- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ගුවනින් වැටුන සෙබළා මියයයි
BBC Sandeshaya 2017 මැයි 26
Image copyright Airforce lk
Image caption ගුවන් භටයා අඩි 25 ක් පමණ ඉහළින් රඳවා තිබුණ හෙලික්ප්ටර් යානයෙන් බිම වැටී ඇත.
ගාල්ල නෙළුව ප්‍රදේශයේ ආපදාවට පත් කණ්ඩායමක් බේරා ගැනීමේ මෙහෙයුමක නිරත වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානයකින් බිම ඇද වැටුන ගුවන් හමුදා සෙබළා මරණයට පත්විය.
ගංවතුරට ගොදුරු වූ පුද්ගලයකු කේබලයක ආධාරයෙන් ගුවනින් ගෙනයමින් සිටියදී ඔහු බිම ඇද වැටුන අතර ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබමින් සිටියේය.
Image caption බේරා ගැනීමේ ගුවන් මෙහෙයුමක්
Image copyright Slaf media
Image caption සෙබළා රෝහල කරා
තුවාල ලද එම ගුවන් හමුදා සෙබලා මරණයට පත් වූ බව ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය.