- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි
මෙම කර්තව්‍ය ඉදිරියට ගෙන යාම සඳහා කොළඹ කොටස් හුවමාරුව මාලදිවයින කොටස් වෙළෙදපොල සහ ප්‍රාග්ධන වෙළෙදපොල සංවර්ධන අධිකාරිය එක්ව මාලදිවයින සමාගම් සහ ආයෝජිකයින් හට ලාංකීය ප්‍රාග්ධන වෙළෙදපොල පිළිබඳව දැනුවත් කිරීම සඳහා සමුළුවක් පසුගිය මාර්තු 28 සහ 29 දිනවල පවත්වන ලදී. මෙය ලැයිස්තුගතකිරීම් පිළිබඳව දැනුවත් කිරීම සඳහා විදෙස් රටක සමුළුවක් පැවැත්වූ පළමු අවස්ථාව ද වේ.
මාලදිවයින් සමාගම් 20ක් නියෝජනය කරමින් නියෝජිතයන් 30ක් සහ ලාංකීය ආයෝජන බැංකු 7ක නියෝජිතයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වය මෙම සමුළුවේ දක්නට ලැබීම විශේෂත්වයකි.
මෙම සමුළුවේදී ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගීවූ මාලදිවයිනේ ආර්ථික සංවර්ධනය භාර අමාත්‍ය මොහොමඩ් සයීඩ් මහතා ප්‍රකාශකර සිටියේ ලාංකීය සමාගම් කොළඹ කොටස් වෙළෙදපොල සිය වර්ධනය සඳහා යොදා ගන්න අයුරු ප්‍රශංසනීය බවයි. සහභාගී වූ මාලදිවයින සමාගම් සහ ආයෝජකයිනට එතුමා කියා සිටියේ ලාංකීය ප්‍රාග්ධන වෙළෙදපොල තුලින් ලබාගත හැකි ප්‍රතිලාභ පිළිබදව දැනුවත් වීම සදහා මෙම සමුළුව කදිම අවස්ථාවක් බවයි.
මෙහිදී කොළඹ කොටස් වෙළෙදපොලහි සභාපති වජිර කුලතිලක මහතා පවසා සිටියේ මාලදිවයින සමාගම් සම්බන්ධ කරගැනීම කොළඹ කොටස් වෙලෙදපොලහි දිගුකාලීනව පැවති අභිප්‍රායක් බවත් ප්‍රථමයෙන් ඔවුන් වෙත ලගා වීම මාලදිවයින හා එම ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි ඇති විශ්වාසනීයත්වය මනාව ගම්‍යමාන වන බවත් ය. එතුමා තවදුරටත් පවසා සිටියේ “මෑතකදී කොළඹ කොටස් වෙළෙදපොල ජාත්‍යන්තර තලයේ හුවමාරුවක් බවට පත්කිරීම සදහා ආයෝජන හා ප්‍රතිපත්තිම මිනුම් කිහිපයක් අප විසින් හදුන්වා දෙනු ලැබුවා. එමෙන්ම කොළඹ කොටස් වෙළෙදපොල තුලින් ආසියාවේ හා ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් හරහා අරමුදල් සම්පාදනය කරගැනීමේ අද්විතීය අවස්ථාව සලසා දෙනු ලබනවා.”
මාලදිවයින ප්‍රාග්ධන වෙළෙදපොල සංවර්ධන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි අහමඩ් නසීර් මහතා පවසා සිටියේ ලාංකීය ප්‍රාග්ධන වෙළෙදපොල මාලදියින ලැයිස්තුගත සමාගම් හා ආයෝජකයිනට ආදර්ශයට ගෙන සන්සන්දනාත්මක අධ්‍යනයක් තුලින් වර්ධනය කරා යොමු විය යුතු බවයි.
මාලදිවයින කොටස් වෙලේදපොලහි ප්‍රධාන විධායක නිලධාරී හසන් මනික් මහතා පවසා සිටියේ මාලදියින සමාගම් හි කොටස් සදහා නිසි වටිනාකමක් පවත්නා අඩු ද්‍රවශීලීතාව නිසා නොලැබෙන බවත් කොළඹ කොටස් වෙළදපොලෙහි ලයිස්තුගතවීම හරහා එම ගැටලුව නිරාකරණය කරගැනීමට අවකාශ සැලසෙන බවය.
සොෆ්ට්ලොජික් සමුහ ව්‍යාපාරයේ (Softlogic Holdings) සභාපති/ කළමනාකරණ අධ්‍යක්ෂ අශෝක පතිරගේ මහතා පවසා සිටියේ කොළඹ කොටස් වෙළෙදපොල හි ලැයිස්තුගතවීමෙන් ප්‍රාග්ධනය සම්පාදනය කරගැනීම එක් ප්‍රතිලාභයක් බවත් ඊට අමතරව සාංගමික යහපාලනය, ප්‍රබව ආයතනික ව්‍යුහය සහ නිපුණතා පිරි මානව සම්පත් ආකර්ෂණය ආදී ප්‍රතිලාභද ලගා කරගත හැකි බවය.
විදෙස් සමාගම් ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලිය පිලිබදව අදහස් දක්වමින් කොළඹ කොටස් වෙළෙදපොල හි ප්‍රධාන විධායක නිලධාරි රජීව බණ්ඩාරනායක මහතා පවසා සිටියේ ආරම්භයේදී මෙම බහු-මුල්‍ය පුවරුවේ ගනුදෙනු විදේශීය ආයෝජකයිනට පමණක් සීමා වන බවයි.