස්‌වභාය සමඟය. අප කළ යුත්තේ ගැටීම නොව අවබෝධ කරගැනීමය. ඔබ අතීතයද, අනාගතයද අතහැරිය යුතුය. වර්තමානය තුළ පමණක්‌ ජීවත්විය යුතුය. නිවන් මඟ වඩන්නා යනු වර්තමානය තුළ ජීවත් වෙන්නාය. හෙටක්‌ ගැන බලාපොරොත්තුවක්‌, ඊයේ ගැන පසුතැවීමක්‌ ඔහුට නැත. වර්තමානය තුළද ඔහු දැකිය යුත්තේ මොහොතකින් අතීතයට යන, මොහොතකට පෙර අනාගතය වූයේ වර්තමානය බවයි. එසේනම් වර්තමානය ද මායාවකි, මුලාවකි. එය නිරතුරුවම වෙනස්‌ වෙයි. කාලය වෙනස්‌වීම අවබෝධයෙන් දකින්නා කාලසටහන්වලින් ඉවත්වේ. කාලසටහන් පාවිච්චි කළ හැක්‌කේ එකිනෙකට වෙනස්‌ විෂයන්ටය. එහෙත් විශ්වය තුළ ඇත්තේ එකම විෂයකි. එකම පාඩමකි. එය නම් අනිත්‍යයයි.

    ඔබ ජීවත්වන්නේ ද අනිත්‍යය තුළය. එහෙත් ඔබ එය නොදනී. අනිත්‍යභාවය නිසා ඇතිවන දුක නැති කරගැනීම සඳහා ඔබ වෙහෙසේ. ඔබ තුළ ඇති තරගකාරීත්වයද, වේගයද, අනිත්‍යභාවය නිසා ඇතිවන දුක අවසන් කරගැනීම සඳහා ඔබ ගන්නා ව්‍යයාමයේ ප්‍රතිඵලයකි. ජීවත්වීම යනුවෙන් ඔබ කරන්නේ ඔය කාර්යයයි. අබෞද්ධ පිංවතුන්ටද, සියලු සත්වයාටමද මෙය පොදුය. ඔබ සිනාසෙන්නේ සතුටට යෑයි ඔබට සිතෙනු ඇත. නැත. ඔබ සිනාසෙන්නේ දුක නැතිකර ගැනීම සඳහාය. ඔබ ආහාර ගන්නේ කය පිනවා ගැනීමට නොව කුසගිනි දුක නැතිකර ගැනීමය. ඔබ ඖෂධ ගන්නේ ශරීරය සතුටු කිරීමට නොව මරණයෙන් බේරීමටය. ඔබ ශරීරයේ සුවඳවිලවුන් තවරා ගන්නේ ශරීරයෙන් හමන දුගඳ දුරුකර ගැනීම ය. ඔබ හිසකෙස්‌ කළුකර ගන්නේද සුදු හිසකෙස්‌ නිසා ඇති වන දුක නැති කර ගැනීමටය. බලන්නකෝ “මම, මගේ” යෑයි ඔබ ගොඩගසාගෙන සිටින දුක්‌ කන්දක විශාලත්වය.

    හොඳයි ඔබ මෙහෙම සිතන්නකෝ. ඔබ පන්සලට ගිහින් බුදුන්වඳින්නේ අපායට, දුකට වැටෙයි කියලා බයට. එතැනදී ඔබ මොකද කරන්නේ. දිව්‍යලෝක, මනුෂ්‍ය ලෝක ප්‍රර්ථනා කරනවා. බලන්න ඔබ දුකේ සිටිමින් දුකම ප්‍රාර්ථනා කරනවා. මනුෂ්‍ය ලෝකයේ ජීවත්වෙමින් එම දුකම ප්‍රාර්ථනා කරනවා. අනිත්‍යභාවයට පත්වෙන දිව්‍යලෝක දුකම ප්‍රාර්ථනා කරනවා. පිංකම් කරලා දුකම ප්‍රාර්ථනා කරනවා. පෘතග්ජන සත්වයා අගමුල පැටළුණ නූල් බෝලයක්‌ වගේ යෑයි ලොව්තුරා බුදුසමිඳුන් දේශනා කළේ මේ නිසාය. හැබැයි ඔබ නිවීසැනසිල්ලේ වීර්යයෙන් සතියෙන් මේ නූල්බෝලයේ පැටළුම ලිහාගතහොත්, ඔබට එහි අගක්‌ මුලක්‌ මැදක්‌ හොඳට දකින්න පුළුවන්. ලෙහාගන්න පුළුවන්කම තිබීයදීමයි ඔබ මේ පැටලී සිටින්නේ. ඔබ මේ නූල්බොලයේ පැටලිල්ල ලිහාගතහොත් ඔබ නූල්බෝලය නැවත බදාගන්නේ නම් නැහැ. මොකද ඔබ අවබෝධයෙන් දන්නවා නූල්බෝලය පැටළුම් ස්‌වභාවයෙන් යුක්‌ත බව. මේ පැටළුම ලිහාගන්න ඔබට කාලය ප්‍රශ්නයක්‌ නැහැ. හැබැයි ඔබට නිහතමානීකම තිබෙන්න ඕනේ. නිවන් මඟ නිවීමේ ශබ්දකෝෂයේ “අ”යන්න නිහතමානී කමයි. නිහතමානීකම නොමැති කිසිවෙකුට නිවීමේ ප්‍රතිපදාවේ දශමයක්‌වත් ඉදිරියට යා නොහැකිය. භික්‍ෂුව ගිහි කාලයේදී කොතැනින්ද, කවුරුන්ගෙන්ද යමක්‌ ඉගෙනගැනීමට හැකි…. ඒ සැමදෙනාටම සවන්දුන්නේය. ජාතිය, ආගම, වයස, තරාතිරම, නොබැලූවේය. ගතයුත්ත ගත්තේය. අත්හලයුත්ත අත්හැරියේය.

    වරක්‌ භික්‍ෂුව ගිහිකාලයේදී ප්‍රධාන නගරයක ගමන්කරන විට යාචක මනුෂ්‍යයෙන් දැඩි වේදනාවකින් පෙළෙමින්, තම ගුදමාර්ගයෙන් ඉවතට පැමිණි අඟල් හයක්‌ පමණැති ශරීර අවයවයක්‌ ශරීරය තුළට ඔබනවා දුටුවේය. එය අර්ශස්‌ රෝගයේ දරුණු අවස්‌ථාවකි. මේ යාචක පිංවතාගෙන්ද භික්‍ෂුව නිවීමට අවශ්‍ය කලමනා සොයාගත්තේය. කුඩා දරුවෙක්‌ගෙන් ඔබට යමක්‌ ඉගෙනීමට හැකිනම් ඔබ එය ඉගෙනගත යුතුය. එය කළහැක්‌කේ නිහතමානීකම තිබුනොත්ය. නිවීමේ මඟ උදෙසා ඔබට මවුකුස පිළිසිඳ වැඩෙන කලල රූපය තුළින් ලැබිය හැකි අවබෝධය, මහා පඬිවරයෙක්‌ගෙන් ලැබිය නොහැකිය. මන්ද මහා පඬිවරයා පිළිබඳව ඔබට නිවැරදිව අවබෝධය ලබාගන්නට නම් ඔහුගේ කලල අවස්‌ථාවට, බිළිඳු අවස්‌ථාවට යායුතු හෙයිනි. මේ දැකගැනීමට ඔබ තුළ නිහතමානීකම තිබිය යුතුය.

    තමා ශිල්වත් බවත්, භාවනාවෙන් ඉහළ තත්ත්වයක සිටින බවත් සිතමින්, මහා සංඝරත්නයට නොවඳින පිංවතුන්ද සිටියි. ධර්මය දැනීමට නම් අවම වශයෙන් ඔහු තුළ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක්‌ තිබිය යුතුය. සමහරවිට ශීල, සමාධි, භාවනා මාන්නය නිසා මහා සංඝරත්නයට නොවඳින පිංවතුන් සිටින්නේ මිත්‍යාදෘෂ්ඨික භාවයේ වීමටද ඉඩ ඇත. මේවා නිහතමානී නොවීමේ ප්‍රතිඵලයයි. මහාසංඝරත්නයට නමස්‌කාර කිරීමට එම පිංවතුන්ට හිස නොනැමෙන්නේ ඒ පිංවතුන්ගේ හිස මාන්නයෙන් බරව ඇති නිසාය. අබුද්ධෝපත්ති කාලයේදීත් පසේබුදුවරු ලොව පහළවී ධර්මය අවබෝධ කරගෙන නිවන් දකිති. උන්වහන්සේලා මනුෂ්‍ය ලෝකයේ මව්කුසක උපත ලබා ගන්නේ සංසාරයේ පුරණ ලද පාරමී ශක්‌තිය අධ්‍යාත්මය තුළ දරාගෙනයි. සංසාරයේ පුරණ ලද අනිත්‍යසංඥාවේ ඉව උන්වහන්සේලාගේ අධ්‍යාත්මය තුළ සැඟවී තිබෙනවා. උන්වහන්සේලා තනිවම, හුදෙකලාවේ වනගතව ධර්මය අවබෝකර ගන්නවා. හැබැයි අවබෝධකරගත් ධර්මය පසේ බුදුවරු විසින් ජනතාවට දේශනා කරන්න යන්නේ නැහැ. ඒ උන්වහන්සේලාට දේශනා කිරීමේ ශක්‌තිය, අවබෝධය නැති නිසා නොවෙයි.

    ධර්මය අවබෝධය ලැබුවා කියන්නේ එහි ස්‌වභාවය දැක්‌කා කියන එකයි. ධර්මයේ ස්‌වභාවය දැක්‌කා නම් එය දේශනා කරන්න බැරිවෙන්න බැහැ. ඔබ පිටකොටුවට ගියානම් ඔබ දන්නවා බස්‌නැවතුම, දුම්රියපළ, බෝසමිඳුන් කොතැනද සිටින්නේ කියලා පිටකොටුවේ ස්‌වභාවය ගැන කියන්න. ඔබට එය කියන්නට බැරිනම් ඔබ නියත වශයෙන්ම පිටකොටුවට ගිහින් නැහැ. පසේබුදුවරු තමා අවබෝධකරගත් ධර්මය අනුනට දේශනා නොකරන්නේ ධර්මය අවබෝධයට තබා, ධර්මයට ගරුකිරීමටවත් විශමවූ, පාපකාරී, මිත්‍යාදෘෂ්ඨික අබුද්ධෝත්පාද කාලයකදී කෙනෙකු නොමැතිවීමයි. පසේබුදුවරු එවැනි කාලයකදී එවැනි මිනිස්‌ සමාජයකට ධර්මය දේශනා කිරීමට ගියහොත් එම සමාජය පසේබුදුහිමිට “පිස්‌සෙක්‌” යෑයි පරිභව කරනු ඇත. පහරදෙනු ඇත. මෙවැනි හේතූන් නිසා මිනිසා රැස්‌කරගන්නා අකුසල්වල ප්‍රමාණය උන්වහන්සේලා හොඳින්ම දනියි. ඒ නිසා පසේබුදුරජාණන් වහන්සේලා වනයේ හුදෙකලාවේ වැඩසිටිමින් පිරිනිවීයති. උන්වහන්සේලා මිනිසාට දේශනා කිරීමට නොයන්නේ ඔවුන් කෙරෙහි ඇති කරුණාව, මෛත්‍රිය නිසාමය. මෙවැනි විශම කාලවලදීත් පසේබුදුවරු ධර්මය අවබෝධ කරගන්නේ නම්, ධර්මය අවබෝධ කරගැනීමට කාලය ප්‍රශ්නයක්‌ නොවේ. ප්‍රශ්නය ඇත්තේ ධර්මය අවබෝධකර ගැනීමට ඔබ කාලයට භාරදීමයි. කාලය තුළ ඇත්තේද වෙනස්‌වීම, ගෙවීයාම පමණක්‌මය. අතීතයද, වර්තමානයද, අනාගතයද නිරතුරුවම වෙනස්‌වන, අනිත්‍යයට පත්වන ස්‌වභාවයන්ය. මෙතුවක්‌ කලක්‌ සංසාරයේදී කාලය විසින් ඔබව රවටා ඇත. ඔබව රැවටීමට කාලයට උදව් කළේ අවිද්‍යාවයි. නිත්‍යභාවයේ නැති අනාගතයකට, ධර්මාවබෝධය ලැබීම භාර කරන පෘතග්ජන සත්වයා දිය පිපාසයෙන් මිරිඟුව පසුපස දිවයන මුවෙක්‌ සේ නැති අනාගතයක්‌ පසුපස දිවයයි. ඔහු දිවයන වේගයෙන්ම ඔහු සොයන අනාගතයද අවිද්‍යාව විසින් ඉදිරියට දුවවනු ඇත. මේ අවිද්‍යාවෙන් ඔබ නොමිදුනොත් දිවීමත්, හතිදැමීමත්, දුකත් හැර ඔබට අනාගතයක්‌ හමුනොවනු ඇත. කල්ප ගණනක සිට අනාගතයට දිවයමින් හතිදමමින් මේ මොහොතේ ඔබ සිටින්නේද එම ස්‌වභාවයේමය. මේ මොහොතේද ඔබ නිවන්මඟ වැඩීම කල්දමා ඇත. සමහරු මෛත්‍රී බුදුසමිඳුන් දැක නිවන් දැකීම පිණිස කල්ප ගණනක්‌ අනාගතයට ගොස්‌ ඇත. නැති අනාගතයක්‌ ඉලක්‌ක කරමින්, ධර්මය අවබෝධකර ගැනීමට ඔබ ලැබූ මේ උතුම් අවස්‌ථාව අපතේ හැරීමකි ඔබ මේ කරමින් සිටින්නේ.

    අවබෝධය අතින් ඔබ මෙතැනැයි සිටින්නේ කියලා අධිතක්‌සේරුවකට එන්න එපා. මොකද ඔබ මෙතැනයි ඉන්නේ කියලා කියන්න ස්‌ථිර, වෙනස්‌ නොවන තැනක්‌ ලෝකයේ නැහැ. ඔබට, මම මෙතැන සිටිනවාය කියලා රැඳීසිටින්න බැහැ. ඔබට එහෙම සිතෙනවානම් ඔබ සිටින්නේ අන්තිමයාටයි. ඔබට ප්‍රථමයා වෙන්න නම්, ඔබට දැනෙන්න ඕනේ ඔබ සිටින්නේ අනිත්‍යය තුළයි කියලා. ස්‌ථිර තැනක්‌ නැති ලෝකයේ ඔබ කළ යුත්තේ ස්‌ථිර තැන් සෙවීමට නොව අස්‌ථිර ලෝකයෙන් මිදීයැමය. කාලය තුළ අතීත, අනාගත වර්තමාන වශයෙන් ස්‌ථිර යමක්‌ නොමැත. කාලය යනු අනිත්‍යයයි.

    එනිසා කාලය, වේලාව ඔබ අත්හරින්න. එවිට අතීත, අනාගත, වර්තමාන තුන් කාලයම ඔබට අතහැරේවි. ඔබට එසේ දකින්නට බැරිනම් ඔබ සිතන්න, සංසාර ගමන්මගේ ඔබ ගතකරන මේ මොහොත හොඳම කාලය බව. ධර්මය අවබෝධකරගැනීම පිණිස මෙවැනි කාලයක්‌ තව කල්ප ගණනාවකට ඔබට නොලැබේවි. ඉක්‌මනින් හිතන්න. වර්තමානය අතීතයට යනවා. අනාගතය වර්තමානය වෙනවා. ඔබ නැති අනාගතයක්‌ දකිමින් දුක සමඟ පෙරටම යනවා. අනාගතය, අනාගතය…. කියලා මාරයා ඔබට ලොකු කැරට්‌ අලයක්‌ දික්‌කරනවා. දුක සැපක්‌ කරගත්ත, සැප බලාපොරොත්තුවක්‌ කරගත්ත අපි මේ යන්නේ නැති අනාගතයක්‌ සොයාගෙන.
    [/justify]
    kass
    kass
    Top contributor
    Top contributor


    Posts : 470
    Join date : 2014-02-27

    මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... Empty Re: මහ රහතුන් වැඩිමග ඔස්සේ......................

    Post by kass Sat Mar 21, 2015 12:31 am

    ආශාවේ වියරුව – කැමැත්තේ මරලතෝනිය

    මනුෂ්‍ය ලෝකයේ නිලතලවලට නිතර දේශන පැවැත්වීමට, සමිති – සමාගම්, දේශපාලන පදවි සඳහා තන්හාවෙන් ක්‍රියාකරන පිංවතුනට දැනගැනීම පිණිස ප්‍රේත ලෝකයේ රැස්‌වීමක ස්‌වභාවය සටහන් කරමි.

    මෙම රැස්‌වීමට ප්‍රේතයෝ සියයකට වැඩි සංඛ්‍යාවක්‌ සහභාගි වූහ. මේ අතර සිවුරු දරාගත්, හිස මුඩු කළ ප්‍රේත භික්‍ෂූන්ද විය. මේ සියලු දෙනාම තරුණ සහ මැදිවියේ ප්‍රේතයෝ සහ ප්‍රේත භික්‍ෂූන්ය. මනුෂ්‍ය ලෝකයේ අයුරින් භික්‍ෂූන් ඉදිරි පෙළ ආසනවල නොසිටියේය. ප්‍රේත භික්‍ෂූන් සිටියේ ප්‍රේතයන් සමඟ කලවමේ අසුන් ගෙනය. සමහර ප්‍රේත භික්‍ෂූන් පසුපසම පේලියේද අසුන්ගෙන සිටියේය. ප්‍රේත ලෝකයේ තෙරුවන් ගැන හැඟීමක්‌ නැති නිසා, ප්‍රේත ලෝකයේදී භික්‍ෂු ප්‍රේතයා ද සමාන්‍ය ප්‍රේතයෙක්‌මය.

    මේ අය එකට රැස්‌වී ප්‍රේත රැස්‌වීම පවත්වයි. මේ රැස්‌වීම එකම ගාලගෝට්‌ටියකි. හැමෝම නායකයන් වීමට, හැමෝම දේශන පැවැත්වීමට, තම මතය දිනවීමට උත්සාහ ගනී. අයෙකුට නිදහසේ කතා කිරීමට අනෙකා ඉඩ නොදේ. කිසිවකු තෘප්තියට පත් නොවේ. කිසිවකුත් සතුටට පත්නොවී, සැවොම දුක වේදනාව, බලාපොරොත්තු කඩවීම් උරුම කරගනිමින් රැස්‌වීම කඩාකප්පල් වේ. එකිනෙකාට බැණ වදිමින් විසිර යති.

    පෙර ආත්මවල අනුනට අවස්‌ථාව නොදී බලකාමයෙන් නිලතල දැරූ, නිලතලවලට ලෝභ කළ ගිහි පැවිදි පිංවතුන් කරගන්නා ලද කර්ම වල විපාකයන් විඳගන්නා අයුරු අපූරුයි නේද? මෙම කර්මය විඳින ප්‍රේතයන් තම ප්‍රේත ජීවිතය පුරාවට කරන්නේ රැස්‌වීම් තැබීම සහ රැස්‌වීම් කඩාපල්වීම නිසා දුකට පත්වීමය. පෙර අකුසල් ශක්‌තිය නිසා මේ අයට කිසිදාක ප්‍රේත රැස්‌වීම් සාර්ථක කර ගත නොහැක. රැස්‌වීම් කඩාකප්පල් වූ විට ප්‍රේතයන් එකිනෙකාට වෛරයෙන්, ක්‍රෝධයෙන් බැණ වදිමින්, ඇනකොටා ගනිමින්, දත්මිටිකමින් සීසීකඩව විසිර යයි. තමන් නායකයා වීමට ඇති ආශාව නිසාම ප්‍රේත ලෝකයේදී ද මේ අය මහා අකුසල් රැස්‌කරගෙන තව තවත් දුකට ඇදී යයි. ප්‍රේත ලෝකයේ ගත කරන සෑම නිමේෂයකදීම ඔවුන් රැස්‌කරන්නේ අකුසලයකි. එහෙයින් ඔවුනට සසර කල්ප ගණනාවකින් සුගතියක උපත ලැබීමට නොහැකිය.

    ඔබ ගත කරන ඔය වටිනා මනුෂ්‍ය ජීවිතය ඔබගේ අදක්‍ෂභාවය නිසා සතර අපායට වැටුණොත් ඔබේ අනාගතයද අඳුරින් අඳුරටමය. ඔබ භුක්‌තිවිඳින මොන දෙයවත් තන්හාවෙන් තොරව භුක්‌ති විඳින්න. අනුන්ගේ අකමැත්තෙන් භුක්‌ති නොවිඳින්න. බලහත්කාරයෙන්, බොරුවෙන්, නැති ගුණ පෙන්වමින්, තමාට වඩා සුදුසු අය සිටියදී ඔබ එය අයිති කරගැනීමට නොයන්න. ඔබ අසීමිත තන්හාවෙන් මේවා අයිති කරගැනීමට ගියහොත් ප්‍රේත ලෝකයේ ප්‍රේත රැස්‌වීම් අංශයේ ඉපිද, නිතිපතා ඉහත ප්‍රේතයන් විඳින දුක විඳිය හැකිය. ප්‍රේත රැස්‌වීම් කඩාකප්පල් වී ගිය විට ප්‍රේතයන් හැසිරෙන්නේ හිස ගිනිගත් පුද්ගලයන්, වියරුවෙන් දඟලන්නා සේය. එය ඔවුනගේ තන්හාවේ ස්‌වභාවයයි. ආශාවේ වියරුවයි. කැමැත්තේ මරලතෝනියයි.

    ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ දේවල් මොනතරම් පැහැදිලිව දේශනා කර තිsබෙනවාද. මේ සියල්ල අත්දැකීමෙන් අත්දකිද්දී ලෝක ස්‌වභාවයන් පිළිබඳ ඥාන දර්ශනයන් පහළවන කොට ඔබටත් දැනේවි ඔබ සැබෑ බුදු පුතෙක්‌ය කියලා.
    kass
    kass
    Top contributor
    Top contributor


    Posts : 470
    Join date : 2014-02-27

    මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... Empty Re: මහ රහතුන් වැඩිමග ඔස්සේ......................

    Post by kass Sat Mar 21, 2015 12:50 am

    ප්‍රේත ලෝකයේ මනාලිය


    තරුණියකගේ ජීවිතයේ සුන්දරම බලාපොරොත්තුව මොකක්‌ද කියල ඇසුවොත් දෙවරක්‌ නොසිතාම ලැබෙන පිළිතුර තමයි විවාහය. තරුණියකගේ මනෝරාජ්‍යය තුළ හොඳ පවුල් පසුබිමක්‌, හොඳ මනාලයෙක්‌, ලොකු විවාහ උත්සවයක්‌, පෝරුව චාරිත්‍ර… මේවාට තිබෙන්නේ ලොකු කැමැත්තක්‌. මෙවැනි සුන්දර බලාපොරොත්තු, ජීවිතය සමඟ බැඳුන බලාපොරොත්තු, ජීවිතය ජීවත් කරපු බලාපොරොත්තු… විවාහය යනු ජීවිතයයි, ජීවිතය යනු විවාහයයි, විවාහය මගේ ආත්මයයි කියල තබාගෙන තිබෙන බලාපොරොත්තු බිඳුන විටදී, දෙදරා ගිය විටදී, අහිමිවී ගිය විටදී, තවකෙකු විසින් බිඳදැමූවිටදී අහිංසක යුවතියකගේ සිතේ ඇතිවෙන පීඩනය කොතෙක්‌ද? එම බලාපොරොත්තු අහිංසක යුවතියකගේ සිතේ ඇතිකොට එය විනාශකොට දැමූ විටදී, සුන්දරම සිහිනය මරාදැමූ විටදී, ඇය තුළ කුමන මනෝභාවයන් ඇතිවෙයිද? මෙවැනි මනෝභාවයන් තුළදී ඇය මිය ගියහොත්, දිවිනසාගතහොත්, මරාදැමුවහොත්, ඇයට පරලොවදී කුමක්‌ වෙයිද? ඔබ සිතනවාද ඇය තම ආත්මය කරගත්ත බලාපොරොත්තුව ඇයට අතහැරී සිත නිරුද්ධ වෙයි කියල. ඇය ගොඩනැගූ සිහින මාලිගා, එකතු කළ රන් රිදී ආභරණ, තැන්පත්කරගත් වැටුප් මුදල්, තෝරාගත් මඟුල් සාරි … මේ සියල්ල උදෙසා ඒවා අරමුණුකොටගත් තෘෂ්ණාව, උපාදානය ඇයට අතහැරී සිත නිරුද්ධ වෙයි කියලා. එය නොවන දෙයක්‌මයි. එහෙමනම් කුමක්‌ද සිද්ධවෙන්න පුළුවන්.

    භික්‌ෂුවක්‌ සමාධිය තුළ සිටින විට මෙවැනි දර්ශනයක්‌ දැකගත හැකිවිය. මෙය ප්‍රේත ලෝකයේ ප්‍රේතියකගේ දර්ශනයක්‌. හැසිරීමේ රටාවකි. ඇය කර්ම විපාක ගෙවන දර්ශනයකි. තමන් අල්ලාගත් උපාදානයේ බලවත් බව නිසා ඇය විඳිනා දුකේ ස්‌භාවයකි.

    ප්‍රේතිය වයස අවුරුදු විසි පහක පමණ තරුණියකි. ඇය සැරසී සිටියේ මගුල් දවසට මනාලියක්‌ පළඳින සුදු සාරියක්‌ සහිත මඟුල් ඇඳුමකිනි. ඇය ඉතාමත් කළු පැහැති, කිසිඳු ප්‍රසන්නභාවයක්‌ නොපෙනෙන, ගුප්ත මුහුණක්‌ සහිත මනාලියකි. මනාලියක්‌ සේ හැඳපැළඳගෙන ඇවිද්දත් ඇය ඇවිදින මළමිනියක්‌ වගේය. මළමිනියක මුහුණේ ස්‌වභාවය ඇයට තිබිණි. මනුෂ්‍ය ලෝකයේදී තරුණියක්‌ මියගියහම ඇයගේ සිරුර පෙට්‌ටියේ බහා තැන්පත් කරන්නේ ඇයව මනාලියක්‌ සේ හැඩගන්වාය. එහෙත් එම දේහය දින දෙකක්‌ පමණ ගතවන විට කළුපැහැ ගැන්වේ. ඉහත ප්‍රේත මනාලියගේ ස්‌වභාවයද එසේමය. ඇය මනාලියක්‌ සේ සැරසී මල් පොකුරක්‌ද අතැතිව පේ‍්‍රත ලෝකයේ ඇවිදින්නීය. නමුත් ප්‍රේතියගේ කය සියුම් ස්‌වභාවයෙන් යුක්‌ත නිසා ඔබගේ මස්‌ ඇසට නොපෙනෙයි. සාමාධිමත් සිතට ඇයගේ සියුම් කය දර්ශනය වෙයි. භික්‌ෂුවට ඇය දර්ශනය වන මොහොතේ ඇය සිටියේ මනුෂ්‍ය ලෝකයේ මඟුල් ගෙදරක ස්‌වභාවයේ ස්‌ථානයකය. සමහරවිට එය හෝටලයක උත්සව ශාලාවක්‌ වීමටද පුළුවන. එහෙත් එය ඉහළ ස්‌වභාවයේ මඟුල් උත්සවයකි. භික්‌ෂුවට හැඟී ගියේ ප්‍රේතිය තමාව කවුරුන් හෝ විවාහ කරගනී යෑයි විශ්වාසයෙන්, විවාහයට දැඩි කැමැත්තෙන් ඇවිදින බවයි. ප්‍රේත මනාලියට විවාහවීමට දැඩි වුවමනාවක්‌ තිබෙන බව පෙනිණිs. ඇය මඟුල් ශාලාවේ වාඩිවී සිටින අමුත්තන් අතර ඉඳගනිමින් ශාලාවේ ඇවිදිමින් සිටිනවා භික්‌ෂුවට දර්ශනය විය. ඇය හරිම අවාසනාවන්තියකි. මනුෂ්‍ය ලෝකයේදී තබාගත් විවාහය පිළිබඳ බලාපොරොත්තුව ප්‍රේත ලෝකයේදීද ඇයට අතහැරී නොමැත. භික්‌ෂුවට හඳුනාගැනීමට ලැබුණ මේ ප්‍රේත මනාලිය අර විවාහ උත්සවයට ඇවිත් සිටි පිරිමින් හා විවාහය බලාපොරොත්තු වන බවයි. මෙය ප්‍රේතියගේ උපාදානය පිළිබඳ අහිංසකත්වය කියාපාන දුක්‌මුසු අවස්‌ථාවකි. ප්‍රේත ලෝකයේ සිටියද උපාදානයේ බලවත් බව නිසා හෝ ඇයගේ කර්ම විපාකය නිසා ඇය විවාහයට බලාපොරොත්තු වන්නෙ මනුෂ්‍ය පුතෙක්‌ වීමටද පුළුවන. මෙම කර්ම විපාකය ඇයට ලැබුණේ සමහරවිට අනුන්ගේ විවාහයක්‌ කේලමක්‌ කියා, බොරු කියා, වංචාකොට කඩාකප්පල් කිරීම නිසාද විය හැකිය. එසේත් නොමැතිනම් තමාගේ විවාහ සිහිනය තවකෙක්‌ මරාදැමූ නිසාද විය හැකිය. කොටින්ම ඇයට මෙ විරූපී ස්‌වභාවය ලැබුණේ මැරෙන මොහොතේදී මෙන්ම ජීවත්ව සිsටියදී වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වැඩීම නිසා බව නම් සක්‌සුදක්‌ සේ පැහැදිලිය. තමා මියයන මොහොතේ තමාගේ විවාහය විනාශ කළ අය කෙරෙහි වෛරය ක්‍රෝධය ඇති කරගත් නිසා ඔහු කෙරෙහි වෛරයෙන් සියදිවි නසාගත් නිසා මියගිය පසු විරූපී ප්‍රේතියක්‌ වූවාද විය හැකියි.

    කෙසේ හෝ ඇය මනාලියක්‌ වීමේ සිහිනය දරාගෙන මඟුල් සාරියකින් හැට්‌ටයකින් සැරසීගෙන සුදෝ සුදු මල් කලඹක්‌ අතින් ගෙන ඇය තවමත් ප්‍රේත ලෝකයේ සරන්නීය. ප්‍රේත ලෝකයේ සරණ මේ ප්‍රේත මනාලිය සහකරුවෙක්‌ සොයන්නීsය. ඇය කළු පැහැතිය, උස අඩි 5′ 5″ පමණි, ආගම මිථ්‍යාදෘෂ්ඨිකය, ජාතිය ප්‍රේත ජාතියයි, කුළය සතර අපායයි. ඔබ කැමතිනම් ඇයට සහකරු වීමට ඇය කළා සේම අකුසල කර්ම සිදුකොට ප්‍රේත ලෝකයේදී ඇයව හමුවන්න. ඔබ ඇයට මඟුල් සාරි, මල්කලඹ සෙවිය යුතු නැත. මන්ද ඇය ඒවා හැඳපැළඳගෙනම ක්‍ෂණික විවාහයක්‌ බලාපොරොත්තුවෙන් ප්‍රේත ලෝකයේ සරන්නීය. මනුෂ්‍ය ලෝකයේ සිදු වූවාසේ නොව, විශ්වාසය අගේ කොට සලකමි. අවිද්‍යාවෙන් අන්ධ, කාමයෙන් බරිත මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයකු ඉහත යෝජනාවටද කැමති වුවහොත් භික්‌ෂුව පුදුම වන්නේ නැත. පුදුම වන්නේ මෙයට කිසිවකු කැමති නොවුණහොත්ය.

