The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම Empty ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම

    Post by Ethical Trader Tue Jun 05, 2018 6:11 pm

    BBC Sandeshaya මිනිත්තු 17 පෙර
    ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම _101867712_bac167b8-4531-493a-963c-a75c0c0cd450
    Image copyright Getty Images

    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිලි ඉදිරියටත් විභාග කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු අගවිනිසුරුවරයාට නිර්දේශ කළහ.

    මේ අතර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ අන්තර්ගතය තුළින් බැලූ බැල්මටම අධිකරණයට අපහාසයක් සිදුවන බව පෙනී යන බව නීතිපතිවරයාගේ නිගමනය වී තිබේ.
    අධිකරණයට අපහාස කිරීම යනු කුමක්ද?

    අධිකරණයට අපහාස කිරීම යනු කවරක් දැයි ශ්‍රී ලංකාවේ නීතිය තුළ නිශ්චිතව අර්ථ දක්වා නැත.

    නීතිය තුළ එවැනි අර්ථ දැක්වීමක් නොතිබීම අමාත්‍ය එස්බී දිසානායකට එරෙහිව 2003 දී පවරන ලද නඩුව සම්බන්ධයෙන් ප්‍රතිචාරය දක්වමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පවා අවධානය පළ කර තිබූ බව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, නීතිඥ ජගත් ලියනාරච්චි බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

    "එසේම අධිකරණයට අපහාස කිරීම පිළිබඳ කටයුතු කරන අධිකරණ ක්‍රියාපටිපාටිය දැක්වෙන නීතියක් ද පණවා නැත. මේ නිසා අධිකරණවල විනිසුරුතුමන්ලාට ඇතිවන හැඟීම් අනුව ද දඬුවම් කිරීමට ඉඩක් ඇත," යනුවෙන් ද නීතිඥ ජගත් ලියනාරච්චි විසින් ඒ සම්බන්ධයෙන් සකස් කරන ලද අධ්‍යයන වාර්තාවක දැක්වේ.

    කෙසේ වෙතත් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කරුණු දක්වා තිබේ.

    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි අධිකරණයේදී හෝ අන් ස්ථානයකදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් "බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දඬුවම් දෙකින්ම හෝ දඬුවම් කිරීමේ බලය" ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට පැවරේ. (එහි අන්තර්ගතය පහත දැක්වේ.)

    ජ්‍යෙෂ්ඨ නීතිවේදී ලාල් විජේනායක බීබීසී සිංහල සේවය සමග කළ සාකච්ඡාවේදී පෙන්වා දුන් පරිදි,

       ජනතාව ඉදිරියේ අධිකරණයේ ගරුත්වයට හානිවන ආකාරයේ ඕනෑම ක්‍රියාවක්
       ජනතාව ඉදිරියේ අධිකරණය හෙළා දැකීම, හෑල්ලුවට ලක් කිරීම හෝ හාස්‍යයට ලක් කිරීම
       අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම
       අධිකරණ නියෝගයක් අභියෝගයට ලක් කිරීම (අභියාචනයක් ඉදිරිපත් කිරීම නොවේ)
       අධිකරණය තුළ නොහික්මුණු හැසිරීම
       සමස්ත අධිකරණයටම හෝ සියලු විනිසුරුවරුන්ට නිගරුවන අන්දමේ ප්‍රකාශ හෝ හැසිරීම්

    අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැලකිය හැකිය.

    දඬුවම් මොනවා ද?

    ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, නීතිඥ ජගත් ලියනාරච්චි බීබීසී සිංහල සේවය සමග පැවසූ පරිදි අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පැනවිය හැකි දඬුවම් 1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනතේ දක්වා තිබේ.

    ඒ අනුව,

       මහාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන පුද්ගලයෙකුට වසර පහකට අඩු බරපතල හෝ බරපතල නොවන සිර දඬුවමක් හෝ රුපියල් 5000 කට අඩු දඩයක් හෝ ඒ දඬුවම් දෙකම නියම කිරීමේ බලය මහාධිකරණයට හිමි වේ. (18 වෙනි වගන්තිය)
       දිසා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර දෙකක් දක්වා බරපතල හෝ බරපතල නොවන සිර දඬුවමක් හෝ රුපියල් 2500 කට අඩු දඩයක් හෝ එම දඬුවම් දෙකම නියම කිරීමේ බලය දිසා අධිකරණයට පවතී. (55 (අ) වගන්තිය)
       මහේස්ත්‍රාත් හෝ සුළු අපරාධ අධිකරණයකට අපහාස කිරීම සම්බන්ධයෙන් මාස 18 ක් දක්වා සිර දඬුවම් හෝ රුපියල් 1000 ක් දක්වා දඩයක් හෝ ඒ දඬුවම් දෙකම නියම කළ හැකිය. (55 (ආ) වගන්තිය)
    ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම _101886703_a95dc119-196b-41ed-9963-70432b6ab21c
    Image copyright Ranjan Ramanayake/ Facebook
    Image caption නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, මහාචාර්ය කාලෝ ෆොන්සේකා සමග අධිකරණ භූමියේ
    අධිකරණයට අපහාසයක් නොවන්නේ කුමක්ද?

       අධිකරණ නියෝගයක් හෝ අධිකරණ ක්‍රියාමාර්ගයක් සාධාරණ විවේචනයකට ලක් කිරීම
       අධිකරණය පිළිබඳ අධ්‍යයනයක් මගින් අධිකරණය හෝ අධිකරණ ක්‍රියාමාර්ග විවේචනයට ලක් කිරීම
       අධිකරණය ඉදිරියේ පවතින නඩු විභාග ප්‍රමාදවීම සම්බන්ධයෙන් කෙරෙන විවේචන
       රටේ අධිකරණමය ක්‍රමවේදය සංශෝධනය කිරීම සඳහා වූ ඉදිරිපත් කරන විවේචන
       විනිශ්චයකාරවරයෙකුට එරෙහිව පැමිණිල්ලක් යොමු කිරීම
       අධිකරණ ක්‍රමය වඩා කාර්යක්ෂම කිරීම පිණිස කෙරෙන යෝජනා

    අධිකරණයට අපහාසයක් ලෙසින් නොසැලකිය යුතු බව ජ්‍යෙෂ්ඨ නීතිවේදී ලාල් විජේනායක පෙන්වා දෙයි.
    ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම _101872639_ranjan
    Image copyright GMOA
    Image caption වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය

    කෙසේ වුවත්, රටේ සාමාන්‍ය පුරවැසියන්ට පමණක් නොව, අධිකරණයේ විනිශ්චයකාරවරයෙකුට එරෙහිව පවා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව එල්ලවිය හැකි බව ද ජ්‍යෙෂ්ඨ නීතිවේදියා පෙන්වා දෙයි.

    එමෙන්ම ශ්‍රී ලංකාවේ අධිකරණය තුළ පුරවැසියන් සහ ඇතැම් අවස්ථාවල නීතිවේදීන් පවා අසාධාරණයට ලක්වූ අවස්ථා පිළිබඳ ඉතිහාසයේ උදාහරණ පවතින බවත් නීතිඥ ලාල් විජේනායක බීබීසී සිංහල සේවය සමග කියා සිටියේය.

    "ඒ කියන්නේ අධිකරණය සම්පූර්ණ බලය පාවිච්චි කරලා පුද්ගලයන් පීඩනයට ලක්වෙන ආකාරයෙන් ක්‍රියා කළ අවස්ථාත් තිබුණා. අධිකරණයේ ගෞරවය හානිවෙන විදියට විනිශ්චයකාරවරු හැසිරෙනවා නම් ඒකත් අධිකරණයට අපහාස කිරීමක්."

       රන්ජන් රාමනායකගේ ප්‍රකාශය "බැලූ බැල්මට අධිකරණයට අපහාසයක්"
       වෛද්‍ය පාදෙණියට අධිකරණ නියෝගයක්
    ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම _101872638_d3ee5071-4b14-48e5-b0d1-f66ddf1b30e9
    Image copyright Facebook/ Tony Fernando
    Image caption බන්ධනාගාරයේදී පහර කෑමට ලක්වූ ටෝනි එම්මානුවෙල් ප්‍රනාන්දු දැන් කැනඩාවේ වාසය කරයි
    වෙනත් උදාහරණ

       අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු කෙරුණු හිටපු අමාත්‍ය එස්බී දිසානායකට බරපතල වැඩ ඇතිව දෙවසරක සිර දඬුවමක් නියම කෙරිණ.
       එවකට අගවිනිසුරුවරයාට එරෙහිව පවරා තිබූ නඩුවකදී අධිකරණයේදී 'උස් හඬින්' කථා කිරීමේ චෝදනාව මත අගවිනිසුරුවරයා විසින්ම ටෝනි එම්මානුවෙල් ප්‍රනාන්දුට වසරක සිර දඬුවමක් නියම කරන ලදි. එම තීන්දුව ජාත්‍යන්තර වශයෙන් ද විවේචනයට ලක්විය. පසුව බන්ධනාගාරයේදී ඔහුට පහරදීම සම්බන්ධයෙන් ඔහුට වන්දි ගෙවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.
       අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කිරීමේ චෝදනාව යටතේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනියට එරෙහිව මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණි වියන්ගොඩ විසින් අධිකරණය වෙත පෙත්සමක් ගොනු කොට තිබේ.
       බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කළ බව පවසමින් හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් අභියාචනාධිකරණයේ පැමිණිල්ලක් ගොනු කොට තිබේ.
       අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අල්ලස් කොමිසම ඉදිරියේ උද්ඝෝෂණ කළ බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ භික්ෂූන් වහන්සේ ඇතුළු කණ්ඩායමකට එරෙහිව නඩු පවරනු ලැබ තිබේ.
    ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම _101872641_tony
    ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම _101872643_3274fa94-cb7c-4f87-bc40-de3058d5a724
    Image caption එස් බී දිසානායක

    අධිකරණයට අපහාස කිරීම යනු කවරක් දැයි නීතිය නිශ්චිතව අර්ථ දක්වා නොමැති බැවින් ශ්‍රී ලංකා නීති කොමිසම විසින් 2008 දී ඒ පිළිබඳ නීති කෙටුම්පතක් සම්පාදනය කරන ලදි.

    කෙසේ වුවත්, කැබිනට් මණ්ඩලය පවා මෙතෙක් එම කෙටුම්පතට අනුමැතිය පළ කර නොමැති බව නීතිඥ ජගත් ලියනාරච්චි වැඩිදුරටත් සඳහන් කළේය.
    ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම _101885774_draft2008
    Image caption ශ්‍රී ලංකා නීති කොමිසම විසින් 2008 දී සකස් කරන ලද අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නීති කෙටුම්පත
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම Empty Re: ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම

    Post by කිත්සිරි ද සිල්වා Tue Jun 05, 2018 6:50 pm

    Only thing I can say is that We Are a DOOMED Nation. Shocked

      Current date/time is Sun Sep 01, 2024 8:02 am