The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
HAYC - HaycarbMon Oct 26, 2020 9:58 amsubash
Plantation Sector UpdatesTue Oct 20, 2020 3:11 pmslstock
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Dividend AnnouncementsMon Aug 17, 2020 1:27 pmRana
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර පළමුවරට නාවික අභ්‍යාසයක් Empty ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර පළමුවරට නාවික අභ්‍යාසයක්

on Sat Sep 02, 2017 4:21 pm
BBC Sandeshaya පැය 2 කට පෙර
ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර පළමුවරට නාවික අභ්‍යාසයක් _97642808_us_naval_ship_uss_somerset_arrives_to_sri_lanka_20161123_01p1
Image copyright defence.lk
Image caption 2016 වසරේ නොවැම්බර් මස ත්‍රිකුණාමල වරායට පැමිණි ඇමරිකානු නාවික හමුදාවට අයත් "යුඑස්එස් සමර්සෙට්" නෞකාව

ශ්‍රී ලංකා සහ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදා අතර පළමු නාවික අභ්‍යාසය ලබන ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිත බව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ වැඩබලන සහකාර ලේකම්වරිය ඇලිස් ජී වෙල්ස් පැවසුවාය.

ශ්‍රී ලංකා සහ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදා අතර සබඳතා පුළුල් කිරීමේ පියවරක් වශයෙන් එම අභ්‍යාසය ක්‍රියාත්මක කරන බව ඇය කියා සිටියේ සිකුරාදා (සැප්තැම්බර් 01) කොළඹ පැවති ඉන්දීය සාගර සම්මන්ත්‍රණය අමතමිනි.

දකුණු ආසියානු කලාපය තුළ නාවික සහයෝගිතාව වර්ධනය කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවේ ප්‍රමුඛත්වය හිමිවන බවත් ඇය සඳහන් කළාය.

එක්සත් ජනපදය, ඉන්දියාව සහ ජපානය එක්ව පසුගිය ජුලි මාසයේ දී පැවැත්වූ නාවික අභ්‍යාසය මෙතෙක් පැවති විශාලතම සහ වඩාත් සංකීර්ණ නාවික අභ්‍යාසය වූ බව කී දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ වැඩබලන සහකාර ලේකම්වරිය ඒ සඳහා පුද්ගලයන් දසදහසකට අධික පිරිසක් සහභාගී වූ බව පැවසුවාය.

එමෙන්ම අග්නිදිග ආසියානු සහයෝගිතාව සහ පුහුණු මාලා වැනි නිතිපතා කෙරෙන අභ්‍යාස තුළින් බංග්ලාදේශය සමග ඇමරිකා එක්සත් ජනපදය පවත්වා ගෙන යනු ලබන අඛණ්ඩ සම්බන්ධතාව අගය කරන බවත් ඇය සඳහන් කළාය.

අතුරුදහන් වූවන්
ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර පළමුවරට නාවික අභ්‍යාසයක් _97642806_21199459_10156653627712846_2860633979319771548_o
Image copyright U.S. Embassy Colombo, Sri Lanka
Image caption දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ වැඩබලන සහකාර ලේකම්වරිය ඇලිස් ජී වෙල්ස් කොළඹ පැවති ඉන්දීය සාගර සම්මන්ත්‍රණය අමතමින්
ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර පළමුවරට නාවික අභ්‍යාසයක් _97642810_21192729_10156647197012846_1504392198644718219_n
Image copyright U.S. Embassy Colombo, Sri Lanka
Image caption බලහත්කාර අතුරුදහන් කර වීම්වලට එරෙහි ජාත්‍යන්තර දිනය නිමිති කර ගනිමින් අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ඥාතීන් එක්ව අගෝස්තු 30 වෙනිදා සංවිධානය කළ වැඩසටහනට සහකාර ලේකම්වරිය ඇලිස් ජී වෙල්ස් සහ විපක්ෂ නායක ආර් සම්බන්ධන් ද සහභාගී විය

නුදුරු අනාගතයේ දී යම් දිනක කලාපයේ සියලුම නාවික හමුදා ඒකාබද්ධව අභ්‍යාසවල නිරත වනු ඇති බව ඇමරිකාවේ බලාපොරොත්තුව බව කී දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ වැඩබලන සහකාර ලේකම්වරිය නාවික කටයුතු අන්තර්ජාතික මට්ටමින් පවත්වාගෙන යාමට අවශ්‍ය සාමූහික ශක්තිය ගොඩනැංවීමට සහයෝගයෙන් ක්‍රියා කරනු ඇති බවටත් බලාපොරොත්තු පළ කරන්නීය.

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ වැඩබලන සහකාර ලේකම්වරිය ඇලිස් ජී වෙල්ස් සිය සංචාරය අතරතුර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද හමු විය.

එමෙන්ම බලහත්කාර අතුරුදහන් කර වීම්වලට එරෙහි ජාත්‍යන්තර දිනය නිමිති කර ගනිමින් අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ඥාතීන් එක්ව අගෝස්තු 30 වෙනිදා සංවිධානය කළ වැඩසටහනකට ද ඇය සහභාගී වූවාය.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum