The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
avatar
Rana
Top contributor
Top contributor
Posts : 1786
Join date : 2015-12-16

ලංකා බැංකුවේ, සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු කරන්න අගමැතිගෙන් නියෝගයක් Empty ලංකා බැංකුවේ, සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු කරන්න අගමැතිගෙන් නියෝගයක්

Sat Dec 17, 2016 10:24 pm
Message reputation : 100% (1 vote)
ලංකා බැංකුවේ හිමිකාරීත්වය යටතේ පැවති සෙලාන් බැංකුවේ කොටස් මිලියන 13 ක් විකුණා දැමීමට අදාළ ගනුදෙනුව වහාම අවලංගු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.

මෙම ගනුදෙනුව රජයේ කිසිදු අනුමැතියකින් තොරව සිදු වී ඇති බවට වාර්තා වන අතර විෂය භාර අමාත්‍යවරයාගේ හෝ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුදැනුමකින් තොරව අදාළ ගනුදෙනුව සිදු වී ඇති බවට ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

මෙම ගනුදෙනුව වහාම අවලංගු කරන ලෙස නියෝග කර ඇති අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ද නියෝග කර තිබේ.

සෙලාන් බැංකු, ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 13,198,305 ක් ලංකා බැංකුව සතුව පැවති අතර මෙය සෙලාන් බැංකුවේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 7.5% ක් විය. මෙහිදී එක් කොටසක් රු. 100 බැගින් අලෙවි වූ අතර රුපියල් බිලියන 1.32 (1,319,830,500) ක පිරිවැටුමක් මෙම ගනුදෙනුවෙන් වාර්තා විය.

ඊයේ දිනයේ දී සෙලාන් බැංකු කොටසක අවසන් ගනුදෙනු මිල රු. 85.00 ක් වූ අතර වෙළෙඳපොළ ගනුදෙනු මිලට වඩා රු. 15.00 ක අධි මිලකට, එනම් රු. 100.00 බැගින් මෙම කොටස් ගනුදෙනුව සිදුව තිබේ.

කොටස් වෙළෙඳපොළ සංඛ්‍යා වාර්වතාවලට අනුව මෙම ගනුදෙනුවේ ගැනුම්කාර පාර්ශවය වී ඇත්තේ විදෙස් ආයෝජකයෙකි.

http://biz.adaderana.lk
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

ලංකා බැංකුවේ, සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු කරන්න අගමැතිගෙන් නියෝගයක් Empty Re: ලංකා බැංකුවේ, සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු කරන්න අගමැතිගෙන් නියෝගයක්

Mon Dec 19, 2016 7:21 am
Message reputation : 100% (2 votes)
PM is encouraging foreign investments in style....
Yin-Yang
Yin-Yang
Posts : 1321
Join date : 2016-03-12

ලංකා බැංකුවේ, සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු කරන්න අගමැතිගෙන් නියෝගයක් Empty Re: ලංකා බැංකුවේ, සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු කරන්න අගමැතිගෙන් නියෝගයක්

Mon Dec 19, 2016 10:12 am
Message reputation : 100% (1 vote)
yellow knife wrote:PM is encouraging foreign investments in style....

නෑ නෑ මල්ලියෝ!
අවලංගු කරනවා කියන්නේ, 100ට විකුනපු ටික ආපහු 150ට ගන්නවා කියන එක.

විදෙස් සමාගමක් කියන්නේ ඇලෝ2 සිංගප්පුර් වගේ එකක්.

හැඃ හැඃ හෑ!!!
sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

ලංකා බැංකුවේ, සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු කරන්න අගමැතිගෙන් නියෝගයක් Empty Re: ලංකා බැංකුවේ, සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු කරන්න අගමැතිගෙන් නියෝගයක්

Mon Dec 19, 2016 10:52 am
Message reputation : 100% (2 votes)
ECONOMYNEXT - Prime Minister Ranil Wickremesinghe has ordered the reversal of state-owned Bank of Ceylon's controversial sale of a stake in the private Seylan Bank.

The stock market regulator has already been informed of the government's intention to revoke Friday's sale to an unidentified foreign buyer, which some believe could be a front for a local business.

"The Prime Minister acted at lightning speed no sooner he was informed of this illegal sale," Finance Minister Ravi Karunanayake told reporters on the side-lines of a dinner hosted by Foreign Minister Mangala Samaraweera at his official residence in Colombo.

