The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ජීවිතය පටන් ගන්නේ 60න් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ජීවිතය පටන් ගන්නේ 60න් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ජීවිතය පටන් ගන්නේ 60න් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ජීවිතය පටන් ගන්නේ 60න් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ජීවිතය පටන් ගන්නේ 60න් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ජීවිතය පටන් ගන්නේ 60න් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ජීවිතය පටන් ගන්නේ 60න් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ජීවිතය පටන් ගන්නේ 60න් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ජීවිතය පටන් ගන්නේ 60න් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ජීවිතය පටන් ගන්නේ 60න් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ජීවිතය පටන් ගන්නේ 60න් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ජීවිතය පටන් ගන්නේ 60න් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ජීවිතය පටන් ගන්නේ 60න් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ජීවිතය පටන් ගන්නේ 60න් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ජීවිතය පටන් ගන්නේ 60න් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+4
Ethical Trader
soileconomy
The Invisible
nihal123
8 posters

    ජීවිතය පටන් ගන්නේ 60න්

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ජීවිතය පටන් ගන්නේ 60න් Empty ජීවිතය පටන් ගන්නේ 60න්

    Post by nihal123 Thu Feb 08, 2018 7:25 am

    ඔබේ දරුවන් වෙනුවෙන් වත් අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීමෙන් වළකින්න. ඔබ මේ වන විට ඔවුන් වෙනුවෙන් කළයුතු යුතුකම් ඉටු කර හමාර බව සලකන්න. දැන් තිබෙන්නේ ඔවුන් විසින් ඔබට යුතුකම් ඉටුකිරීමයි. බොහෝ දෙමව්පියන් තම අර්ථ සාධක අරමුදල් සියල්ල දරුවන් වෙනුවෙන් වැය කර අද දරුවන්ගෙන් යෑපෙන තත්ත්වයට පත්වෙලා තිබෙනවා. ඔවුන් තම දරුවන්ගේ සේවක සේවිකාවන් වෙලා පියවරු රියදුරන් වෙලා මව්වරු ආයාවරුන් වෙලා. සමහර දරුවන් දෙමව්පියන් බෙදාගන්නවා. අම්මා ඔබ තබා ගන්න මම තාත්තා තබාගන්නම් යනුවෙන් වෙන්කරනවා. වියපත්වීමේදී දෙමහල්ලන් එකට ජීවත් වීමට ප්‍රිය කරනවා. ඔවුන් වෙන් කිරීම පාපයක්‌. ඔබේ අතේ මිටේ මුදල් නැත්නම් ඔබට මාසිකව යම් මුදලක්‌ ලබා දීම ඔබේ දරුවන්ගේ යුතුකමක්‌.

    ජීවිතය පටන් ගන්නේ 60න්, මෙය අපට අලුත් මතයක්‌ වුවත් යුරෝපීය රටවල නම් පිළිගත් මතයක්‌. ඔවුන් අවු 60න් විවාහ ජීවිතයට පවා පා තබනවා. අලුත් ජීවිතයක්‌ පටන් ගන්නවා. සතුටින් සිටිනවා.

    අද වන විට අපේ රටේ ජනගහණයෙන් මිලියන 3ක්‌ පමණ ප්‍රමාණයක්‌ වයස අවු 60 වැඩිහිටියන්. අපේ රටේ නම් 60 පැන්නා කියන්නේ මරණයේ එළිපත්ත උඩ ඉන්නවා කියන එකයි. මෙය ඉතා වැරදි මතයක්‌. මේ ඝෘණාත්මක චින්තනය නිසා අපේ ජනතාවගේ ආයු කාලය පවා අඩුවන්න පුලුවන්. යුරෝපීය රටවල ජනතාවගේ ආයු කාලය දිනෙන් දින දීර්ඝ වනවා. ඔවුන් බොහෝ දෙනෙක්‌ වයස 75-80 පමණ වන තෙක්‌ම කුමක්‌ හෝ රැකියාවක නිරත වෙනවා. ඔබ අවු 100ක්‌ ජීවත්වන්නේ නම් තව අවු40 ක්‌ ඉදිරියට ජීවිතය සැලසුම් කරන්නට වෙනවා.

