The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
දාස මුදලාලිගේ කතාව EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
දාස මුදලාලිගේ කතාව EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
දාස මුදලාලිගේ කතාව EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
දාස මුදලාලිගේ කතාව EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
දාස මුදලාලිගේ කතාව EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
දාස මුදලාලිගේ කතාව EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
දාස මුදලාලිගේ කතාව EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
දාස මුදලාලිගේ කතාව EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
දාස මුදලාලිගේ කතාව EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
දාස මුදලාලිගේ කතාව EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
දාස මුදලාලිගේ කතාව EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
දාස මුදලාලිගේ කතාව EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
දාස මුදලාලිගේ කතාව EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
දාස මුදලාලිගේ කතාව EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
දාස මුදලාලිගේ කතාව EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
දාස මුදලාලිගේ කතාව EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
දාස මුදලාලිගේ කතාව EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
දාස මුදලාලිගේ කතාව EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
දාස මුදලාලිගේ කතාව EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
දාස මුදලාලිගේ කතාව EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
දාස මුදලාලිගේ කතාව EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
දාස මුදලාලිගේ කතාව EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
දාස මුදලාලිගේ කතාව EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
දාස මුදලාලිගේ කතාව EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
දාස මුදලාලිගේ කතාව EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
දාස මුදලාලිගේ කතාව EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
දාස මුදලාලිගේ කතාව EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
දාස මුදලාලිගේ කතාව EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
දාස මුදලාලිගේ කතාව EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
දාස මුදලාලිගේ කතාව EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
දාස මුදලාලිගේ කතාව EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
දාස මුදලාලිගේ කතාව EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
දාස මුදලාලිගේ කතාව EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
දාස මුදලාලිගේ කතාව EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
දාස මුදලාලිගේ කතාව EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
දාස මුදලාලිගේ කතාව EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
දාස මුදලාලිගේ කතාව EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
දාස මුදලාලිගේ කතාව EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
දාස මුදලාලිගේ කතාව EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
දාස මුදලාලිගේ කතාව EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
දාස මුදලාලිගේ කතාව EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
දාස මුදලාලිගේ කතාව EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
දාස මුදලාලිගේ කතාව EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
දාස මුදලාලිගේ කතාව EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
දාස මුදලාලිගේ කතාව EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
දාස මුදලාලිගේ කතාව EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
දාස මුදලාලිගේ කතාව EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
දාස මුදලාලිගේ කතාව EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
දාස මුදලාලිගේ කතාව EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
දාස මුදලාලිගේ කතාව EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+4
sashimaal
KDDND
serene
Ukboy
8 posters

    දාස මුදලාලිගේ කතාව

    avatar
    Ukboy
    Top contributor
    Top contributor


    Posts : 360
    Join date : 2014-02-28

    දාස මුදලාලිගේ කතාව Empty දාස මුදලාලිගේ කතාව

    Post by Ukboy Sun Jul 13, 2014 2:55 am

    Most of us may not know or never heard about Dasa mudallali. But he's one of the most charismatic businessmen in Sri Lanka during 20th century. Naturally talented person who tried blending business with politics.

    He passed away recently.

    http://www.divaina.com/2014/07/13/feature01.html

    දාස මුදලාලිගේ කතාව

    දාසලා සමතලා කළ හැටි

    මුලින්ම කළේ පෙව්මන්ට්‌ එකේ කපුරු බෝල විකිණීමයි...

    දියුණුවට පාර හැදුනෙ පීරිසි කෝප්ප විකිණීමෙන්...

    රෙදිපිළි විකුණා සේවකයින් පන්දහසකගෙ හාම්පුතා වුණා...

    දේශපාලන පලි ගැනීම දාස සමූහ ව්‍යාපාරය බිමට සමතලා කළා..

    ලිබන් හින්නි අප්පුහාමි, නවලෝක මුදලාලි, සපත්තු රණවන, පී. ජී. මාටින් පරපුරේ තවත් පතාකයකු මේ සතියේ අභාවප්‍රාප්ත විය.

    ඒ ඩියුරෝ නාමයේ අයිතිකරුය. වෙනත් නමකින් කිවහොත් දාස මුදලාලිය.

    60-70 දශකයේ දාස මුදලාලි යෑයි කී සැණින් මුළු ලංකාවම දැන හැඳිනගෙන සිටි දාස මුදලාලි එක්‌ යුගයක ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම ව්‍යාපාරිකයෙකි. ඔහුගේ මරණය අමතක කළ නොහැකි මරණයක්‌ වන්නේ එබැවිනි.

    හඳට ගියොත් හඳෙත් කිරි පැණි කඩයක්‌ තිබේ යෑයි එය මාතර මුදලාලි කෙනෙකුගේ යෑයිද කතාවක්‌ තිබේ. එයින් අදහස්‌ වන්නේ මාතර මිනිස්‌සු ශූර ව්‍යාපාරිකයන් බවය.

    දකුණෙන් බිහිවූ මැලිබන් හින්නි අප්පුහාමි, නවලෝක මුදලාලි, පී. ජී. මාටින් වැනි ව්‍යාපාරික යෝධ පුරුක්‌ අතරට මාතර තලල්ලේ උපන් දාස මුදලාලිත් එක්‌ වන්නේ ඒ අයුරිනි.

    ගුණදාස උපන්නේ තලල්ල ගමේ සාමාන්‍ය පවුලකය. පවුලේ සාමාන්‍ය බව කිවහොත් ඔහුගේ මව පවුලේ යෑපුමට කොහු ලණු ඇඹරූ බවද කියයි. පියා ගොවියෙකි.

    ඔහුට වැඩිමහල් සහෝදරයන් තිදෙනක්‌ද එක්‌ සහෝදරියක්‌ද විය. තරුණ විය ලබන්නටත් පෙරම ඒ සහෝදරයෝ කොළඹට පැමිණ සිටියහ.

    අවුරුදු පහ ලබන විට දාස ළමයා කොළඹ සිටින අයියලා සොයා ආවේ ගමේ ඉඳල නං මිනිහෙක්‌ වෙන්න බෑ යන මතයේ එල්බ ගනිමිනි. අයියලා සිටියේ මරදානේය. මරදානේ බිස්‌නස්‌ කරමිනි. බිස්‌නස්‌ කීවාට විශාල ව්‍යාපාර නොවේ. කුඩා කඩ කාමරවල සුළු සුළු දැ විකුණමිනි.

    වැඩිමහල් ඩැනී සහෝදරයා, කල්පනා කළේ තවමත් පස්‌ හැවිරිදි වූ මේ බාලයාට අකුරු ඉගැන්වීමටය. ඩැනී සහෝදරයා දාස ළමයා දැම්මේ මරදානේ සෙන්ට්‍රල් එකටය.

    දාස ළමයා ඉගෙනීමෙහි දක්‍ෂයකු විය. නමුත් දඟකාරයකු විය. පාසලේ එක්‌ ගුරුවරයකු සුරුට්‌ටු බොන්නෙකි. ඔහු නිතර ගිනි පෙට්‌ටිය මේසය මත තබාගෙන සිටී. දවසක්‌ කුඩා දාස ගෙඹි පැටියකු අල්ලා ගුරුතුමාගේ ගිනි පෙට්‌ටියට ඇතුළු කළේය.

    දඟකාරයා අසුවිණි. ගුරුවරයා දාස අල්ලා ගැනීමට පැන්නේය. දාස පන්තියෙන් පැන්නේය. ඒ ඔහුගේ පාසල් ගමනේ අවසානයයි.

    එමෙන්ම ඔහුගේ ජීවන ගමන්මග කුමක්‌දැයි දෛවය සනිටුහන් කළ කඩඉමද එයයි.

    පාසලෙන් පැන්න දාස ළමයා අයියලා යන අඩිපාරේම යන්නට ඉටා ගත්තේය. හේ වෙළෙඳාමට බැස්‌සේය.



    ඒ වෙළෙඳාම එකල පදික වේදිකා වෙළෙඳාමේ කුඩාම වෙළෙඳාම විය. ඒ කපුරු බෝල විකිණීමයි. දරුවා කුඩා බැවින් ගැනුම්කරුවන්ගේ අනුකම්පාවද ඔහු වෙත යොමු විණි. කුඩා දාසගේ කපුරු බෝල වෙළඳාම සරු විය.

    අනතුරුව හේ කපුරු බෝල වෙළෙඳාමට තවත් වෙළෙඳාමක්‌ එකතු කළේය. ඒ ලේන්සු වෙළෙඳාමයි. ඔහු මරදාන පදික වේදිකාව දිගේ එහාටත් මෙහාටත් ඇවිද්දේ එක්‌ අතක කපුරු බෝලත් අනිත් අතෙහි ගැහැනු පිරිමි ලේන්සුත් එල්ලා ගෙනය.

    අප මතක තබාගත යුතු දෙයක්‌ තිබේ. ඒ කුඩා දාස ළමයා මෙසේ ඇවිදින්නේ අද මෙන් දියුණු මරදානේ නොවන බවය. එකල අද මෙන් නිරන්තරව දිවෙන යාන වාහන නොවීය. මේසා කඩ සාප්පු තොගයක්‌ද නොවීය.

    කුඩා දාස ළමයාගේ වටිනා පුරුද්දක්‌ තිබිණි. ඒ දවසේ වියදම සහ ආදායම අකුරටම කුඩා නෝට්‌ පොතක පැන්සලකින් ලියා තැබීමය. එමෙන්ම මුදල් සුරක්‍ෂිතව තබා ගැනීමය.

    වෙළෙඳාම මරදානට පමණක්‌ සීමා කර ගැනීමෙන් වැඩිපුර උපයා ගත නොහැකි බැව් තේරුම් ගත් දාස අත්කරත්තයක්‌ මිලට ගත්තේය. අත් කරත්තයත් සමග දාසගේ වෙළෙඳාම දියුණු වන්නට විය.

    ඒ අත් කරත්තයේ තිබුණේ ලේන්සු කපුරුබෝල පමණක්‌ නොවේ. අරුමෝසම් බඩු සෙල්ලම් බඩු ආදියෙන්ද අත් කරත්තය පිරී තිබිණි. කුඩා දාස බොරැල්ල දෙමටගොඩ වනාතමුල්ල රාජගිරිය හැම පාරකම අත්කරත්තය තල්ලුකර ගෙන ගියේය. ගිනි අව්වේ සෙරෙප්පු නොලද දෙපයින් ඔහු ඇවිද්දේය. මෙසේ යන එන අතුරතුර පාර අයිනේ පීරිසි කෝප්ප රාශියක්‌ විකිණීමට තබා තිබෙනු ඔහුට දක්‌නට ලැබිණි.

    සියල්ලටම ගාන කීයදැයි ඔහු අයිතිකරුගෙන් ඇසුවේය. අයිතිකරු කීවේ ඉහළ ගණනකි. අත්කරත්ත වෙළෙන්දකු වුවද දාස සෑහෙන මුදලක්‌ ඉතිරි කර ගෙන සිටියේය. මඳක්‌ කල්පනා කළ දාස තමා ළඟ තිබූ මුළු මුදලම වැය කොට පීරිසි කෝප්ප ''සේල් එකම'' මිලට ගත්තේය. අනතුරුව ඔහු කපුරු බෝල ලේන්සු සෙල්ලම් බඩු අත්හැර දමා පීරිසි කෝප්ප වෙළෙඳාමේ යෙදෙමින් ගෙයින් ගෙට ගමන් කරන්නට විය.

    ඒ වෙළෙඳාම සරු සාර එකක්‌ විය. ගත් ගානට වඩා ලොකු මුදලක්‌ ඔහු ළඟ එකතු වන්නට විය.

    නමුත් වැඩිමහල් සහෝදරයන්ගෙන් ඔහුට සහයෝගයක්‌ ලැබුණේ නැත.

    ''ඉස්‌කෝලෙකට දැම්ම ඉගෙන ගත්තෙ නෑ. නාහෙට නාහන මෝඩයෙක්‌. උඹට දියුණු වෙන්න නම් බෑ.''

    සහෝදරයන්ගෙන් ලැබුණේ එවැනි රිදවුම්ය.

    ''නෑ මම කොහොම හරි මිනිහෙක්‌ වෙනවා.''

    අයියාගේ කඩ කෑල්ලේ පැදුරක නිදා ගන්නා අතරේ දාස ඉටා ගත්තේය.

    ඔහුගේ සාර්ථකම බිස්‌නස්‌ එක වූයේ පීරිසි කූට්‌ටම් බිස්‌නස්‌ එකය. එයින් ලැබුණු ලාභයෙන් ඔහු බොරැල්ලේ කඩ කාමර දෙකක්‌ කුලියට ගත්තේය. හාල්, පොල්, දෙල් එළවළු, දත් බෙහෙත් සිසිල් බීම ඒ කඩ කාමර දෙකේම තිබිණි. උණක්‌ හැදුණත් ඔහු කඩේ වැසුවේ නැත. උණ පිටින්ම වෙළෙඳාම් කළේය.

    ඒ වෙළෙඳාම් කෙතරම් සරු වීද යත්, ටැක්‌සියක්‌ මිලට ගත්තේය. රථ වාහන ඉතා අඩු ඒ කාලයේ ටැක්‌සිය හොඳ ආදායම් මාර්ගයක්‌ විය. ඒ අයුරින් බොරැල්ල හන්දියට ටැක්‌සි හතක්‌ දමන්නට තරම් ඔහු පොහොසතකු වී සිටියේය.

    මේ කියන කාලය 1958 පමණ වන කාලයයි.

    දාස සිටියේ කසාද බැඳිය යුතු තරුණ වයසේය. කොළඹ කොතෙකුත් තරුණියන් සිටියද කසාද බඳින්නට සුදුසු යුවතියක්‌ සොයන්නට ඔහු ගියේ ගමටය. තලල්ලටය. තරමක පවුලකට ඔහු යෝජනාවක්‌ යෑවීය. එහෙත් ඒ ගෙදරින් මේ තරුණයාට කැමති වූයේ නැත. හේතුව ඔහුගේ නිවස කටු මැටි ගෑ එකක්‌ වීමය. තරුණියගේ නිවස සුදුහුණු පිරියම් කළ එකකි. එහෙත් කේන්දර බැලූ දෛවඥයා තරුණියගේ මවුපියන්ට කීවේ තරුණයාගේ හඳහන බලසම්පන්න වාසනාවන්ත එකක්‌ බවත් එබැවින් බය නැතිව විවාහ කරන ලෙසත්ය.

    කසාදය සිදු වූයේ ඒ අන්දමටය. මනාලයා කොළඹ ජැන්ඩි පහට ඉන්නා කෙනෙක්‌ බව මනාලිය දැන ගත්තේ කොළඹට ආ පසුය.

    කමිස මසා විකිණීමේ සිතුවිල්ල තරුණ දාසට පහළ වූයේ විවාහයෙන් පසුවය. කමිස මහන්නට ඔහු දෙමටගොඩ පරණ පාරෙන් ගෙයක්‌ කුලියට ගත්තේය.

    කමිස මසන්නට ටේලර් ගෙන්වා ගත්තේද ගමෙනි. කමිස කැපුවේ බිම එලාගෙන අත් කතුරෙනි. රෙදි වර්ග ගැන ඉවක්‌ මෙන්ම පුදුමාකාර දැනුමක්‌ ඔහුට තිබිණි. රෙදි කැබැල්ලක්‌ අත ගා බලා එහි නූල් ගනකම අනුව එහි මිල ගනනය කරන්නට තරම් තාක්‌ෂණික දැනුමක්‌ ඔහුට එකල තිබිණි.

    අවුරුදු දෙකක්‌ තිස්‌සේ ම ඔහු කමිස මැසුවේය. එහෙත් කුලි ගෙදරකය.

    1969 වනවිට රජයේ කර්මාන්ත ඇමැති පිලිප් ගූණවර්ධන මහතාය. දාස පිලිප් ඇමැතිවරයා ළඟට ගොස්‌ ඇඳුම් මැසීමේ කර්මාන්ත ශාලාවක්‌ පටන් ගැනීමට අවසර ඉල්ලීය.

    නියම දාස සමූහ ව්‍යාපාරය බිහිවන්නේ එතැන් සිටය. පිලිප්ගෙන් අවසරය ලැබිණි. රෙදි වර්ග දෙකක්‌ ඔහු ලංකාව තුළ නිෂ්පාදනය කළේය. පිටරටින් ගෙන්වන රෙදිවලට වඩා ඒවා මිලෙන් අඩුවිය. රෙදි පිළි දේශීය වශයෙන් නිෂ්පාදනය කරන කිහිප දෙනා අතර දාස නමැති ව්‍යාපාරිකයා ඉහළම තැනකට පත්වන්නේ සෙසු තරගකරුවන් අබිබවමිනි.

    නවසිය හැත්තෑවේ බලයට පත් වන්නේ බණ්‌ඩාරනායක මැතිනියයි. දාස මුදලාලි තුළ බණ්‌ඩාරනායක මැතිනියට තිබුණේ ඉතාම භක්‌තිවන්ත ගෞරවයකි. ඔහු ඉහළින්ම සැලකූ නායිකාව මැතිනියයි. කිසිදාක යූ. එන්. පී. කාරයකු නොවූ දාස මුදලාලි ශ්‍රී ලංකාකාරයකු වූයේ සිරිමා මැතිනිය නිසාය. මැතිනියද පෙරළා ඊට කළ ගුණ දැක්‌වූවාය.

    70-77 සිරිමා රජය කාලය පිටරටින් භාණ්‌ඩ ගෙන්වීමේදී දැඩි නීති තිබූ යුගයකි. විශේෂයෙන් රෙදි පිළි විදේශ රටවලින් ගෙන්වීම සීමා කර තිබිණි. ඉහළට යා හැකි නම් දේශීය නිෂ්පාදකයාට ඉහළට යැමේ අවස්‌ථාව සිරිමා රජය කාලයේ තිබිණි. ඉන් ඉහළම ප්‍රයෝජන ගත්තේ දාස මුදලාලිය.

    දාස මුදලාලිගේ දීප්තිමත්ම යුගය උදාවී තිබිණි. එකල දාස සමූහ ව්‍යාපාරය ඉදිරිපත් කරන පිබිදෙන ගායක පුරපුර නම් ගුවන් විදුලි වැඩසටහනක්‌ තිබුණේ බොහෝ දෙනකුට මතක ඇත. එඩ්වඩ් ජයකොඩි, ප්‍රිය සූරියසේන වැනි ගායකයන් බිහිවූයේද පිබිදෙන ගායක පරපුර හරහාය.

    ඩියුරෝ සින්තටික්‌ සාරි, ඩියුරෝ කමීස, ඩියුරෝ මදුරුදැල්, මේස්‌ බැනියම්, යට ඇඳුම් උණුවතුර බෝතල් ආදී වශයෙන් එක දිගට නම් වැලක්‌ එකල දාස නිෂ්පාදන වශයෙන් එම වැඩසටහනින් අපට ඇසිණි. ඒ දාස මුදලාලිගේ සශ්‍රීකවත් කාලයේ හඬයි.

    ඔහුගේ කර්මාන්ත ශාලාවල වැඩට ගත්තේ තලල්ල ගමේ තරුණ තරුණියන්ය. ඔහුගේ ව්‍යාපාර සමූහයේ අධ්‍යක්‌ෂවරු වූයේ ඔහුගේ සහෝදරයන්ගේ දූ දරුවන්ය. අදටත් බොරැල්ල මංසන්දියේ යෝධ ටැඹක්‌ සේ උසට උසේ පෙනී සිටින දාස ගොඩනැඟිල්ල ඔහුගේ සැලසුමකි. 1975 වන විට ඔහුගේ සේවක සංඛ්‍යාව පන්දහසකි.

    මේ දකුණේ මිනිසා දකුණට බෙහෙවින් ආදරය කළේය. ලණු ඇඹරූ අම්මා සිහි කරමින් තලල්ලේ ගැහැනුන්ට ලණු අඹරන්නට මැෂිං ගෙන ගොස්‌ දුන්නේය. තලල්ලට ඉස්‌පිරිතාලයක්‌, පන්සලක්‌ ළමා උද්‍යානයක්‌ සාදා දුන්නේ ඔහුය.

