- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga
රාගම බ්‍රවුන්ස් රෝහල ඉෂාරගෙන් හැරීට. රු. බිලියන 1.6 ක ගනුදෙනුවක්
Melsta Healthcare Colombo (Pvt) Ltd මේ වෙනුවෙන් ආයෝජිත මුදල රුපියල් බිලියන 1.6 කි.
බදාදා දින (19) දින මෙම ගනුදෙනුව සිදුවී ඇත.
බ්‍රවුන්ස් හෙල්ත් කෙයාර් (පුද්) සමාගම “Browns Hospitals“ සන්නාමය යටතේ සිය සෞඛ්‍යාරක්ෂණ ව්‍යාපාරය සිදුකරනු ලබන අතර රාගම බ්‍රවුන්ස් රෝහලේ පූර්ණ හිමිකාරීත්වය එය සතු වේ.
මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ඉෂාර නානායක්කාර මහතා බ්‍රව්න් ඇන්ඩ් කම්පැනි පීඑල්සී හි විධායක සභාපතිවරයා වේ. බ්‍රව්න් ඇන්ඩ් කම්පැනි පීඑල්සී බහුතර කොටස් හිමිකාරීත්වය දරනු ලබන්නේ LOLC Holdings PLC විසිනි.
Melsta Healthcare Colombo (Pvt) Ltd සමාගම යනු කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත තවත් විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහයක් වන Melstacorp PLC හි පූර්ණ අනුබද්ධිත සමාගමකි. දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් මෙහෙයවෙන Melstacorp PLC හි බහුතර කොටස් හිමිකාරීත්වය ඔහු යටතේ පවතී.