The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි Empty රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි

    Post by nihal123 Sun Dec 28, 2014 7:14 pm

    රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වලට චීනය අභියෝග කරයි

    රුසියාවේ රූබල් මුදලට වල කපා එරට ආර්ථිකය බංකොලොත් කිරීමේ අර්ථයෙන්, රුසියාවේ ණය ගැනීම් කපා හැරීමේ නේටෝ බලවතුන්ගේ පිළිවෙතට සෘජුවම අභියෝග කර චීනය, මොස්කෝවට මූල්‍ය ආධාර සැපයීමට පිළින දෙයි.

    මේ වසර තුළ ඩොලරයට සාපේක්ෂව සියයට 45න් තියුණු ලෙස අගය පහත වැටුණු රූබල් අර්බුදය ගැන අදහස් දක්වමින් චීන විදේශ ඇමති වැන්ග් යී 20දා, චීනය හා රුසියාව අතර අන්‍යොන්‍ය ආධාර සැපයීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

    “ආර්ථිකතත්වයේ පවත්නා දුෂ්කරතා ජයගැනීමට අවශ්‍ය ඥානය හා හැකියාව රුසියාව සතුව ඇත. රුසියානු පාර්ශවයට එවැන්නක් අවශ්‍ය නම් අපගේ ශක්ති ප්‍රමාණයෙන් අවශ්‍ය ආධාර සැපයීමට කටයුතු කරනු ඇත.” ඔහු එසේ පැවසීය.

    චීන වෙළඳ ඇමති ගාඕ හචෙන් 20දා හොංකොංහි ෆීනික්ස් රූපවාහිනියට පැවසුවේ, බීජිණය, මොස්කෝව සමග බලශක්ති නිෂ්පාදන සම්බන්ධකම් ශක්තිමත් කරන බවත්, රූබල් අර්බුදය නොතකා මේ වසර තුළ චීන-රුසියානු වෙළඳ ගනුදෙනු සලසුම්කර තිබෙන පරිදි ඩොලර් බිලියන 100 ඉක්මවනු ඇති බවත්ය. ඩොලරය හා යුරෝවට සාපේක්ෂව රූබලයේ අගය තියුණු ලෙස උච්චාවචනය වෙද්දී ගාඕ යෝජනා කළේ, දෙරට අතර වෙළඳාමේදී ඩොලරයෙන් ඉවත්වී යුආන් හෝ රෙන්මිම්බි යන චීන මුදලඒ වෙනුවට යොදාගත යුතු බවය.

    “ආර්ථිකයන් දෙක එකිනෙකට ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද යන මූලික සාධක වෙත චීනය අවධානය යොමුකර තිබෙන” බවගාඕ පැවසූහයි රොයිටර් වාර්තා කළේය. “ප්‍රාග්ධන ආයෝජකයින් කැළඹිලිකාරී කොටස් හා විදේශ විනිමය හුවමාරුවෙළඳපොළවල් කෙරෙහි වඩාත් උනන්දු වනු ඇත. එහෙත් දෙරට අතර සංයුක්ත සහයෝගිතාව පිළිබඳ අර්ථයෙන් ගත් කල අපට ඇත්තේ, තුලනාත්මක මානසිකත්වයක් හා එම සබැඳියාවන් පෙරට ගෙන යාමේ අවශ්‍යතාවක්” යයි, ගාඕ පැවසීය.

    22දා චයිනා ඩේලි පුවත්පත සමාජ විද්‍යාව පිළිබඳ චීන ඇකඩමියේ ලී ජියැන්මින් උපුටා දක්වමින් වාර්තා කළේ, රුසියාවට සපයන ආධාර ෂැන්හයි කෝපරේෂන් (එස්සීඕ) නැත්නම් බ්‍රික්ස් සංසදය හරහා සැපයිය හැකි බවයි. චීනය, රුසියාව හා මධ්‍යම ආසියානු රටවල් සම්බන්ධ එස්සීඕ මෙන්ම බ්‍රසීලය, රුසියාව, චීනය, දකුණු අප්‍රිකාව හා ඉන්දියාව ඇතුළත් බ්‍රික්ස් සංවිධානය ද එක්සත් ජනපදය හා යුරෝපය බැහැර කොට තිබිම කැපී පෙනෙයි.

    පසුගිය මාසයේදී ලී කේකුආණ් හා ඩිමිත්‍රි මෙඩ්විඩෙව් යන චීන හා රුසියානු අගමැතිවරුන් කසාක්ස්ථානයේදී හමුවුණු විට,චීනයේ උතුරු සීමාවට යාබද රුසියාවේ ඈත පෙරදිග කලාපයේ සංවර්ධන කටයුතු හා යටිතල ව්‍යුහය, දුම්රිය මාර්ග ඉදිකිරීමපිළිබඳ පුළුල් ගිවිසුම් වලට අත්සන් තැබූ බව ලී කියා සිටියේය.

    “මේසය මත තිබුණු කරුණු අතර ණය, ප්‍රධාන ව්‍යාපෘතීන්හි සම්බන්ධකම් මෙන්ම රුසියාවේ දේශීය යටිතල ව්‍යුහය සම්බන්ධ කාරණා පිළිබඳ සහභාගිත්වය ද විය.” එවන් එක් ගිවිසුමක්නම්, “රුසියානු ගෑස් මිලට ගැනීම සඳහා පසුගිය මාසයේදී චීනය අත්සන් තැබූ ඩොලර් බිලියන 400ක් වටිනා 30 අවුරුදු ගිවිසුමයි.”

    යුරේසියාව ප්‍රතිව්‍යුහගත කිරීමේ එක්සත් ජනපද-යුරෝපියානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාවන්ට විරුද්ධ වීමට දඬුවම් පැමිණවීම සඳහා ඔවුන් දියත් කර තිබෙන ආර්ථික යුද්ධයට, මෙම ආධාර පිරිනැමීම හරස්ව පිහිටනු ඇත.

    කියෙව්හි යුක්‍රේනියානු තන්ත්‍රයට නේටෝව පිටුබලය දීම කෙරෙහි හා සිරියාව තුළ නේටෝව ගෙනයන කුලීකාර යුද්ධයට එරෙහිව ජනාධිපති බෂීර් අල් අසාද්ට රුසියාව සහාය දීමට ප්‍රති ප්‍රහාරයක් ලෙස නේටෝ බලවත්තු, මූල්‍යමය වශයෙන් රුසියාවේගෙල සිරකිරීමට උත්සාහ දරති. ලෝක තෙල් මිල පහත වැටීමට අනුකූලව රුසියාවේ තෙල් ආදායම අඩුවීමත් රූබලය බිඳ වැටීමත් හමුවේ ඔවුහු, රුසියාව කියෙව් තන්ත්‍රයට හිස නැමිය යුතු බවට බල කරමින් රුසියාවේ ණය සැපයුම කපා හැරීමට පියවර ගත්හ.


    මෙම මූලෝපායේ මූල්‍ය යාන්ත්‍රණය ගැන, ජාත්‍යන්තර අර්ථශාස්ත්‍රය පිළිබඳ පීටර්සන් ආයතනයේ ඇන්ඩර්ස් ඇස්ලුන්ඩ් විසින් ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රයේ ලියා තිබුණි. “රුසියාවට සැලකිය යුතු තරමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ආධාර ලැබී නැත. චීනයේ රාජ්‍ය බැංකුවලින් පවා ලැබී නැත. මක්නිසා ද යත් සෑම කෙනෙක්ම එක්සත් ජනපද මූල්‍ය නියාමකයන්ට බිය වන නිසාය. දල වශයෙන්ඩොලර් බිලියන 200ක ද්‍රවශීල මූල්‍ය සංචිත ද මේ වසර තුළ බිලියන 125ක ශුද්ධ ප්‍රාග්ධන ඉවත ගැලීම් ද බිලියන 600ක විදේශීයනය ද සහිත රුසියාව, යන්තම් දෙවසරක් තරම් කෙටි කාලයක් තුළදී දන ගැස්විය හැකිය.”ඇස්ලුන්ඩ් සිය ගණන් බැලීම් වලටඅනුව එසේ පවසයි.

    කෙසේ වෙතත් දැන් බීජිණය, එක්සත් ජනපදය සමඟ ගැටුමක අවදානම ගනිමින් රුසියාවට ජීවන හුස්ම පිඹීමට ප්‍රසිද්ධියේමසූදානම් වන බව පෙනෙන්නට තිබේ. අඩුම තරමින් කඩදාසි මත වුවත් චීනය ඩොලර් ට්‍රිලියන 3.89ක් වන දැනට ලෝකයේ ඇතිවිශාලතම විදේශ මුදල් සංචිත හිමිකරගෙන සිටින අතර පහසුවෙන්ම රුසියාවේ නය ගෙවාදැමීමේ හැකියාව ද චීනයට ඇත.

    පසුගිය සතියේ රුසියාව සම්බන්ධයෙන් පැවති යුරෝපීය සංගමයේ භේද භින්නවූ සමුළුවෙන් දිනකට පසුව වැන්ග් හා ගාඕගේකැඳවුම නිකුත්වීම කැපී පෙනෙයි. රුසියාවට එරෙහි සම්බාධක වලට යුරෝපීය සංගමයේ සහාය දක්වන නමුත් ජර්මානු විදේශඇමති වෝල්ටර් ස්ටේන්මියර්, ප්‍රන්ස ජනාධිපති ප්‍රන්සුවා ඔලන්දේ හා ඉතාලියානු අගමැති මැටියෝ රෙන්සි තවත් සම්බාධක පැනවීමට ප්‍රසිද්ධියේම විරෝධය පළකොට තිබුණි.ප්‍රමුඛ යුරෝපීය පුවත්පත් ද රුසියානු රාජ්‍යයේ බිඳවැටීම පිළිබඳව අනතුරු අඟවා තිබුණි.


    රූබල් අර්බුදයට ප්‍රතිචාර වශයෙන් චීන තන්ත්‍රය ඊට බර තබන විට, මන්දගාමී වන ආර්ථිකයකට ද කම්කරුවන්ගේ හා ගොවිජනතාවගේ සමාජ විරෝධතා වර්ධනය වීමට ද මුහුණපා සිටියදී තම උතුරු අසල්වැසියා එක එල්ලේ ආර්ථික හා දේශපාලනපිපිරීමකට මුහුණපෑමේ අනිටු විපාක පිළිබඳව චීනය නිසැකවම බියට පත්ව සිටී.


    තෙල් අර්බුදය මුල්කරගෙන ප්‍රධාන බලවතුන් අතර ආර්ථික ගැටුම් මතුව ඒම ද යුරේසියාවේ අධිරාජ්‍යවාදී යුද වියරුව ද ලෝකධනවාදී අර්බුදයේ ඉහළ අදියරක් ද ලෝක යුද්ධයේ නැඟී එන තර්ජනය ද සලකුණු කරයි.


    සැබවින්ම රුසියාවට චීන ආධාර ලැබුණ හොත් චීනය සමඟ එක්සත් ජනපද ගැටුම තවත් උග්‍ර වනු ඇත. ඕස්ට්‍රේලියාව, ජපානයහා ඉන්දියාව සමඟ සන්ධානගත වෙමින් වොෂින්ටනය, මිලිටරිමය වශයෙන් චීනය වැටලීමට උත්සාහ කරයි. චීනය සමඟයුද්ධය සඳහා ආර්ථික හා මිලිටරි සැලසුම් නිසැකවම වෝල් වීදියේ හා පෙන්ටගනයේ සැලකීමට ලක්වෙමින් තිබේ.


    වසරකට පෙරාතුව “චීනය කයිසර්ගේ වැරදි යළිත් නොකළ යුතුයි” යන ශීර්ෂය සහිතව මාටින් වුල්ෆ් යන තීරු රචකයාෆිනෑන්ෂල් ටයිම්ස්හි ලිපියක් පල කරමින් චීනයට අනතුරු ඇඟවූයේ, එක්සත් ජනපද ගෝලීය ආධිපත්‍යයට අභියෝගයක් වනකිසිවක් නොකළ යුතු බවටයි. ඔහු ඇඟවුම් කළේ, චීනයේ පිළිවෙත 1914 පළමු ලෝක යුද්ධය හටගැනීමට පෙරාතුව බ්‍රිතාන්‍යආධිපත්‍යයට ජර්මනියේ කයිසර් කල අභියෝගයට සමානකම් දරන බවයි. එය තුඩුදෙනු ඇත්තේ සමාන ප්‍රතිඵලයකටය: එනම්පූර්ණ ගැටුමකි.


