- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
කොමර්ෂල් බැංකුවට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරියෙකු පත්කෙරේ
කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා ලෙස වෘත්තීය බැංකුකරුවන් දෙදෙනෙකු 2018 ජූලි 27 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබෙන බව බැංකුව නිවේදනය කර ඇත. මේ අනුව, කොමර්ෂල් බැංකුවේ වසර 37 ක් සේවය කළ සිවක‍්‍රිෂ්ණරාජා රෙන්ගනාදන් මහතා කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස ද බැංකුවේ වසර 29 ක් සේවය කළ සනත් මනතුංග මහතා ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරීවරයා ලෙස ද පත්කර ඇත.
රෙන්ගනාදන් මහතා පසුගිය වසර හතර තුළදී කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී සහ විධායක අධ්‍යක්ෂ යන තනතුරු දැරූ අතර මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුවේ වසර 36 ක කීර්තිමත් සේවාවක් සිදුකළ කළමනාකාර අධ්‍යක්ෂ ජෙගන් දුරෙයිරත්නම් මහතා විශ‍්‍රාම ගැනීමෙන් පසුව එම තනතුරට පත්වනු ඇත.
එස්. රෙන්ගනාදන් මහතා එංගලන්තයේ කළමනාකාර ගණකාධිකාරීවරුන්ගේ වරළත් ආයතනයේ (FCMA)" CGMA එංගලන්තයේ FLIBF ආයතනයේ සහ ශ‍්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකු වේ.
රෙන්ගනාදන් මහතා කොමර්ෂල් බැංකුවේ ආයතනික කළමනාකරණ අංශයේ ප‍්‍රධාන තනතුරු කිහිපයක්ම දරා තිබෙන අතර 2003 ජූලි මාසයේදී බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් Credit Agricole Indosuez (CAI) මිලදී ගැනීම සඳහා නායකත්වය දෙන ලදී. මෙය සැලකෙන්නේ කොමර්ෂල් බැංකුව විසින් මිලදීගත් පළමු විදේශ බැංකු මෙහෙයුම් කටයුත්ත ලෙසයි. ඉන්පසුව, රෙන්ගනාදන් මහතා කොමර්ෂල් බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුම් කටයුතුවල කළමනාකරු ලෙස පත්කළ අතර එහිදී 225 ක කණ්ඩායමක් සඳහා වසර 05 ක කාලයක් නායකත්වය ලබාදෙමින් බැංකුවේ බංග්ලාදේශ මෙහෙයුම් කටයුතු ගොඩනැංවීය.
මීට අමතරව, කොමර්ෂල් බැංකුවේ මෙතෙක් සේවය කළ ප‍්‍රථම ප‍්‍රධාන අවධානම් කළමනාකරණය කිරීමේ නිළධාරීවරයා වන්නේද රෙන්ගනාදන් මහතායි. ඔහු බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරීවරයා ලෙස පත්කිරීමට පෙර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකුකරණ ලෙස සේවය කළේය. රෙන්ගනාදන් මහතා පුද්ගලික බැංකුකරණ අංශයට නායකත්වය ලබාදුන් කාල සීමාව තුළදී ශාඛා පුළුල් කිරීම සහ නව සේවා සංවර්ධනය යන අංශවල ඉතාමත් ඉහළ වර්ධනයක් සිදුවීම කැපී පෙනේ.
මීට අමතරව, රෙන්ගනාදන් මහතා බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරීවරයා ලෙසින් පත්වූ පසුව බැංකු සේවා ස්වයංක‍්‍රීයකරණය කිරීමේ සහ ඩිජිටල්කරණය කිරීමේ දැවැන්ත වැඩසටහනක් සඳහා නායකත්වය ලබාදුන්නේ ණයපත් සහ පේ‍්‍රෂණවල උපායමාර්ගික සංවර්ධනයන්ද සමගිනි.
එසේම, බංග්ලාදේශ බැංකුකරුවන්ගේ ආයතනයේ මහ සමුළුවේ සාමාජිකයෙකු, ශ‍්‍රී ලංකා-බංග්ලාදේශ වාණිජ සහ කර්මාන්ත මණ්ඩලයේ සමාරම්භක සභාපතිවරයා, බංග්ලාදේශයේ වාණිජ සහ කර්මාන්ත විදේශ ආයෝජකයින්ගේ වාණිජ මණ්ඩලයේ විධායක සාමාජිකයෙකු සහ ශ‍්‍රී ලංකා අන්තර්ජාතික වාණිජ මණ්ඩලයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙසද රෙන්ගනාදන් මහතා තම සේවය ලබාදී තිබේ.
කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරීවරයා ලෙස සනත් මනතුංග මහතා පත්වීමට පෙර එම තනතුර දැරුවේ එස්. රෙන්ගනාදන් මහතායි. මනතුංග මහතා නව තනතුරට පත්වීමට පෙර කොමර්ෂල් බැංකුවේ ආයතනික බැංකුකරණ සහ වෙළඳ මූල්‍යන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ලෙස එම අංශයට නායකත්වය ලබා දුන්නේය. මීට අමතරව, කොමර්ෂල් බැංකුවේ මාලදිවයිනේ අනුබද්ධ ශාඛාව වන බැංක් ඔෆ් මෝල්ඩිව්ස් හී කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂවරයෙකුද වන මනතුංග මහතා බැංකුවේ තොරතුරු තාක්ෂණ අනුබද්ධ සමාගම වන OneZero Company Ltd සමාගමේද අධ්‍යක්ෂවරයෙකි.
බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා - ආයතනික බැංකුකරණ වීමට පෙර මනතුංග මහතා බැංකුවේ ප‍්‍රධාන අවධානම් කළමනාකරණ නිළධාරීවරයා ලෙස සේවය කළේය. ඔහු ආයතනික බැංකුකරණ අංශයට නායකත්වය ලබාදුන් කාලයේදී ණයපොත සහ වෙළඳ මූල්‍යකරණ ගාස්තු පදනම්කරගත් ආදායම යන අංශ ඉහළ වර්ධනයක් ලබාගත්තේ අත්තිකාරම්වල ගුණාත්මක තත්ත්වය පවත්වා ගනිමිනි.
මනතුංග මහතා එංගලන්තයේ කළමනාකාර ගණකාධිකාරීවරුන්ගේ වරළත් ආයතනයේ (FCMA) සහ CGMA ආයතනයේ සාමාජිකයෙකු වන අතර ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය (MBA) ලබා තිබේ. මීට අමතරව, ඔහු ශ‍්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සහ ශ‍්‍රී ලංකා කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙකි. ශ‍්‍රී ලංකාවේ බැංකු ක්ෂේත‍්‍රයේ අවධානම් කළමනාකරණ වෘත්තිකයින්ගේ සංගමය ගොඩනැගීමට මනතුංග මහතා සක‍්‍රීයව දායකත්වය දැක්වූ අතර 2014 වසරේදී එම සංගමයේ සභාපතිවරයා වූයේ ඔහුයි. එසේම, වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ (APB) කවුන්සිල සාමාජිකයෙකු සහ CIMA Thought Leadership කමිටු සාමාජිකයෙකු ලෙසද මනතුංග මහතා කටයුතු කර තිබේ.
තොරතුරු තාක්ෂණ ආරක්ෂණ ක‍්‍රමවේදයන් ශක්තිමත් කිරීමට සහ ප‍්‍රවර්ධනය කිරීමට ඔහු විසින් ලබාදුන් අතිවිශිෂ්ට දායකත්වය අගය කරමින් 2013 සැප්තැම්බර් මාසයේදී ඇමරිකාවේ ඇට්ලැන්ටා හි, පැවැත්වුණු EC- Council Global CISO සමුළුවේදී ‘වසරේ ප‍්‍රධාන තොරතුරු ආරක්ෂණ නිළධාරියා’ ලෙසින් සම්මානයට පාත‍්‍රවීමට මනතුංග මහතා සමත්විය.
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම අට වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 767 ක් සහ බැංකු ශාඛා 261 ක් පවත්වාගෙන යයි. 2016 වසරේදී සහ 2017 වසරේදී ප‍්‍රමුඛතම ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 30 කට වැඩි ප‍්‍රමාණයක් දිනාගැනීමට සමත්ව තිබෙන කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් සම්මානයට පාත‍්‍රකර තිබේ.
කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී. මේ අතර, බැංකුව විසින් තමන්ටම අයත් මුදල් පේ‍්‍රෂණ සේවාවක් ඉතාලියේ පවත්වාගෙන යයි.
සේයාරු සටහන - එස්. රෙන්ගනාදන් මහතා (වමේ) සහ එස්. මනතුංග මහතා
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28