- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
විශ්මිත නිර්මාණ එළිදැක්වූ ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය
Image copyright Getty Images
Image caption තාක්ෂණික උපාංග විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනයේදී එළි දැක්විණ
තාක්ෂණය හා සම්බන්ධ ව්‍යාපාරිකයන්, තාක්ෂණවේදීන් සහ පරිගණක ඉංජිනේරුවන් සිය නව නිර්මාණ එළිදක්වන, ලෝකයේ විශාලතම තාක්ෂණික ප්‍රදර්ශනය පසුගිය සඳුදා ඇමරිකාවේ ලාස් වේගාස් නුවර දී ආරම්භ විය.
වසර පනහක් මුළුල්ලේ පැවැත්වෙන (CES -Consumer Electronics Show) ප්‍රදර්ශනයට රටවල් 150 ක් පමණ නියෝජනය කරමින් ආයතන 4000 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වන අතර, තාක්ෂණ ලෝකයේ දැවැන්තයින් මෙන්ම නවකයින් ද ඒ සඳහා සිය නව නිෂ්පාදන ඉදිරිපත් කරති.
මෙවරත් මෙම ආයතන පාරිභෝගිකයන් මවිතයට පත් කිරීමට සමත් වී ඇත. පෙර වසර වලදී CES හි ප්‍රදර්ශනය කෙරුනේ එදිනෙදා මිනිස් අවශ්‍යතාවලට උදව් දෙන යන්ත්‍ර පමණක් වුවත්, රොබෝවරු, වාහන, ඖෂධ සහ කෘෂිකර්මාන්තයට අදාළ යන්ත්‍රෝපකරණ ද වර්තමානයේ දැකිය හැකිය.
මයික්‍රෝ LED සැම්සන් රූපවාහිනී යන්ත්‍රය: The Wall (ද වෝල්)
Image copyright Samsung
Image caption අඟල් 146 (සෙන්ටිමීටර් 396) දිග මයික්‍රෝ LED තිරයක් සහිත රූපවාහිනී යන්ත්‍රය
මෙවර ප්‍රදර්ශනයේ දී එළිදැක්වූ සැම්සන් සමාගම විසින් නිෂ්පාදිත අඟල් 146 (සෙන්ටිමීටර් 396) දිග මයික්‍රෝ LED තිරයක් සහිත රූපවාහිනී යන්ත්‍රය බොහෝ දෙනකුගේ අවධානය දිනා ගනු ලැබීය. මෙය 'තාප්පය' අරුත් දෙන The Wallලෙස නම් කර තිබේ.
Image copyright Samsung
Image caption 'මොඩියුලර්' (modular) තාක්ෂණය යොදාගෙන විවිධ හැඩයේ රූපවාහිනී යන්ත්‍ර නිර්මාණය කළ හැකි බව සැම්සන් ආයතනය පවසයි
මෙම රූපවාහිනී යන්ත්‍රයෙන් කළු පැහැය ඇතුළු අනෙකුත් වර්ණ මයික්‍රෝ LED තිරය ඔස්සේ ඉතා දීප්තිමත්ව දිස් වෙන අතර මෙය සාමාන්‍ය LED රූපවාහිනී තිරය වෙනුවට භාවිත කළ හැකි අධි තාක්ෂණික යන්ත්‍රයක් ලෙස හඳුන්වා දී ඇත.
නමුත් මෙහි නිෂ්පාදන මිල ඉතා ඉහළ අගයක් ගන්නා අතර, එයට විසඳුමක් ලෙස පාරිභෝගිකයෙකුට අවශ්‍ය ප්‍රමාණයෙන් මෙම රූපවාහිනී යන්ත්‍රය නිෂ්පාදනය කළ හැකි බවට සැම්සන් සමාගම ප්‍රකාශ කර සිටී.
SureFly (ෂුවර්ෆ්ලයි) ඩ්‍රෝනය
Image copyright WORKHORSE GROUP
Image caption SureFly (ෂුවර්ෆ්ලයි) ඩ්‍රෝනය
CES ප්‍රදර්ශනයේ දී එළිදැක්වූ තවත් පෙරළිකාර යන්ත්‍රයක් ලෙස මිනිසුන් දෙදෙනෙක් රැගෙන යා හැකි SureFly ඩ්‍රෝනය හඳුන්වා දිය හැකිය. මෙය දිනෙන් දින වැඩිවන ගමනාගමන අවශ්‍යතාවලට විසඳුමක් ලෙස ඉදිරිපත් කර ඇත.
එකවර පුද්ගලයන් දෙදෙනෙකුට පමණක් ගමන් කළ හැකි මෙම ඩ්‍රෝනය වොලොකොප්ටර් ගුවන් ටැක්සියකට (Volocopter Air Taxi) සමාන බව පැවසේ.
ඩීසල් සහ විද්‍යුත් බලයෙන් ක්‍රියා කරන දෙමුහුන් (hybrid) යන්ත්‍රයක් වන මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 113 කට ආසන්න වේ. මෙම යන්ත්‍රයට කිලෝග්‍රෑම් 181 ක බරක් දැරිය හැකි අතර, රඳවන හතරක ඇති අවර පෙති අටකින් ක්‍රියාත්මක වේ.
මෙය අනාගතයේදී ස්වයංක්‍රීය යන්ත්‍රයක් ලෙස ප්‍රතිනිර්මාණය වෙනු ඇති බව විශ්වාස කෙරේ.
" />
Image copyright SUREFLY
Image caption විද්‍යුත් බලයෙන් ක්‍රියා කරන දෙමුහුන් (hybrid) යන්ත්‍රයක් වන මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 113 කට ආසන්න වේ
මෙම ඩ්‍රෝනය CES ප්‍රදර්ශනයේදී පියාසර කර පෙන්වීමට අවසර ලබා දී තිබුණ ද නියමිත දිනයේ දී එය එළිදැක්වීමට නොහැකි විය. මෙම ඩ්‍රෝනය වැස්සට ඔරොත්තු දෙන ලෙස නිමවා නොමැති අතර, එදින ප්‍රදර්ශනය පැවැත්වෙන ප්‍රදේශයේ වැසි සහිත කාලගුණයක් තිබීම එයට හේතු විය.
මෙය මිනිස් අවශ්‍යතා මුල් කර ගෙන කළ අත්හදා බැලීමක් පමණක් වන බැවින් අනවශ්‍ය අවදානමක් ගෙන යන්ත්‍රය පියාසර කරවීමට නොහැකි වූ බවත්, ඉදිරියේ දී මෙම ඩ්‍රෝනය කාලගුණ විපර්යාසයන්ට ඔරොත්තු දෙන පරිදි නිම කිරීමට බලාපොරොත්තු වන බවත් ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයෙන් පැමිණි මෙහි නිර්මාණකරුවෝ බීබීසී යට පැවසූහ.
SureFly ඩ්‍රෝනයට සමාන වොලොකොප්ටර් ගුවන් ටැක්සි පසුගිය වසරේ සැප්තැම්බර් මස ඩුබායි නුවරදී සහ ජර්මනියේ දී අත්හදා බලා ඇති බව වාර්තා වේ.
කෘතීම බුද්ධියෙන් පාලනය වන විදුලි බුබුලක්
Image copyright Ge
Image caption කෘතීම බුද්ධිය සමග ඍජුව සම්බන්ධ විය හැකි සිවිලිමේ සවි කරන විදුලි බුබුලක් (Smart Ceiling Light)
කෘතීම බුද්ධියෙන් ක්‍රියා කරන යන්ත්‍රවලට මෙම ප්‍රදර්ශනයේ විශේෂ ස්ථානයක් හිමි වී ඇත.
අන්තර්ජාලයේ ඇති කෘතීම බුද්ධිය සමග ඍජුව සම්බන්ධ විය හැකි සිවිලිමේ සවි කරන විදුලි බුබුලක් (Smart Ceiling Light) GE ආයතනය විසින් එළිදක්වනු ලැබීය.
මෙම බල්බය ඇතුළත සවි කර ඇති මයික්‍රෆෝනයෙන් සහ ස්පීකරයෙන් ගූගල් ඇසිස්ටන්ට් (Google Assistant) ,ඇලෙක්සා (Alexa) යන කෘතීම බුද්ධි පාලනය කළ හැකිය.
3D (ත්‍රිමාන) සෙල්ෆි කැමරාව
මේ අතර ඇන්ඩ්රෝයිඩ් තාක්ෂණයෙන් පාලනය වන 3D (ත්‍රිමාන) සෙල්ෆි කැමරාවක් එළිදැක්වීමට අලුතින් ආරම්භ කරන ලද ආයතනයක් සමත් වී තිබේ. මෙලෙස සෙල්ෆි කැමරාවකින් ලබා ගන්නා ඡායාරූපය වටේට කරකවමින් එහි ඇති සියලුම වස්තූන් හෝ මිනිසෙකුගේ සම්පුර්ණ රූපය නැරඹිය හැකිය.
බයිටන් (Byton) ආයතනය එළිදැක්වූ අලුත් 'ස්මාර්ට් මෝටර් රථය' (Smart Car)
බයිටන් (Byton) ආයතනය විසින් එළිදැක්වූ අලුත් 'ස්මාර්ට් මෝටර් රථය' (Smart Car)
මෙම නව මෝටර් රථය නිපදවීමට දායක වී ඇත්තේ BMW සහ 'ඇපල්' සමාගමෙන් අස්වී ගිය සේවකයන්ගේ දායකත්වයෙන් වීම විශේෂ කාරණයකි.
මෙම මෝටර් රථයේ ඉදිරිපස විශාල ස්පර්ශ සංවේදී තිරයක් දක්නට ලැබෙන අතර සුක්කානම මැද තවත් කුඩා tablet පරිගණකයක් සවි කර ඇත. මෙම තිරය දහවල් කාලයේ දී දීප්තිමත් ලෙස දිස් වුණත්, අඳුර වැටෙද්දී ක්‍රමයෙන් එලිය අඩු වන ආකාරයට නිමවා ඇත.
ඉදිරිපස ආසන පිටුපස කොටසේ තවත් තිර දෙකක් සවි කර ඇති අතර මෙම මෝටර් රථයේ පරමාර්ථය වී ඇත්තේ වාහනයෙන් එළියේ ඇති අත්දැකීම වාහනය තුළ දීම ලැබෙන්නට සැලැස්වීමය.
Image copyright BYTON
Image caption නවතම බයිටන් (Byton) විද්‍යුත් මෝටර් රථය
බයිටන් ආයතනය සතු දත්තවලට අනුව මෙම රථය තත්පර පහක දී පැයට කිලෝමීටර 97 ක වේගයක් කරා ලඟා වේ.
මෝටර් රථයේ ඉදිරිපස සවි කර ඇති තිරයේ නොයෙකුත් වීඩියෝ දර්ශන, දින දර්ශනය, මාර්ග සිතියම සහ පුද්ගල සෞඛ්‍ය දත්ත පෙන්නුම් කරනු ලැබේ.
මෝටර් රථය ඇතුළත සවි කර ඇති කැමරා තුලින් එහි අසුන් ගන්නා පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ගේ දත්ත විශාල තිරයේ පෙන්වා සිටින අතර, මෙහි රියදුරු අසුන එක් එක් පුද්ගලයාට සරිලන ආකාරයට ස්වයංක්‍රීයව හැඩ ගැසෙනු ඇත.
Image copyright BYTON
Image caption මෙම රථය 2019 දී නිෂ්පාදනයට නියමිත බවට ආයතනය පවසයි
මෙම රථය ස්වයංක්‍රීය ධාවනයේ යෙදෙන අවස්ථාවේ හෝ නතර කර ඇති මොහොතක, මෙහි ඉදිරිපස අසුන් දෙක මුහුණට මුහුණ සිටින සේ හැරවිය හැකිය. එමගින් රථය තුළ සිටින සියලු දෙනාටම එකට එක් වී කතා බහක නියැලීමට ද හැකියාව ලැබේ.
මෙම රථය විද්‍යුත් බලයෙන් ක්‍රියා කරන අතර මෙහි කෝෂ ආරෝපණය කිරීමට අවශ්‍ය බලය සහ එම මධ්‍යස්ථාන සොයා ගැනීම පිළිබඳව ගැටළු මතු වනු ඇතැයි අදහස් පළවී ඇත.
මෙම රථය මාස කිහිපයකට පෙර එළිදැක්වූ 'ටෙස්ලා' විද්‍යුත් මෝටර් රථය හා සංසන්දනය කර අදහස් ප්‍රකාශ වී ඇති නමුත් බයිටන් ආයතනය පවසා සිටින්නේ මෙය ටෙස්ලා රථයට වඩා බොහෝ උපාංග වලින් සමන්විත සැබෑම 'ස්මාර්ට් මෝටර් රථයක්' (real smart car) බවය.
Image caption මෝටර් රථයේ ඉදිරිපස ඇති විශාල ස්පර්ශ සංවේදී තිරය
කෙසේ වුවත් මෙහි ඇති දීප්තිමත් ස්පර්ශ සංවේදී තිර හේතුවෙන් රථය ධාවනය කිරීමේදී රියදුරුගේ අවධානය වෙනතකට යොමු වීමෙන් අනතුරක් සිදු වීමේ ප්‍රවනතාවක් ඇති අතර මෙවැනි විද්‍යුත් වාහන ආරෝපණය කිරීමට වැයවන අති මහත් විදුලි බලය හේතුවෙන් බලශක්ති අර්බුදයකට මුහුණ දීමට සිදුවෙනු ඇති බවට විශේෂඥයෝ පවසති.
'ස්මාර්ට්' නිවසක් (Smart Home)?
Image copyright CROWNSTONE
Image caption ගෙහිමියා නිවසට ඇතුළු වෙද්දී ඔහුව හඳුනාගෙන, එහි ඇති විදුලි බුබුළු සහ පේනු ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමේ මෘදුකාංගයක් මෙහිදී එළිදැක්වින
නිවසක ඇතුළත බොහෝ දේවල් ස්වයංක්‍රීයව පාලනය කළ හැකි උපාංග විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබිණි.
ඒ අතුරෙන් නිවසේ භාවිතා කරන ජලය ප්‍රමාණය මැනිය හැකි උපකරණයක්, උෂ්ණත්වය පාලනය කරන උපකරණයක්, ගෙතුළ වාතයේ තෙතමනය මැනිය හැකි උපාංගයක්, අධි තාක්ෂණයෙන් ක්‍රියා කරන දොර අගුල් වර්ග සහ නිවස කෙතරම් අපවිත්‍ර වී ඇත්දැයි සොයා දෙන උපාංගය බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් විය.
ගෙහිමියා නිවසට ඇතුළු වෙද්දී ඔහුව හඳුනාගෙන, එහි ඇති විදුලි බුබුළු සහ පේනු ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමේ මෘදුකාංගයක් මෙහිදී එළිදැක්වින. මෙය ගෙහිමියාගේ ජංගම දුරකතනයේ ඇති 'බ්ලුටූත්' හරහා හෝ ඔහුගේ 'ස්මාර්ට්' දුරකථනය ඔස්සේ සම්බන්ධ වී ක්‍රියාත්මක වේ.
'ස්මාර්ට්' සෝපාව (Smart Sofa)
Image copyright MILIBOO
Image caption 'ස්මාර්ට්' සෝපාව (Smart Sofa)
මිලිබු (Miliboo) ආයතනය හදුන්වා දුන් 'ස්මාර්ට්' සෝපාවෙන් වයර් කම්බි නොමැතිව තම ටැබ්ලට් පරිගණකය ආරෝපණය කර ගත හැකි අතර, පුද්ගලයෙකු අසුන් ගන්නා ඉරියව් හඳුනාගෙන ඔහු කොපමණ වේලාවක් රූපවාහිනිය ඉදිරියේ අසුන් ගෙන සිටියා දැයි සටහන් කර ගැනීමේ හැකියාවක් ඇත.
Image copyright LENOVO
Image caption ලැප් ටොප් සහ ටැබ්ලට් යන දෙවිදියටම භාවිතා කළ හැකි නවතම ලෙනොවෝ (Lenovo) පරිගණකය. මෙය එක් වරක් ආරෝපණය කළ පසු පැය විස්සක් පරිහරණය කළ හැකිය.
එල්.ජී (LG), යමහා (Yamaha), නිසාන් (Nissan), ටොයෝටා (Toyota), හයිඋන්ඩායි (Hyundai) ඇතුළු තවත් ආයතන රැසක් විවිධ වර්ගයේ නව තාක්ෂණික උපාංග, දින හතරක් පුරා පැවැත්වුන මෙම ප්‍රදර්ශනයේදී වරින් වර එළිදැක්වූහ.
ඒ අතර නැගී එන නව නිර්මාණකරුවන්ට තම හැකියාවන් එළිදැක්වීමට CES ප්‍රදර්ශනය කදිම තෝතැන්නක් වී තිබිණ.