    “විවෘත ගැටුමක් සිදුවුවහොත් එක්සත් ජනපදයට ලෝකය සමඟ කරන චීන වෙළඳාම කපා හැරිය හැකිය. එක්සත් ජනපදයටචීනයේ ද්‍රවශීල විදේශ වත්කම් වලින් සැලකිය යුතු කොටසක් ද අත්පත්කර ගත හැකිය.” වුල්ෆ් එසේ ලියන ලද්දේ, “චීනයේ දලදේශීය නිෂ්පාදිතයෙන් සියයට 40ක් යයි ගණන් බලන ලද විදේශ වත්කම්, විදේශයන්හි ආයෝජනය කර තිබීම නිසාය.” චීනයයුරෝපය හා එක්සත් ජනපදය සමඟ කරන ලද වෙළඳාමෙන් උපයාගත් ඩොලර් ට්‍රිලියන ගණනක් එසේ එළිපිටම කොල්ලකෑම,ගෝලීය වෙළඳාමේ බිඳවැටීමක කොන්දේසි නිර්මාණය කරන අතර න්‍යෂ්ටික බලවතුන් අතර යුද්ධයක තර්ජනය ද මතු කරයි.

    එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ පෙර නොවූ විරූ අදූරදර්ශී පිළිවෙත්, තරමට වැඩි ආක්‍රමණික මැදිහත්වීමක් වනු ඇති අතර,රටතුළ එය අපකීර්තියට පත් කෙරෙනවාක් මෙන්ම ප්‍රතිවාදී රාජ්‍යයන්ගේ විරුද්ධත්වය ද උග්‍ර කරනු ඇත. චීනය හා රුසියාව එකට ගෙන දැක්කීමේදී විශේෂයෙන්ම වොෂින්ටනය, දිගු කාලයක් තිස්සේ දැකගෙන ඇති ආකාරයට, එක්සත් ජනපද රාජ්‍ය මෙවලම 1972 අත්කරගෙන තිබුණ ප්‍රමුඛ ජයග්‍රහණයක් ලිහා දමයි: පැරණි සෝවියට් සංඟමයට විරුද්ධව චීනය එක්සත් ජනපද සහචරයෙක් බවට පත් කල, එක්සත් ජනපද ජනාධිපති රිචඩ් නික්සන් හා චීන නායක මවෝ සේතුං අතර ඇතිකරගත් මිත්‍රසන්තවයයි.

    “බොහෝ චීන ජාතිකයින් තවමත් දකින්නේ රුසියාව වැඩිමහල් සොහොයුරා ලෙසය. දෙරට එකිනෙකාට මූලෝපායිකවවැදගත් වන්නේය.” 1949 ස්ටැලින්වාදී චීන කොමියුනිස්ට් පක්ෂය (සීසීපී) බලයට පත්වීමෙන් කෙටි කලකට පසුව එක්සත්ජනපදය සමඟ කොරියානු අර්ධද්වීපයේ යුද්ධයකට චීනය පැටලුණු අවස්ථාවේ එරටට සෝවියට් පිටුබලය ලැබුණු අවස්ථාවගැන සඳහන් කරමින් රෙන්මින් විශ්වවිද්‍යාලයේ පීඨාධිපති ජින් කැන්රොන් එසේ සඳහන් කළේය.

    “ජාතික අවශ්‍යතාවන්ගේ නාමයෙන් චීනය, එවන් සහයෝගිතාවක් අවශ්‍ය වන වේලාවේ රුසියාව සමඟ සහයෝගිතාව ගැඹුරු කල යුතුය.”

    ඊයේ කතුවැකියක් ලියමින් සීසීපීයට සම්බන්ධකම් ඇති ග්ලෝබල් ටයිම්ස් පුවත්පත ලියා ඇත්තේ, “ජාත්‍යන්තර කරලියේදී රුසියාව පිරිමැහිය නොහැකි හවුල්කරුවෙකි” යනුවෙනි. “වත්මන් අර්බුදයෙන් ගොඩ ඒ ගැනීමට රුසියාවට උදව් කිරීමේදී චීනය, පසු නොබසින ආකල්පයක් ගත යුතුය.”

    ඇලෙක්ස් ලැන්ටියර් විසිනි,www.wsws.org
    http://www.randora.lk/index.php/foreign-news/economy/item/3480-china-challenges-us-economic-war-against-russia

      Current date/time is Sat Jul 27, 2024 5:22 am