- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
කොළඹ කොටස් හුවමාරුව GICS භාවිතය අරඹයි
ව්‍යාපාරික ක්ෂේත්‍ර පිළිබඳ පූර්ණ හා සම්මත වු අර්ථකතනයන් වෙනුවෙන් වන ගෝලීය මූල්‍ය ප්‍රජාවගේ අවශ්‍යතාවය සපුරනුවස් Standard & Poor’s හා MSCI Barra යන ආයතන එක්ව 1999 හිදි Global Industry Classification Standard (GICS®) නිර්මාණය කරන ලදී. ලොව වටා සිටින ආයෝජන හා සම්බන්ධ සියළුම ප්රමුඛ පෙලේ මුල්‍ය වෘත්තීයවේදින් වන වත්කම් කලමනාකරුවන්, ආයතනික ආයෝජකයන්, උපදේශක වරුන් සහ පර්යේෂකයින් සම්මත වර්ගීකරණයක් ලෙස GICS වර්ගීකරණය භාවිතා කරනු ලබයි.
මෙම GICS වර්ගීකරණය, විකල්ප සමාගම් වර්ගීකරණයක් ලෙස දැනට පවතින වර්ගීකරණයත් සමග අවුරුද්දක පමණ නියමු කාලයක් පවත්වාගෙන යාමට කොළඹ කොටස් හුවමාරුව බලාපොරොත්තු වේ. මෙම නියමු කාලය, වෙළඳපොල පිළිබඳ උනන්දුවක් දක්වන සියලු පාර්ශව හට නව GICS වර්ගීකරණය සමග හුරුවීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් කාලය සලසා දෙනු ඇත. මෙම නියමු කාලය 2015 දෙසැම්බර් මස 02 දා ඇරඹුණු ලබන අතර නව සමාගම් වර්ගීකරණය සමග වෙළඳපොළ දත්ත ද, www.cse.lk වෙබ් අඩවිය හරහා පරිශීලනය කල හැකිය.
“කොළඹ කොටස් හුවමාරුව GICS භාවිතා කිරීම, ක්ෂේත්‍ර ආයෝජනය සහ ආයෝජන විවිධාංගීකරණය සදහා ඉතා වැදගත් පියවරක් වන බවට අපි විශ්වාස කරමු. ජාත්‍යන්තරව පිළිගත් මෙම සම්මත වර්ගීකරණය විදේශ ආයෝජිකයින්ට ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළෙහි ක්ෂේත්‍ර විවිධත්වය විශ්ලේෂණය කිරීමට පමණක් නොව දේශීය ආයෝජකයින් ද සැබවින්ම විවිධාංගීකරණය කිරීමට මහෝපකාරී වනු ඇත.” යි කොළඹ කොටස් හුවමාරුවෙහි සභාපති වජිර කුලතිලක මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටී.
කොළඹ කොටස් හුවමාරුවෙ හි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, “GICS භාවිතා කිරීමට අප ගත් තීරණය වෙළඳපොල යටිතල පහසුකම් උසස් කිරීමටත්, ව්‍යාපාර කේෂ්ත්‍රවල ලක්ෂණ සහ එහි ආකෘතිය තුල සිදුවන වෙනස්කම් වඩා හොඳින් අවබෝධ කරගැනීමටත් උපකාරී වනු ඇත. ඇතැයි ආයෝජකයින් හට වෙළෙඳ ව්‍යාපාරයන්හි ලක්ෂණ සහ වෙනස්කම් වඩා හොඳින් අවබෝධ කිරීම සඳහා උදවු කිරීමත් සිදුකරනු ඇත. පියවරෙන් පියවර සිදුකිරීමට යෝජිත මෙම දියත් කිරීම තුලින් වර්තමාන වර්ගීකරණයේ සිට GICS වර්ගීකරණය දක්වා අවතීර්ණ වීම ඉතා සුමටව සිදුවනු ඇතැයි අප විශ්වාස කරමු” යනුවෙනි.
කොළඹ කොටස් හුවමාරුව සමග සාර්ථක ශක්තිමත් සම්බන්ධතාවක් ඇති කරගැනිම පිලිබඳ අප ආඩම්බර වන බවත්, ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොලෙහි සංවර්ධයට දායක වීමට ඉතා කැමැත්තෙන් සිටින බවත් S&P Dow Jones Indices හි කලමනාකර අධ්‍යක්ෂක සහ කොටස් දර්ශක කළමනාකරණ අංශයේ ප්‍රධානී, අල්කා බෙනර්ජි මහත්මිය මේ පිළිබද අදහස් දක්වමින් ප්‍රකාශ සිටියාය.
http://biz.adaderana.lk/
- විදේශ ලැයිස්තුගතවීම් බලාපොරොත්තුවෙන් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මාලදිවයිනට යයි
- කොටස් වෙළෙඳපොළ පරීක්ෂණ කඩිනමින් අවසන් කළ යුතුයි – කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපති කියයි
- කොටස් ගනුදෙනු බද්ද 2016 අප්‍රේල් 15 වන දින සිට යළි ක්‍රියාවට නංවන බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර තිබේ.
- කොළඹ කොටස් අළු ගසා නැගිටියි
- කොළඹ කොටස් 14 කින් පසුබසී