"We can and we are going to reverse the transaction because it is illegal," the minister said.

"The Bank of Ceylon managers did not have authority to sell this stake. The (BOC) board had discussed, but not decided to sell this stake. Heads will roll."

Senior administration officials say two additional general managers of Bank of Ceylon had allegedly authorised the sale without the approval of the board of directors of the bank. The transaction was carried out while BOC's chairman was out of the country.

It is not clear what the threshold of transactions the management or investment committee is allowed to conduct without getting approval from the board. The bank is also known to have liquidated other investments in recent days.

However, the administration feels that any sale of a "strategic stake" requires specific permission.

In terms of the size, a 1.3 billion rupee sale is just 0.08 percent of the  1,678 billion rupee balance sheet of the Bank of Ceylon as of September 2016.

In the annual report, the 1.3 million block of Seylan voting shares is listed in the 'available for sale' portfolio.

"Four months ago, the government had an offer of 140 rupees for a share of Seylan, but it was turned down," another top ministerial source said on Sunday.

Friday's sale of 13 million shares of Seylan was done at 100 rupees, above the market rate of 85 rupees.

However authorities believe the value of the 7.5 percent block could be considerably higher for a strategic investor.

Asked if the decision to reverse the share transaction would have a negative impact on the already lacklustre stock exchange, the minister said it should not discourage genuine investors.

"In fact, our decision should boost the market because it shows we won't allow any hanky-panky."

However, if the buyer was a genuine foreign investor, the effects are less clear, market analysts say.
(Colombo/Dec18/2016)
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

ලංකා බැංකුවේ, සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු කරන්න අගමැතිගෙන් නියෝගයක් Empty Re: ලංකා බැංකුවේ, සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු කරන්න අගමැතිගෙන් නියෝගයක්

Mon Dec 19, 2016 11:40 am
Message reputation : 100% (2 votes)
"In fact, our decision should boost the market because it shows we won't allow any hanky-panky."


Yes market reaction will tell us that...
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

ලංකා බැංකුවේ, සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු කරන්න අගමැතිගෙන් නියෝගයක් Empty Re: ලංකා බැංකුවේ, සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු කරන්න අගමැතිගෙන් නියෝගයක්

Mon Dec 19, 2016 11:42 am
Message reputation : 100% (1 vote)
Are we not entitle to know the details ?
(It can't be something to do with National security).
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

ලංකා බැංකුවේ, සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු කරන්න අගමැතිගෙන් නියෝගයක් Empty Re: ලංකා බැංකුවේ, සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු කරන්න අගමැතිගෙන් නියෝගයක්

Mon Dec 19, 2016 2:49 pm
Message reputation : 100% (2 votes)
"Four months ago, the government had an offer of 140 rupees for a share of Seylan, but it was turned down," another top ministerial source said on Sunday.


Five  years ago I would have sold BFL at 400

ලංකා බැංකුවේ, සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු කරන්න අගමැතිගෙන් නියෝගයක් XzIXjTis65kAAAAASUVORK5CYIIA



One year ago I would have sold LIOC at 60+ and so on... even few months ago TPL at 36+

So what...?

Who is this trainee...Top Minister....
avatar
yaka
Posts : 374
Join date : 2014-02-28

ලංකා බැංකුවේ, සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු කරන්න අගමැතිගෙන් නියෝගයක් Empty Re: ලංකා බැංකුවේ, සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු කරන්න අගමැතිගෙන් නියෝගයක්

Mon Dec 19, 2016 4:36 pm
Message reputation : 100% (3 votes)
නෑ......නෑ.......... මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ.... ඇයි මේක වැඩි මිලට විකුනුවේ කියලා.... අපෙන් අහන්නේ නැතුව එහෙම රාජය ආයතන ලාබ ලබන්න පුලුවන් ද​??
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

ලංකා බැංකුවේ, සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු කරන්න අගමැතිගෙන් නියෝගයක් Empty Re: ලංකා බැංකුවේ, සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු කරන්න අගමැතිගෙන් නියෝගයක්

Mon Dec 19, 2016 5:03 pm
Message reputation : 100% (3 votes)
yaka wrote:නෑ......නෑ.......... මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ.... ඇයි මේක වැඩි මිලට විකුනුවේ කියලා.... අපෙන් අහන්නේ නැතුව එහෙම රාජය ආයතන ලාබ ලබන්න පුලුවන් ද​??


It seems few more profit making state institutions will be in danger zone next year....The genuine honest leaders of such are to be chopped off.... Beware...
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

ලංකා බැංකුවේ, සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු කරන්න අගමැතිගෙන් නියෝගයක් Empty Re: ලංකා බැංකුවේ, සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු කරන්න අගමැතිගෙන් නියෝගයක්

Mon Dec 19, 2016 8:05 pm
Message reputation : 100% (2 votes)
සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු වෙලා නැහැ – කොටස් වෙළෙඳපොළ අදත් පහළට

කා බැංකුවට අයත්ව තිබූ සෙලාන් බැංකුවේ කොටස් මිලියන 13 ක් විදේශ පාර්ශවයකට විකිණීම සම්බන්ධයෙන් වූ ගනුදෙනුව වහාම අවලංගු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නියෝග කර තිබුණත් එම ගනුදෙනුව අවලංගු වීම අද දිනයේ දී (19) සිදුව නොමැති බව කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී කොටස් තැරැව්කරුවකු කියා සිටියේ පසුගිය සිකුරාදා (16) දින අවසානයේ දී සෙලාන් බැංකුවේ විදේශීය කොටස් හිමිකාරීත්වය, කොටස් 13,198,305 කින් ඉහළ ගොස් තිබෙන බවත්, අද (19) දින අවසානයේ දී එම ප්‍රමාණයේ වෙනසක් සිදුව නැති බවත්ය. යම් හෙයිකින් අදාළ ගනුදෙනුව අවලංගු වූවා නම් මධ්‍යම තැන්පතු ක්‍රමයෙහි (CDS) දත්තවලට අනුව සෙලාන් බැංකුවේ විදේශීය කොටස් හිමිකාරීත්වය අදාළ කොටස් ප්‍රමාණයෙන් අඩුවිය යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

මේ අතර අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 18.04 කින් පහළ ගිය අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 6,250.57 ක් ලෙසින් වාර්තා විය. රුපියල් මිලියන 260.68 ක පිරිවැටුමක් දිනයේ ගනුදෙනු තුළින් වාර්තා වී තිබුණු අතර එහිදී රුපියල් මිලියන 73.8 ක වටිනාකමකින් යුතු නෙස්ලේ සමාගමේ කොටස් 36,000 ක් රු. 2,050 බැගින් ගනුදෙනු වීම දිනය තුළ තනි සමාගමකින් වාර්තා වූ වැඩිම පිරිවැටුම විය.

මේ අතර ලංකා බැංකුව විසින් 95.55% ක කොටස් හිමිකාරීත්වය දරනු ලබන ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගමේ කොටස් මිල රු. 70.00 දක්වා රු. 14.90 කින් පහළ යාම කැපී පෙනුනු කරුණක් විය. මෙය පෙර දිනයට සාපේක්ෂව 17.55% ක මිල පහළ යාමකි. තවද දිනය තුළ දී රේණුකා ෆුඩ්ස් පීඑල්සී හි ඡන්ද බලය අහිමි කොටසක මිල 18.78% කින් ද, කැලණිවැලි වැවිලි සමාගමේ කොටසක මිල 18.70% කින් ද දිනය තුළ පහළ යන ලදී.

අඛණ්ඩව කොටස් වෙළෙඳපොළ පහළ ගිය 5 වන දිනය අදයි.
avatar
Rana
Top contributor
Top contributor
Posts : 1786
Join date : 2015-12-16

ලංකා බැංකුවේ, සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු කරන්න අගමැතිගෙන් නියෝගයක් Empty සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු කෙරේ

Wed Dec 21, 2016 4:37 pm
Message reputation : 100% (1 vote)
http://biz.adaderana.lk
පසුගිය සිකුරාදා (16) දින සිදු වූ ලංකා බැංකුවට අයත්, සෙලාන් බැංකු සමාගමේ කොටස් මිලියන 13 ක කොටස් ගනුදෙනුව අවලංගු කරනු ලැබ තිබේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා මේ බව තහවුරු කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රජීව බණ්ඩාරනායක මහතා කියා සිටියේ, අදාළ ගනුදෙනුව අවලංගු කිරීම සඳහා ඊට පහසුකම් සපයනු ලැබූ කොටස් තැරැව්කාර සමාගමෙන් ඉල්ලීමක් ඉදිරිපත් කෙරුණු බවත්, කොටස් වෙළෙඳපොළ නීතී රීතිවලට අනුව එවැනි ඉල්ලීමක් කිරීමට කොටස් තැරැව්කාර සමාගමට හැකි බවත්ය.

