The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ආනයන පාලනයෙන් රුපියල රැකීම EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    ආනයන පාලනයෙන් රුපියල රැකීම

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ආනයන පාලනයෙන් රුපියල රැකීම Empty ආනයන පාලනයෙන් රුපියල රැකීම

    Post by nihal123 Fri Oct 05, 2018 6:58 am

    ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ‍්‍රී ලංකා රුපියල පිරිහීම දිගටම සිදුව ඇති දෙයක් වුවත් එය මේ ආණ්ඩුව යටතේ තරමක් වේගයන් සිදු වූ අතරම ඉකුත් සැප්තැම්බර් 14 වැනි සිකුරාදා දින ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක අගය රුපියල් 164 ඉක්මවා ගියේය. ඉන් පසු සැප්තැම්බර් 20 වැනි දින දක්වාම වාර්තාගත ලෙස රුපියල සැලකිය යුතු අගයන්ගෙන් පිරිහීමට ලක් විය. ඒ අනුව සැප්තැම්බර් 13 වැනිදා ඇමෙරිකානු ඩොලරයක පැවති විකුණුම් අගය රු. 163.37 සිට එක සතියක් වැනි කෙටි කාලයකදී රු. 170 ද ඉක්මවා ගියේය. මේ දිනවල එය රු. 171 ට ආසන්න අගයක ස්ථාවර වී තිබේ. මෙතෙක් පැවති සාමාන්‍ය වශයෙන් පිරිහෙන ප‍්‍රමාණයට වැඩියෙන් මෙසේ දින කිහිපයක් වේගවත් පිරිහීමකට රුපියල ලක්වීම, ශ‍්‍රී ලංකා ආර්ථිකය මත කම්පනයක් ඇති කළේය. මහ බැංකු අධිපති අචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පෙරේදා (02 වැනිදා* මහ බැංකු මූලස්ථානයේදී පැවති මාසික මාධ්‍ය හමුවේදී කීවේ මේ වනවිට මහ බැංකුව මැදිහත් වී තත්ත්වය සමනය කර ඇති බවයි. එහෙත් ඔහු තවදුරටත් කියා සිටියේ ඇමෙරිකානු පොලී අනුපාත තවදුරටත් ඉහළ යනු ඇති බවට ඇති අපේක්ෂා සහ ජාත්‍යන්තර ඛනිජ තෙල් මිල ඉහළ යෑමේ ප‍්‍රවණතාව නිසා ලෝක ආර්ථිකය මුහුණ පා ඇති අභියෝග තවදුරටත් තීව‍්‍ර වනු ඇති බවයි. එහෙත් එම තත්ත්වයන් සමනය කර ගැනීමේ හැකියාව මහ බැංකුවට පවතින බව ද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය. මින් අපට හැෙඟන්නේ ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වීමෙන් රුපියලට වනු ඇති පීඩනය ඉදිරියටත් පවතින බවයි. ඒ හමුවේ රජයත් මහ බැංකුවත් තවදුරටත් ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට ද ඉඩ තිබේ. දැනටමත් ගෙන තිබෙන සහ ඉදිරියට ගැනීමට ඉඩ ඇති එම පියවර හමුවේ ජනතාවගේ ජීවන වියදම තවදුරටත් ඉහළ යෑම ද වැළැක්විය නොහැකි වනු ඇත. මේ පසුබිම තුළ රුපියල රැකීමේ විසඳුම් ගැන අපි මේ ලිපියෙන් සාකච්ජා කරමු.

    ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වීම නිසා රජයේ සුරැකුම්පත්වලින් විදේශ ආයෝජන පිටට ගලා යෑමත් ආනයන ඉහළ යෑම නිසාත් අපේ විනිමය අනුපාතය මත සැලකිය යුතු පීඩනයකට මුහුණ දීමට සිදු වූ බව ද, මේ අනුව මේ වසරේ (2018* මුල සිට ඔක්තෝබර් 01 වැනි දින දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ‍්‍රී ලංකා රුපියල සියයට 9.7 කින් පිරිහී ඇතැයි ද එසේම මේ වසරේ (2018* මුල සිට මේ දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් පමණ ආර්ථිකයෙන් පිටවී ගොස් ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා පෙරේදා මහ බැංකුවේදී පැවති මාධ්‍ය හමුවේදී කීවේය. මේ වනවිට මහ බැංකුව මැදිහත් වී තත්ත්වය සමනය කර ඇතැයි කියා සිටි ඔහු ඒ සඳහා මේ වසරේ මුල සිට මේ දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 184 ක් දේශීය විදේශ විනිමය