    ඔබ රැකියාවක නිරත වූ කෙනෙක්‌ නම් ඔබේ විශ්‍රාම දිවිය සතුටින් පටන්ගන්න. අපේ රට ගතහොත් අවු 60 න් පසු බොහෝ දෙනෙක්‌ ජීවත් වෙන්නේ ඉතා අසතුටින්. ඔවුන් බොහෝ දෙනෙක්‌ මානසික මෙන්ම ආර්ථීක වශයෙන්ද පහත් තත්ත්වයක සිටිනවා. මේ සඳහා ඔබට ඉවහල් වන ඉතා වැදගත් උපදෙස්‌ කීපයක්‌ පහත සඳහන් වනවා.

    හදවතින් තරුණවන්න

    තමන් වයසට යන බව සිතීමෙන් සහ කියා පෑමෙන් වළකින්න. සමහරු කථාව පටන්ගන්නේ අනේ ඉතින් දැන් අපි වළේ පයයි ගොඩේ පයයි කියලයි. ඔබ වයසින් මුහුකුරා ගියත් රූපයෙන් සහ හදවතින් තවමත් තරුණ විය හැකියි. වයසට වඩා ඉතා තරුණ පෙනුමෙන් යුතු අය ඔබ දැක ඇති. එසේ වන්නේ හදවතින් තරුණ අයයි. බලන්න අද ලොව බොහෝ රටවල නායකයන් දෙස ඔවුන් බොහෝ දෙනෙක්‌ 60 පැනපු අය. අපේ රට ගැන බලන්න පාර්ලිමේන්තුවේ ගොඩක්‌ම 60 පැනපු අයයි. ඔවුන් වයසට වඩා තරුණ පෙනුමෙන් යුක්‌තයි. ඔබ නිතරම පිරිසිදුවට මෙන්ම ලස්‌සනට අඳින්න පළඳින්න. නමුත් අනවශ්‍ය ලෙස තම වයසට නොගැලපෙන ඇඳුම් පැළඳුම් වලින් සැරසීමෙන් වලකින්න. ඔබ විශ්‍රාමික නම් ඔබට මානසිකව බලපාන්නේ ඔබ රැකියා කරන සමයේ තිබුණ පිළිගැනීම ඔබට නොමැති වීමයි. නමුත් ඒ වෙනුවට ඔබට යම් සමාජ සේවයක යෙදෙන්න පුලුවන්. එවිට ඉතා යහපත් මානසික තත්ත්වයක්‌ ඇතිවනවා. අප සමාජයේ විශ්‍රාම ගිය අයට සලකන්නේ ඉතා පහත් ලෙසයි. නමුත් දියුණු රටවල ඔවුන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලෙස සලකා ඔවුන්ට මහත් ගෞරවයෙන් සලකනවා පමණක්‌ නොව නොයෙකුත් සහන දීමනාද ලබාදෙනවා.

    වියපත් වීම ඔබේ යුග දිවියට බාධාවක්‌ කර නොගැනීම ඉතා වැදගත් වෙනවා. සිරුරේ හෝමෝන ක්‍රියාකාරිත්වය තරුණ පෙනුම රැකගැනීමට මෙන්ම නිරෝගී භාවය රැකගැනීමට ලොකු පිටුවහලක්‌ වෙනවා. වියපත් විම කොටස්‌ තුනකට වර්ග කරන්න පුලුවන්. එනම් කාලානුක්‍රමික, ජීව විද්‍යාත්මක සහ මානසික වශයෙන් කාලානුක්‍රමික එනම් වයස වශයෙන් වන වියපත් වීම අපට පාලනය කළ නොහැකියි. නමුත් ජීව විද්‍යාත්මක සහ මානසික වියපත් වීම අපට පාලනය කල හැකියි.

    ආරෝග්‍යා පරමා ලාභා

    නිරෝගි බව පරම ලාභයයි. ඔබ ඔබේ දරු මුණුබුරන්ට ආදරය කරන්නේ නම් ඔබේ සෞඛ්‍ය තත්ත්වයට මුල් තැනක්‌ දියයුතු වෙනවා. කිමද ඔබ නිතර රෝගී වීම ඔවුන්ට දුකක්‌ වේදනාවක්‌ මෙන්ම කරදරයක්‌ හිරිහැරයක්‌ද වනවා. ඔබ නොවරදවා දිනපතා ඔබ ගන්නා ඖෂධ ගතයුතු වෙනවා. ඒ වගේම වෛද්‍ය පරීක්‌ෂණ නිසිවේලාවට කර ගත යුතු වෙනවා. ඒ වගේම ඔබ කුමන හෝ ඔබට සුදුසු ව්‍යායාමයක දිනපතා නිරත විම අත්‍යවශ්‍ය වනවා. ඔබට ගෙවත්තක්‌ තිබේ නම් එහි කුමක්‌ හෝ ක්‍රියාකාරකමක නිරත වීම ඔබට සිතට ප්‍රබෝධයක්‌ මෙන්ම ගතට ව්‍යායාමයක්‌ද ලබාදෙනවා.

    ස්‌වාධීනත්වය සහ අතේ මිටේ මුදල් ගැවසීම

    ඔබ යෑපෙන්නෙකු නොවිය යුතුයි. කවුරු කෙසේ කොහොම කීවත් වැඩිහිටි නිවාස නම් ඔබට සුදුසු නැහැ. ඔබට ඇති හැකි අවස්‌ථාවේදී ඔබේම නිවසේ සියලු පහසුකම් සහිත වෙනම කොටසක්‌ (ඇනෙක්‌සියක්‌) හදාගන්න. එවිට ඔබ ස්‌වාධීන වෙනවා. කැනඩාව වැනි දියුණු රටවල දෙමව්පියන් මහලු නිවාස වලට දැමීමෙන් ඔවුන්ට වන අගතිය වටහාගෙන දරුවන්ගේ නිවෙසට යාබදව කුඩා නිවසක්‌ තැනීමට උනන්දු කරවනවා. එහි සියලු පහසුකම් සහිත වන අතර තම දූදරුවන් අසලම සිටින බැවින් සුරක්‌ෂිත වනවා පමණක්‌ නොව දෙමව්පියන්ගේ මානසිකත්වයද යහපත් වනවා.

    මෙම අවධියේ අතේ මිටේ මුදල් ගැවසීම ඉතා වැදගත් වෙනවා. ඔබේ දරුවන් වෙනුවෙන් වත් අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීමෙන් වළකින්න. ඔබ මේ වන විට ඔවුන් වෙනුවෙන් කළයුතු යුතුකම් ඉටු කර හමාර බව සලකන්න. දැන් තිබෙන්නේ ඔවුන් විසින් ඔබට යුතුකම් ඉටුකිරීමයි. බොහෝ දෙමව්පියන් තම අර්ථ සාධක අරමුදල් සියල්ල දරුවන් වෙනුවෙන් වැය කර අද දරුවන්ගෙන් යෑපෙන තත්ත්වයට පත්වෙලා තිබෙනවා. ඔවුන් තම දරුවන්ගේ සේවක සේවිකාවන් වෙලා පියවරු රියදුරන් වෙලා මව්වරු ආයාවරුන් වෙලා. සමහර දරුවන් දෙමව්පියන් බෙදාගන්නවා. අම්මා ඔබ තබා ගන්න මම තාත්තා තබාගන්නම් යනුවෙන් වෙන්කරනවා. වියපත්වීමේදී දෙමහල්ලන් එකට ජීවත් වීමට ප්‍රිය කරනවා. ඔවුන් වෙන් කිරීම පාපයක්‌. ඔබේ අතේ මිටේ මුදල් නැත්නම් ඔබට මාසිකව යම් මුදලක්‌ ලබා දීම ඔබේ දරුවන්ගේ යුතුකමක්‌. සමහර දරුවන් පවසන්නේ අපි ඉතින් අම්මට තාත්තට කන්න බොන්න දෙනවා. ලෙඩට දුකට බලනවා තව මොනවද කියලයි. නමුත් ඔබටත් යම් මුදලක්‌ තිබීම අත්‍යවශ්‍ය බව ඔවුන් තේරුම් ගන්නේ නැහැ. අප ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන නිසි කළමනාකරණයකින් කටයුතු කරන්නේ නම් අපට ඉතා සතුටුදායක ජීවිතයක්‌ ගත කරන්න හැකිවනවා. විශ්‍රාම වැටුප් හිමි අයට නම් මෙම තත්ත්වයට මුහුණ දෙන්න සිදුවන්නේ නැහැ. දියුණු රටවල සෑම පුරවැසියෙක්‌ම විශ්‍රාම වැටුපකට හිමිකම් කියනවා. දේපල පැවරීමේදී ප්‍රාණ භුක්‌තිය තබා ලිවීම හෝ අන්තිම කැමති පත්‍රයකින් දේපල පැවරීම ඉතා වැදගත්. ඒ වගේම දේපල වලින් සෑහෙන කොටසක්‌ තමන් සතුව තබා ගැනීමත් ඉතා වැදගත් අඩුම ගණනේ එම දේපල ටික ලබා ගැනීමටවත් දරුවන් ඔබ රැක බලාගනීවි. ඔබ දන්නවා අද බේත් හේත් රෝහල් ගාස්‌තුවල මිල ඉතා අධිකයි. ඒ නිසාම ඔබ නිසි සෞඛ්‍යය ආවරණයක්‌ ලබාගැනීම හෝ ඒ සඳහා වෙනම මුදලක්‌ වෙන්කර තබා ගත යුතු වෙනවා.

    සැහැල්ලු බව සහ විනෝදය

    වසර ගණනාවක්‌ දරු මල්ලන් වෙනුවෙන් ජීවිතයේ කාලය ශ්‍රමය කැප කල ඔබට ඒ කාර්ය බහුලත්වය නිසා කර කියා ගත නොහැකි වු දේ කිරීමටට දැන් කාලයයි. ඔබේ ජීවිතය විඳීමට මෙය අවස්‌ථාවක්‌ කරගන්න. ඔබ අධ්‍යාත්මික පැත්තට යොමුවීම වැදගත් වන්නේ එයින් ඔබට සැහැල්ලුබවක්‌ ලබා ගත හැකි නිසයි. පොත් පත්, පුවත් පත් කියවන්න ඔබේ පැරණි මිතුරු මිතුරියන් හමුවන්න. ඔවුන් සමග විනෝද ගමන් වල යෙදෙන්න. රට රටවල සංචාරයෙහි යෙදෙන්න. කණගාටුදායක පුවත් ඇසීමෙන් හෝ කියවීමෙන් හැකිතාක්‌ වළකින්න. හැකි තරම් හුදකලා බැවින් මිදෙන්න. සෑම රෝගයකටම මානසික තත්ත්වයකටම මුල මෙම හුදකලා බවයි. ඔබට සුරතල් මුණුබුරු මුණුබිරියන් සිටීනම් ඔවුන් සමඟ කාලය ගත කරන්න. ඔබේ සහකරු හෝ සහකාරිය නොමැති නම් සහකරුවෙක්‌ සොයා ගන්න. මෙය අපේ සංස්‌කෘතියට පටහැනි යයි කෙනෙකුට කිවහැකියි. නමුත් ඇත්තම තත්ත්වය නම් දරුවන් තුල ඇති දේපල තණ්‌හාව සහ ඊර්ශ්‍යාවයි. තනිකම පාලුව දන්නේ එය විඳින පුද්ගලයා පමණයි. විදේශ රටවල තත්ත්වය මෙයට හාත්පසින්ම වෙනස්‌. ඒ රටවල දරුවන් එවන් අවස්‌ථාවල තම දෙමව්පියන්ව සහකරුවෙකු හෝ සහකාරියක සොයාගැනීමට උනන්දු කරනවා.

    කාලය රන් හා සමානය

    මේ අවධියේදී අපේ කාලය ඉතා වටිනවා. උදාවන සෑම දිනක්‌ම අලුත් දිනයක්‌ ලෙස සලකන්න. ඊයේ යනු අවලංගු චෙක්‌ පතකි. හෙට යනු බලාපොරොත්තු තැබිය හැකි පොරොන්දු නෝට්‌ටුවකි අද යනු අතට ලැබුනු මුදලකි. එබැවන් අද දිනයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. අප වියපත් වන විට බොහෝ විට දැනෙන දෙයකි අමතකවීම. ඒ නිසාම අවශ්‍ය දෑ තැනින් තැන සැඟවීමෙන් වලකින්න. එකම තැන සියල්ල තිබීමෙන් ඔබට එය සොයා ගැනීම පහසුවනු ඇත. ලොව වෙනස්‌ නොවන එකම දෙය වෙනස්‌වීම බව පිළිගන්න. සැම දේම වෙනස්‌ වෙනවා. ලෝකය වෙනස්‌වෙනවා, සිතුම් පැතුම් වෙනස්‌ වෙනවා, අපේ දරුවන් වෙනස්‌ වෙනවා, අපිත් වෙනස්‌ වෙනවා, ඒ සත්‍ය අප පිළිගත යුතු වෙනවා. ඒ වගේම නවීන තාක්‌ෂණය අපට නොයෙක්‌දේ පහසු කරනවා. අප ඒවා පිටු නොදැක ඒවාට හුරු පුරුදුවිය යුතුවෙනවා.

    ආත්මාර්ථකාමිත්වය පිටු දකින්න

    අප වයසට යනවිට අපේ ආත්මාර්ථකාමිත්වය ද වැඩි වනවා. අපට අවශ්‍ය ආදරය කරුණාව පිළිගැනීම අහිමි වන විට මේ තත්ත්වය උදාවනවා. මෙම යථාර්ථය අප අවබෝධ කර ගත යුතුම වෙනවා. මෙය කාටත් පොදු දෙයක්‌. සෑම දිනකම කුමක්‌ හෝ පුණ්‍ය කටයුත්තක යෙදෙන්න. කෙනෙකුට සුලුවෙන් හෝ උපකාරයක්‌ කරන්න. ඔබ ජීවිතයේ ලබා ගත් අත්දැකීම් සම්භාරයෙන් කෙනෙකුටඋපදෙසක්‌ ලබා දෙන්න. එය විශාල පුණ්‍ය කර්මයක්‌.

    අමතක කිරීම සහ සමාව දීම

    වැඩිහිටි අවදියට පිය නගන විට අපේ ආවේගශීලිත්වය ටිකක්‌ ඉහළ යනවා. වැඩිපුර කේන්ති යනවා. මෙහිදී දරුවන්ගේ යුතුකම එම තත්ත්වය තේරුම් ගෙන ඉවසීමයි. අපේම සුව සෙත සඳහා අපට යම් යම් අය කළ කී දේ අමතක කිරීමට සිදුවනවා. අපට වරද කරල අයට සමාව දිය යුතු වෙනවා. දරුවන්ගෙන් සහ හිතවතුන් ගෙන් සිදුවන අතපසුවීම් පිටු දැකිය යුතු වෙනවා. එයින් ඵල ලැබෙන්නේ අපටමයි. අපේ සිතෙන් කණස්‌සල්ල, වෛරය, ක්‍රෝධය ඉවතට යනවා. සැනසීම ලැබෙනවා. අප නිරෝගි වනවා

    මරණය පිළිබද ඇති අනවශ්‍ය බිය ඉවත්කර ගන්න

    අප සෑම දෙනාම කවදා හෝ මැරෙන බව අප නියත වශයෙන්ම දන්නවා. එය වැඩිහිට ඔබට පමණක්‌නොව ළදරු තරුණ සැමටම පොදු දෙයක්‌. නමුත් අප බොහෝ දෙනෙක්‌ මරණයට දැඩි බියක්‌ දක්‌වනවා. අපේ දරුවන් ගැන ඔවුන්ගේ අනාගතය ගැන අප ශෝකවෙනවා. අපේ වියෝව ඔවුන්ට දරාගත නොහැකියයි අප සිතනවා. නමුත් ඇත්තෙන්ම කිසිසේත් එසේ වෙන්නේ නැහැ. කවුරුවත් අප වෙනුවෙන් මැරෙන්නේ නැහැ. ඕනෑම දුකක්‌ වේදනාවක්‌ කාලයා විසින් මකා දමනවා. අප අත්හැරීම ප්‍රගුණ කළ යුතුවෙනවා. මරණය යනු එක්‌ නවාතැනකින් තවත් තැනකට පිය නැඟීමක්‌ පමණක්‌ බව මෙනෙහි කලයුතු වෙනවා. ඉහත උපදෙස්‌ ඔබ පිළිපැද හොත් ඔබට ඉතා වාසනාවන්ත වියපත් දිවියක්‌ ගත කළ හැකි වනවා.


    ශ්‍රියානි ද සේරම් විසිනි
    The Invisible
    The Invisible


    Posts : 3116
    Join date : 2016-11-28
    Age : 44

    ජීවිතය පටන් ගන්නේ 60න් Empty Re: ජීවිතය පටන් ගන්නේ 60න්

    Post by The Invisible Thu Feb 08, 2018 9:16 am

    Good article. Thanks nihal for sharing it.
    avatar
    soileconomy


    Posts : 82
    Join date : 2016-05-26
    Age : 46
    Location : Nebraska

    ජීවිතය පටන් ගන්නේ 60න් Empty Re: ජීවිතය පටන් ගන්නේ 60න්

    Post by soileconomy Thu Feb 15, 2018 8:26 am

    Good article.got something to my life
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ජීවිතය පටන් ගන්නේ 60න් Empty Re: ජීවිතය පටන් ගන්නේ 60න්

    Post by Ethical Trader Thu Feb 15, 2018 11:31 am

    Thanks.
    avatar
    Lalinda


    Posts : 69
    Join date : 2015-02-16

    ජීවිතය පටන් ගන්නේ 60න් Empty Re: ජීවිතය පටන් ගන්නේ 60න්

    Post by Lalinda Tue Feb 20, 2018 6:19 pm

    Thanks Nihal for sharing this. Worth reading till end and lot to absorb Smile.
    avatar
    malanp


    Posts : 518
    Join date : 2014-03-04

    ජීවිතය පටන් ගන්නේ 60න් Empty Re: ජීවිතය පටන් ගන්නේ 60න්

    Post by malanp Tue Feb 20, 2018 11:02 pm

    Thank you Nihal,,very good article..

    I thought life begins at 40 and end at 60,,

    Now I got extra 20 years..
    CK
    CK
    Active Member
    Active Member


    Posts : 1393
    Join date : 2015-11-01

    ජීවිතය පටන් ගන්නේ 60න් Empty Re: ජීවිතය පටන් ගන්නේ 60න්

    Post by CK Wed Feb 21, 2018 5:58 am

    Life start today which ever your age is. Live it happily and peacefully ....
    avatar
    lanka


    Posts : 624
    Join date : 2014-11-26

    ජීවිතය පටන් ගන්නේ 60න් Empty Re: ජීවිතය පටන් ගන්නේ 60න්

    Post by lanka Wed Feb 21, 2018 3:14 pm

    හැමදාමත් හොඳ දේවල් සොයා ගෙනවිත් අපව දනුවත් කරන
    දයාබර නිහාල්...
    ඔබට බොහොමත් ස්තුතියි.

      Current date/time is Sat Jul 27, 2024 7:45 pm