මේ අනුව අදාළ ගනුදෙනුව ඊයේ දිනයේ (20) දී අවලංගු කර තිබේ.

මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පළ කළ අදහස් පහතින් ශ්‍රවණය කළ හැකිය.

sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

ලංකා බැංකුවේ, සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු කරන්න අගමැතිගෙන් නියෝගයක් Empty Re: ලංකා බැංකුවේ, සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු කරන්න අගමැතිගෙන් නියෝගයක්

Wed Dec 21, 2016 6:32 pm
Message reputation : 100% (1 vote)
Indala indala monawahari positive deyak una witharai....*%$###%^
avatar
Rana
Top contributor
Top contributor
Posts : 1786
Join date : 2015-12-16

ලංකා බැංකුවේ, සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු කරන්න අගමැතිගෙන් නියෝගයක් Empty Seylan Bank in peril as Japanese investor to withdraw Rs. 3,500 million

Sun Dec 25, 2016 12:23 pm
Message reputation : 100% (1 vote)
http://srilankamirror.com/news/1126-seylan-bank-in-peril-as-japanese-investor-to-withdraw-rs-3-500-million
The Seylan Bank is in danger of economic failure following the cancellation of a deal to sell 13 million of its shares (7.5 per cent of total shares) owned by the Bank of Ceylon, reports say.

Share market sources say Japanese businessman Motohiko Homma had cancelled the deal and also decided to withdraw nearly Rs. 3,500 million (25 million USD) of his money deposited in Seylan Bank.

The bank will not be able to survive the withdrawal of such a large sum of money suddenly, says the sources.

With business interests in Japan, the US, Australia and Singapore, Homma had got involved in the Seylan Bank share sale at the request of one P. Gunasekara, a key customer of the bank.

They are business partners and own a 19 per cent stake of Australia’s Pacific Turbines in Brisbane.

Homma made the bid for the Seylan Bank shares through his Singapore registered Asir and Nec (Pvt.) Ltd.

According to reports reaching us, he had several other business plans in mind when he had come forward to buy the Seylan Bank shares.

PM’s mediation

There have been reports in the media that the prime minister had instructed the cancellation of the deal, after he received information that serious fraud had taken place, and that the subject minister or the ministry secretary had not sanctioned the deal, in a planned sale of 13 million Bank of Ceylon owned shares in Seylan Bank.

The PM has also instructed the FCID to investigate the matter, as the Japanese businessman had offered a higher-than-normal price per share.

The Bank of Ceylon, being the sixth largest shareholder, owned 13,198,305, or 7.5 pc of declared assets, voting shares of Seylan Bank.

The per share value at the time was Rs. 85.00, but Homma had offered a price of Rs. 100 per share.

Deal was legal

Share market sources say the deal worth Rs. 1.32 billion was legal.

The broker firm that facilitated the deal has made a request for its cancellation, which too, is legal.

However, there are questions over the cancellation of the deal owing to the behind-the-scene happenings.

PM misled

The parties that had urged the PM to order the cancelation had not given him the real facts of the deal, and had cited the businessman as a pawn of a top shareholder of Seylan Bank.

No discussion had taken place with Homma, who had not been given an opportunity raise the matter with either the president or the PM, although he was in the island on December 22 and 23.

Sources say a certain businessman who had bought shares of several financial institutions through inappropriate means and had his eyes on the Seylan Bank shares too, had used his political friendships to send wrong signals to the PM.

Homma has been told by his advisers not to make any further investments in Sri Lanka and to withdraw his investments already made.

Financial experts say the share market will be adversely affected by such government decisions and warn of a reduction of foreign investments and a lack of confidence in the government.

http://sinhala.srilankamirror.com/news/1409-seylan-bank-in-peril-as-japanese-investor-to-withdraw-rs-3-500-million

ලංකා බැංකුවේ හිමිකාරීත්වය යටතේ පැවැති සෙලාන් බැංකුවේ කොටස් මිලියන 13 ක් විකුණා දැමීමට අදාළ ගනුදෙනුව අවලංගු කිරීමත් සමඟ සෙලාන් බැංකුව බිඳවැටීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි.

මූල්‍ය වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙසේ සෙලාන් බැංකුව බිඳවැටීමේ අවදානම මතුව තිබෙන්නේ අදාළ කොටස් මිලදී ගත් ජපන් ජාතික කෝටිපති ව්‍යාපාරිකයා වන මොටොහිකෝ හොම්මා (Motohiko Homma) සිය ගනුදෙනුව අවලංගු කිරීම හේතුවෙන් ඔහු සතුව සෙලාන් බැංකුවේ තැන්පත් කර තිබූ තවත් රුපියල් කෝටි 350 (අමෙරිකානු ඩොලර් මිලියන 25) කට ආසන්න තැන්පත් මුදල ඉවත් කර ගැනීමට ගෙන ඇති තීරණය නිසාය.

මේ පිළිබඳව වාර්තා කරමින් මූල්‍ය වෙළෙඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ එකවර මෙතරම් මුදලක් සෙලාන් බැංකුව වෙතින් ඉවත් කර ගතහොත් එය බැංකුවට දරාගත නොහැකි තත්ත්වයක් වනු ඇති බවය.


ජාත්‍යන්තර ව්‍යාපාරිකයෙක් :


ජපන් ව්‍යාපාරික හොම්මා අමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, ජපානය සහ සිංගප්පූරුව ඇතුළු රටවල් ගණනාවක ව්‍යාපාර හිමි කෝටිපති ව්‍යාපාරිකයෙකි.

හොම්මා මෙම ගනුදෙනුව සඳහා ඉදිරිපත් වී ඇත්තේ සෙලාන් බැංකුවේ ප්‍රධාන පෙළේ ගනුදෙනුකරුවකු වන පී. ගුණසේකර නම් මෙරට ව්‍යාපාරිකයකුගේ ඉල්ලීම පරිදිය.

ගුණසේකර නම් ව්‍යාපාරිකයා හොම්මාගේව්‍යාපාරික සහකරුවකු වන අතර ඔවුන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ව්‍යාපාරයක් වන පැසිපික් ටර්බයින් බිස්බන් සමාගමේ 19%ක කොටස් හිමිකරුවෝ ද වෙති.

ඒ අනුව සිය ව්‍යාපාරික සගයාගේ ඉල්ලීම මත මෙම කොටස් මිලදී ගැනීම සඳහා හොම්මා යොමු වී ඇත්තේ ඔහුට අයත් අසීර් ඇන්ඩ් නෙක් (පෞද්) සමාගම හරහාය. එම සමාගම සිංගප්පූරුවේ ලියාපදිංචි කර ඇති සමාගමකි.

අගමැතිගේ මැදිහත්වීම :


අප වෙත වාර්තා වන අන්දමට ඉදිරියේදී තවත් ආයෝජන කිහිපයක් වෙනුවෙන් ද මැදිහත් වීමට අපේක්ෂා ඇතිව හොම්මා මහතා අදාළ ගනුදෙනුව සඳහා ඉදිරිපත්ව ඇති අතර ඊට අමතරව සෙලාන් බැංකුවේ කොටස් හිමිකාරීත්වය ගැනීමේ පෞද්ගලික ළැදිකමක් ද ඔහුට තිබී ඇත.

ගුණසේකර නම් ව්‍යාපාරිකයා ද සිය සගයාට කොටස් වෙළෙඳපොළේ ඇති ලංකා බැංකුවට අයත් 7.5% කොටස් පිළිබඳ දැනුම් දී ඇත්තේ ඒ අනුවය.

කෙසේ වුවත් මේ ගනුදෙනුව අවලංගු කරන ලෙස දැනුම් දී ඇත්තේ අග්‍රාමාත්‍යවරයා බවට මාධ්‍ය වාර්තා පළ වූ අතර එහි දී වැඩිදුරටත් කියවුණේ ලංකා බැංකුවේ හිමිකාරීත්වය යටතේ පැවැති සෙලාන් බැංකුවේ කොටස් මිලියන 13 විකුණා දැමීමට අදාළ ගනුදෙනුවේ දී බරපතළ වංචාවක් සිදුව ඇති බවට ලැබුණු ආරංචියකට අනුව අග්‍රාමාත්‍යවරයා අදාළ තීරණය දැනුම් දුන් බවය.

එහි දී ලංකා බැංකුවේ අංක 1 ගිණුම යටතේ පැවැති සෙලාන් බැංකු කොටස් හිමිකාරීත්වය පසුගිය 16 දා විකුණා දමා ඇත්තේ විෂයභාර අමාත්‍යවරයාගේ හෝ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුදැනුමකින් තොරව බවට සඳහන් කර ගනුදෙනුව නවතන ලෙසට දැනුම් දීම සිදුකර ඇත.

එසේම අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක්පවත්වන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ද නියෝග කර ඇති බවට ද මාධ්‍ය වාර්තා පළ විය.

ඊට අදාළ පසුබිම වාර්තා වන්නේ අදාළ කොටසක් වෙනුවෙන් අධි මිලක් ගෙවීමට ජපන් ජාතික ව්‍යාපාරිකයා කටයුතු කර ඇති නිසාය.


නීත්‍යනුකූලව සිදු වූ ගනුදෙනුවක් !

ජපන් ජාතික හොම්මා මෙම කොටස් මිලදී ගැනීම සිදු කරන විට සෙලාන් බැංකුවේ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 13,198,305 ක් ලංකා බැංකුව සතුව පැවති අතර එය සෙලාන් බැංකුවේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 7.5% ක් වී ඇත.

ඒ තුළ ලංකා බැංකුව සෙලාන් බැංකුවේ 6 වන විශාලතම කොටස් හිමිකරුවා ද විය.

අදාළ මිලදී ගැනීම සිදු වන විට ඒ එක් කොටසක මිල රුපියල් 85.00ක් වන ලෙස සටහන්ව තිබී ඇත.

ඒ අනුව හොම්මා මෙම මිලදී ගැනීම සිදුකර ඇත්තේ එක් කොටසක් රුපියල් 100 බැගින් වෙළෙඳපොළ ගනුදෙනු මිලට වඩා රු. 15.00 ක වැඩි මිලකටය.

ඒ අනුව එක් කොටසක් රු. 100 බැගින් අලෙවි වූ අතර රුපියල් බිලියන 1.32 (1,319,830,500) ක පිරිවැටුමක් මෙම ගනුදෙනුවෙන් වාර්තා වූ අතර එය මුළුමනින්ම නීත්‍යනුකූලව සිදු වූ ගනුදෙනුවක් බව කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.


කොටස් හිමියකුගේ ඉත්තෙක් ?


කෙසේ වුවත් අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීම අනුව අදාළ ගනුදෙනුව අවලංගු කිරීම සඳහා ඊට පහසුකම් සපයනු ලැබූ කොටස් තැරැව්කාර සමාගමෙන් ඉල්ලීමක් ඉදිරිපත් වී ඇති අතර කොටස් වෙළෙඳපොළ නීති රීතිවලට අනුව එවැනි ඉල්ලීමක් කිරීමට කොටස් තැරැව්කාර සමාගමට අවස්ථාව ඇත.

ඒ අනුව එම මැදිහත්වීම ද නීත්‍යනුකූලය. එහෙත් ගැටලු‍ව වන්නේ ඒ පසුබිමේ ඇසෙන අතුරු කතා සමඟ අදාළ ගනුදෙනුව වැළැක්වීමට ගත් පියවර කෙතරම් දියුණු තීන්දුවක්ද යන්න සැලකීමේදීය.

ඒ අනුව මෙම ගනුදෙනුව අවලංගු කරවීම සඳහා අග්‍රාමාත්‍යවරයාට කරුණු දැක්වූ පාර්ශ්ව මෙම ගනුදෙනුවේ යථා තතු ඔහුට ලබා දී නොමැති බව ද වාර්තා වෙයි.

ආණ්ඩුවේ ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ එම ව්‍යාපාරිකයා මේ වන විටත් සෙලාන් බැංකුවේ ප්‍රබල කොටස් හිමියකුගේ ඉත්තෙක් ලෙස දක්වා අදාළ ගනුදෙනුව වැළැක්වීමට අග්‍රාමාත්‍යවරයා උනන්දු කළ පාර්ශ්ව කටයුතු කර ඇති බවය.

එහි දී අදාළ ව්‍යාපාරිකයා සමඟ කිසිදු සාකච්ඡාවක් සිදු ව නැති අතර අවම වශයෙන් දෙසැම්බර් 22 සහ 23 යන දිනවල අදාළ ගනුදෙනුව ගැන පැහැදිලි කරදීමට අග්‍රාමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා හමුවීමේ අපේක්ෂාවෙන් හොම්මා නැවත ශ්‍රී ලංකාවට පැමිණියත් ඒ අවස්ථාවවත් සලසා නැත.


අගමැති නොමග යවලා !


එසේම මෙම කොටස් ගනුදෙනුව වැළැක්වීම පිටුපස පසුගිය සමයේ මූල්‍ය සමාගම් කිහිපයක කොටස් ආන්දෝලනාත්මකව ලබා ගත් ව්‍යාපාරිකයකු සිටින බවත් ඔහු සිය දේශපාලන හිතවත්කම යොදාගෙන මෙම ගනුදෙනුව පිළිබඳ විකෘති අදහසක් අග්‍රාමාත්‍යවරයා වෙත යවා ඇති බවත් මූල්‍ය වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ගවලට අනුව අදාළ ව්‍යාපාරිකයා ද මෙම කොටස් කෙරෙහි අවධානයෙන් සිට ඇති නමුත් ඔහුට එම අවස්ථාව අහිමිව ගොස් ඇත්තේ ජපන් ජාතික ව්‍යාපාරිකයා කොටසක් වෙනුවෙන් අධි මිලක් ඉදිරිපත් කළ නිසාය.

මේ අතර ජපන් ව්‍යාපාරිකයාට ඔහුගේ ව්‍යාපාරික උපදේශකයන් විසින් තවදුරටත් ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු නොකරන ලෙසත් දැනට ඇති ආයෝජන ඉවත් කර ගැනීමටත් උපදෙස් ලබා දී ඇති බව ද දැනගන්නට ඇත.

සෙලාන් බැංකුවේ තැන්පත් මුදල් ඉවත් කර ගන්නට හොම්මා කටයුතු තීරණය කර ඇත්තේ ද ඒ අනුවය.


ආයෝජකයන්ගේ විශ්වාස :

කෙසේ වුවත් රජයේ මෙවැනි තීරණ හේතුවෙන් කොටස් වෙළෙඳපොළ කඩා වැටීමක් සිදු වෙමින් ඇති බවත් එසේම එන්න එන්නම විදේශීය ආයෝජනවල අඩු වීමක් මෙන්ම රජය කෙරෙහි ආයෝජකයන් විශ්වාස නොකරන තත්ත්වයකට රජය පත් වෙමින් සිටින බවත් මේ සම්බන්ධව අදහස් පළ කරන මූල්‍ය විශේෂඥයෝ පවසති.
avatar
Rana
Top contributor
Top contributor
Posts : 1786
Join date : 2015-12-16

ලංකා බැංකුවේ, සෙලාන් කොටස් ගනුදෙනුව අවලංගු කරන්න අගමැතිගෙන් නියෝගයක් Empty ලංකා බැංකුවේ සෙලාන් කොටස් අලෙවිය : අත යට ගනුදෙනුවක් ගැන විමර්ශනයක්

Sat Dec 31, 2016 2:39 pm
http://sinhala.srilankamirror.com/news/1531-probe-into-underhand-deal-in-seylan-bank-share-sale
ලංකා බැංකුවේ හිමිකාරීත්වය යටතේ පැවැති සෙලාන් බැංකුවේ කොටස් විකුණා දැමීමට අදාළ ගනුදෙනුව අවලංගු කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා මැදිහත් වී ඇත්තේ කොටස් මිලියන 13ක් වූ එම ගනුදෙනුව තුළ ලංකා බැංකු ප්‍රධානියකු එක් කොටසකට රුපියල් 2.00 බැගින් අත යට ගනුදෙනුවක් සිදු කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

එසේම අදාළ අත යට ගනුදෙනුවට සම්බන්ධ පාර්ශ්ව නිශ්චිතව හඳුනා ගෙන රහස්‍ය වාර්තාවක් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇති බවත් මේ වන විට ඒ පිළිබඳ විමර්ශනයක් අරඹා ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මේ පිළිබඳ අප වෙත ලැබී ඇති තවත් විශ්වාසවන්ත තොරතුරකට අනුව මෙම ගනුදෙනුව වැළැක්වීම පිටුපස ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනකු ද සිටින අතර අදාළ ගනුදෙනුව අත යට ගනුදෙනුවක් තුළ සිදු වූයේ එක් කොටසක් රුපියල් 110.00 බැගින් විකිණීමට අවස්ථාව තිබිය දී බව අමාත්‍ය දෙපළ අග්‍රාමාත්‍යවරයා හමුවේ කරුණු දක්වා ඇත.

මුළුමනින්ම නීත්‍යනුකුලයි :

කෙසේ වුවත් සිදු කළ ගනුදෙනුව පිළිබඳව ලංකා බැංකු ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ එය මුළුමනින්ම නීත්‍යනුකුලව සිදු කරනු ලැබූවක් වන බවය.

2009 වසරේ කොටසක් රුපියල් 30.00 ලෙස මිලදීගත් සෙලාන් බැංකු කොටස් අදාළ ගනුදෙනුවේ දී රුපියල් 100.00 කට අලෙවි කළ බවත් ඒ හරහා ලංකා බැංකුවට 300%ක ලාභයක් අත්වූ බවත් ගනුදෙනුවේ නීත්‍යනුකූලභාවය පිළිබඳ කොටස් වෙළෙඳපොළ පවා තහවුරු කර ඇති බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ පිළිබඳ අප වෙත ලැබී ඇති වැඩිදුර තොරතුරුවලට අනුව ජපන් ජාතික කෝටිපති ව්‍යාපාරිකයා වන මොටොහිකෝ හොම්මා (Motohiko Homma) මෙම මිලදී ගැනීම සඳහා කැඳවාගෙන ආ ලාංකේය ව්‍යාපාරිකයා ප්‍රින්ස් ගුණසේකර වන අතර ඔහු එජාප පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්කගේ ද හිතවතෙකි.

JB Securities - Murtaza Jafferjee :

ව්‍යාපාරික ප්‍රින්ස් ගුණසේකර මහතා සිය ව්‍යාපාරික සහකරු වූ ජපන් ජාතික හොම්මා වෙනුවෙන් අදාළ ගනුදෙනුව සඳහා යොදාගෙන ඇති තැරැව්කාර සමාගම JB Securities වන අතර එහි කළමනාකර අධ්‍යක්ෂ වන්නේ Murtaza Jafferjee ය.

ඔහු CFA ආයතනයේ හිටපු සභාපතිවරයකු සහ නේෂන් ට්‍රස්ට් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ද නියෝජනය කරයි.

එසේම ඔහු වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් කිහිප දෙනකුගේ ළඟම හිතවතෙක් සේම පසුගිය සමයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය වෙත මූල්‍යමය ආධාර කර ඇති බවත් වාර්තා වෙයි.

ප්‍රින්ස් ගුණසේකර සහ හොම්මා අදාළ ගනුදෙනුව සඳහා ඔහුව හමුවී ඇති අතර පසුව ලංකා බැංකුව සතු සෙලාන් කොටස් එක් කොටසක් රුපියල් 100.00 බැගින් විකිණීමට සූදානම් බව දැනුම් දී ඇත්තේ ද ඔහු විසින්ය.

එහි දී ඇති වූ එකඟතාව මත සිදු වීමට යන ගනුදෙනුව සම්බන්ධව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා වන එරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොමිටියක් අනුමත කර ඇති බව ද දැනගන්නට ඇත.

මේ බව ලංකා බැංකු ආරංචි මාර්ග ද තහවුරු කරයි.

විධිමත් ක්‍රමවේදයක් :

කෙසේ වුවත් මෙම ගනුදෙනුව අත්හිටුවීමේ තීරණය දැනුම්දීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳපොළ සීග්‍ර කඩා වැටීමක් පෙන්නුම් කළ අතර මූල්‍ය විශ්ලේෂකයන්ගේ අදහස වූයේ රාජ්‍ය අනුබද්ධ මූල්‍ය ආයතන ඇතුළත් ගනුදෙනුවලට අදාළ තීන්දු තීරණ ගැනීමේ දී මීට වඩා පරිස්සම් සහගතව කටයුතු කිරීම වැදගත් වන බවත්, නැතහොත් එය මෙරට ආයෝජනය කිරීමට ආයෝජකයන් අධෛර්යමත් කරවන පසුබිමක් නිර්මාණය කරනු ඇති බවත්ය.

කෙසේ වුවත් මේ වන විට ජනාධිපතිවරයා ද අදාළ ගනුදෙනුව පිළිබඳ අවධානය යොමු කර ඇති බව වාර්තා වන අතර එහි දී ජනාධිපතිවරයා වගකිවයුතු පාර්ශ්ව දැනුවත් කොට ඇත්තේ යළිත් රාජ්‍ය අනුබද්ධ මූල්‍ය සමාගම් මෙවැනි ගනුදෙනු වලට පිවිසීමේ දී වඩා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කිරීමට කටයුතු කිරීම වැදගත් බවය.

(සංජය ලියනගේ)
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum