The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
HAYC - HaycarbMon Oct 26, 2020 9:58 amsubash
Plantation Sector UpdatesTue Oct 20, 2020 3:11 pmslstock
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Dividend AnnouncementsMon Aug 17, 2020 1:27 pmRana
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

බැඳුම්කර කොමිසම ඉදිරියේ හෙළි වූ කරුණු මොනවාද? Empty බැඳුම්කර කොමිසම ඉදිරියේ හෙළි වූ කරුණු මොනවාද?

on Thu Sep 07, 2017 10:22 am
BBC Sandeshaya 2017 සැප්තැම්බර් 6
බැඳුම්කර කොමිසම ඉදිරියේ හෙළි වූ කරුණු මොනවාද? _93995759_d282f617-dce0-459f-8266-d84f36e1dd7c
මහා බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ මිල ගණන් සම්බන්ධ සංවේදී රහසිගත තොරතුරු හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝෂියස් වෙත ලැබී තිබෙන බවට තොරතුරු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ අද (සැප් 06) හෙළිවිණි.

අර්ජුන් ඇලෝෂියස් සහ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි කසුල් පලිසේන අතර සිදුවී ඇති බව පැවසෙන දුරකතන සංවාදවල හඬ පට මගින් මෙම කරුණු අනාවරණ වී තිබේ.

පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනය මගින් සිය දත්ත ගබඩාවෙන් ඉවත්කර තිබූ අදාළ දුරකථන හඬ පට එහි ප්‍රධාන අලෙවි නියෝජිත නුවන් සල්ගාදු විසින් පසුව කොමිසමට සපයන ලදී.

සේවක අර්ථසාධක අරමුදල, ජාතික ඉතිරි කිරීමේ බැංකුව වැනි ආයතනවලින් ලන්සු තබන මිල ගණන් ගැන සංවේදී තොරතුරු අර්ජුන් ඇලෝසියස්ට ලැබී තිබුණු බව එම හඬ පටවලට සවන්දීමේදී හෙළිවුණු බව කොමිසම හමුවේ අනාවරණය විය.
'රෝසි සේනානායකගේ පුතු'
බැඳුම්කර කොමිසම ඉදිරියේ හෙළි වූ කරුණු මොනවාද? _97690417_11807317_824522114311450_6379114138709995134_o

Image copyright Rosy Senanayake/FB
Image caption ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව ගැන 2015 වසරේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර පැවති පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවෙන් කළ පරීක්ෂණවලට අදාළ ලේඛනයක් එවක කෝප් කමිටුවේ සාමාජිකාවක වූ හිටපු ඇමතිනි රෝසි සේනානායකගේ පුත්‍රයෙකු හරහා පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයට ලැබුණු බව කොමිසම හමුවේ හෙළිව තිබේ

ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව ගැන 2015 වසරේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර පාර්ලිමේන්තුවේ එවක කෝප් කමිටුවෙන් කළ පරීක්ෂණවලට අදාළ ලේඛනයක් එවක කෝප් කමිටු සාමාජිකාවක වූ හිටපු ඇමතිනි රෝසි සේනානායකගේ පුත්‍රයෙකු හරහා පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයට ලැබුණු බව ද අද කොමිසම හමුවේ හෙළිව තිබේ.

මේ අතර භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව ප්‍රකාශයක් ලබා දීම සඳහා එහි විමර්ශන නිලධාරීන් හමුවේ පෙනී සිටින ලෙස අර්ජුන් ඇලෝෂියස්ට නොතීසි නිකුත් කර තිබේ.

ඒ පිළිබඳ දැන්වීමට අර්ජුන් ඇලෝෂියස් සොයා ගියත් ඔහු නිවසේ හෝ කාර්යාලයේ නොසිටි බව නිලධාරීහු කොමිසමට දන්වා සිටියහ.

ඒ අනුව අර්ජුන් අර්ජුන් ඇලෝෂියස්ට කොමිසම හමුවේ ප්‍රකාශයක් දෙන ලෙස දන්වන ලෙස ජනාධිපති කොමිසම, කොමිසම හමුවේ පෙනීසිටි ඔහුගේ නීතිඥවරුන්ට දැනුම් දී තිබේ.

පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයෙන් ඉවත් කළ දුරකතන හඬ පට කොමිසමට ලබාදුන් එහි ප්‍රධාන අලෙවි නියෝජිත නුවන් සල්ගාදු තම ජිවිතයට තර්ජනයක් ඇති බව අද කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

ඒ අනුව ඔහුට විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස කොමිසම පොලිසියට නියෝග කළේය.

මෙම කොමිසම ස්ථාපිත කර ඇති භූමියට ද අද පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ ආරක්ෂාවක් යොදා තිබුණේ එහි වැදගත් ලේඛන ඇති බැවින් ඊට විශේෂ ආරක්ෂාවක් සලසන ලෙස කොමිසම විසින් කරන ලද ඉල්ලීමකට අනුවය.
බැඳුම්කර කොමිසම ඉදිරියේ හෙළි වූ කරුණු මොනවාද? _97069429_ravi
බැඳුම්කර කොමිසම ඉදිරියේ හෙළිදරව් වූ කරුණු මුල් කරගනිමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පසුගිය අගෝස්තු 10 වෙනිදා සිය ධුරයෙන් ඉල්ලා අස් විය.

සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කිරීමට පෙර පාර්ලිමේන්තුව අමතමින් රවී කරුණානායක හිටපු ඇමතිවරයා කියා සිටියේ ඔහුට එරෙහිව එල්ල කෙරෙන චෝදනාවලට නිවැරදිකරු වන නමුත් රට සහ පක්ෂය ගැන සිතා පදවියෙන් ඉල්ලා අස්වන බවය.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum