![මන්ත්‍රී විමල්ට අධිචෝදනා පත්‍ර භාර දුන්නේ ඇයි? _99537897_150829164707_wimal_weeravansa_512x288_wimalweerawansa_nocredit](https://ichef-1.bbci.co.uk/news/624/cpsprodpb/13801/production/_99537897_150829164707_wimal_weeravansa_512x288_wimalweerawansa_nocredit.jpg)
Image copyright WIMAL WEERAWANSA
අයථා ලෙස රුපියල් ලක්ෂ 750 කට ආසන්න වත්කම් සහ මුදල් උපයා ගත් බවට චෝදනා ලැබ සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක සහ එකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරහිව අධිචෝදනා පත්‍ර භාර දී තිබේ.
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කරන ලද අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි ඉදිරියේදී මන්ත්‍රී විමල් විරවංශ වෙත භාර දෙනු ලැබිණි.
ඉන් අනතුරුව රුපියල් ලක්ෂ පහක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකාර විමල් වීරවංශ මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ ඉහත කී නඩු විභාගයට අදාළ නඩු භාණ්ඩ ලේඛණය අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙසය.
එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය නැවත පෙබරවාරි 19 වෙනිදා කැඳවීමට නියම කළේය.
විමල් වීරවංශ වෙත චෝදනා එල්ල වී ඇත්තේ ඔහු ඇමති ධුරයක් දැරූ 2010 වසරේ ජනවාරි 01 වෙනිදා සිට 2014 වසරේ දෙසැම්බර් 31 වෙනිදා දක්වා කාලසීමාව තුළ සිය නීත්‍යනුකූල ආදායම ඉක්මවා යන ආකාරයට රුපියල් ලක්ෂ 750 ආසන්න වත්කම් සහ මුදල් නීති විරෝධී ආකාරයට උපයා ගෙන ඇති බවටය.
එමගින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බවට වන චෝදනා යටතේ මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා තිබේ.
වෙනත් චෝදනා
පැවති ආණ්ඩු සමයේ අමාත්‍යවරයෙකුව සිටියදී රජයේ වාහන අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා මත පසුගිය වසරේ දී ඔහු අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඇප මත නිදහස් කෙරිණි.
විමල් වීරවංශ සිය ඥාතීන් සහ හිතවතුන්ට රජයෙන් වාහන ලබාදීම නිසා රජයට රුපියල් ලක්ෂ 916 ක පාඩුසිදුව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා එවක පැවසීය.
ඔහු තවදුරටත් කියා සිටියේ පොලිසිය විසින් උසාවියට ඉදිරිපත් කරනු ලැබූ කරුණු අනුව, විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා වාහන 40 ක් සිය හිතවතුන්ට ලබාදී ඇති බවය.
මේ අතර ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් ළග තබා ගැනීම සම්බන්ධයෙන් මන්ත්‍රී විමල් වීරවංශ 2015 වසරේ දී අත්අඩංගුවට ගනු ලැබිණි.
මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ උද්ඝෝෂණ පවත්වා මාර්ග අවහිර කිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල විය.
තමන් වෙත එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසන්නේ එවැනි චෝදනා පිටුපස ඇත්තේ 'දේශපාලන උවමනාවන්' බවය.
» CCS.N0000 ( Ceylon Cold Stores)
» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
» When Will It Be Safe To Invest In The Stock Market Again?
» Dividend Announcements
» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
» SEYB.N0000 (Seylan Bank PLC)
» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
» The Korean Way !
» In the Meantime Within Our Shores!
» What is Known as Dementia?
» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
» Equinox ( වසන්ත විෂුවය ) !
» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
» REXP.N0000 (Richard Pieris Exports PLC)
» RICH.N0000 (Richard Pieris and Company PLC)
» Do You Have Computer Vision Syndrome?
» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
» What a Bank Run ?
» 104 Technical trading experiments by HUNTER
» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
» Cboe Volatility Index
» AHPL.N0000
» TJL.N0000 (Tee Jey Lanka PLC.)
» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
» Bitcoin and Cryptocurrency
» CSD.N0000 (Seylan Developments PLC)
» PLC.N0000 (People's Leasing and Finance PLC)
» Bakery Products ?
» NTB.N0000 (Nations Trust Bank PLC)
» Going South
» When Seagulls Follow the Trawler
» Re-activating
» අපි තමයි හොඳටම කරේ !
» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
» SAMP.N0000 (Sampath Bank PLC)
» APLA.N0000 (ACL Plastics PLC)
» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
» Banks, Finance & Insurance Sector Chart
» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
» WATA - Watawala
» KFP.N0000(Keels Food Products PLC)
» Capital Trust Broker in difficulty?
» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
» What Industry Would You Choose to Focus?
» Should I Stick Around, or Should I Follow Others' Lead?