The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
HAYC - HaycarbYesterday at 9:58 amsubash
Plantation Sector UpdatesTue Oct 20, 2020 3:11 pmslstock
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Dividend AnnouncementsMon Aug 17, 2020 1:27 pmRana
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

බලාගෙනයි, 'ගුවනින් අසූචි'! Empty බලාගෙනයි, 'ගුවනින් අසූචි'!

on Tue Jan 23, 2018 12:15 pm
Message reputation : 100% (1 vote)
BBC Sandeshaya 2018 ජනවාරි 22
බලාගෙනයි, 'ගුවනින් අසූචි'! _99692353_img_4823
Image copyright GURGAON POLICE
Image caption කිලෝග්‍රෑම් 10-12 අතර ප්‍රමාණයක් බරැති අයිස් කුට්ටිය 'ෆෂිල්පූර් බද්ලි' නම් ගම්මානයට වැටී ඇත

උතුරු ඉන්දියාවේ 'හර්යානා' ප්‍රාන්තයේ ගමකට ඇද වැටුණ අයිස් ගුලියක් ගුවන් යානයක වැසිකිලියකින් නිකුත් වූ මිනිස් අපද්‍රව්‍ය තොගයක් විය හැකි බවට ඉන්දීය බලධාරීහු සැක කරති.

කිලෝග්‍රෑම් 10-12 අතර ප්‍රමාණයක් බරැති එම අයිස් කුට්ටිය පසුගිය සෙනසුරාදා විශාල ශබ්දයක් ඇති කරමින් හර්යානාහි 'ෆෂිල්පූර් බද්ලි' නම් ගම්මානයට වැටී ඇත.

එම ශබ්දයත් සමඟ ගම්වැසියන් කලබලයට පත් වූ බව ඉන්දීය වාර්තාවන්හි දැක්වෙයි.

   සමහර ගම්වැසියෝ හිතල තියෙනවා, ඒක පිට ලෝකයකින් ආපු දෙයක්ය කියල. තවත් අය හිතුව, මෙය දිව්‍යලෝකෙන් ආපු පූජනීය වස්තුවක්ය කියල. සමහරු අයිස් කුට්ටියේ කෑලි කඩාගෙන ගෙවල්වලට ගෙනිහින් තිබුණා
   ඉන්දීය බලධාරියෙක්

ඉන්දීය ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන විවේක් කාලියා (Vivek Kalia) බීබීසියට අදහස් දක්වමින්, ඇතැම් ගම්වාසීන් එම අයිස් කුට්ටිය වෙනත් ලෝකයකින් කඩා වැටුන වස්තුවක් ලෙස සලකන ලද බවක් සඳහන් කළේය.

ගුවන් ගමන්වලදී මිනිස් අපද්‍රව්‍ය ගබඩා වීමට යානාවන්හි විශේෂ ටැංකි නිමවා ඇත. ඒවා ඉවත ලනු ලැබීම කෙරෙන්නේ ගුවන් යානා ගොඩ බෑමෙන් අනතුරුවය.

එහෙත් ඇතැම් අවස්ථාවල ගුවනේ දී එවැනි ටැංකිවලින් මිනිස් අපද්‍රව්‍ය කාන්දු විය හැකි බව ජාත්‍යන්තර ගුවන් ගමන් බලධාරීහු පිළිගනිති.
බලාගෙනයි, 'ගුවනින් අසූචි'! _87549058_000414056-1
Image caption ඇතැම් අවස්ථාවල ගුවනේ දී එවැනි ටැංකිවලින් මිනිස් අපද්‍රව්‍ය කාන්දු විය හැකි බව ජාත්‍යන්තර ගුවන් ගමන් බලධාරීහු පිළිගනිති

හර්යානාහි 'ෆෂිල්පූර් බද්ලි' නම් ගම්මානයට වැටුන අයිස් කුට්ටියේ කොටසක් රසායනික පිරික්සුම් සඳහා විද්‍යාඥයන් වෙත යවන ලද නමුත්, එය ගුවනේ දී අයිස් බවට පත් මිනිස් අපද්‍රව්‍ය තොගයක් විය හැකි බවට සැක කරන බව විවේක් කාලියා (Vivek Kalia) පවසයි.

"ඒක ගොඩාක් බර අයිස් කුට්ටියක්. සෙනසුරාද උදේ වැටිලා තියෙන්නේ. එය වැටෙන කොට විශාල ශබ්දයක් පැතිරිලා තියෙනවා. මොකක්ද වුණේ කියල බලන්න ගමේ මිනිස්සු දුවල ඇවිත් තිබුණා" විවේක් කාලියා වැඩිදුරටත් සඳහන් කළේය.

"සමහර ගම්වැසියෝ හිතල තියෙනවා, ඒක පිට ලෝකයකින් ආපු දෙයක්ය කියල. තවත් අය හිතුව, මෙය දිව්‍යලෝකෙන් ආපු පූජනීය වස්තුවක්ය කියල. සමහරු අයිස් කුට්ටියේ කෑලි කඩාගෙන ගෙවල්වලට ගෙනිහින් තිබුණා" විවේක් කාලියා ගම්වාසීන්ගේ හැසිරීම විස්තර කළේය

"සමහරු අයිස් කුට්ටියේ කෑලි කඩාගෙන රෙදිවල ඔතාගෙන ගෙදර ගෙනත් ශීතකරණවල තබාගෙන තිබුණා" ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි.

එම අයිස් කුට්ටිය පරීක්ෂා කළ ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ට නිලධාරියෙක් 'එය අද්භූත ආකාශමය වස්තුවක් නොවන බව' අවධාරණයෙන් කියා සිටියේය.

ගුවනේ දී වැසිකිලි අපද්‍රව්‍ය බිම හෙළීම තහනම් කරමින්, එසේම එවැනි ක්‍රියාවන්ට එරෙහිව දඩ නියම කරන බව පවසමින් ඉන්දීය උසාවියක් පසුගිය 2016 ජනවාරි මාසයේ තීන්දුවක් දී ඇත.
බලාගෙනයි, 'ගුවනින් අසූචි'! _99699698_gettyimages-470083057
Image copyright Getty Images
Image caption උතුරන ගුවන්යානා වැසිකිළියකින් නිකුත්ව අයිස් බවට පත් මිනිස් අපද්‍රව්‍ය පොළොවට වැටීම ඉතා කලාතුරකින් සිදුවිය හැකිය

2016 ජනවාරි මාසයේ මධ්‍යප්‍රදේශ් ප්‍රාන්තයේ නිවසක් මතට පාපන්දුවක් තරම් අයිස් කුට්ටියක් වැටීමෙන් එම නිවසේ වහලට හානි සිදු වූ අතර එහි නිවැසි කාන්තාවකගේ උරහිසට බරපතළ තුවාල සිදුවිය.

එම අයිස් කුට්ටියත් ගුවන් යානයක මිනිස් අපද්‍රව්‍ය වියහැකි බව එක් පුවත්පතක් වාර්තාකර තිබුණි.

නවීන වාණිජ ගුවන් යානා පියාසර කරන උස අනුව යානා අවට පවතින හිම මිදෙන ශීතලේ දී ඉන් බැහැරවෙන ද්‍රවයක් ඒ මොහොතේම අයිස් බවට පත්වෙයි.

උතුරන ගුවන්යානා වැසිකිළියකින් නිකුත්ව අයිස් බවට පත් මිනිස් අපද්‍රව්‍ය පොළොවට වැටීම ඉතා කලාතුරකින් සිදුවිය හැකිය. ඒවා හඳුන්වනු ලබන්නේ "Blue ice" යනුවෙනි.

එසේ හඳුන්වනු ලබන්නේ අපද්‍රව්‍ය විනාශ කොට ඒවායේ දුර්ඝන්දය අවම කිරීම සඳහා ගුවන්යානා වැසිකිළි සඳහා පාවිච්චි කරන රසායන වර්ග අනුවයි.

එක්සත් රාජධානියේ ගුවන් සීමාවට වසරකට යානා විසිපන් ලක්ෂයක් පමණ ඇතුල් වෙන අතර ඉහත කී ආකාරයේ "Blue ice" කුට්ටි පොළොවට වැටීමේ අවස්ථා විසිපහක් පමණ වසරකට වාර්තා වෙන බව බ්‍රිතාන්‍ය සිවිල් ගුවන් ගමන් අධිකාරිය පවසයි.
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 8696
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

බලාගෙනයි, 'ගුවනින් අසූචි'! Empty Re: බලාගෙනයි, 'ගුවනින් අසූචි'!

on Tue Jan 23, 2018 12:26 pm
Message reputation : 100% (1 vote)
Holy Shit ? Embarassed

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

බලාගෙනයි, 'ගුවනින් අසූචි'! Empty Re: බලාගෙනයි, 'ගුවනින් අසූචි'!

on Tue Jan 23, 2018 7:10 pm
Typical Indian mentality. Any thing unexplained is God given.
කිත්සිරි ද සිල්වා wrote:Holy Shit ? Embarassed
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum