- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
සන්නිවේදන සමාගමක් මූල්‍ය සමාගමක බලය අල්ලයි
September, 12, 2017
කාගිල්ස් බෑන්ක් ලිමිටඩ් සතුව තිබූ Colombo Trust Finance PLC හි 80.34% ක බහුතර කොටස් අයිතිය අද (12) දිනයේ දී විකුණා දමා ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙහිදී Colombo Trust Finance PLC සමාගමේ කොටස් 37,374,598 ක් රු. 28.70 බැගින් ගනුදෙනු වී තිබේ. මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියනය (රු. 1,072,650,962.60) ඉක්මවා තිබේ. මෙම ගනුදෙනුවත් සමග අද දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 2 සීමාව ඉක්මවා ඇත.
වාර්තා වන අන්දමට මෙරට ප්‍රමුඛ පෙළේ සන්නිවේදන සමාගමක් සිය ව්‍යාපාර කටයුතු විවිධාංකරණය කිරීමේ දැවැන්ත පියවරක් වශයෙන් Colombo Trust Finance PLC සමාගමේ බහුතර කොටස් හිමිකම මිල දී ගෙන ඇති බව වාර්තා වේ.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: සන්නිවේදන සමාගමක් මූල්‍ය සමාගමක බලය අල්ලයි
September, 12, 2017
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සේවා සැපයුම් සමාගමක් වන ඩයලොග් ආසියාටා පීඑල්සී විසින් Colombo Trust Finance PLC (CTF) හි 80.34% ක කොටස් අයිතිය මිල දී ගත් බව නිවේදනය කර සිටී. කාගිල්ස් බැංකු සමාගම සතුව පැවති මෙම කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීම සඳහා ඩයලොග් විසින් කොටසකට රු. 28.70 බැගින් ගෙවා තිබුණි.
Colombo Trust Finance PLC යනු 2011 අංක 42 දරන ව්‍යාපාර මූල්‍ය පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි.
අද (12) දින සිදු වූ මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 1,072 කි.
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සමාගම් අත්පත් කර ගැනීමේ හා ඒකාබද්ධ කිරීමේ නියමයන්ට අනුව Colombo Trust Finance PLC හි ඉතිරි කොටස් මිල දී ගැනීම සඳහා ඩයලොග් සමාගම ඉදිරියේ දී අනිවාර්ය අර්පණයක් (Mandatory Offer) සිදුකිරීමට නියමිත බව ද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.