අනං මනං! #/+?.<>
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: අනං මනං! #/+?.<>
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
Re: අනං මනං! #/+?.<>
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
Re: අනං මනං! #/+?.<>
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: අනං මනං! #/+?.<>
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: අනං මනං! #/+?.<>
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
Re: අනං මනං! #/+?.<>
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
Re: අනං මනං! #/+?.<>
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: අනං මනං! #/+?.<>
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: අනං මනං! #/+?.<>
Love, Eat, Pray: Techniques To Help You Eat Mindfully
by Sandi Louise Ross
When did we become so busy that we forgot to chew our food? The modern pace of life has us sitting in front of a computer eating our lunch, while we multi-task between our emails and our Facebook. We eat with one hand, while typing away at our keyboard, and scrolling on our phone screen with the other hand. And for those who have the chance to eat at a table with a healthy lunch, are snapping a pic and uploading onto social media while we half chew our food. Sound like you? Good, read on.
Although meals are easier than ever to access, we don’t allow ourselves the time to stimulate good digestion. In clinic, more and more I see clients present with digestive disorders, or even other conditions that all arise from poor absorption of nutrients. After all, our repair and growth factors all come from what you provide your body through the diet, and how the body can utilize it.
Cephalic Phase
A simple yet forgotten term that can help increase digestion by around 40-60% is the cephalic phase digestion response. Cephalic means “head”, so this simply means digestion starts in the head. When you look, smell, taste and chew food, you are stimulating a response to the brain to start making digestive juices. This takes a little more time than we usually allow our body. If you scoff down your meal barely chewing, then wash it down with liquids, you largely reduce your digestive ability.
Our Nervous System
Another problem with eating when busy or rushed is your body doesn’t know it is yet mealtime as the incorrect nervous system is on. We have two main nervous systems that synchronize digestion. First is our Sympathetic Nervous System SNS or Flight or Fight. The SNS is activated when we are in danger, such as being threatened by a tiger (or a tiger in our mind), at a stressful meeting, late to something and rushing, or stuck in traffic. This Flight or Fight response secretes stress hormones and pumps blood to the vital organs. Blood is also taken away from the digestion, as there is no need to eat when running from a tiger.
The opposite of this is our Parasympathetic Nervous System (PNS) or Rest and Digest. When our Rest and Digest is activated, we can do just that, our blood is at our digestive tract supporting the secretion of digestive juices, we can absorb nutrients and we can eliminate waste. Additionally, our natural self-repair mechanism only works when we activate our Parasympathetic Nervous System (Rest and Digest) allowing healing to occur.
How to Improve Digestion
Love, Pray, Eat
By using these words around meal time, it will help you to make a conscious effort to slow down, taste your food and make a massive difference to your digestive capacity. Even if all you remember is to chew your food and eat slower you will benefit. A conscious eating approach is developed from being sensitive to your own individual senses. This is an important thing to share with others, as many people know they eat too fast, but simply forget to slow down. So next meal time, try these three simple words, Love, Pray, Eat.
LOVE - love your food, make food choices that allow you to have pure bliss with your meal.
PRAY – give thanks for your food, where it came from and how it got to your plate.
EAT- enjoy chewing and tasting your food
Try These Tips Next Meal:
Take a few deep belly breaths before you start to eat, as this helps to bring the blood back to your digestive tract
Smell and look at your food, imagine your food in its natural state, in the ground, on a tree or in the ocean
Take a picture of your food, but upload later
Chew your food 20 times
Taste your food, the flavors, the texture
Avoid liquids while eating as this dilutes your digestive enzymes and weakens your absorption
Rise from the table feeling as light as you sat down
Sandi Louise Ross is an international naturopath, nutritionist and acupuncturist throughout Thailand and Australia. Sandi’s expertise covers female hormonal disorders, mental health, digestion and detoxification. Sandi believed the foundation of wellness is a healthy diet and a happy mind. With a degree in naturopathic medicine and a Masters degree in Chinese Medicine, Sandi integrates the two modalities to bring you the greatest health outcomes. She writes regularly for magazines and is the author of her E-book The 21 Day Cleanse - The Definitive Guide to a Naturopathic Detox. As Sandi has just had her first baby, she will now be sharing all things healthy for mums and bubs on her blog Urban Naturopathic Living
Wishing you and your pets extraordinary health,
>
> Rick Scheyer
>
>
> Organic Whole Food Health, inc.
>
> www.doglivershunt.com
>
>
>
> email: info@doglivershunt.com
>
> 206-701-4929 or 1-800-850-8162 Pacific Time
>
> Has this infromation been helpful to you? Please consider making a contribution for the value you have received: http://www.doglivershunt.com/contributions.html
>
>
>
> Any amount is greatly appreciated and allows me to continue to do the work that I do - helping many, many dogs that have nowhere else to turn. Thank you in advance for your generosity!
> Unsubscribe
> This message was sent to thulasie_abh@yahoo.co.uk from info@doglivershunt.com
>
> Rick at doglivershunt.com
> Organic Whole Food Health, inc
> 5754 E Green Lake Way N
> Seattle, WA 98103
>
> - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
>
>
> iContact - Try it for FREE
>
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
Re: අනං මනං! #/+?.<>
නම :- සමරසිංහ ආරච්චිගේ මදූෂ් ලක්ෂිත
වෙනත් නම් :- මාකදුරේ මදූෂ්
ලිපිනය :- මාතපාන වත්ත, ගතාර, කඹුරුපිටිය
උපන් දිනය :- 1979.02.24
ගැවසෙන තැන් :- ගාල්ල, මාතර, මීගමුව, ගම්පහ, මාවරල, මිනුවන්ගොඩ,
වාරියපොල.
මේ දිනවල සියළුම විද්‍යුත්, මුද්‍රිත මෙන්ම සමාජ ජාලා වෙබි අඩවි අරක් ගෙන ඉන්නේ මදූෂ් ගැන. දිනපතා ජාතික පුවත්පත් වල මුල් පිටුවේ සිරස්තලය සැරසෙන්නේ මදූෂ්ගේ නමින්. ඒක හරියට එක කාලයක් සක්විතිගේ මුදල් ආයෝජනය ගැන පිටු ගනන් දැන්වීම් පල කරලා මුදල් උපයාගෙන ඊට පස්සේ සක්විති මුදල් වංචා කිරීම ගැන තවත් සති ගානක් පත්තරවල සිරස්තල සරසවපු ජාතියේ වැඩක්.
මාකදුරේ මදූෂ් අවසන් වරට අත්අඩංගුවට ගත්තේ මම. ඒ 2005 ජුලි මාසේ 25 වන දින වාරියපොලදී ගිණි අවි 02 ක් සන්තකයේ තබා ගෙන සිටියදියි. ඒ අවස්ථාවේ ඔහුට විරුද්ධව මීගමුව, ගාල්ල ප්‍රදේශ වල ලීසිං සමාගම් 03 ක් ආයුධ සන්නද්ධව කොල්ලකෑම සම්බන්ධව චෝදනා එල්ල වුනා.
මදූෂ් අත්අඩංගුවට ගත්තේ පාන්දර යාමයේ වාර්යපොල ප්‍රදේශයේ වත්තක ගල් ගුහාවක සැගව සිටියදී. මෙම කොල්ලකෑම සිදු කල කණ්ඩායමේ මදූෂ් එක් සාමාජිකයෙක් පමණයි. 2005 දී අත්අඩංගුවට ගද්දි මදූෂ් සම්බන්ධ වෙලා හිටියේ අයුධ සන්නද්ධ කොල්ලකෑම් කිහිපයකට සහ මිනීමැරුම් 02 කට පමණයි. ඒත් මේ වන විට මදූෂ්ගේ අපරාධ ඉතිහාසය මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම් 50 කට අධික සංඛ්‍යාවකගෙන් සමන්විතයි. මේ හැම එකකටම වැඩියෙන් ඔහු ප්‍රසිද්ධ ඩුබායි රටේ සිට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක නිරතවීම සම්බන්ධවයි.
ඔහු සිය අපරාධ ජීවිතයේ කූඨප්‍රාප්තිය සටහන් කලේ 2016 විතර. එතකොට මම පොලිස් මාධ්‍ය ප්‍රකාශක. ඒ වන විට පිළියන්දල ප්‍රදේශයේ සිදුවූ මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍ර.පො.ප. නියෝමාල් රංගජීව මහතා ඝාතනය කිරීමට තැත් කිරීම හා පොලිස් නිළධාරීන් දෙදෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධියට ඔහුගේ නම ඈදිලා තිබුනා. ඊට අමතරව දකුණු පළාතේ සේවය කල පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුට මදූෂ් දුරකථනයෙන් මරණීය තර්ජන එල්ල කර තිබෙනවා. මේ පිළිබඳව සමාජ ජාලා වෙබ් අඩවියක මාධ්‍යෙව්දියෙක් මගෙන් ප්‍රශ්න කලා. මම ඔහුට දුන්නේ මේ වගේ උත්තරයක්.
“මදූෂ් කියන්නේ තුන්වන පන්තියේ අපරාධකාරයෙක්.විශේෂයෙන් කොල්ලකරුවෙක්. 2005 දී මම ඔහුව කන් ගැට්ටෙන් අල්ලගෙන පොලීසියට ගෙනල්ලා උසාවි දැම්මා. කවදා හරි මදූෂ්ගේ ජිවිතය කෙළවර වෙන්නේ හිර ගෙදර. එහෙම නැත්තම් පොලීසිය අතින් මහ මගදී වෙඩි කාලා . එතකන් ටිකක් ඉවසන්න”
මෙම ප්‍රකාශය මුද්‍රිත, විද්‍යුත් මෙන්ම සමාජ ජාලා මාධ්‍ය වල ප්‍රචාරය වුනා. ඒ අද වෙනකම් මදූෂ්ගෙන් ඒ ගැන නම් මට කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. සමහරු මගෙන් ඇහුවා තුන්වන පන්තියේ අපරාධකාරයෙක් කියලා කියන්නේ ඇයි කියලා. මම එහෙම කිව්වේ ඔහු කරන අපරාධ වල කෘරත්වය සලකලා නෙමෙයි. අපරාධකාරයෙක් වුනත් යම් කිසි මනුස්සත්වයක් හා සංයමයක් තියෙන්න ඕනේ. සමහර දරුණු අපරාධ වල නිරත අපරාධකරුවන් තුල පවා මනුස්සකම, සංයමයක් තිබුනා. ඒ නිසයි ඔවුන්ව පළවෙනි පන්තියේ අපරාධකරුවන් කියලා හදුන්වන්න පුළුවන්. ඔවුන් අපරාධකරුවන් වුනත් ඔවුන් තුල ඇති මනුස්සකම ගැන සැලකිය යුතුයි. විශේෂයෙන් “චීනා” වගේ අපරාධකරුවන් තුල මෙම තත්වය පැහැදිලිව තිබුනා. මම මීට පෙරත් මේ පිළිබදව මුහුණු පොතේ සදහන් කරා.
අපේ අපරාධ ඉතිහාසයේ සුප්‍රකට අපරාධකරුවන් රාශියක් ඉන්නවා. ඔවුන් අතර, “මරුසිරා”, “මරදන්කඩවල යකඩයා”, “චීනා”, “අග්ගොන චන්දරේ”, “අම්පාරේ සුදා”, “පොඩි විජේ”, “උක්කුවා”, “චොප්පේ” ප්‍රසිද්ධයි. මේ අය හුග දෙනෙක් තමන්ගේ බාහු බලයෙන් අපරාධ ක්‍රියාවල යෙදුනු අය. ඔවුන් සෑම කෙනෙක්ම අපරාධකරුවන් වුනත් සමහරුන්ට ඔවුන් ජීවත් වුන සමාජය තුල විශාල ගෞරවයක්, සැලකීමක් ලැබුනා මේ ගැන ඕන තරම් අපි කතා අහලා තියෙනවා. උතුවන්කන්දේ සරදියෙල් සුද්දෝ හැදින්වුවේ අපරාධකරුවෙක් විදියට. ඒත් සාමාන්‍ය ජනයා අතර ඔහු වීරයෙක් වුනේ “ලංකා රොබින්හුඩ්” හැටියට.
ඒත් මදූෂ් වගේ කෙනෙක් ගැන එහෙම කතා කරන්න ඉඩක් තියෙනවාද ?. මදූෂ් සිදු කල මනුෂ්‍ය ඝාතන කිසිම එකකට ඔහු පැමිණ තිබුනේ නැහැ. ඒ හැම එකක්ම සිදු කලේ පසුබිමේ ඉදගෙන. කුඩු සල්ලිවලින් පාපතර කුලී මිනීමරුවන් ලවා මදූෂ් සිදු කල සුප්‍රකට ඝාතනයක් තමයි ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රභලයෙක් මෙන්ම දකුණු පළාත් සභාවේ අමාත්‍යවරයෙක් වූ ඩැනී හිත්තැටිය මහතා ඝාතනය කිරීමේ සිද්ධිය. මෙම ඝාතනය සදහා ඔහු භාවිතා කලේ වෙනත් වරදකට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි පලාගිය හුදා භටයෙකු වූ “කමාන්ඩෝ නිශ්ශංක” නැමැත්තායි. ඔහු දරුණු අපරාදකරුවෙක්. කුලී මිනිමරුවෙක්. මෙම අපරාධකරුව මදූෂ් ඇප තියලා එළියට අරගෙන තමයි මෙම අපරාධය ඔහු ලවා සිදු කෙරෙව්වේ.
“කමාන්ඩෝ නිශ්ශංක” මිනුවන්ගොඩ ප්‍රදේශයේ මා විසින් මෙහෙයවන ලද පොලිස් කණ්ඩායමක් සමග සිදු කල වෙඩි හුවමාරුවකදී මිය ගියා. මෙම සිද්ධියේ ඉදලා මදූෂ් සැලසුම් කරන සෑම අපරාධයක්ම සැළසුම් කරේ පසුබිමේ ඉදලා කුලී මිනීමරුවන් යොදවලයි. මෙවැනි අයෙකු තමයි තුන්වන පන්තියේ පාපතර අපරාධකරුවෙකු ලෙස හදුන්වන්න පුළුවන්. ඒ වගේම මදූෂ් විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එව්වා. ඒ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයූ කළු සල්ලි වලින් ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කලා. යහළුවන්ට, දේශපාලඥයන්ට මෙන්ම පන්සල් පල්ලි වලටත් අත දිගහැරලා වියදම් කල බවට තොරතුරු තියෙනවා. මදූෂ් මෙරටට එවපු මත්ද්‍රව්‍ය භාවිතා කරලා විනාශ වුන හැම ජීවිතයකටම මෙම පාපතර අපරාධකරු වග කිවයුතුයි.
මේ කතාවේ තවත් පැත්තක් තියෙනවා. පෙබරවාරී මාසේ 04 වෙනිදා වෙනකම් අපේ මාධ්‍යෙව්දීන් බහුතරයක් මදූෂ් ගැන ලිව්වේ ජාතික වීරයෙක් ගැන ලියන විදයට. ඔහු ගැන ලියවුනු ලිපි වලින් ඔහු වීරයෙක් කරා විතරකුත් නෙමෙයි ඔහුව අනුගමනය කිරීමට අපගේ තාරුණයන් අතර උත්තේජනයක් ඇති කලා. මදූෂ් වගේ අපරාධකරුවෙකු හමුවේ ශ්‍රී ලංකා පොලීසිය කියන්නේ මහමේරු පර්වතයක් වගේ නොසැලී ඉන්න සංවිධානයක්. නින්දා, ගැරහුම්, ප්‍රසංශා මේ හැම එකක්ම උපේක්ෂා සහගතව විදගන්න ශක්තිය තියෙන සංවිධානයක්. වසර 36 ක් වූ මගේ සේවා කාලය ඇතුලත “මරුසිරා”, “මරදන්කඩවල යකඩයා”, “චීනා”, “අග්ගොන චන්දරේ”, “අම්පාරේ සුදා”, “පොඩි විජේ”, “උක්කුවා”, වගේ අපරාධකරුවන් සමග ගැටෙන්න පොලීසියට සිද්ද වුනා. ඒත් අද ඒ අපරාධකරුවන් කොහෙද ඉන්නේ කියන එක තීරණය කිරීම මෙම සටහන කියවන පාඨකයින්ට භාරයි. මදූෂ්ට අයිති වෙන්නෙත් ඒ ඉරනමම තමයි. ජීවිත දහස් ගානක් බිලිගත් සයිනයිඩ් සංස්කෘතිය හදුන්වාදුන් වේලු පිල්ලේ ප්‍රභාකරන් පවා අවසාන මොහොතේ දැල්වුනු ජීවත් වීමේ ආශාව දරාගෙන අවසානයේ අමුඩය පිටින් වෙල්ලමුල්ලි වයික්කාල්හි කඩොලාන අතරේ සැගවෙන තත්වයට පත්වුනා. ප්‍රභාකරන්ගේ ලගින්වත් තියන්න බැරි මදූෂ්ටත් අද වෙලා තියෙන්නේ ඒකම තමයි. මොන තරමි අපරාධ කලත්, මොන තරම් ජීවිත විනාශ කලත් හැම අපරාධකරුවෙක්ම විනාඩියක් හරි ජීවත් වෙන්න ආසයි. වැලිකතර චිත්‍රපටයේ ASP රන්දෙනිය හා ගෝරිං මුදලාලි අතර ඇතිවූ දෙබසකින් මම මෙම සටහන අවසාන කරනවා.
“උඹ ජීවත් වෙන්න ආසයි මිනිහෝ. උඹ බයගුල්ලෙක්, උඹ ආසයි උඹේ සල්ලි වලට, උඹේ කාර් වලට, උඹේ බලයට, ලස්සන මාලිගාවලට ඒ හින්දා තමයි උඹ මේ සේරම කරන්නේ. ගෑනියෙක්ට මුවා වෙලා වීරයෙක් වෙන්නේ නැතුව බැහැපන් යකෝ එළියට”.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: අනං මනං! #/+?.<>
SL Police are no better than him either.
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
Re: අනං මනං! #/+?.<>
" ගංජා වල ඇති ගුණ ගැන පොතක් ලියූ ආචාර්යවරයා කියපු අමුතු කතාව "
ගංජා .නම ඇසුනත් සමාජය බියට පත් වන වචනයක්
කැනබීස් සෙටිවා (Cannabis setiva) යන විද්‍යාත්මක නමින් හදුන්වන මෙම පැළෑටියට සමාන්‍ය ව්‍යවහාරයෙදී භාවිතා වන්නේ කංසා හෝ ගංජා යන නම්ය . ගංජා පැළෑටිය ආයුර්වේදයේ ගංජා හැඳින්වෙන්නේ තෛලෝක විජය පත්‍රම් ලෙසිනි
ගංජා පැළෑටිය සමාජයේ අප සිතනා තරම් නරක බලපෑමක් ඇති නොකරන සහ එහි ඇති යහපත් ගුණ මතුකර ග්‍රන්ථයක් එලි දක්වා ඇත. ග්‍රන්ථයේ නම නම "තෛලෝක විජය පත්‍රම්" මය.
ග්‍රන්ථයේ කතුවරයා ආචාර්ය වසන්ත සේන වැලිඅංගය.
ආචාර්ය වසන්ත සේන වැලිඅංග ඉරිදා පුවත්පතක් සමග එක් වෙමින් මෙම ග්‍රන්ථය හා ගංජා පැළෑටිය පිළිබදව අදහස් දක්වා තිබුනා.
එම සටහන පහතින්
මම කැමතියි ඔබේ ගමත් අධ්‍යාපන පසුබිමත් දැනගන්න.
අපේ මහගෙදර නුවර - කොළඹ නුවර පාරෙ පිළිමතලාවට කිට්‌ටුව අරඹේගමේ. මම පාසල් අධ්‍යාපනය ඇරඹුවෙ ගිරාගම කනිෂ්ඨ විද්‍යාලයෙන් මහනුවර කිංග්ස්‌වුඩ් විද්‍යාලයෙන් උසස් පෙළ ජීව විද්‍යාව හදාරල කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයට ඇතුළත් වුණා. එහිදී දර්ශනවේදී උපාධිය ලබාගත්ත. ආචාර්ය උපාධියත් ලබාගත්ත.
ලංකාව වගේ රටක කංසා කියන්නෙ තරමක් විවාදාත්මක මාතෘකාවක්. කංසා ගැන මේ තරම් දීර්ඝ පොතක් රචනා කරන්න හිතුවෙ ඇයි.
කංසා ගැන අපේ දැනුම අඩුයි. අඩුයි කියනවාට වඩා නෑයි කිව්වොත් හරි. කංසා ගැන හුඟ දෙනෙක් කතා කරන්නත් බයයි. මේ බය ඇති කළේ ඇමරිකාව. මට ඕන වුණේ කංසාවලට ඇමරිකාව නැති කරපු ලැබිය යුතු තැන ලබා දෙන්න.
කංසා ශාකය හඳුනා ගන්නෙ කොහොමද?
කංසා කියන්නේ මීටර් 2 ක් පමණ උසට වැඩෙන තනි කඳක් තියෙන, කඳේ පහළ සිට අතු බෙදෙන කේතු ආකාර පඳුරක ස්‌වභාවය ලබා දෙන ශාකයක්. කංසා ගස් වල මල් පිපෙන්නෙ කරටි වල පොකුරු විදියට. හැම මල් පොකුරක් ළඟම හීනි දිග තනි කොළයක් මතු වෙනව. කංසා මැලියම් වල වෙනත් කිසිම ශාකයක දකින්නට නැති විවිධ රසායන වර්ග 80 ක් තියෙනව. ඒ හැරුණාම වෙනත් කොටස්‌වල විවිධ රසායන වර්ග 365 ක් විතර තියෙනව.
කංසා ශාකය මුලින්ම සොයා ගත්තෙ කොහෙන්ද කොයි කාලෙදි ද?
කංසා මිනිස්‌සුන්ට හම්බ වුණේ මීට අවුරුදු 12,000 කට පමණ කලින් චීනයේ අල්තායි කඳුවැටියේ ගංගා නිම්නවලදී. කංසා මිනිසුන්ට හම්බ වුණාට පස්‌සේ ඒක මුළු ලෝකය පුරාම ව්‍යාප්ත වුණා. ඉන්දියාවෙ, පර්සියාවේ, අරාබියේ, රෝමයේ, ගී්‍රසියේ ආදී විවිධ ප්‍රදේශ වලත් අපිට කංසා පිළිබඳ තොරතුරු හම්බවෙනව. ඇත්තෙන්ම ලෝකයේ කෘෂිකර්මය ආරම්භ වෙන්නෙ කංසා වලින්. කංසා කියන්නෙ චීනෙ තිබ්බ ප්‍රධාන බෝග 5 න් එකක්. ඉන්දියාවෙ තිබ්බ ප්‍රධාන බෝග 3 න් එකක්.
මොනවාද කංසා ශාකයෙන් අපට ලැබෙන ප්‍රයෝජන?
හුඟ දෙනෙක් හිතන්නෙ කංසා කියන්නෙ භයානක මත් ද්‍රව්‍යයක් පමණක් බවයි. කංසා ඇට වලින් තෙල් හා පිටි හදන්න පුළුවන්. කඳේ පොත්තෙන් නූල්, ලණු, කඹ, රෙදි, කැන්වස්, හෙම්ප්, ප්ලාස්‌ටික් හදන්න පුළුවන්. අරටුවෙන් කඩදාසි, චීප් බෝඩ් වර්ගයේ ලෑලි, කොම්පෝස්‌ට් පොහොර, ගොඩනැඟිලි කර්මාන්තයේ වැලිවලට ආදේශකයක් හැටියට ගන්න පුළුවන්. කංසා මුල් හොඳ ඖෂධයක්. මල් පිපුණු කරටි වල ඇති මැලියම් වලින් ඖෂධ, හෂීස්, චරස්, මල් හා පත්‍ර වලින්, මරිජුවානා, ගංජා ජොයින්ට්, බීම වර්ග හා ආහාර ලෙස ගන්න පුළුවන්. ඒ වගේම ගංජාවලට පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් තියෙනවා. කංසා ශාකයෙන් අද ලෝකය මුහුණ දෙන ප්‍රශ්න ගොඩකට උත්තර ලැබෙනව.
කංසා වලින් විවිධ නිෂ්පාදන කරන රටවල් මොනවද?
ප්‍රංශෙ කංසා ඇට වලින් තෙල් හදනවා. යුරෝපීය රටවල් පිටි හදනව. චීප් බෝඩ් හදනවා, තෙල් සායම්, වාෂ්පශීලී දියර, වාර්නිෂ් විතරක් නොවෙයි එතනෝල් එක්‌ක මිශ්‍ර කරවලා ඉන්ධනයක් විදියට ගන්නව. සබන්, ශැම්පු හා රූපලාවන්‍ය ද්‍රව්‍ය ස්‌නේහක, මුද්‍රණ තීන්ත හා ඉන්ධන නිපදවනව. සමහර රටවල්වල කංසා ඇට රජය විසින් ලබා දෙනව. ඇමරිකාවෙ කංසා නීතිගත කරනවා කියල මැතිවරණ පොරොන්දු විදියට දීල දිනපු අයත් ඉන්නව. කොලොම්බියාව, කැනඩාව, උරුගුවේ, ස්‌පාඤ්ඤය, ඇමරිකාව, පෘතුගාලය, රුමේනියාව වගේ රටවල් කොන්දේසි සහිතව නීතිගත කරල තියෙනවා. ප්‍රංශය, ඉන්දියාව, ඩෙන්මාර්කය, ජර්මනිය, රුසියාව, කොරියාව වැනි රටවල් කංසා පිළිබඳ අදත් පර්යේෂණ කරනවා.
බොහෝ දෙනෙක් කංසා හඳුන්වන්නේ මත්ද්‍රව්‍යයක් විදිහටයි. කංසා භාවිත කිරීම ශරීරයට අගුණද?
කංසා භාවිත කළාම සිතේ ඒකාග්‍රතාවක් ඇතිවෙනවා. ඒ කියන්නෙ සිත එක අරමුණක පිහිටුවා ගන්න පුළුවන්. කංසා භාවිත කළාට මනුෂ්‍යයෙක් මිය යන්නෙ නෑ. ඒ වගේම ශරීරයට අහිතකර බලපෑම් ඇති වෙන්නෙත් නෑ. 1882 දී සැමුවෙල් බිල් නමැති ලේඛකයා චීන භාෂාවෙන් ලියවුණ FO SHO HING TSAN KING නමැති පොත LIFE OF BUDDHA නමින් ඉංගී්‍රසියට පරිවර්තනය කරනවා. එහි ඔහු සඳහන් කරනවා බුදුන් වහන්සේ එක දිනකට කංසා ඇටය බැගින් වැළදූ බව.
කංසා පිළිබඳ ආයුර්වේදයේ හැඳින්වීම කුමක්‌ද?
ආයුර්වේදයට අනුව කංසා අර්ශස්, ක්‍රිව, ශ්වාස, කාස රෝග සමනය කරන ඖෂධයක්. අතීසාරයට ප්‍රතිකාර කිරීමේදීත් කංසා යොදා ගන්නවා. මාස් ශුද්ධි වේදනාව සමනය කරන්නටත් ලිංගික ශක්‌තිය වැඩි කරන්නටත් කංසාවලට හැකි බවත් ආයුර්වේදයේ දැක්‌වෙනවා.
මුලින්ම කඩදාසිය බිහි කිරීමේ ගෞරවය හිමි වන්නෙ කංසා ශාකයට නේද?
ඔව්. ක්‍රිස්‌තු වර්ෂ 70 වන තුරුත් චීන මිනිස්‌සු ලේඛනයට යොදා ගත්තෙ උණබම්බු පතුරු පැලලි මේ කාලෙ චීන උසාවියක කාර්යාල කාර්ය සේවකයකු ලෙස සේවය කළ මාර්ක්‌ස් ගයි ලූන්ට බරින් වැඩි උණ බම්බු පතුරු වෙනුවට බරින් අඩු මාධ්‍යයක් අවශ්‍ය වුණා. දිනක් කංසා පඳුරු වලින් නව නිර්මාණයක් කරන්නට හිතුව ඔහු කංසා හා මල්බෙරි පොතු එකට දමා හැදූ තලපයක් දින ගණනාවක් භාජනයක පල් වෙන්න තැබුවා. ඉන් පස්‌සෙ ඒකෙ හැදිල තිබ්බ දැල් පාසිය හතරැස් අච්චුවක තියල වේළෙන්නට හැරිය. වතුර ඔක්‌කොම වාෂ්ප වුණාට පස්‌සෙ තන්තු ඔක්‌කොම එකට ඇලී නම්‍යශීලී තට්‌ටුවක් වුණා. ඒවට තමයි SHI ෂී නැත්නම් කඩදාසි කිව්වෙ.
නීති විරෝධී වෙන්නෙ කොහොමද?
කංසා නීති විරෝධී කරන්නෙ 1930 දී විතර. ඒක වුණේ ඇමරිකාවෙ වුවමනාවට. මේ කාලෙ වෙනකොට ලෝකෙ අලුත් වෙලා කාර්මික විප්ලවයෙන් පස්‌සෙ විවිධ නව නිර්මාණ බිහි වුණා. විශේෂයෙන්ම ලී කුඩු යොදා තැනූ කඩදාසි, රසායනික ඖෂධ වර්ග, පෙට්‍රොලියම් තෙල් නව වර්ගයේ රෙදි වර්ග ආදී බොහෝ දේ මේ අතර තිබුණා. ඒත් කංසා ශාකය මිනිස්‌සු ප්‍රයෝජනයට ගන්නකම් මේවාට වෙළෙඳපොළක් ලැබෙන්නෙ නෑ. ඒක නිසා ඔවුන් තමන් සතු සියලුම ප්‍රචාරණ මාධ්‍ය ප්‍රයෝජනයට ගනිමින් කංසාවල ප්‍රතිරූපය භයානක මත්ද්‍රව්‍යයක් පමණයි යන මතයට එනතෙක්‌ම බිඳවැට්‌ටුවා. ඉන් පසු ඇමරිකාව එය තහනම් කළා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාව සුපිරි බලවතා වුණා. ඔවුන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය යොදාගෙන කංසා භාවිතය ලොව පුරාම තහනම් කළා.
ඔබ මේ කෘතියෙන් කියන්නෙ ඒ කංසා තහනම වැරදියි කියල?
කංසා තහනම් කළ එක්‌සත් ජාතීන්ම නුදුරු අනාගතේ දවසක කංසාවල ගුණ වයාවි. ඊට පස්‌සෙ බටහිර රටවල කංසා ආශ්‍රිත නිෂ්පාදන අපේ රටවල අලෙවි කරාවි. ඊට කලින් අපි තීරණය කරන්න ඕන කොන්ද පණ ඇති තීරණයක් අරගෙන බටහිරින් එම නිෂ්පාදන එනතුරු බලා සිටිනවාද නැති නම් අපිම ඒ නිෂ්පාදන පටන් ගන්නවාද කියල.
උපුටාගැනීමකි https://www.facebook.com/NationalPaperSL/?tn-str=k%2AF
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: අනං මනං! #/+?.<>
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
Re: අනං මනං! #/+?.<>
Not only Chinese loans almost all the loans do the same I guess
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
Re: අනං මනං! #/+?.<>
- The AlchemistTop contributor
- Posts : 651
Join date : 2014-02-25
Re: අනං මනං! #/+?.<>
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
අනේ සර් අපි මිතුරන් වේදෝ?
නමුත් අපේ පොලිසියේ ක්රියා කලාපේ ගැන සතුටු වෙන්න පුළුවන්ද?
පොඩි එකා දැක්කම එලව එලව ගහන එකා, ලොක්කෙක් දැක්කම කුක්කෙක් වෙන හැටි අපි දැකලා තියෙනවා ඇති තරම්.
විජිත රෝහණ විජේමුණිලා ලංකාවේ පොලිසිවලින් කවදා බිහි වේද?
එහෙම උන දාට ලොක්කෝ ඉස්සරහා කුක්කෝ වෙන අය ඉස්සරහා ලොක්කෝ කුක්කෝ වෙන හැටි බලන්න පුලුවන්.
දැන් පොලිස් ස්වාධිණ කොමිසමකුත් තියෙනවනේ.
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
Re: අනං මනං! #/+?.<>
කිත්සිරි ද සිල්වා wrote:කෙනෙක් අමාරුවේ වැටුනාම මැසිවිලි කියන එක නරක තමා.
නමුත් අපේ පොලිසියේ ක්රියා කලාපේ ගැන සතුටු වෙන්න පුළුවන්ද?
පොඩි එකා දැක්කම එලව එලව ගහන එකා, ලොක්කෙක් දැක්කම කුක්කෙක් වෙන හැටි අපි දැකලා තියෙනවා ඇති තරම්.
විජිත රෝහණ විජේමුණිලා ලංකාවේ පොලිසිවලින් කවදා බිහි වේද?
එහෙම උන දාට ලොක්කෝ ඉස්සරහා කුක්කෝ වෙන අය ඉස්සරහා ලොක්කෝ කුක්කෝ වෙන හැටි බලන්න පුලුවන්.
දැන් පොලිස් ස්වාධිණ කොමිසමකුත් තියෙනවනේ.
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
Re: අනං මනං! #/+?.<>
ලංකාවේ ජෙෆ් බෙසෝස්ලා නැත්තේ ඇයි?
Sunday, March 10, 2019
පසුගිය ලිපියෙන් අපි මේ මොහොතේ ලෝකයේ ලොකුම ධනවතා වන ජෙෆ් බෙසෝස්ගේ වත්කම් ගැන කතා කළා. එම වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 134.4ක්. 2017 වසර ඇතුළත ලංකාවේ නිපදවූ සමස්ත භාණ්ඩ හා සේවා ප්‍රමාණයේ වෙළඳපොල මිල, එහෙමත් නැත්නම් එම වසරේ සියළුම ලාංකිකයින් විසින් ඉපැයූ ආදායම් එකතුව ලෙස සැලකිය හැකි රටේ දළ දේශීය නිෂ්පාදිතය වූයේ ඩොලර් බිලියන 87.17ක් පමණයි.
ජෙෆ් මේ තරම් ධනවතෙක්ව සිටින්නේ ඔහුගේ දෙමවුපියන් විශාල ධනවතුන්ව සිටි නිසා නෙමෙයි. ඔහු ඉපදෙන විට ඔහුගේ ජීව විද්‍යාත්මක පියා පැයකට ඩොලර් 1.25ක වැටුපට තාවකාලික රැකියා කළ අවුරුදු 19ක ගැටවරයෙක්. පාසැල් සිසුවියක වූ ජෙෆ්ගේ මව ගැබ් ගනිද්දී ඇයගේ වයස අවුරුදු 16ක් පමණයි. ජෙෆ්ගේ ජීව විද්‍යාත්මක පියා වන ටෙඩ්ගේ වයස අවුරුදු 18ක් පමණයි.
හොඳ පියෙකු හෝ සැමියෙකු නොවූ ටෙඩ් ජෙෆ් හා ඔහුගේ මව ජැකීව අතහැර යන විට ජෙෆ්ට අවුරුද්දක්වත් නැහැ. ඉන්පසු කවදාවත් නැවත ජෙෆ්ව හෝ ජැකීව හමු නොවන ටෙඩ් මිය යන්නේත් ඇමරිකානු සම්මත අනුව බැලුවොත් "නිර්ධන පාංතිකයෙක්" ලෙසයි. ටෙඩ්ගේ ජාන හැර ඔහුගෙන් ජෙෆ්ට උරුම වූ දෙයක් නැහැ.
ජෙෆ්ගේ ජීවිතය විශාල ව්‍යසනයක් නොවන්නේ ඔහුගේ මව ජැකීට හමුවන ඇගේ දෙවන සැමියා මයික් නිසයි. ජෙෆ්ගේ නීත්‍යානුකූල පියා වන්නේත්, ඔහුගේ ව්‍යාපාරයේ මුල්ම ආයෝජකයෙකු වන්නේත් මයික්. නමුත්, මයික් කියන්නේත් ගැටවර වියේදී සූට්කේසයක් පමණක් අතින් ගෙන කියුබාවේ සිට ඇමරිකාවට පැමිණි සරණාගතයෙකු මිස ධනවතෙක් නෙමෙයි. ජෙෆ් සමඟ ජැකීව භාර ගන්නා විට ඔහු ශිෂ්‍යත්ව මුදලකින් ඉගෙන ගන්නා සරසවි සිසුවෙක් පමණයි.
ජෙෆ් බෙසෝස් ලෝකයේ ලොකුම ධනවතා වන්නේ ඔහුගේ දෙමවුපියන් ධනවතුන් වූ නිසා නෙමෙයි. ඔහු ඉපදෙන්නේ ලෝකයේ වෙනත් බොහෝ අය වගේම උරුමයෙන් ලත් ප්‍රාග්ධනයක් නැතුවයි. ඒ නිසා, ලෝකයේ ලොකුම ධනවතා දෙසට ඇඟිල්ල දිගු කර ධනවාදය කියන්නේ දුප්පතුන් තවත් දුප්පත් කරන, පෝසතුන් තවත් පෝසත් කරන ක්‍රමයක් කියා කියන්න බැරි බව පැහැදිලි විය යුතුයි. වෙනත් බොහෝ ධනවතුන්ගේ ජීවිත කතා පිටුපසත් ඔය වගේම කතා තිබෙනවා.
ප්‍රාග්ධනයේ හිමිකරුවකුව නොඉපදුනු ජෙෆ් කුඩා කල සිටම ඉගෙනීමේ දක්ෂ දරුවෙක්ව සිට ඇති බව පෙනෙනවා. ඔහුගේ දක්ෂකමින් ඔහු ප්‍රින්ස්ටන් සරසවියට ඇතුළු වෙනවා. කෙසේ වුවත්, කුඩා කල සිටම ඉගෙනීමේ දක්ෂතා දක්වන ළමුන් සියළු දෙනාම ජෙෆ් මෙන් ධනවතුන් වන්නේ නැහැ.
ප්‍රින්ස්ටන් සරසවියේ තමන්ගේ කණ්ඩායමේ සිටි දක්ෂතම සිසුවා ලෙස ජෙෆ් විසින්ම හඳුන්වා තිබෙන යසන්ත ශ්‍රී ලාංකිකයෙක්. දින කිහිපයකට පෙර වාර්තා වූ පරිදි එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික සංක්‍රමණිකයෙකුගේ දියණියක් මෙන්සා සාමාජිකත්වය ගැනීම සඳහා මුහුණ දුන් පරීක්ෂණයේදී අයින්ස්ටයින්ගේ IQ ලකුණු මට්ටමද ඉක්මවා ලකුණු ලබාගෙන තිබෙනවා. විවිධ විභාග වලදී ලෝකයේ ප්‍රමුඛ රටවල් අතර ඉදිරියටම පැමිණෙන්නට තරම් දක්ෂතා දක්වන ශ්‍රී ලාංකිකයින් එතරම්ම දුලබ නැහැ. එසේ වුවත් ශ්‍රී ලාංකිකයෙකු ලෝකයේ ධනවතුන් අතර ඉදිරියට එන්න සමත් වී නැහැ. වඩාත්ම ධනය ඉපැයූ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයා සේ සැලකිය හැකි රාජ් රාජරත්නම් එය කර තිබෙන්නේත් නිසි අයුරින් නෙමෙයි.
Cont... http://economatta.blogspot.com/
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: අනං මනං! #/+?.<>
Added with the Island mentality, most are ලිදේ ඉන්න ගෙම්බෝ වගේ.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: අනං මනං! #/+?.<>
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana
Re: අනං මනං! #/+?.<>
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: අනං මනං! #/+?.<>
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 45
Location : Horana