    fea8 2වෙළෙඳපොළේ මහ බැංකුව විසින් විකුණා ඇති බව ද ඇමෙරිකානු පොලී අනුපාත ඉහළ යෑමෙන් තවදුරටත් විදේශ විනිමය රටින් පිටව යෑමේ අවදානමක් ඇති බව ද එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවේය. කවරක් නමුත් එම තත්ත්වයන් පාලනය කිරීමට රජයට හැකියාවක් ඇති බව ද කී මහ බැංකු අධිපතිවරයා තවදුරටත් කීවේ එම පියවරයන් නිසා ජීවන වියදමට බලපෑමක් සිදුවිය හැකි බවයි. එනිසා මහ බැංකු අධිපතිවරයා කියන අදහස් වලින් පැහැදිලි වන කරුණු කිහිපයකි. එනම් ඇමෙරිකානු පොලී අනුපාත තවදුරටත් ඉහළ යෑමට ඇති ඉඩකඩ නිසා අපේ රුපියල මත ඇති වන පීඩනය තවදුරටත් වර්ධනය වීම අපේක්ෂා කළ හැකි බවයි. එසේම තෙල් මිල ගණන් ඉහළ යන ප‍්‍රවණතාව හමුවේ අපට ඇතිවිය හැකි පීඩනයන් තවත් උත්සන්න වනු ඇති බවයි. ඒ නිසා ජනතාවට අප කියා සිටින්නේ රුපියලට ඇති පීඩනය මහ බැංකුව සහ රජය එක්ව සමනය කර ගත්තත් ඒ සඳහා අනුගමනය කරන ක‍්‍රියා මාර්ගවල බලපෑම් වලට මුහුණ දීමට ඔබ සැමට සිදු වනු ඇති බවයි. එහි ප‍්‍රධානතම බලපෑමක් වන්නේ ජීවන වියදමට ඇති වන බලපෑමයි. දැනටමත් ජනතාව ඉන්නේ ජීවන බරින් මිරිකී ඉමහත් දුෂ්කර තත්ත්වයකය. ඒ නිසා ජනතාවට කබලෙන් ළිපට වැටෙන තත්ත්වයකට මුහුණදීමට සිදුවනු ඇතිද? අපි බලා සිටිමු.

    මහ බැංකුව ඔවුන්ට මේ රුපියල පිරිහීමේ ප‍්‍රශ්නය කෙතරම් කළමනාකරණය කළ හැකි බව කීව ද ඔවුන්ට කළ හැක්කේ විනිමය අනුපාත කළමනාකරණය තුළින් ආනයන හෝ අපනයන දිරි ගැන්වීමේ හෝ අධෛර්යමත් වීමට බලපෑමක් කිරීමට සහ දිනපතා විනිමය අනුපාත තීරණය කිරීමේ කාර්යයේදී විදේශ සංචිත විකිණීම සහ මිලදී ගැනීම තුළින් විනිමය අනුපාතය උස් පහත් වීම් එනම් උච්චාවචනයන් අවම කිරීමට පියවර ගැනීමයි. දැනට මහ බැංකුව අනුගමනය කරන්නේ නම්‍යශීලී විනිමය අනුපාත ප‍්‍රතිපත්තියක් නිසා ඔවුන් බොහෝ දුරට ඉඩ දී ඇත්තේ වෙළෙදපොළ බලවේග මගින් විනිමය අනුපාතය තීරණය වීමටය. ඒ නිසා මහ බැංකුව විශාල අවප‍්‍රමාණයකට හෝ අධිප‍්‍රමාණයකට තුඩු දෙන උච්චාවචනයන්හිදී විනිමය අනුපාතය ස්ථාවර කිරීමට මැදිහත් වුවත් රුපියල පිරිහීමේ ප‍්‍රධාන ප‍්‍රවණතාව වැළැක්වීමට මැදිහත් නොවන බව කිව යුතුය. මෙවැනි තත්ත්වයකදී විදේශ සංචිත යොදාගෙන රුපියල

    රැුකගැනීමට ගියහොත් වනු ඇත්තේ සංචිත විනාශ කර ගැනීමටය. අන්තිමට විදෙස් සංචිතත් අහිමි කරගෙන රැුකගත් රුපියලකුත් නැති තත්ත්වයකට මුහුණ දීමට මහ බැංකුවට සිදුවනු ඇත. ඒ නිසා මහ බැංකුව මේ අවස්ථාවේ කරන්නේ විදෙස් සංචිතත් රැුකගෙන විනිමය අනුපාතය කිසියම් මට්ටමකට ස්ථාවර කිරීමට මැදිහත් වීම පමණි. එසේ නම් මේ ප‍්‍රශ්නයට කෙටි කාලීනව යම් පියවර ගත හැකිව තිබෙන නමුත් දීගුකාලීන ස්ථිරසාර පිළියම වන්නේ හැකිතාක් විදේශ විනිමය ඉපයුම් වර්ධනය කර ගැනීමට ක‍්‍රියාමාර්ග ගැනීමයි. මෙහිදී අපනයන වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය ප‍්‍රමුඛම කරුණකි. එහෙත් කණගාටුවට කරුණ වන්නේ අපනයන ආදායම් වර්ධනය කර ගැනීම ක්ෂණිකව, කෙටිකාලයකදී කළ නොහැකි වීමයි. ඒ සඳහා කල් ගත වේ. එහෙත් ඒ සඳහා හෝ වෙනත් විදේශ විනිමය ආදායම් ඉහළ නංවා ගැනීමේ තිරසාර වැඩපිළිවෙළක් තවමත් පෙනෙන්නට නැති නිසා රජය බොහෝ දුරට ආනයන පාලන ක‍්‍රියාමාර්ග පමණක් අනුගමනය කරමින් සිටින බවක් පෙනේ. අපේ ආර්ථිකය තුළ අපනයන මෙන් දෙගුණයක් ආනයන පවතින නිසා අපේ අපනයන වැඩිකර ගැනීමෙන් තොරව මේ ප‍්‍රශ්නයට දිගුකාලීන විසඳුමක් නොමැති හෙයින් අපේ රුපියලට ඉදිරියේදී ඇති වන පීඩනය තවදුරටත් වර්ධනය වුවහොත් කරන්නේ කුමක්ද? පෙරේදා මහ බැංකු මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කීවේ තවදුරටත් ඩොලරයේ ඉල්ලූම ඉහළ ගියහොත් රුපියල අවප‍්‍රමාණය වීම පාලනය කිරීම සඳහා ඉදිරියේදී තවත් ක‍්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වනු ඇති බවයි. දැනට සිදුකර ඇත්තේ අත්‍යවශ්‍ය නොවන ආනයන ගෙන්වීම පාලනය කිරීමට පියවර ගැනීමක් පමණක් බව ද ඔහු කීවේය. ආනයනවලට බදු පැනවීම, ආනයන සීමා කිරීම, පොලී අනුපාත වැඩි කිරීම සහ ණය ගැනීම සීමා කිරීම වැනි තවදුරටත් අනුගමනය කළ හැකි ක‍්‍රියාමාර්ග රැුසක් තිබෙන බවත් එය තීරණය වන්නේ අපේ විනිමය අනුපාතයට ඇති වන පීඩනය වර්ධනය වන ප‍්‍රමාණය මත බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය. රුපියලට ඇති වන පීඩනය වර්ධනය වීමට අමතරව තෙල් මිල ගණන් ද තවදුරටත් ඉහළ ගියහොත් අපට මුහුණ දීමට සිදුවන පීඩනය තවත් ඉහළ නැංවෙනු ඇත. ආනයන පාලනයෙන් පමණක් රුපියල පිරිහීමේ ප‍්‍රශ්නයට විසඳුම් සෙවිය නොහැකි බව රජය තේරුම් ගත යුතුය. එය තාවකාලික පැලැස්තරයක් පමණි. මේ සම්බන්ධයෙන් අපට මහජනයාට කීමට ඇත්තේ රුපියල පිරිහීමේ සහ තෙල් මිල ඉහළ යෑමේ අනාගත බලපෑම්වලට තවදුරටත් සූදානම්ව සිටින්න යන්නයි.

    +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ලෝක ආර්ථිකයට ඇති අභියෝග තවත් තීව‍්‍ර විය හැකියි
    - ශ‍්‍රී ලංකා මහ බැංකුව

    fea8 3ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඉකුත් ඔක්තෝබර් මස 01 වැනි දින පැවති රැුස්වීමේදී ප‍්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේම පවත්වා ගැනීමට තීරණය කළේය. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය :ීෘත්‍ඍ* සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය :ීඛත්‍ඍ*ල පිළිවෙළින් සියයට 7.25 සහ සියයට 8.50 මට්ටමේ පවතී. මැදිකාලීනව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී කිරීම මගින් ආර්ථික වර්ධනයට සහාය වීමේ අරමුණ ඇතිව දැනට පවත්නා සහ අපේක්‍ෂිත දේශීය සහ ගෝලීන ආර්ථික වර්ධනයන් සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය ඉහත තීරණයට එළඹී ඇත.