    එහෙත් මේ උත්සාහවන්ත මිනිසාගේ ධෛර්යය සශ්‍රීක බව බිඳ වැටෙන යුගයද ඒ සමගම උදා විය. ඒ 1977 යූ. එන්. පී. ආණ්‌ඩුව බලයට පත්වීමත් සමගය.

    77 යූ. එන්. පී. රජයේ මුදල් ඇමතිවරයා අය වැය කතාව කරමින් කීවේ දාසලා සමතලා කළ යුතු බවයි. එය එපරිද්දෙන්ම සිදුවිය. පක්‍ෂයක්‌ බලයට පත් වූ විට අනිත් පක්‍ෂයෙන් පලිගැනීමේ සිරිත මෙහිදී ක්‍රියාත්මක විය.

    දාස මුදලාලිට බැංකු ණය දීම ප්‍රතික්‍ෂේප විණි. බැංකු අයිරාදීම නැවතිණි. ඔහුගේ දේපළ වතුපිටි අනිසි ලෙස රජයට පවරා ගැනිණි. ඔහුගේ ව්‍යාපාර තවදුරටත් කරගෙනයා නොහැකි තැනට බාධා එල්ල වන්නට විය. දාස ගොඩනැඟිලි පාළුවට යන්නට පටන් ගත්තේ එතැන් සිටය. හේතුව ඔහු සිරිමා බණ්‌ඩාරනායකගේ මිනිහකු වීම වන්නට පුළුවන.

    අද දාස මුදලාලිට වඩා ප්‍රකෝටිපතියෝ මේ රටේ සිටිති. එහෙත් ඒ ප්‍රකෝටිපතියෝ පේව්මන්ට්‌ එකේ දුක්‌විඳ පොහොසත් වූවෝ නොවෙති. ඔවුහු කෝටිපතියන්වී සිටින්නේ දේශපාලකයන් උදව් කිරීමෙන් බැංකු වලින් කෝටි ගණන් ණය ලබාගැනීමෙනි. එය යුගය වෙනස්‌වන විට යුගයට සරිලන අන්දමට වෙනස්‌ වීමට නුවණ ඇත්තවුන්ගේ බිස්‌නස්‌ ක්‍රමය විය හැක.

    එහෙත් දාස මුදලාලි පටන් ගත්තේ පහළම තැනිනි. එහෙයින් ඔහු කෝටිපතියා වීමේ කතන්දරය ගොඩනැගෙන්නේ ගලින්ගල ගඩොලිනි. එබැවින් ඔහුගේ කතාන්දරය රසවත් එකක්‌ වන්නේ දුක්‌විඳීමෙහිත් උත්සාහයේත් එකතුවක සැබෑ කතාන්දරයක්‌ වන හෙයිනි. දාස මුදලාලි වෙනුවෙන් දිගු සටහනක්‌ තබන්නට සිදුවුණේද එබැවිනි.

    මෙම ලිපියට කරුණු සැපයීමේදී නීතිඥ ඩෙරික්‌ සමරසේකර මහතා දැක්‌වූ සහයෝගය අගය කොට සලකමු.

    චන්ද්‍රසිරි දොඩංගොඩ
    ඡායාරූප පිටපත් කිරීම - ගාමිණි මුණසිංහ - කමල් බෝගොඩ


    Last edited by Ukboy on Sun Jul 13, 2014 12:16 pm; edited 1 time in total
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    දාස මුදලාලිගේ කතාව Empty Re: දාස මුදලාලිගේ කතාව

    Post by serene Sun Jul 13, 2014 8:19 am

    Respect Sir. RIP.
    KDDND
    KDDND
    Top contributor
    Top contributor


    Posts : 459
    Join date : 2014-02-23

    දාස මුදලාලිගේ කතාව Empty Re: දාස මුදලාලිගේ කතාව

    Post by KDDND Sun Jul 13, 2014 11:21 am

    some politician never think the country first....
    but their group or supporters...
    its always who contribute to the economy will help the real future of the country..
    this is valid even at the family unit level...
     Very Happy 

    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    දාස මුදලාලිගේ කතාව Empty Re: දාස මුදලාලිගේ කතාව

    Post by sashimaal Sun Jul 13, 2014 1:07 pm

    Respect /\
    avatar
    Nuinth
    Top contributor
    Top contributor


    Posts : 555
    Join date : 2014-02-28
    Location : Universe

    දාස මුදලාලිගේ කතාව Empty Re: දාස මුදලාලිගේ කතාව

    Post by Nuinth Sun Jul 13, 2014 1:46 pm

    Respect you "Dasa Mudalali".

    Another incredible character from "Matara" , southern province. Proud for me too.

    Patient, encouragement , plan & faith of life has build this gentlemen world.
    avatar
    shane101
    Top contributor
    Top contributor


    Posts : 120
    Join date : 2014-04-27

    දාස මුදලාලිගේ කතාව Empty Re: දාස මුදලාලිගේ කතාව

    Post by shane101 Sun Jul 13, 2014 2:08 pm

    Another greatest entrepreneurial story from the past , similar story are today from Wegapitiaya , Hodahitha & Lucky etc.

    We need more and more story like this so these characters should be a role model for our children .

    If you ask from any school boy in UK , almost every one knows Richard Brandson but how many of our children knows Wegapitiya .

    This is the duty of media , they should make this type of people hero of the present society.
    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

    දාස මුදලාලිගේ කතාව Empty Re: දාස මුදලාලිගේ කතාව

    Post by Backstage Sun Jul 13, 2014 2:10 pm

    He was materially successful, but his family life is in shambles, even his grand kids are in a mess. Warped values. The last part of this gentleman's life was pathetic. The children keep selling assets that are not seized by banks , one by one to get by.

    This is not to take away the fact that he was a remarkable and persistent man who overcame many odds to be MATERIALLY successfull.
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    දාස මුදලාලිගේ කතාව Empty Re: දාස මුදලාලිගේ කතාව

    Post by serene Sun Jul 13, 2014 5:41 pm

    Backstage wrote:He was materially successful, but his family life is in shambles, even his grand kids are in a mess. Warped values. The last part of this gentleman's life was pathetic. The children keep selling assets that are not seized by banks , one by one to get by.

    This is not to take away the fact that he was a remarkable and persistent man who overcame many odds to be MATERIALLY successfull.

    Wonderful lesson to every one. Sad Sad 
    Sriranga
    Sriranga
    Veteran
    Veteran


    Posts : 3226
    Join date : 2014-02-23
    Location : Colombo

    දාස මුදලාලිගේ කතාව Empty Dasa: Last of the Mohicans

    Post by Sriranga Sun Jul 13, 2014 6:10 pm

    S.D. Gunadasa who died last week was a Sri Lankan entrepreneur who built a business during the ‘difficult’ times of Sirima Bandaranaike’s premiership in 1970-77, in a generation that while on one hand received political patronage, also inculcated values, discipline and principles in their business model.

    It was also an era where entrepreneurs were noted philanthropists (without seeking much public glory) unlike today where philanthropy has been transformed into glory-seeking, stakeholder-enhancement ‘CSR’.

    Gunadasa or “Dasa Mudalali’, as he was popularly known produced Duro shirts and created the supermarket concept under the ‘Duro’ brand, which died a natural death after the advent of supermarkets in the post-1977 free market development. Said to have begun his career as a pavement hawker, he turned into a successful businessman in that Sirima-era but was also among a select group of entrepreneurs (according to others) who were ‘favoured’ by the regime at the time.

    Yet ‘Dasa Mudalali’ deserves to be considered among a group of entrepreneurs in Sri Lanka who could be described as the ‘Last of the Mohicans’, a phrase used in the case of frontier Indians (in the old Wild West in the US) to describe survivors of a respected or noble race.

    For Sri Lankans who grew up in the 1970-77 period, it was a crisis of food shortages, food queues and the ubiquitous ration card for bread due to heavily restricted imports. Residents were forced to buy locally-produced clothes and other essentials in view of a severe shortage of foreign currency.

    While many people of that generation do not want to be reminded of the hardships and the economic sufferings, it was also a period that spawned a new generation of entrepreneurs (apart from the favoured few) who grew amidst the tough challenges that doesn’t exist anymore.