    දැන් ඔබට පැහැදිලිද මනමාලියෝ ඉන්නෙ මනුෂ්‍ය ලෝකයේ විතරක්‌ නොවේය කියලා? සුදු මඟුල් සාරියක්‌ හැට්‌ටයක්‌ ඇඳගෙන සුදු මල් කලඹක්‌ අතැතිව ප්‍රේත ලෝකයේ සරණ මේ මනාලිය මනුෂ්‍ය අපට කියන්නේ හොඳ පාඩමක්‌, දුර්ලභ පාඩමක්‌, ඇඟ කිළිපොලා යන පාඩමක්‌. මනුෂ්‍ය දියණියක්‌ මගුල් ඇඳුම අඳින්නේ ජීවිතයේදී එකම දවසයි. ඒත් ප්‍රේත ලෝකයේදී ඇය කල්ප ගණනක්‌ මඟුල් ඇඳුම ඇඟලාගෙනම ඇයගේ කර්ම විපාකය නිසා සහකරුවෙක්‌ නොමැතිව දුක්‌ විඳිනවා. මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍ය දුවෙක්‌, පුතෙක්‌ විවාහයක්‌ හරි නොගියොත් විවාහය ප්‍රමාද වුණොත් අවුරුදු හැටක්‌ ජීවත්වෙලා මැරිල යයි. ඒත් මේ ප්‍රේත මනාලියට තව කල්ප ගණනක්‌ මඟුල් ඇඳුම දරාගෙනම මනමාලයෙක්‌ සොයා යන්න සිද්ධ වේවි. එයාගේ කර්ම විපාකය නිසා එයාට කවදාකවත් මනමාලයෙක්‌ ලැබෙන්නෙ නැහැ. මේ හේතුවෙන් ඇය තුළ තව තව වැඩෙන්නේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, රාගය, කාමය ආදී දේය. මේවා දරුණු අකුසල් ධර්මයන්මයි. මෙන්න මේ අකුසල් නිසා ඇය තව තව විරූපීභාවයට පත්වෙමින් ගැටෙමින් අවසානයේ නිරයේ ගිනිදලු මතටම වැටෙනවා. බලන්නකො අනුන් කළ දෙයක්‌ නිසා වෛර කරලා , ක්‍රෝධ කරලා, ඊර්ෂ්‍යා කරල අනුන් නිසා ප්‍රේත ලෝකයේ දුක්‌ විඳිනා දියණිය. අනුන් බලාපොරොත්තු නැති කළා කියල අනුන් ඔබේ සිහින බිඳදැම්ම කියල ඔබ ඒ අයට වෛර කරන්න, ක්‍රෝධ කරන්න යන්න එපා. මොකද බලාපොරොත්තු ඔබට අයිති නැති නිසා. ඔබට අයිති නැති බලාපොරොත්තුවක්‌, ඔබේ වසඟයේ නොපවතින බලාපොරොත්තුවක්‌ ඔබේ කරගෙන ඔබ ඇයි දුක්‌ විඳින්නේ. බලාපොරොත්තු තමයි අපව ජීවත් කරවන්නේ. එක බලාපොරොත්තුවක්‌ බිඳ වැටෙනකොට තව බලාපොරොත්තුවක්‌ ඇතිවෙනවා. බලාපොරොත්තු තමයි ජීවිතය. අපි බලාපොරොත්තු පස්‌සේ දුවනවා, ඒවා අපේ කරගෙන. අපිට වැටහෙන්නේ නැහැ බලාපොරොත්තුව මිරිඟුවක්‌ කියලා. බලාපොරොත්තුව කියන මිරිඟුව පස්‌සේ දුවලා අර ප්‍රේත මනාලියට වෙලා තිබෙන අලකලංචිය ඔබ දැක්‌කා නේද?

    සති අන්ත පුවත්පත්වල සෑම භාෂාවකින්ම මංගල යෝජනා කී දාහක්‌ පළවෙනවද, සෑම භාෂාවකින්ම. මිනිස්‌සු වන්දනාවේ ගිහිල්ල, රැකියාවට ගිහිල්ල, දුම්රියේ, බස්‌රථයේ මොන තරම් බැඳීම් ඇතිකරගන්නවද. මේ බැඳීම් වල මොනතරම් වංචාසහගත දේවල් සැඟවිලා තිබෙනවාද. ප්‍රොaඩාවන්, මුළා කිරීම්, නොමඟ යෑවීම් තිබෙනවාද. තමාගේ කැමැත්ත උදෙසා, තමාගේ සැප උදෙසා, තමාගේ පැවැත්ම උදෙසා මිනිසා මේ නොමඟ යෑවීම් කරන්නේ හරිම කැමැත්තෙන්.

    මේ මගේම සහෝදරියක්‌, මේ මගේම සහෝදරයෙක්‌ කියන හැඟීම සමාජයට නැහැ. මේ හේතුව නිසාම සමාජය වෛරයෙන්, ක්‍රෝධයෙන් පිරිලා. කඳුළින් තෙමී ගිය විවාහ සහතිකය ගිනි අවුළුවාගෙන එම ගින්නෙන්ම තමුන් දැවී යන්නේ, මේ ක්‍රෝධය නිසාමයි. මඟු=ල් සාරිය බාල්කය මතට දමා, මඟුල් සාරියම ගෙලට තොණ්‌ඩුවක්‌ වී මියයන්නේ මේ වෛරය, ක්‍රෝධය නිසාමයි. ඔබ බුද්ධිමත් වන්න. ඔබේ සතුට උදෙසා තවකෙක්‌ වෛරයෙන් ක්‍රෝධයෙන් විනාශ නොකරන්න. අහිංසකයන්ගේ අහිංසකභාවය ඔබ ඔබේ අවිචාරවත් බවේ ගොදුරක්‌ කර නොගන්න. අහිංසක ඔබද මෙවැනි අවිචාරමත් අයෙකුගෙන් පීඩාවට පත්වුවද, ඔහු නිසා ඔබ වෛර ක්‍රෝධය ඇතිකර නොගන්න. ඔබ එක දුකක්‌ නිසා දුක්‌ ගොඩක උරුමක්‌කාරයෙක්‌, උරුමක්‌කාරියක්‌ නොවන්න. ඔබ තවම ප්‍රමාද නැහැ. ඔබට තවම වෙලාව තිබෙනවා නිවැරැදි වෙන්න. නිවැරැදි තැනට එන්න. එහෙත් අර ප්‍රේත ලෝකයේ ප්‍රේත මනමාලියට නම් දැන් ප්‍රමාදයි. ඇයට දැන් සරණක්‌ නැහැ. අහිංසකාවිය දුකෙන් දුකටම යනවා. ඇයට නිවැරැදි වෙන්න දැන් කිසිම අවස්‌ථාවක්‌ නැහැ. අනේ මේ අහිංසකාවිය මිය යන මොහොතේ සිතට ආපු වෛරය ක්‍රෝධය අනිත්‍යයයි කියලා දැකගත්තා නම්, මේ සිත මගේ නොවේය කියලා දැකගත්තානම්, එවැනි දැනීමක්‌ නොමැති වූ නිසා මැරෙන මොහොතේ සියලු සත්වයෝ සුවපත්වේවා, නිදුක්‌ වේවා, නිරෝගී වේවා කියලා හිතුවානම්… එසේත් නැතිනම් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයක්‌ සිහියට නගාගත්තා නම්, බුදු රුව සිහියට නගාගත්තා නම්, එසේත් නැතිනම් කසාවත් චීවරයක්‌ නගාගත් භික්‌ෂුවක්‌ මතකයට නගාගත්තා නම් දෙවියනේ ඔය ප්‍රේත දුකෙන් ඇය ගැලවිලා හිමිවන්නේ සුගතියක්‌මයි. බලන්නකෝ සතියයි සිහියයි ඇයට නොතිබුණ නිසා, ඇය සද්ධර්මය ශ්‍රවණය නොකළ නිසා, බුදු ගුණ නොවැඩූ නිසා, මෛත්‍රිය නොවැඩූ නිසා ඇයව සනසන්නට ආවේ වෛරයයි, ක්‍රෝධයයි, කැමැත්ත පිළිබඳ උපාදානයයි. යහපත අතහැරුණු කල අල්ලාගත්තේ අයහපතමයි.

    භික්‍ෂුව මේ සටහන ලියන මොහොතේ වැඩ සිටින්නේ කැලෑබද ආරණ්‍යයක. එම ආරණ්‍යයේ දන් පිරිසට දානය උයන්නට ලොකු ශාලාවක්‌ හදලා තිබෙනවා. අලුත් ශාලාවක්‌. සුදු තීන්ත ගාලා හරි වෙහෙස මහන්සි වෙලා දායකයෝ මෙය හදලා තිබෙන්නේ. සිමෙන්ති කොට්‌ටයක්‌ කැලය මැද්දෙන් කිලෝමීටර දෙකක්‌ පමණ ඔසවාගෙන ඇවිත් මේ අලුතින් හදපු ශාලාවේ සුදු බිත්ති සියල්ලේම දුරකථන අංක ලියලා. එම අංක යටින් පිරිමි ගැහැණු අයගේ නම ලියලා. මේ නම ධන තව නමක්‌ ලියලා, ගෙදර ලිපිනයත් ලියලා, වාහනයේ අංකයත් ලියලා, පිස්‌සන්කොටුවේ කාමරයකවත් මෙහෙම ලියලා නැතිව ඇති. මොනවද අපි මේ දාන උයන ශාලාවේ බිත්ති පුරා දකින්නේ. මනුෂ්‍යයාගේ කාමයේ ආශ්වාදය විඳින ස්‌වභාවය, මෙය විකෘතියක්‌. නිශ්චල නොවූ, තැන්පත් නොවූ, විසිරුණු සිතක කැඩපතක්‌. පිංවත් දරුවනේ ඔබලා තරුණ කාලයේදීම මේ මඟ එළිපෙහෙලි කරගන්නේ යහපතට නම් නොවේ, අයහපතටමයි. අඟුරු කැබලි වලින් සුදු බිත්තියේ ඔබ මේ තබන සටහන්, මේ ප්‍රවේශය අනාගතයේදී ඔබව බලාපොරොත්තු කඩවීම නිසා වෛරයෙන් ක්‍රෝධයෙන් පිරී ගිය සිතකින් ප්‍රේත ලෝකයට වැටුන ප්‍රේත මනාලියට අත්වූ දුක්‌ත ඉරණමටම පත්කරවනු ඇත. එහෙයින් ඔබ ප්‍රවේශම්වෙන්න. කාමය අනතුරු සහිතයි. කාම බලාපොරොත්තු බිඳ වැටෙන මොහොතේ ඒ හිස්‌තැන පුරවන්නේ වෛරය සහ ක්‍රෝධය විසින්මය. ඒවා කාමයේ ආදීනවයන්ය. කාමය උදෙසා ඔබේ බලාපොරොත්තු ඔබ අල්ලාගතත්ද, බිඳවැටුණද එහි ප්‍රතිඵලය ක්‍රෝධයයි. වෛරයයි. එහෙයින් ඔබ කළ යුත්තේ අවබෝධයෙන් අතහැරීමයි. ක්‍රමයෙන් ඒ අතහැරීම පුහුණුවීමයි. ජීවිතයට හුරුකරවීමයි. සතර අපායට නොවැටෙනවාය කියන විශ්වාසය ජීවිතයට පුරුදු කිරීමයි. වෛරයේ ක්‍රෝධයේ සිතුවිල්ල වෙනුවට මෛත්‍රී සිතිවිලි නිතර මෙනෙහි කිරීමයි. තම ප්‍රතිවාදියාගේ රුව වෙනුවට, තමා දුකට පත් කළ පුද්ගලයාගේ රුව වෙනුවට, ඔබ ලොව්තුරා බුදු සමිඳුන්ගේ රුව ගුණ සිහිකිරීමයි. ධර්ම රත්නයේ, සංඝරත්නයේ අනන්ත වූ ගුණ සිහිකිරීමයි. මෙනෙහි කිරීමයි. සතර අපායේ දුක වෙනුවට, සුගතියකට උපතක්‌ ලබාගැනීමට ඔබට ඔබ අනුකම්පා සහගත වීමයි. ඔබ මිස වෙන කවුරුන් ඔබට අනුකම්පා කරන්නද?
    SriLanBoy
    SriLanBoy


    Posts : 144
    Join date : 2014-09-23

    මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... Empty Re: මහ රහතුන් වැඩිමග ඔස්සේ......................

    Post by SriLanBoy Sat Mar 21, 2015 10:37 am

    http://www.maharahathunwadimaga.com/

    ඉතා ප්‍රයෝජනවත් වෙබ් අඩවියක්. kass ඔබට බොහෝම පින්. Smile
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... Empty Re: මහ රහතුන් වැඩිමග ඔස්සේ......................

    Post by chutiputha Sat Mar 21, 2015 10:49 am

    3 rep for 3 articles..thank u kass
    kass
    kass
    Top contributor
    Top contributor


    Posts : 470
    Join date : 2014-02-27

    මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... Empty Re: මහ රහතුන් වැඩිමග ඔස්සේ......................

    Post by kass Sat Mar 21, 2015 9:29 pm

    chutiputha wrote:3 rep for 3 articles..thank u kass

    Welcome mate you were one person in my mind when writing this. Read one or two articles per week and examine those in society and in your feelings/thinking
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... Empty Re: මහ රහතුන් වැඩිමග ඔස්සේ......................

    Post by chutiputha Sat Mar 21, 2015 9:59 pm

    Thank U Kass,U r doing great job.i think you got my point with regards of posting the articles.

    අප කරනා දේ හරිද වැරදිද වන්නේ සාපේක්ෂවය,කෙසේ නමුත් තමන්ගේ අනන්යත්වය,තමන්ගේ අභිමානය රදාපවතින්නේ තමන්ගේ ක්‍රියා පිළිවෙල සහ ප්‍රතිපත්තිය අනුවය.

    අල්පේච්ච ජීවිතය තුල ජිවත් වෙන මිනිසාට ප්‍රශ්න අඩුය,ලොකු ලොකු බලාපොරොත්තු අඩුය,අප මේ හුස්ම ටිකෙන් තුරන් වෙන දවස අපි වත් නොදනී....

    ඔබට ජය.

    kass wrote:
    chutiputha wrote:3 rep for 3 articles..thank u kass

    Welcome mate you were one person in my mind when writing this. Read one or two articles per week and examine those in society and in your feelings/thinking
    kass
    kass
    Top contributor
    Top contributor


    Posts : 470
    Join date : 2014-02-27

    මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... Empty Re: මහ රහතුන් වැඩිමග ඔස්සේ......................

    Post by kass Sat Mar 21, 2015 10:15 pm

    chutiputha wrote:Thank U Kass,U r doing great job.i think you got my point with regards of posting the articles.

    අප කරනා දේ හරිද වැරදිද වන්නේ සාපේක්ෂවය,කෙසේ නමුත් තමන්ගේ අනන්යත්වය,තමන්ගේ අභිමානය රදාපවතින්නේ තමන්ගේ ක්‍රියා පිළිවෙල සහ ප්‍රතිපත්තිය අනුවය.

    අල්පේච්ච ජීවිතය තුල ජිවත් වෙන මිනිසාට ප්‍රශ්න අඩුය,ලොකු ලොකු බලාපොරොත්තු අඩුය,අප මේ හුස්ම ටිකෙන් තුරන් වෙන දවස අපි වත් නොදනී....

    ඔබට ජය.

    kass wrote:
    chutiputha wrote:3 rep for 3 articles..thank u kass

    Welcome mate you were one person in my mind when writing this. Read one or two articles per week and examine those in society and in your feelings/thinking

    This whole world is a trap mate, the day we understand it 100% will set our selves free for ever. හරියට Matrix ෆිල්ම් එක Matrix system එක වාගේ. අපි දකින බොහෝ දේ මාරයාගේ නිර්මාණ බොහෝ අය මාරයාගේ ගෝලයෝ ඔබද මමද ඇතුලත්ව. මිනිසෙකුට තෝරාගත හැකි අපහසුම මාර්ගය තමයි නිර්වාන මාර්ගය මොකද එය මේ ලෝකේ නිර්මාතෘ මාරයා සමග කරන සටනක් වීම. ඒ සටනට මේ ලිපි වලින් විශාල ශක්තියක් ලැබේවි. සටන ජයගන්න දැන්ම බැරි උනත් නිරයට හෝ සතර අපායට නොවැටී ඉන්න මේ දැනුම රුකුලක් වේවි යන්න මගේ පැතුමයි
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... Empty Re: මහ රහතුන් වැඩිමග ඔස්සේ......................

    Post by chutiputha Sun Mar 22, 2015 7:03 am

    ඔබ කරන්නා වූ මහගු කර්තව්‍ය වෙනුවෙන් උණුසුම් සුභාසින්සන..
    ඔබ කිවා සේ "සටන ජයගන්න දැන්ම  බැරි   උනත් නිරයට හෝ සතර අපායට නොවැටී  ඉන්න මේ දැනුම රුකුලක් වේවි යන්න මගේ පැතුමයි ."
    කසුන් ඔබේ මේ අදහසට බොහෝ හිස නම ආචාර කරමි. + ඔබට්

    kass wrote:
    chutiputha wrote:Thank U Kass,U r doing great job.i think you got my point with regards of posting the articles.

    අප කරනා දේ හරිද වැරදිද වන්නේ සාපේක්ෂවය,කෙසේ නමුත් තමන්ගේ අනන්යත්වය,තමන්ගේ අභිමානය රදාපවතින්නේ තමන්ගේ ක්‍රියා පිළිවෙල සහ ප්‍රතිපත්තිය අනුවය.

    අල්පේච්ච ජීවිතය තුල ජිවත් වෙන මිනිසාට ප්‍රශ්න අඩුය,ලොකු ලොකු බලාපොරොත්තු අඩුය,අප මේ හුස්ම ටිකෙන් තුරන් වෙන දවස අපි වත් නොදනී....

    ඔබට ජය.

    kass wrote:
    chutiputha wrote:3 rep for 3 articles..thank u kass

    Welcome mate you were one person in my mind when writing this. Read one or two articles per week and examine those in society and in your feelings/thinking

    This whole world is a trap mate, the day we understand it 100% will set our selves free for ever. හරියට Matrix ෆිල්ම් එක Matrix system එක වාගේ. අපි දකින බොහෝ දේ මාරයාගේ නිර්මාණ බොහෝ අය මාරයාගේ ගෝලයෝ ඔබද මමද ඇතුලත්ව. මිනිසෙකුට තෝරාගත හැකි අපහසුම මාර්ගය තමයි නිර්වාන මාර්ගය මොකද එය මේ ලෝකේ නිර්මාතෘ මාරයා සමග කරන සටනක් වීම. ඒ සටනට මේ ලිපි  වලින් විශාල ශක්තියක් ලැබේවි. සටන ජයගන්න දැන්ම  බැරි   උනත් නිරයට හෝ සතර අපායට නොවැටී  ඉන්න මේ දැනුම රුකුලක් වේවි යන්න මගේ පැතුමයි  
    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... Empty Re: මහ රහතුන් වැඩිමග ඔස්සේ......................

    Post by slstock Sun Mar 22, 2015 6:12 pm

    It good that other things related to life are also coming to the forum to add value. I like people to be balanced in stocks, money, ethics, outlooks etc.




    General note from an admin perspective:

    As long as ones intention is not to promote , not put down other religions, not give superiority to one's, but to convey a good message , any discussion on any religion should be fine to post ( but remember it should not attack other religions or promote ones unjustifably)

    It nothing to do with this post.


    Last edited by slstock on Sun Mar 22, 2015 6:34 pm; edited 1 time in total


    _________________
    Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
    Please read : https://forum.lankaninvestor.com/t1548-important-warning-and-message
    ---------
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... Empty Re: මහ රහතුන් වැඩිමග ඔස්සේ......................

    Post by chutiputha Sun Mar 22, 2015 6:19 pm

    Agreed With U Sir,
    And Even im not keen on other religions,as far as we never ever put any comments on other religions.
    One thing to notified :- there are contradictions on some thero's arguments.then ppl get blind and follow them.Load Buddha's never asked to follow some one and asked to understand.

    slstock wrote:It good that other things related to life are also coming to the forum to add value.  I like people to be  balanced in stocks, money, ethics, outlooks etc.




    General  note from an admin perspective:

    As long as ones intention is not to promote  , not put down other religions, not give superiority to one's, but to convey a good message  ,  any discussion on a religion should be fine to post ( but remember it should not attack other religions or promote ones unjustifably)

    It nothing to do with this post.

     
    chutiputha
    chutiputha
    Top contributor
    Top contributor


    Posts : 1948
    Join date : 2014-11-09
    Age : 38
    Location : SL

    මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... Empty Re: මහ රහතුන් වැඩිමග ඔස්සේ......................

    Post by chutiputha Sun Mar 22, 2015 6:37 pm

    PPL(including me) dont know What is Buddhism.So Samahara Hamuduruwo Telling their view of.
    I dont know why Sanga Sabawa,Maha Nikaya is exits.and There is a Minister also.They Should handle the manipulation..
    What ever it is,it should be come up with One Concept ..No deviation inside the religion.other wise it's not good for the religion.
    kass
    kass
    Top contributor
    Top contributor


    Posts : 470
    Join date : 2014-02-27

    මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... Empty Re: මහ රහතුන් වැඩිමග ඔස්සේ......................

    Post by kass Sun Mar 22, 2015 8:31 pm

    chutiputha wrote:ඔබ කරන්නා වූ මහගු කර්තව්‍ය වෙනුවෙන් උණුසුම් සුභාසින්සන..
    ඔබ කිවා සේ "සටන ජයගන්න දැන්ම  බැරි   උනත් නිරයට හෝ සතර අපායට නොවැටී  ඉන්න මේ දැනුම රුකුලක් වේවි යන්න මගේ පැතුමයි ."
    කසුන් ඔබේ මේ අදහසට බොහෝ හිස නම ආචාර කරමි. + ඔබට්

    kass wrote:
    chutiputha wrote:Thank U Kass,U r doing great job.i think you got my point with regards of posting the articles.

    අප කරනා දේ හරිද වැරදිද වන්නේ සාපේක්ෂවය,කෙසේ නමුත් තමන්ගේ අනන්යත්වය,තමන්ගේ අභිමානය රදාපවතින්නේ තමන්ගේ ක්‍රියා පිළිවෙල සහ ප්‍රතිපත්තිය අනුවය.

    අල්පේච්ච ජීවිතය තුල ජිවත් වෙන මිනිසාට ප්‍රශ්න අඩුය,ලොකු ලොකු බලාපොරොත්තු අඩුය,අප මේ හුස්ම ටිකෙන් තුරන් වෙන දවස අපි වත් නොදනී....

    ඔබට ජය.

    kass wrote:
    chutiputha wrote:3 rep for 3 articles..thank u kass

    Welcome mate you were one person in my mind when writing this. Read one or two articles per week and examine those in society and in your feelings/thinking

    This whole world is a trap mate, the day we understand it 100% will set our selves free for ever. හරියට Matrix ෆිල්ම් එක Matrix system එක වාගේ. අපි දකින බොහෝ දේ මාරයාගේ නිර්මාණ බොහෝ අය මාරයාගේ ගෝලයෝ ඔබද මමද ඇතුලත්ව. මිනිසෙකුට තෝරාගත හැකි අපහසුම මාර්ගය තමයි නිර්වාන මාර්ගය මොකද එය මේ ලෝකේ නිර්මාතෘ මාරයා සමග කරන සටනක් වීම. ඒ සටනට මේ ලිපි  වලින් විශාල ශක්තියක් ලැබේවි. සටන ජයගන්න දැන්ම  බැරි   උනත් නිරයට හෝ සතර අපායට නොවැටී  ඉන්න මේ දැනුම රුකුලක් වේවි යන්න මගේ පැතුමයි  

    Thanks friend
    kass
    kass
    Top contributor
    Top contributor


    Posts : 470
    Join date : 2014-02-27

    මහ රහතුන් වැඩිමග ඔස්සේ...................... Empty Re: මහ රහතුන් වැඩිමග ඔස්සේ......................

    Post by kass Mon Mar 23, 2015 11:05 pm

    සංසාරයක්‌ පුරා වැරැදුණු තැන

    ශීල, සමාධි, ප්‍රඥා යනු නිවීම උදෙසා ඔබ යා යුතු මාර්ගයයි. මින් තොර ඔබට නිවීම උදෙසා මාර්ගයක්‌ නොමැත. මේ නිවීම උදෙසා මාර්ගය මිස, ඵලයක්‌ නම් නොවේ. මේ මාර්ගයේ ඔබ ගමන්කොට ඵල අවබෝධ කරගත යුතුය. එසේ නොවුණහොත් ඔබ තවත් සංචාරකයෙක්‌ පමණක්‌ වනු ඇත.



    දිව්‍ය, මනුෂ්‍ය, සතර අපායද ඔබේ සංචාරයේ නවාතැන් වනු ඇත. අතීතයෙ වැඩසිටි බුදුරජාණන් වහන්සේලාගේ ශාසන දස දහස්‌ ගණනකදී අප සංචාරකයන් සේ මේ ශීල, සමාධි, ප්‍රඥා මාර්ගයේ ගමන් කිරීම පමණක්‌ කළ නිසා වර්තමානයේදීද මනුෂ්‍ය ලෝකය නමැති නවාතැන්පළේ තාවකාලික නැවතුමක්‌ සකසාගෙන ඇත. ශීල, සමාධි, ප්‍රඥා මාර්ගය වඩමින් එහි ඵලයක්‌ අවබෝධ කරගැනීමට උත්සුක නොවීම තවමත් ලෝකය තුළ, දුක තුළ සංචාරය කිරීමට හේතුවයි.

    මෙසේ මාර්ගයේ ගමන් කළද ඵලයක්‌ අවබෝධ කරගැනීමට අපට නොහැකි වී ඇත්තේ අනුන්ගේ වරදින් නොව අපගේ වරදිනි. දිනපතා ශීලයන් සමාදන්ව ජීවත්වන, මසකට වරක්‌ අධිශීලයන් හී පිහිටා ජීවත්වන ලක්‍ෂ ගණනින් යුත් බෞද්ධ ජනතාව තමන් ශීල, සමාධි, ප්‍රඥා මාර්ගයේ ගමන් කරමින් මේ සංසාර භව ගමනින් එතෙරවීමට අප්‍රමාණ කැපවීම් කළ ද එහි ප්‍රතිඵල සාර්ථක බවක්‌ නොපෙනේ.

    කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් තොරව ධර්ම මාර්ගය වඩන සමහරු ‘මගේ ශීලය, මගේ සමාධිය’, යෑයි දෘෂ්ටිගත වේ. තවත් සමහරු ‘මා තුළ ශීලය සමාධිය ඇතැයි දෘෂ්ටිගත වේ. ශීලය, සමාධිය වැඩීම, ආරක්‍ෂාකර ගැනීම නිසා ලැබෙන ආනිශංස හේතුවෙන් ලෝකයාගෙන් තමනට ලාභසත්කාර, වැඳුම් – පිදුම්, සිව්පසය ලැබෙන විට ඒවාට ඇලීම හේතුවෙන් මුළාවට පත්වේ. මාන්නයෙන් අගතියට යයි. තමා තුළ ඇති ශීලය නිසා, සමාධිය නිසා ලෝකයා, දායකයා, බිරිඳ, ස්‌වාමියා, ඥාතියා තමන්ට ගරුකළ යුතුය, වන්දනා කළ යුතුයෑයි සිතයි. ශීලයද, සමාධියද වැඩිය යුත්තේ අල්ලා ගැනීමට, මගේ කරගැනීමට නොව අත්දකිමින්, අවබෝධය ලබමින් අතහැරීමටය. දෘෂ්ටිගත වීම යනු අල්ලා ගැනීමකි. නිරතුරුවම අනිත්‍යභාවයට පත්වන ලෝකය තුළ අල්ලා ගැනීමට කිසිවක්‌ නොමැති බව ධර්ම මාර්ගය වඩන්නා තේරුම්ගත යුතුය. සංසාරයක්‌ පුරාවට ශීලය උදෙසා මේ කය වැසූ සුදුරෙදි ප්‍රමාණය සේම සමාධිය උදෙසා යටපත් කරගත් සිතුවිලි ප්‍රමාණය මෙතෙකැයි කියා ගණනකින් කිව නොහැක්‌කකි. එවන් අතීතයක්‌ පසු කළ අපි මේ වටිනා ජීවිතයේදී ද තවත් සිල්රෙදි ප්‍රමාණයක්‌, යටපත් කරගත් සිතිවිලි ප්‍රමාණයක්‌ අතීතයට එකතුකොට ඒවායේ ආනුභාවයෙන් තවත් උපතක්‌ කරා ගියහොත් අවාසනාවකි.

    ඔබේ බලාපොරොත්තුව නැවතත් දිව්‍ය මනුෂ්‍ය ලෝකයේ ආශ්චර්යමත් උපතක්‌ නම් එවැනි ආශ්චර්යමත් උපතක්‌ ලැබ, මනුෂ්‍ය – දිව්‍ය ලෝකයකදී සද්ධර්මය අසා නිවන් අවබෝධ කරගැනීම නම් මේ ආශ්චර්යමත් සිතිවිල්ල මාරයා විසින් ඔබට එළනු ලබන රනින් රිදියෙන් ගෙත්තම් කළ පාවඩයක්‌ම විය යුතුය. මේවාට ඔබ වශීවනු ඇත. ජීවමාන ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩ නොසිටියද, හැම පන්සලකම, ආරණ්‍යයකම, ගෙදරකම, හැම හදවතකම දෙතිස්‌ මහා පුරුෂ ලක්‍ෂණයෙන් ශෝභාමත් වූ බුදුරුව නෙත ගැටෙද්දී, ධර්ම රත්නය නිරතුරුවම ශ්‍රවණය කිරීමට ලැබෙද්දී, මහා සංඝරත්නය ජීවමානව වැඩ සිටින විටදී, අප ශීල සමාධි ප්‍රඥා මාර්ගයේ ගමන් කර හුදු සංචාරකයෙක්‌ පමණක්‌ නොවී, එහි ඵලයන් අවබෝධ කරගැනීමට හැකිවුව හොත් එය අපගේ භාග්‍යයකි. එසේ නොවී, සම්මා සම්බුද්ධ ශාසනයත්, සද්ධර්ම ශ්‍රවණයත්, උත්තරීතර මනුෂ්‍ය ජීවිතයත්, කල්‍යාණමිත්‍ර සේවනයත් ලද මේ ආශ්චර්යමත් අවස්‌ථාවට වඩා අවස්‌ථාවක්‌ තවත් උපතකදී බලාපොරොත්තු වීම, අපේක්‍ෂා සහගතවීම යනු දුකේ සිටිමින් තවත් දුකක්‌ම පැතීම විනා දුකින් එතෙරවීම නොවේ. සම්මා සම්බුද්ධ ශාසනයත්, එහි සැබෑ ප්‍රතිපදාවනුත් මොනතරම් වේගයකින් විකෘතිභාවයට පත්වෙමින් පවතිනවාද යන්න අපට පෙනෙන කරුණකි.

    ඔබ තෙරුවන් සරණ ගිය බෞද්ධයකු නම් ශීල, සමාධි ප්‍රඥා මාර්ගයේ කොතැනක හෝ ඔබ සිටිනවා යෑයි ඔබ අනුමාන කර ඇත. මෙය මෙම මාර්ගය වැඩීමේදී ඔබට ඇතිවන ශක්‌තියකි. නිවීමේ මාර්ගයේදී ඔබට හමුවන ශීලය, සමාධිය යන මංසන්ධි දෙක ඔබව නිරතුරුවම මුළාවට පත්කරවන මංසන්ධි දෙකකි. මේ මුළාවෙන් ඔබට ගැලවිය හැක්‌කේ ශීලය, සමාධිය වැඩීමේදී ඒවායේ අනිත්‍යභාවයද, ශිල, සමාධිය වැඩීම තුළින් බලාපොරොත්තුවන්නේ ප්‍රඥාව වඩවාගනිමින් දුක්‌ දෙන සසරින් එතෙරවීම සඳහා බව නිරතුරුවම සිහිකිරීමෙනි. ශීලයද, සමාධියද නිත්‍ය භාවයෙන් අල්ලා ගන්නාතාක්‌ ඔබට ප්‍රඥාව නොවැඩේ. මන්ද ඔබ ශීලය තුළද, සමාධිය තුළද නිත්‍යභාවයක්‌ දකිමින්ද, එහි ආශ්වාදය සැපයක්‌ කොට දකිමින්ද අල්ලාගෙන සිටින හෙයිනි. ශීලයක හික්‌මීමෙන් බලාපොරොත්තුවන්නේ ඒ තුළින් සතිය සහ සිහිය දියුණු කරගනිමින් සතිය සහ සිහිය තුළින් චිත්ත සමාධිය ඇතිකර ගැනීමය. චිත්ත සමාධිය ඇතිකරගත් පසුව ඔබ කළ යුත්තේ තමන් පසුවන්නේ පළවැනි ධ්‍යානයේද, දෙවැනි, තෙවැනි, චතුර්ථක්‌ ධ්‍යානයේද යන්න සෙවීම නොවේ. සෙවීමට උත්aසහ ගැනීම නොවේ. එසේ සොයන්නට ගියොත් ඔබ සොයන්නේ අස්‌ථිර, අනිත්‍ය දෙයකි. ධ්‍යානයද නිරතුරුවම වෙනස්‌වන දෙයකි. වෙනස්‌වීම නිසා දුක ඇතිකරවන දෙයකි. මේ හේතුවෙන් මානසික ලෙඩුන් බවට පත්කරන දෙයකි. ස්‌ථිරභාවයේ නොපවතින දෙයක්‌ තවදුරටත් අප සෙවීමට ගියොත්, සොයමින් සිටියොත් මේ සම්බුද්ධ ශාසනය තුළදීද අපට ධර්මය දැකීමේ මාර්ගය මගහැරී යනුඇත. සතර අපායෙන් මිදීමේ මඟ අපට අතහැරී යනු ඇත. අතීත සම්බුද්ධ ශාසනවලද කරන ලද දෙයම වර්තමානයේදී කළ අවාසනාවන්තයෙක්‌ම වනු ඇත.

    ශීල, සමාධි, ප්‍රඥා මාර්ගය වැඩීමේදී ශීලය නැමැති තුන්මං සන්ධියේදී සමාධිය දෙසට යන කෙළින් පාරද, දිව්‍ය, මනුෂ්‍ය ලෝක සැප දෙන දකුණට හැරෙන පාරද, සතර අපායට වැටෙන වමට හැරෙන පාරද ඔබට මුණගැසෙනු ඇත. ඔබ මෙහිදී දක්‍ෂ විය යුතුය, සමාධිය දෙසට යන කෙළින් පාරේ ඔබේ ගමනාන්තයට යැමට ඔබ අදක්‍ෂ වුවහොත්, සැබෑ කල්‍යාණ මිත්‍රයෙක්‌ගේ උපදෙස්‌ ඔබට අහිමිවුවහොත් ශීලය නිසා සතිය සිහිය දියුණුකරගැනීම වෙනුවට තමා රකින ශීලය නිසා ඇලීම, ගැටීම ඇතිකරගතහොත් ඔබ නියත වශයෙන්ම ශීල මංසන්ධියේදී සමාධිය දෙසට ඇති කෙළින් පාරේ නොයා දකුණට හෝ වමට හැරෙනු ඇත. ඔබ දක්‍ෂ ලෙස ශීල මංසන්ධියේදී නිවැරැදි මග තෝරාගෙන සමාධිය දෙසට ඇති කෙළින් පාරේ ඉදිරියට ගියහොත් ඔබට සමාධි මංසන්ධියද මුණගැසෙනු ඇත.

    එහිද තුන්මං සන්ධියකි. සමාධි මංසන්ධියෙන් කෙළින් පාර ප්‍රඥාව දෙසට, එනම් ගමනාන්තයට යන පාරය. දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම සැප දෙන දකුණට ඇති පාරද, සතර අපායට යන වමට හැරෙන පාරද ඇත. මෙහිදීද ඔබ ප්‍රඥාව දෙසට ඇති කෙළින් පාරේ ගමන් කිරීමට දක්‍ෂ විය යුතුය. මා තුළ සමාධිය ඇතැයිද, සමාධිය තුළ මා ඇතැයිද සමාධිය නිත්‍යභාවයෙන් ගැනීම නිසා, සමාධිය නිසා ඇලීම සහ ගැටීම නිසා ගමනාන්තයට යැම පසෙක තබා ඔබ දකුණට හෝ වමට හැරෙනු ඇත. සමාධිය තුළ ඇති සංසිඳීම, උපේක්‍ෂාසහගත බව නිසා මුළාවට පත්වන්නන් අපමණය.

    තමා රකින ශීලය සහ සමාධිය නිසා තමා තුළ ලෝක ස්‌වභාවයන්ට ඇති ඇල්ම සහ ගැටීම සේම උපේක්‍ෂාව තුළද ඇත්තේ අනිත්‍ය පිළිබදව ශුන්‍ය දැනීමකි. මෙහිදී ඔබ රකින ශීලය, සමාධිය නිසා ඔබ තුළ වැඩෙන්නේ කෙලෙස්‌ ගොඩකි. මමත්වයේ අස්‌වැන්නකි. තමා අනුනට වඩා සිල්වතෙක්‌ය, තමාගේ ශීලය සමාධිය ඉහළය, පිරිසිදුය යන මාන්නය, ඉහත ඇල්ම සහ ගැටීමට හේතුවයි. ඒ මෙන්ම අවංක නොවන ඕනෑම කෙනකුට දැනුවත්ව හෝ නොදැනුවත්ව සැඟවීසිටිය හැකි තැනකි ශීලය සහ සමාධිය. මේවා තමන් විසින් තමන් රවටවාගැනීමේ ධර්මතාවයන්ය. ඔබ සැබෑ ලෙස ශීලය තුළ, සමාධිය තුළ හික්‌මුණ කෙනකු නම් ඔබ තුළින් මාන්නය, ලෝක ධර්මයන්ට ගැටෙන ස්‌වභාවය අවම විය යුතුය. ඔබ ගැන ඔබට ස්‌වයං පරීක්‍ෂණයක්‌ කිරීමෙන් ඔබගේ ශීලයේ සමාධියේ ස්‌වභාවය ඔබටම හඳුනාගත හැකිය. ඔබ ස්‌වයං පරීක්‍ෂණයක්‌ කර ඔබගේ ස්‌වභාවය යම් මොහොතක අවබෝධ කරගත්තද ඒ මොහොතේ ඔබ ලද නිගමනය ඊළඟ මොහොතේ ධන හෝ සෘණ භාවයට පත්වනු ඇත. මන්ද ශීලය හෝ සමාධියේ ස්‌වභාවය නිරතුරුවම අනිත්‍යභාවයට පත්වන නිසාය. එහෙයින් තමා මෙතැන සිටිනවා යෑයි ස්‌ථිර නිගමනයකට පැමිණීමට කිසිවෙක්‌ට නොහැකිය. මන්ද, ස්‌ථිරභාවයේ පවතින දෙයක්‌ ලෝකය තුළ නොමැති නිසාය.

    ඔබ තුළ ඇති ලෝක ධර්මයන්ට ඇලීමේ ගැටීමේ ස්‌වභාවය සඟවාතැබීමට සමාධියට ඇත්තේ පුදුමාකර හැකියාවකි. මාර්ගඵල උන්මාදය ඇතිකරන ප්‍රධාන සතුරා සමාධියයි. සමාධිය වැඩීම නිසා ඇතිවන සංහිඳියාව නිසා, ‘තමා අනාගාමීය, අරිහත්ය’, යන මුළාවට පත්වූ පිංවත් චරිත අප්‍රමාණය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා නොකරන පිංවත් චරිත අපමණය. තමා හැමෝටම වඩා ශ්‍රේෂ්ඨය යන මනෝභාවය තුළ හැසිරෙන චරිත අපමණය. මේ සමාධියේ ගොදුරුය. ඉතාමත්ම පහසුවෙන් සමාධියේද අනිත්‍යභාවය වඩමින්, දකිමින් ප්‍රඥාව දෙසට යැමට ඔවුනට හැකිවුවද සමාධි සැපයට ඇලීම නිසා එහි නිත්‍යභාවයක්‌ දැකීම නිසා ඔවුහු අතරමග නතරවෙති. සමහර පිංවත් භික්‍ෂූන් වහන්සේලා දෑස්‌ අඩවන්කොටගෙන සංසුන් ඉරියව්වෙන් දානශාලාවේ දානය වළඳති. දානශාලාවේ සාමණේර හිමිනමකගෙන් කුඩා වරදක්‌ වුවද ප්‍රතිචාරය කේන්ති යැමය. මේවා සමාධිය තුළ සැඟවී ඇති මාරයෝය. අප පිළිබඳ අපි ස්‌වයංපරීක්‍ෂණ නොකිරීමේ ප්‍රතිඵලයි. ඔබ සම්පූර්ණ කළ, ශීලයත් සමාධියත් අනිත්‍යබව දකිමින් නොවැඩීමේ ප්‍රතිඵලයයි. ලෝක ධර්මයන්ගේ අනිත්‍යභාවය නොදැනීමේ ප්‍රතිඵලයයි. මෙවැනි පිංවතුන් සමාධි මංසන්ධියේ සිට ප්‍රඥාව දෙසට ඇති කෙළින් පාර මඟහැර මංමුළාවීම ඒකාන්තය. තමා කෙරෙහි තමා නිහතමානී නොවීම මීට හේතුවයි. අනුන්ගේ වරද දකින ඔබ, ඊට ප්‍රතිචාර දක්‌වන ඔබ, ඔබ තුළ ඇති වරද නොදැකීම මෙයට හේතුවයි. එසේ ඔබතුළ ඇති වරද ඔබ නොදකින්නේ ඔබ තුළ ඇති මාන්නය නිසාය. මෙය සැගවී තිබුණේ සමාධිය තුළය.

    නිරතුරුවම ඔබ කැමතිම අකමැතිම ස්‌වභාවයන් සොයා ගොස්‌ ඒවාට මුහුණදෙන්න. අත්දකින්න. අත්විඳින්න. ඒවාට ඇලෙන්න ගැටෙන්න නොයන්න. මෙසේ ක්‍රියාත්මකවෙමින් ඔබේ ශීලයත් සමාධියත් නිරතුරුවම ස්‌වයං පරීක්‍ෂණයට ලක්‌කරන්න. එවිට ඔබට පහසුවෙන් ප්‍රඥාවේ මගට අවතීර්ණ වෙන්න පුළුවන්.

    ශීලය සහ සමාධිය ඔබ විසින් ආරක්‍ෂා කරගතයුතු, වැඩිය යුතු දෙයකි. ශීලය ආරක්‍ෂාකරගත් තරමට ඔබ සිල්වත් වේ. සමාධිය වැඩූ තරමට ඔබගේ චිත්ත සමාධිය දියුණුවේ. එහෙත් ඔබ සමාධි මංසන්ධියෙන් ප්‍රඥාව දෙසට ගමන් කිරීමේදී ඔබ කළ යුත්තේ ආරක්‍ෂා කිරීම හෝ වැඩීම නොවේ. අතහැරීමය. ශීලය ආරක්‍ෂා කිරීම සහ සමාධිය වැඩීම නිසා ඔබ ඇතිකරගත් චිත්ත ඒකාග්‍රතාව ප්‍රයෝජනයට ගෙන සිතේ ස්‌වභාවය දැකීමය. පංච උපාදානස්‌කන්ධයේ ඇතිවීම නැතිවීම දැකීමය. ඇති වෙමින් නැතිවෙමින් ගලාගෙන යන සිතේ ස්‌වභාවය දැකීමය. දකිමින් තමාට අයත් නැති ආගන්තුක සිත් අතහැරීමය. ශීල සමාධි මාර්ගය වඩන විට ඔබ කළේ ශීලය ආරක්‍ෂා කිරීමය, සමාධිය වැඩීමය. ඒ තුළින් චිත්ත සමාධිය ඇති කරගැනීමය. මෙසේ මංමුලාවීම් වලින් තොරව සුවසේ සමාධි මංසන්ධිය පසුකොට ප්‍රඥාව දෙසට ඇති කෙළින් පාරට අවතීර්ණ වීමට ඔබ දක්‍ෂ වුවහොත් ඉන් ඔබ්බට ඔබට ආරක්‍ෂා කිරීමට හෝ වැඩීමට දෙයක්‌ නොමැත. ඔබ කළ යුත්තේ සමාධිමත් සිතින් සිත දෙස බැලීමය. සිත දෙස බලමින් ඔබට ආගන්තුක, ඔබගේ වසඟයේ නොපවතින, නිරතුරුවම අනිත්‍යභාවයට පත්වන ඔබගේ අක්‍රීය කය ක්‍රියාත්මකභාවයට පත්කරවන සිතේ ස්‌වභාවය දැකීමය. දකිමින් ඔබට අයිති නොමැති සිත අතහැරීමය. සිතක්‌ අත්හැරෙන මොහොතක්‌ පාසා ඔබට කයේ වචනයේ ක්‍රියාත්මභාකවය අතහැරෙනු ඇත. අතහැරෙන සෑම සිතක්‌ පාසාම ඔබට අතහැරෙන්නේ දුකයි. ජාති, ජරා, ව්‍යාධි මරණ ඇතිකරන ලෝකයයි. නිරතුරුවම ඔබ තුළින් ඔබව ස්‌වයං පරීක්‍ෂණයකට ලක්‌ කරන්න. ‘මම’ කියන චරිතය හැම මොහොතකම පරාජය කර දමන්න. ‘මගේ ශීලය, මගේ සමාධිය, මගේ ප්‍රතිපදාව, මගේ ශ්‍රද්ධාව’ මේවායින් ඔබ හිස්‌වන්න. මම ගැන අඩුවෙන් කථාකරන්න. මගේ හැකියාවන් ගැන අඩුවෙන් කථාකරන්න. ඇති වෙමින් නැතිවෙන සිතක්‌ සකස්‌ නොවුවහොත් මේ කය ‘මම’ මළකඳක්‌ බව සිතන්න. අනිත්‍ය සංඥාවම වඩන්න. අනිත්‍යයට අයිති ලෝක ධර්මයන්ට නොඇලී, නොගැටී ප්‍රඥාව දෙසට ගමන් කිරීමට ඔබ දිරිමත්වන්න.

    ඔබට හොඳ පැහැදිළි උදාහරණයක්‌ දෙන්නම්. ඔබ පිටකොටුවෙන් බසයක නැග කතරගමට යනවා යෑයි සිතන්න. එවිට ඔබේ ගමනාන්තය කතරගම. එහෙත් ඔබ බස්‌රථයේ යන විට කළුතර බෝධීන් වහන්සේ, චෛත්‍යරාජයා, කළුගඟ…. එහි අසිරිය දැකලා ඔබ බසයෙන් බැස ඉහත ස්‌වභාවයන්ට ඇලිලා කළුතර නතරවෙනවා. පදිංචිවෙනවා. ඔබට පුළුවන්ද කතරගමට යන්න. බැහැ නේද? ඔබ කළුතරට ඇලුනු නිසා එහි නතරවුණා. මෙහෙම කළුතර නතරවෙලා එහි අසිරිය විඳිමින් සිටින විට ඔබට සිහිය ඇතිවෙනවා ඔබගේ ගමනාන්තය ගැන. එවිට ඔබ කළුතරට ඇති ආශාවෙන් මිදිලා නැවත කතරගම බසයක නැගලා ගාළුපාරේ ඉදිරියට යනවා. මෙහෙම යනකොට ඔබ තිස්‌සමහාරාම චෛත්‍යරාජයාණන් වහන්සේ, තිසාවැව ආදිය දැකීම නිසා නැවතත් එම ස්‌වභාවයන්ට ආශාවෙන් තිස්‌සමහාරාමයෙන් බසයෙන් බසිනවා. ඉහත ස්‌වභාවයන්ට ඇලීම නිසා ඔබ තිස්‌සමහාරාමයේ නතරවෙනවා, පදිංචිවෙනවා. ඔබට පුළුවන්ද කතරගමට යන්න? බැහැ. අතරමග යමක්‌ තන්හාවෙන් අල්ලාගැනීම නිසා ගමනාන්තයට නොයා ඔබ අතරමඟ නැවතිලා. නමුත් මාර්ගය පැහැදිළිව තිබෙනවා. අවශ්‍ය ප්‍රවාහන පහසුකමත් තිබෙනවා. එහෙත් ඔබ අතරමග ස්‌වභාවයන්ට ඇලීම නිසා, ඒවා අනිත්‍ය වශයෙන් දැක ඇතහැරීමට අදක්‍ෂ නිසා ඔබ ප්‍රමාදයට පත්වෙලා. එහෙම වීම ස්‌වභාවිකයි. කළුතරදීද, තිස්‌සමහාරාමයේදීද ඔබ විඳින්නේ සම්බුදු පහසයි. ඔබ තුළින් රැස්‌වන්නේ කුසල් සිත්ය. එහෙත් ඒවා අයිති ලෝකයටයි. අපි මේ කථාකරන්නේ ලෝකයෙන් එතෙරවීම සඳහා වැඩපිළිවෙලයි. හොඳයි ඔබට තිස්‌සමහාරාමයේදී නැවත ගමනාන්තය පිළිබඳව සතිය සිහිය ඇතිවෙලා ඔබ කතරගම බසයකට ගොඩ වුනොත්, කතරගමට තව බොහොම කෙටි දුරයි තිබෙන්නේ. නමුත් අදක්‍ෂ, හැමදෙයටම ඇලෙන පිංවතුන් මේ කෙටිදුර ගෙවාදමා ගමනාන්තයට නොයා අතරමග පදිංචි වෙනවා. මෙය පෘතග්ජන ස්‌වභාවයයි. මෙම ස්‌වභාවයෙන් ඔබට මිදියහැක්‌කේ ප්‍රඥාව වඩවාගැනීමට උපකාර ධර්මයන් වන, නිරතුරුවම අනිත්‍යභාවයට පත්වන ශීලය සහ සමාධිය අනිත්‍ය වශයෙන් දකිමින්, අත්විඳිමන්, අවබෝධය ලබමින් අතහැරීමය. එසේ නොවඩන්නා නිවන් මගෙන් ඈතට ගිය ලෝකය තුළ සැරිසරන්නෙක්‌ වීම අරුමයක්‌ නොවේ. අතරමග නොනැවතී පෙරටම යන්න. හමුවෙන කිසිවෙක්‌, කිසිවක්‌ මමත්වයෙන් නිත්‍යභාවයෙන් නොගන්න. ඔබට ගමනාන්තය මුණගැසෙනු ඇත.

    සැබෑලෙසම නිවන්මගේ හික්‌මෙන්නාට අතහැරීම යනු, අතහැරීමේ සීමාව යනු ආරණ්‍ය, පන්සල, කුටිය. සිව්පසය මේ ආදී භෞතික සම්පත් අතහැරීම පමණක්‌ නොව, ඒවායෙන් මනින සීමාවක්‌, කඩුල්ලක්‌ නොව, මේ ඉහළට ගන්නා හුස්‌ම පොද නැවත නාසයෙන් පහළට එන විට මේ ජීවිතය මරණයට, විනාශයට පත්වෙනවාය යන සීමාව මතකයේ තබාගන්න. නිරතුරුවම නාසයෙන් හුස්‌මපොදක්‌ ශරීරයට ආශ්වාසය කිරීමේදී එම හුස්‌මපොද ශරීරයෙන් පිටකරන මෙහොතේදී මරණය සිදුවේය යන ලෝකයේ සැබෑම ධර්මයට අනුව ඔබ සිතන්න පුරුදුවෙන්න. ‘මම’ වශයෙන් හඳුන්වාගන්නා මේ ආශ්චර්යවත් මිනිසාට මේ ලෝකය තුළ හුස්‌මක්‌ ඉහළට ගෙන එය නැවත පහතට හෙලන තරම්වත් කාලයක්‌ නිත්‍යභාවයෙන් අයිති නැති බව අවබෝධයෙන් දකින්න. ආශ්වාස කරන හුස්‌ම පොද ප්‍රාශ්වාස කරන මොහොත දක්‌වාමත්, නිත්‍යභාවයේ නොපවතින ‘මම’ මමත්වයෙන් නොගන්න. ‘මගේ ශීලය, මගේ සමාධිය, මගේ විනය, මගේ ප්‍රතිපදාව, මගේ ජ්‍යෙaෂ්ඨත්වය’ ආශ්වාස ප්‍රාශ්වාස කරනා හුස්‌මපොදක්‌ තරම් වේලාවක්‌ තරම්වත් නිත්‍යභාවයේ නොපවතින අරාජික ධර්මතාවයන් බව පිංවත් අපි නිරතුරුවම දකිමු. එසේ දකිමින් ශීල, සමාධි මාර්ගය සුවසේ මංමුලාවීම් වලින් තොරව පසුකොට, ලෝකයට අයිති දුක මගේ කරගෙන දුක්‌ විඳින ලෝකයෙන් මිදීම පිණිස ඔබට අයිති නැති ලෝකය ඔබේ කරදෙන, අවිද්‍යාවෙන් තෙමුණ, ඇතිවෙමින් නැතිවෙන, ඔබට ආගන්තුක සිත අවබෝධයෙන් දකිමින් අතහරින්න. ඔබට අතහැරෙන අතහැරෙන සිතක්‌ පාසා, ලෝකය අතහැරීමට අවශ්‍ය ප්‍රඥාව ඔබ තුළ වැඩෙනු ඇත.

    ඔබ මොන දෙයකට ඇලුනද එම ඇලීමේ ස්‌වභාවය තුළ ගැටීමද ඇත. ඔබ මෙහෙම සිතන්න. යමෙක්‌ ශීලයට ඇලෙනවා, ‘මා තුළ ශීලය තිබෙනවා. ශීලය තුළ මා සිටිනවා’ කියලා දකිමින්, තමා ඉහළයයි අන්‍යයන් පහත්කොට දකිනවා. දුස්‌ශීල කොට දකිනවා. ඔහු මාළු නොකනවා පමණක්‌ නොවෙයි, මාළු අනුභව කරන, මාළු විකුණන, මාළු වියන, මාළු අල්ලන, මාළු ඇති කරන අය සමගත් ගැටෙනවා. ඒ විතරක්‌ නොවෙයි මාළු දැලක්‌, මාළු බෝට්‌ටුවක්‌ දැක්‌කත් ගැටෙනවා. ඇයි මේ ගැටීම? ශීලය කෙරෙහි අන්තවාදීව ඇලීම නිසායි මේ ගැටීම ඇති වුණේ. එහෙමනම් පිංවත් ඔබ මහලොකුවට ආරක්‍ෂා කරන ශීලය තුළ ඇලීමත් ගැටීමත් දෙකම දෝරෙ ගලා යනවා. ඒ කියන්නේ ඔබ නිවීමේ මඟ දෙසට යනවා නොවෙයි. භවයට අවශ්‍ය සංස්‌කාර

    රැස්‌කරන්නෙක්‌ බවට පත්වෙනවා. සමාධිය කෙරෙහි ඇලීමේදී තමා තුළ සමාධිය තිබෙන නිසා අන්‍යයන් සිනාසෙනකොට, හඬනකොට ශබ්ද නඟනකොට, ශබ්දයෙන් බණ පදයක්‌ පිරිත් පදයක්‌ කියනකොට ඒ හඬට ගැටෙනවා. ඇයි මේ ගැටීම…? තමා සමාධියට ඇලීම නිසයි. හොඳින් දකින්න ශීල සමාධි වේශයෙනුත් අපට නිවන්මග අවහිරකොට, භවමග විවෘත කර දෙන්නේද මාරයාමය. මාර ධර්මයන් හොඳින් අවබෝධයෙන් හඳුනාගෙන කළ්‍යාණ මිත්‍ර ඇසුරකින් නිවී සැනසෙන්න.

    http://www.maharahathunwadimaga.com/DhammaSermon/Read/2d206afc-62b3-4011-9c3c-57621b50c265?chapterId=f3bf403e-3a9f-43d6-a068-9167a1877bf8

      Current date/time is Sat Jul 27, 2024 7:10 pm