    ඇමෙරිකානු ඩොලරය අඛණ්ඩව ශක්තිමත් වීමත් සමඟම ජාත්‍යන්තර වශයෙන් දැඩි මුදල් ප‍්‍රතිපත්ති වාතාවරණයක් දක්නට හැකිය. ෆෙඩරල් සංචිත බැංකුව විසින් ප‍්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ නැංවීමත් සමඟම ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වීම සහ පොලී අනුපාතික තවදුරටත් ඉහළ නංවනු ඇතැයි. පවතින අපේක්‍ෂා නැඟී එන වෙළෙඳපොළ ආර්ථික මත බලපෑම් ඇති කළේය. එයට ප‍්‍රතිචාර වශයෙන් විනිමය අනුපාතික මත සැලකිය යුතු පීඩනයක් පවතින නැඟී එන වෙළෙඳපොළ ආර්ථික සිය ප‍්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ නැංවීම මඟින් මුදල් ප‍්‍රතිපත්ති ස්ථාවරය දැඩි කොට ඇත. මේ අතර ජාත්‍යන්තර ඛනිජ තෙල් මිල ගණන්වල දැකිය හැකි ඉහළ යෑමේ ප‍්‍රවණතාව ගෝලීය ආර්ථිකය මුහුණ පා ඇති අභියෝගය තවදුරටත් තීව‍්‍ර කිරීමට හේතු විය හැකිය.

    විදේශීය අංශය මිශ‍්‍ර ක‍්‍රියාකාරීත්වයක් වාර්තා කළ අතර විනිමය අනුපාතිකය ඉහළ වේගයකින් අවප‍්‍රමාණය විය. අපනයන වර්ධනයට වඩා ආනයන වර්ධනය වැඩි වීම හේතුවෙන් 2018 වසරේ පළමු මාස හත තුළදී වෙළෙඳ ගිණුමේ හිඟය තවදුරටත් පුළුල් විය. ඉන්ධන, රත‍්‍රන් සහ පෞද්ගලික භාවිතය සඳහා මෝටර් රථ ආනයනය ඉහළ යෑමේ හේතුවෙන් ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. වසර තුළදී සංචාරක කර්මාන්තය වැනි සේවා ආශ‍්‍රිත ලැබීම් සැලකිය යුතු ලෙස ඉහළ යෑමක් සහ ගෙවුම් ශේෂයේ මූල්‍ය ගිණුම ශක්තිමත් වීමක් සිදු වූව ද රජයේ සුරැුකුම්පත් වෙළෙඳපොළ වෙතින් විදේශ ආයෝජන පිටතට ගලා යෑම ගෙවුම් ශේෂය මත පීඩනයක් ඇති කළේය. ඇමෙරිකානු ඩොලරය ප‍්‍රධාන වශයෙන් ශක්තිමත් වන පසුබිමක් තුළ ආනයන ඉහළ යෑම සහ

    ප‍්‍රාග්ධනය පිටතට ගලා යෑම හේතුවෙන් විනිමය අනුපාතිකය මත සැලකිය යුතු පීඩනයක් ඇතිවිය. ඒ අනුව ඉන්දියාව, පිලිපීනය සහ ඉන්දුනීසියාව වැනි කලාපීය සෙසු රටවල දක්නට හැකි ආකාරයෙන්ම 2018 වසරේ ඔක්තෝබර් මස 01 වැනි දින දක්වා කාලය තුළ ශ‍්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව සියයට 9.7 කින් අව ප‍්‍රමාණය විය. 2018 සැප්තැම්බර් මස මුල් සති කිහිපය තුළදී විනිමය අනුපාතිකයෙහි අක‍්‍රමවත් හැසිරීම පාලනය කිරීම සඳහා මහ බැංකුව විදේශ විනිමය වෙළෙඳපොළට මැදිහත් වීමට අමතරව ශ‍්‍රී ලංකා මහ බැංකුව සහ රජය විසින් පෞද්ගලික භාවිතය සඳහා මෝටර් රථ ආනයනය මත ණයවර ලිපි විවෘත කිරීම සඳහා තැන්පතු අවශ්‍යතා පැනවීම, තෝරාගත් අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයන සඳහා මුදල් තැන්පතු අවශ්‍යතා පැනවීම සහ සහනධායී වාහන බලපත‍්‍ර තාවකාලිකව අත්හිටුවීම වැනි ප‍්‍රතිපත්තිමය ක‍්‍රියාමාර්ග ගණනාවක් හඳුන්වා දෙන ලදී. මෙම ක‍්‍රියාමාර්ග තුළින් විදේශ විනිමය සඳහා වන ඉහළ ඉල්ලූම අඩු වනු ඇතැයි ද එමඟින් දැනටමත් විනිමය අනුපාතිකය ස්ථාවර වීම මඟින් පෙනී යන ආකාරයට දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ ඇති පීඩනය අවම වනු ඇතැයි ද අපේක්‍ෂා කෙරේ.