    Some of these entrepreneurs and organisations were A.Y.S. Gnanam (Cyntex Mills), Wellawatte Spinning and Weaving Mills (largest textile factory at the time), Linton Garments (Kandana), Harischandra Mills, Hentley (garments), U.K. Edmund (McCallum bookshop), Jinasena (agriculture machinery/water pumps), Vipula Dharmawardena (who popularised batiks), Parquet Ceylon (parquet flooring), G. Seelanatha Kuruppu (handloom carpets used at the Intercontinental and Oberoi hotels when it opened), Kandyg (handlooms founded by Felix and Seetha Yahampath) and Patrick Amarasinghe (Furnifits – rubber-wood furniture).There were many more.

    Under a ‘closed-doors’ economy, the development model at the time was that all perishable and non-perishable goods should be produced locally using, as far as possible, local raw material. It was a challenge and a bureaucratic nightmare for industrialists who were forced to import raw material not available in Sri Lanka.

    However there were the positives in an era of ‘negativity’ (as perceived by today’s elder citizens), particularly for local industry, according to veteran industrialist Amarasinghe.

    He believes that era created a generation of hard working entrepreneurs, encouraged entrepreneurship and inculcated a lot of discipline, values and hard work in building a business, rarely seen in today’s business environment.

    The country’s first 5-year export development plan was drafted under the watch of Finance Minister Dr. N.M. Perera and accompanied by FEECs (Foreign Exchange Entitlement Certificate). “It was a sense of pride to be an exporter and be recognized by others,” Amarasinghe recalled.

    Another export-related measure was the Convertible Rupee Account (CRA) system where exporters were able to utilize 5 per cent of their foreign exchange earnings for other, specified purposes (like travel or expenses). Others however looked at exporters with a privilege – access to scarce foreign currency.

    The textiles and handloom industry grew during that generation (and before) with rows of machines in single storey, half wall (similar to open classrooms) buildings manned by women weaving the yarn into cloth with a ‘clapping-like sound’. The textile sector died a natural death with the ‘demise’ of the Wellawatte Spinning and Weaving Mills (after a major strike) and the collapse of the cottage-industry handloom centres in the mid-to-late 1970s. Today, that industry, in a far-more efficient and highly-mechanised manner, is being crafted by the new generation of garment makers – MAS/Brandix/Orit/Timex among others.

    Amarasinghe says he was also somewhat of a pioneer when it came to the paint industry before branching and pioneering furniture made from rubber-wood. “I was an accountant at Lake House (newspapers) and wanted to start a business. I applied and got a license to start paint manufacture with the technical side to be handled by another party,” he recalled, saying he had to call it off due to an issue with the technical partner.

    That led to a partnership (use of license) at that time with Sohli Captain who starts Paints and General Industries to manufacture paints for ICI Paints, UK.

    Many local entrepreneurs were producing their own machinery but the quality of local products was not up to foreign standards. Consumers were forced to buy local products as they were the only ones available at the time.

    Nevertheless, Amarasinghe believes, Sri Lanka could have easily developed a good, quality local manufacturing sector on the likes of Taiwan, one of the biggest manufacturers of machinery and equipment, if the policies were right. The advent of the 1977 free market economy led to the collapse of many entrepreneurs, unable to compete with superior imported products, and resulted in an economy driven by imports with many importers being former local manufacturers.What is discussed in this column today is just a snapshot of the events and style of business, the economy and trade in the 1970s. There were many more developments.

    Barring a few, a sizable segment of today’s generation of entrepreneurs is built on political favours, deals and tax breaks.

    As Sri Lanka marks the death of another hard working, self-made entrepreneur, it is also a time to celebrate and reflect on an era of hard-working entrepreneurs who build their business from street salesmen like Gnanam or pavement hawkers like Dasa Mudalali.

    It was sheer courage, guts and home-made business acumen that led to success – lessons for today’s generation of ‘MBA’ entrepreneurs.
    http://www.sundaytimes.lk/140713/business-times/dasa-last-of-the-mohicans-106460.html

      Current date/time is Thu Oct 24, 2024 5:13 pm