The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද?

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? Empty අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද?

    Post by Ethical Trader Mon Nov 20, 2017 7:08 pm

    BBC Sandeshaya පැය 5 කට පෙර

    අපි යහපාලනය ඉදිරියට ගෙනයනවා - බැඳුම්කර කොමිසම වෙත පැමිණි අගමැති

    හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් එම තනතුරට පත්කිරීමේදී ඔහුගේ බෑණනුවන් වන අර්ජුන ඇලෝසියස් පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගමෙන් ඉවත්විය යුතු බව තමන් අර්ජුන මහේන්ද්‍රන්ට මෙන්ම අර්ජුන අලෝසියස්ට දන්වා තිබුණු බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

    අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ සඳුදා (නොවැ 20) ප්‍රකාශයක් ලබා දෙමිනි.

    අර්ජුන ඇලෝසියස් පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගමෙන් ඉවත්වුවත් එයට සම්බන්ධ සමාගමක් වූ පර්පෙචුවල් හෝල්ඩින්ග්ස් ආයතනයේ කටයුතු කළ බව දන්නේද යන්න විමසු විට අගමැතිවරයා කියා සිටියේ තමන් ඒ ගැන නොදැන සිටි බවය.

    කෙසේ වෙතත් තමන් සතු කොටස් හුවමාරු කිරීම සඳහා යම් කාලයක් ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටි බව අගමැතිවරයා සඳහන් කළේය.

    නොවැම්බර් 20 වෙනි දින කොමිසම හමුවේ පෙනීසිටින ලෙස අගමැති රනිල් වික්‍රමසිංහට දැනුම් දී තිබූ අතර ඒ අනුව අගමැතිවරයා අද උදෑසන 9.50 ට පමණ කොමිසම හමුවට පැමිණියේය.

    කොමිසමේ කටයුතු පෙරවරු 10.00 ට ආරම්භවිය. කොමිසමේ මුලික කටයුතුවලින් අනතුරුව අගමැතිවරයාගෙන් ප්‍රශ්න විමසීම ආරම්භවුයේ පෙරවරු 10.15ට පමණය.

    කොමිසමේ විනිසුරුවරුන් ප්‍රශ්න විමසීමට පෙර සභාව අමතමින් පැවසුවේ අගමැති රනිල් වික්‍රමසිංහට කොමිසම හමුවේ පෙනීසිටින ලෙස කොමිසම මගින් කිසිදු ලෙසකින් බලකිරීමක් සිදු නොකළ බවය.

    පැයක පමණ කාලයක් අගමැතිවරයාගෙන් ප්‍රශ්න කෙරුණු අතර කොමිසමට සහාය දක්වන ලෙස කළ ඉල්ලීම අනුව පැමිණීම ගැන අගමැතිවරයාට විශේෂ ස්තුතිය ද කොමිසමේ විනිසුරුවරුන් විසින් පිරිනම ලදී.

    මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් තමන් ගැන කියැවුණු සඳහන්වලට අදාළව ඕනෑම පැහැදිලි කිරීමකට තමන් සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති කොමිසමට මින් පෙර දැනුම්දී තිබුණි.

    අගමැතිවරයාගෙන් සාක්ෂි විමසීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කටයුතු කළේ නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරියයි.

    සාමාන්‍යයෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ප්‍රශ්න ඇසීම සිදුකළේ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා විසිනි.

    ඔහුගේ "උද්වේගකාරී හැසිරීම" පිළිබඳ කොමිසමේ විනිසුරුවරුන් අවස්ථා ගණනාවකමදී ඔහුට අවවාද කර තිබුණි.

    කෙසේ වෙතත් ප්‍රශ්න මෙහෙයවීම සඳහා නීතිපතිවරයා කැඳවුයේ අගමැතිවරයාට හිමි නිල තත්ත්වය සැලකිල්ලට ගෙන කොමිෂන් සභාව ගත් තීරණයක් නිසා බව කොමිසමේ විනිසුරුවරු ප්‍රකාශ කළහ.

    අගමැතිවරයාට ඔක්තෝබර් මස 10 වෙනි දින කොමිසම විසින් යවන ලද ප්‍රශ්න 28 ට හා නීතිපති දෙපාර්තමේන්තුව විසින් යවන ලද ප්‍රශ්න 20 ට අදාළව අගමැතිවරයා ලබාදුන් පිළිතුරැ කිහිපයක් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීම මෙහිදී සිදුවිය.
    අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? _93995759_d282f617-dce0-459f-8266-d84f36e1dd7c
    Image copyright Getty Images
    Image caption හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්

    නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රශ්න 33 ක් අගමැතිවරයාට යොමු කරන ලෙස ඉල්ලා තිබුණ ද එයින් අවශ්‍ය ප්‍රශ්න 20 ක් පමණක් අගමැතිවරයාට යැවු බව කොමිසමේ විනිසුරුවරු පැවසූහ.

    අර්ජුන ඇලෝසියස් සහ හිටපු මහබැංකු අධිපති අතර තිබු ලැදියාවන් අතර ගැටලුව ගැන නීතිපතිවරයා ද මෙහිදී වැඩිදුරටත් ප්‍රශ්න කළ අතර එයට පිළිතුරු දෙමින් අගමැතිවරයා කියා සිටියේ ලැදියාවන් අතර ගැටලුව ගැන මුලින්ම අවධානය යොමුකළේ තමන් බවය.

    හිටපු මහබැංකු අධිපතිවරයෙකුගේ නැගණිය ද මින් පෙර පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කර තිබුණු බව අගමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

    පර්පෙචුවල් ට්‍රේෂරිස් සමාගමෙන් ඉවත්ව තමන්ට හිමි මෙන්ඩිස් අරක්කු ව්‍යාපාරයේ කටයුතු කරන බව අර්ජුන අලෝසියස් ද තමන් හමුවූ වරක ප්‍රකාශ කළ බව ඔහු පැවසුවේය.

    අර්ජුන ඇලෝසියස් සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් තමන් නොමග යැවු බවට තොරතුරු තමන්ට නොමැති බව නීතිපතිවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා කියා සිටියේය.

    ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන මෙන්ම බැඳුම්කර නිකුත්කර මුදල් රැස්කිරීම අවශ්‍යවූයේ ඇයිද යන කරුණුවලටද අගමැතිවරයා කොමිසම හමුවේ දීර්ඝව කරුණු සඳහන් කළේය.

    පසුගිය ආණ්ඩුව සමයේ ගෙවිය යුතු මුදල් ගැන නිසි ගණන්හිලව් නොතිබූ බව පැවසූ අගමැතිවරයා මෑතකදී ද සිංගප්පූර් සමාගමක් අධිවේගී මාර්ග සම්බන්ධයෙන් 2013 වසරේ කළ වැඩකට අදාළ බිල්පතක් ඒවා තිබු බවද සඳහන් කළේය.

    බැඳුම්කර සෘජු ස්ථානගත කිරීම් සිදු කරනු වෙනුවට ප්‍රසිද්ධ වෙන්දේසි කිරීම සිදු කළ යුතු බවට තමන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට උපදෙස්දුන් බව අගමැතිවරයා මෙහිදී පිළිගත්තේය. එම උපදේස් අනුව නිසි ලෙස ක්‍රියාමාර්ග ගැනීම අර්ජුන් මහේන්ද්‍රන්ට බාර වූ බව අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    කොමිසම විසින් අගමැතිවරයාගෙන් විමසන ලද තවත් ප්‍රශ්නයක් වූයේ සෘජු ස්ථානගත කිරීම්වල සිට ප්‍රසිද්ධ වෙන්දේසි සඳහා යාමට ගත් තීරණය සම්බන්ධයෙනි.

    ඒ ගැන තමන් අර්ජුන මහේන්ද්‍රන් දැනුවත් කර තිබු බවට අගමැතිවරයා ලිඛිතව ඉදිරිපත්කර තිබු පිළිතුර ගැන විමසමින් ප්‍රශ්න කළේ එය මුල්‍ය මණ්ඩලය විසින් ගත යුතු තීරණයක් නොවේද යන්නයි.

    එයට පිළිතුරු දෙමින් අගමැතිවරයා පැවසුවේ ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලයේ හා රජයේ ප්‍රතිපත්ති ගැන විධාන දීමට හැකි බවය.

    මුල්‍ය බලය පාර්ලිමේන්තුව සතු බව අගමැතිවරයා පෙන්වා දුන්නේය.
    අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? _90027233_gettyimages-520597038
    Image copyright Getty Images
    Image caption බැඳුම්කර කොමිසම ඉදිරියේ හෙළිදරව් වූ කරුණු මුල් කර ගනිමින් රවී කරුණානායක සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය

    ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව සිදුවූ දිනයේ අර්ජුන මහේද්‍රන් අගමැතිවරයාට ලබාදී තිබු දුරකථන ඇමතුම් ගැන මෙහිදී විමසු අතර අගමැතිවරයා පැවසුවේ මුලින්ම ඔහු අදාල නිකුතුව සිදුවූ බවටත් පසුව එහි වැඩිවිස්තරත් ලබා දුන් බවය.

    අර්ජුන මහේන්ද්‍රන් අගමැතිවරයා ඇමතු දුරකථන අංකය ගැන විමසීමේදී අගමැතිවරයා පැවසුවේ එදින තමන් සම්බන්ධ කර ගත හැකිව තිබුණේ එම අංකයෙන් බවය.

    තමන් දුරකථනයට කෙලින්ම පිළිතුරැ නොදෙන බවත් තම සහායකයන් තමන්ට එය ගෙනවිත් දෙන බවත් ඔහු මෙහිදී කියා සිටියේය.
    අගමැති රනිල් බැඳුම්කර කොමිසම හමුවේ පැවසුවේ මොනවාද? _97168157_gettyimages-521196756
    හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක රාජ්‍ය බැංකුවලට අඩුවෙන් ලංසූ තබන ලෙස කළ ඉල්ලීමක් ගැන ඉදිර්පත්වූ සාක්ෂි ගැන විමසීමේදී අගමැතිවරයා පැවසුවේ තමන් එවැනි ඉල්ලීමක් සිදු කර නොමැති බවය.

    නීතිපතිවරයා ප්‍රශ්නයක් යොමුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් ගැන සදහනක් කළ අතර එයට පිළිතුරු දෙමින් අගමැතිවරයා මහින්දානන්ද අලුගමගේ මන්ත්‍රීවරයාට ඇති චෝදනා සම්බන්ධයෙන් ගොනුවක් නඩු පැවරීම සඳහා මේවනවිට නීතිපතිවරයා සතුව ඇති බව සිනහවෙමින් සඳහන් කළේය.

    අගමැතිවරයාගේ සාක්ෂි විමසීම නැරඹීමට එක්සත් ජාතික පක්ෂය නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇතුළු අමාත්‍යවරුන් රැසක් කොමිසම හමුවට පැමිණ සිටි අතර කොමිසම නීතිවේදීන්ගෙන්, මාධ්‍යවේදීන්ගෙන් හා මන්ත්‍රීවරුන්ගෙන් පිරී ඉතිරි තිබුණි.

    වත්මන් ආණ්ඩුවේ මුල් මාස කිහිපය ඇතුළත සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව විමර්ශන සහ පරීක්ෂණ පැවැත්වීම පිණිස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම පත්කළේ පසුගිය ජනවාරි මාසයේදීය.

    කොමිසමේ විනිසුරුවරුන්වන්ගේ ඉල්ලීම මත එහි නිල කාලය තුන්වරක් දික්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ අතර එහි අවසන් වාර්තාව දෙසැම්බර් 08 වෙනිදාට පෙර ජනාධිපතිවරයාට බාරදීමට කටයුතු කරන බව කොමිසමේ විනිසුරුවරු අද ප්‍රකාශ කළහ.

      Current date/time is Sat Jul 27, 2024 7:40 pm