    ශ්‍යාම් නුවන් ගනේවත්ත
    Shyam.divaina@gmail.com
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ආනයන පාලනයෙන් රුපියල රැකීම Empty Re: ආනයන පාලනයෙන් රුපියල රැකීම

    Post by nihal123 Fri Oct 05, 2018 6:59 am

    ආනයන සීමා කිරීම පමණක් ප්‍රමාණවත් නෑ - ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙති

    රුපියල අවප්‍රමාණය වීමෙන් එල්ල වන බලපෑම් වැළැක්වීම සඳහා ආනයනය සීමා කිරීම පමණක්ම ප්‍රමාණවත් නොවන බව බොහෝ ආර්ථික විද්වත්හු පෙන්වා දෙති.

    මුදල් අමාත්‍යංශය ඉකුත් රාත්‍රියේ සිට ක්‍රියාත්මත කළ නව ආනයන රෙගුලාසි හේතුවෙන් රථවාහන වල මෙන්ම ජංගම දුරකථන , රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු ආනයනික විද්‍යුත් උපකරණ රැසකද මිලගණන් ඉහළ යනු ඇති බව ආනයනකරුවන් පවසයි.

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියලේ අගය අවප්‍රමාණය වීම පසුගිය සති කිහිපය පුරා දිගින් දිගටම සිදු වූ අතර ඒ අනුව ඊට විසඳුමක් වශයෙන් රජය ඉකුත් 29 දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාමාර්ග කිහිපයක්ම ගනු ලැබීය.

    බස් , ලොරි ,ගිලන් රථ හැර වෙනත් වාහන සදහා ණයවර ලිපි විවෘත කිරීමේදී සියයට 200 ක තැන්පතුවක් අනිවාර්යකිරීම එහි එක් පියවරක් වූ අතර හයිබ්‍රිඩ් රථ වාහන සඳහා කල් බදු පහසුකම් ලබා ගැනිමේදි මෙතෙක් ලබාදී තිබු 70%ක අගය එහි වටිනාකමින් 50% දක්වා අඩු කිරීම එලෙස ගැනුණු තවත් පියවරකි.

    මෙම ක්‍රියාමාර්ග මෙරට වාහන වෙළෙඳ පොළට කෙසේ බලපාවිදැයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ මහතා අදහස් පළ කළේය.

    එහිදී ඔහු ප්‍රකාශ කළේ මේ තුළින් ඉදිරියේදී වාහන ආනයනය විශාල ප්‍රමාණයකින් සීමා වනු ඇති බවත් මෙම තත්ත්වය ඉදිරි අවුරුදු එකහාමාරක කාලය තුළ පවතිනු ඇති බවයි.

    මේ අතර නිවැසියන් සාමාන්‍ය පරිහරණයට යොදාගන්නා ශීතකරණ, වායු සමීකරණ, රූපවාහිනී යන්ත්‍ර, සුවඳ විලවුන්, ජංගම දුරකතන ,අනෙකුත් දුරකතන හා උපාංග , රෙදිසෝදන යන්ත්‍ර, පාවහන් සහ ටයර් ආදිය ආනයනය කිරීමේදී ඒවායේ වටිනාකමින් 100%ක තැන්පතුවක් තැබිය යුතු බවටද මුදල් අමාත්‍යංශය නිවේදනය කර ඇත .
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    ආනයන පාලනයෙන් රුපියල රැකීම Empty Re: ආනයන පාලනයෙන් රුපියල රැකීම

    Post by serene Fri Oct 05, 2018 7:28 am

    Thanks Nihal.
    Hope authorities wake up and make long term policy decisions to narrow the Balance payment gap.
    Otherwise things will be exasperated.

      Current date/time is Sun Sep 01, 2024 6:32 am