The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් Empty පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක්

    Post by Ethical Trader Tue Dec 12, 2017 5:55 pm

    BBC Sandeshaya පැය 5 කට පෙර

    ලොව ළාබාල ම දූපත

    පෘථිවියේ අලුත්ම භූමි උපත මෙය වන අතර අඟහරු ග්‍රහයා මත ජීවය පිළිබඳ සාක්‍ෂි සෙවිය යුත්තේ කොහිද යන්න සම්බන්ධයෙන් මෙය මග පෙන්වීමක් කරනු ඇතැයි විශ්වාස කෙරේ.

    හුන්ගා ටොංගා හුන්ගා හාපයි යනුවෙන් දිව පැටලෙන සුලු නමක් යෙදී ඇති, යමහලකින් හටගත් මේ දූපත පැසිෆික් සාගරයෙන් මතුවුයේ 2015 වසරේදීය. සාගර තරංගවලට හසුවූ තැන සිට එහි හැඩය වෙනස්වීමට පටන් ගැනිණි.

    මේ නිසා සෙමෙන් සිදුවන දූපතේ සේදී යාම විද්‍යාඥයින්ගේ ඉතා සමීප නිරීක්ෂණයට ලක්ව තිබේ.

    රතු ග්‍රහයා (අඟහරු) මත ජලය ඇසුරින් බිහිවූ දූපත් රැසක මෙවැනි ම ආකාරයේ ශේෂයන් ඇති බව ඔවුහු සිතති.

    එය සැබෑවක් නම්, එය සැබවින් ම සිත්ගන්නා සුලු ය. පෘථිවිය මත දී සමුදුරු යට යමහල් ක්‍රියාකාරීත්වය හමුවන ඕනෑම තැනක ක්ෂුද්‍ර ජීවයට රුකුල් දෙන තත්ත්වයන් නිතර හමුවේ.

    හුන්ගා ටොංගා හුන්ගා හාපයි දූපත හටගැනීම හරහා පර්යේෂකයින් එය දකින්නේ අඟහරු ග්‍රහයාගේ පුර්ව ජලාශ්‍රිත පරිසරය හොඳින් අවබෝධ කරගත හැකි දර්ශකයක් සේම එහි සරල ජීවයක් ජනිත වීමට හිතකර විය හැකි තත්ත්ව පැවතියේද යන්න අවබෝධ කරගත හැකිවන බවය.
    පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් _99167797_96030e19-e660-406a-a6e0-3ef3b876f0d0
    Image caption අඟහරු මත යමහල් අළුවලින් සැදි පාෂාණවලින් සමන්විත කේතු දුටු බව විද්‍යාඥයින් සිතයි

    "රතු ග්‍රහයා මත පුරාතන ජලාශ්‍රිත තත්ත්ව, ගැඹුරු බව හා ආයුකාල පිළිබඳ ඉඟියක් මෙවැනි භූ නිමැවුම් හරහා අපට ලබාගත හැකියැයි සිතනවා." යැයි එක්සත් ජනපද අභ්‍යවකාශ ආයතනයේ (නාසා) ගොඩාර්ඩ් අභ්‍යවකාශ ගමන් මධ්‍යස්ථානයේ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය ජිම් ගාර්වින් පැවසීය.

    "ඒ අනුව, අඟහරු අවබෝධ කරගැනීම සඳහා අපව පුහුණු කිරීමට පෘථිවිය මත ඇති HTHH (හුන්ගා ටොංගා හුන්ගා හාපයි) අප යොදා ගන්නවා" යැයිද ඔහු කියා සිටියේය. ආචාර්ය ගාර්වින් හා ඔහුගේ සගයින් හුන්ගා ටොංගා හුන්ගා හාපයි දූපත ගැන ඔවුන් කළ අධ්‍යයනවල තොරතුරු, පෘථිවි හා ග්‍රහලෝක පිළිබඳ විද්‍යාඥයින්ගේ ලොව විශාලතම වාර්ෂික හමුව වන ඇමෙරිකානු භූ භෞතික සංගමය පවත්වන හමුවට ඉදිරිපත් කෙරේ.

    මේ දුපත ගොඩ නැගුනේ නිරිතදිග පැසිෆික් සාගරයේ ටොංගා දුපත් සමුහය අතර සාගරයේ ගිලී ඇති කිලෝමීටර 1.3 ක උසින් යුතු හුන්ගා යමහලෙනි.

    පැසිෆික් සාගරයේ ළදරු දිවයින
    පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් _99167798_3c446996-2735-45a8-8c86-b0bb41ce1f01
    පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් _99167798_3c446996-2735-45a8-8c86-b0bb41ce1f01
    Image caption ප්‍රංශ ප්ලේයඩීස් චන්ද්‍රිකාව මගින් ගන්නා ලද 2015 විදාරණයට පෙර හා පසු ඡායාරූප

       හෙක්ටයාර 200ක බිම් ප්‍රදේශය හැඳින්වීමට විද්‍යාඥයෝ HTHH යන නම භාවිත කරති.
       හුන්ගා ටොංගා සහ හුන්ගා හාපයි යන දූපත් අතරින් එය මතුවිය.
       මේ භූ නිමැවුම් ත්‍රිත්වයම තිබෙන්නේ කිලෝමීටර 1.5ක උසින් යුතු ජලයේ ගිලී ඇති යමහලක් මතය.
       සේදීයාම් පිළිබඳ ආකෘතිවලින් කියවන්නේ HTHH වසර හයේ සිට වසර 30ක් පමණවූ කාලයක් පවතිනු ඇති බවය.
    පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් _99167803_ebd1855c-13f9-4674-a51f-6f448bbb4753
    Image caption දූපත පිළිබඳ චන්ද්‍රිකා ආශ්‍රිත රූ සටහනක් : 2015 අප්‍රේල් (වම) සහ 2017 සැප්තැම්බර් (දකුණ)

    මේ නව භූ නිමැවුම දක්නට ලැබුනේ "සර්ට්සේයානු" විදාරණයකිනි. ඒ නම යෙදුනේ 1963 - 1967 අතර අයිස්ලන්තයට ඔබ්බෙන් උතුරු අත්ලාන්තික් සාගරයේ සර්ට්සේ නමින් හැඳින්වුණු දූපත ඊට බොහෝ සමාන වූ බැවිනි.

    මෙවැනි අවස්ථාවලදී ශීත මුහුදු ජලය සමග උණුසුම් මැග්මා එක්වීමෙන් අළු සහ පාෂාණ කොටස් ප්‍රබලව පුපුරායයි.

    මේ අනුව සාගර ජලය මතුපිට එක්රැස්වන කොටස් එකතුවී යමහල් අළුවලින් සැදි පාෂාණවලින් සමන්විත කේතුවක් සැකසේ. හුන්ගා ටොංගා හුන්ගා හාපයි (HTHH) සැලකීමේදී එය මීටර 100 වඩා වැඩි උසකින් යුතුවේ. එසේ වුවත් එය වැඩිකලක් පවතී යැයි විද්‍යාඥයෝ අපේක්ෂා නොකරති. සැඩ කුණාටු හේතුවෙන් කලකින් එය බිදී යනු ඇත.

    කෙසේවෙතත්, ඊට දශක කිහිපයක් ගතවිය හැකි අතර වඩා සුපැහැදිලි චන්ද්‍රිකා රූප භාවිතයෙන් එහි සෑම පියවරක්ම නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයෝ අපේක්ෂා කරති. ඇත්තෙන්ම, නුතන අභ්‍යවකාශ යුගයේදී මේ ආකාරයෙන් විදාරණය වූ පළමු දූපත මෙය වන අතර ක්ෂණිකව අතුරුදහන්ව නොයන්නකි. HTHH හි මුල් අවදිය මෙන්ම එහි විකාශනය සම්බන්ධයෙන් පෙර නොවූ විරූ දැකීමක් කක්ෂයේ සිට විද්‍යාඥයින් වෙත ගෙන දේ.

    "HTHH සමග කරන අධ්‍යයනයේදී අප අපේක්ෂා කරන එක් දෙයක්වන්නේ වෙනස් ගැඹුරු තත්ත්ව වලදී ජලය සමග සේදී යාමේ වේගයට සම්බන්ධ කිරීමයි." අචාර්ය ගාර්වින් බීබීසී සමග පැවසීය.

    "මේ දූපත එය සේදී යාමේ චක්‍රය තුළ පවතින ආකාරය කාලානුරුපව ඡායාරුපගත කිරීමකට යොමු කරනවා. අඟහරු මත තත්ත්වය සෙවීම සඳහා එවිට එය අපට කිසියම් ක්‍රමාවලියක් සපයාවි. සමහරවිට එය අපට පෙන්වාවි එම ග්‍රහයාගේ සමහර තැන්වල ජල මට්ටම මීටර දහයේ ප්‍රමාණවල සිට මීටර සිය ගණනක ගැඹුර තිබු බව. ඒ වගේම මෙවැනිම සේදී යාමකට සරිලන කාලයක් තිබූ බව පෙන්වාවි." යැයි ඔහු සඳහන් කළේය.

    Image copyright GP ORBASSANO

    ජලය සහ කාලය ජීවය සඳහා අවශ්‍යම කරුණුය. ඒ වගේම එය ශක්ති ප්‍රභවයක් මෙන්ම පෝෂක ද සපයයි.

    පෘථිවිය මත සමුද්‍රීය යමහල් විවරයකදී මේ සියලු තත්ත්ව හමුවේ. උණුසුම් පාෂාණ පැලුම් අතරින් ගලන ඛනිජවලින් පොහොසත් ජලය ආශ්‍රිතව ක්ෂුද්‍ර ජීවීන් ගොඩනැගේ. මෙවැනිම ආකාරයේ, අඟහරු ග්‍රහයාගේ අතීත ක්‍රියාකාරීත්වය පිළිබඳ සාක්ෂි විමසීම සඳහා විද්‍යාඥයින් චන්ද්‍රිකා යොමු කිරීම කෙරෙහි මෙය ද එක් හේතුවකි.

    (බීබීසී විද්‍යා තොරතුරු වාර්තාකරු ජොනතන් ඇමෝස් සකස් කළ වාර්තාවක් ඇසුරිනි)
    CK
    CK
    Active Member
    Active Member


    Posts : 1393
    Join date : 2015-11-01

    පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක් Empty Re: පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක්

    Post by CK Tue Dec 12, 2017 8:12 pm

    Thanks ET. Interesting

      Current date/time is Fri Nov 08, 2024 10:08 pm