The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

කැබිනට් රැස්වීමට නැහැ ; ඇමති රවී අස් වෙයිද? නැද්ද? Empty කැබිනට් රැස්වීමට නැහැ ; ඇමති රවී අස් වෙයිද? නැද්ද?

Thu Aug 10, 2017 8:59 am
BBC Sandeshaya 2017 අගෝස්තු 9
කැබිනට් රැස්වීමට නැහැ ; ඇමති රවී අස් වෙයිද? නැද්ද? _97268238_1dbec2d1-c45a-43ca-aed0-8a1688fd60a1
Image caption ඇමතිවරයා කැබිනට් හමුව මෙන්ම පාර්ලිමේන්තු සැසියටද සහභාගී නොවීය

බැඳුම්කර කොමිසම හමුවේ එල්ල වූ චෝදනා නිසා ඇමති පදවියෙන් ඉල්ලා අස්වෙන ලෙස කෙරෙන දැඩි බලපෑමකට හසුව සිටින විදේශ ඇමති රවී කරුණානායක අද (අගෝස්තු 9) කැබිනට් මණ්ඩල හමුවට පැමිණ ඒ ගැන යම් ප්‍රකාශයක් කරනු ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා මගින් ප්‍රකාශ කරනු ලැබ තිබුනත් එවැන්නක් සිදු නොවුණි.

සිරිත් පරිදි අඟහරුවාදා දිනවල පැවැත්වෙන කැබිනට් හමුව මේ සතියේ බදාදා දින උදෑසන ජනාධිපති කාර්යාලයේ පැවැත්වුන අතර අද (අගෝස්තු 9) ඊට විදේශ ඇමතිවරයා එක් නොවීය.

"රවී කරුණානායක අමාත්‍යවරයාගේ අස්වීම හෝ නොවීම පිළිබඳව එම කැබිනට් හමුවේදී සාකච්ඡා නොවූවත් නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන ආකාරය ගැන එහි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා" යැයි අමාත්‍යවරුන් කීප දෙනෙක් බීබීසි සිංහල සේවයට ප්‍රකාශ කළහ.

නීතිපති දෙපාර්තමේන්තුව බැඳුම්කර කොමිසමේ කටයුතු කරන කඩිනම් ආකාරයට පසුගිය රජය සමයේ සිදු වී යයි පැවසෙන මහා පරිමාණ වංචා හෝ දූෂණ සම්බන්ධයෙන් කටයුතු නොකිරීම ගැන කැබිනට් මණ්ඩලය සාකච්ඡා කළ බව තවත් ඇමතිවරයෙක් ප්‍රකාශ කළේය.

එම කැබිනට් සාකච්ඡාවට පෙර ඊයේ (අගෝස්තු 08) රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරුන් සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර හමුවක් පැවති අතර එම අවස්ථාවේ විදේශ ඇමති රවී කරුණානායකගේ ඉල්ලා අස්වීම පිළිබඳවද සාකච්ඡා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

රවී කරුණානායක අමාත්‍යවරයා පදවියෙන් ඉල්ලා අස් වෙන්නේ නැත්නම්, ඔහු තනතුරින් ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවක් ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමති රවී කරුණානායකගේ ප්‍රශ්නයට ඉදිරි දින කීපය ඇතුළත විසඳුමක් ලැබෙනු ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව එම සාකච්ඡාවට සහභාගි වූ ඇමතිවරයෙක් බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
කැබිනට් රැස්වීමට නැහැ ; ඇමති රවී අස් වෙයිද? නැද්ද? _97268241_ed26733a-8e64-499f-a6cb-e7f076d180fe
Image caption 'මම දැනගෙන සිටියේ නැහැ'

ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් අතර ඊයේ (08) පැවති හමුව ආරම්භ වීමට පෙර මාධ්‍යයට ප්‍රකාශයක් කළ එම පක්ෂයේ සාමාජිකයකු වන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමතිවරයා "චෝදනා එල්ල වූ හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඉවත් කළ ආකාරයට ජනාධිපතිවරයා මේ අවස්ථාවේත් කටයුතු කරනු ඇතැයි" සඳහන් කළේය.

"චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් පක්‍ෂයට සහ රටට ආදරේ නම්, ආණ්‌ඩුව අපහසුවට පත් නොකර තීන්දු ගත යුතු" බව පැවසූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා "ඔවුන් නිවැරදි නම්, වරදක්‌ කර නැත්නම් නැවත ඇමති තනතුරට පැමිණිය හැකි" බවත් පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා අමාත්‍ය රවී කරුණානායකට ඉල්ලා අස් වෙන ලෙස දැනුම් දී ඇති බවක් සති අන්ත පුවත්පතක වාර්තා කර තිබුණ අතර ඉහත කී මාධ්‍ය හමුවේ දී එය සත්‍යයක්දැයි විමසීමක් කළ විට ඊට පිළිතුරු දුන් ලක්ෂ්මන් යාපා අබේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා "එම පුවත්පත සාමාන්‍යයෙන් නිවැරදි තොරතුරු වාර්තා කරන පුවත්පතක්" යයි සඳහන් කළේය.

කෙසේ නමුත් රවී කරුණානායක අමාත්‍යවරයා සිය නිල 'ෆේස් බුක්' අඩවියේ මුදල් ගෙවා පළ කළ පණිවිඩයක් මගින් කියා සිටියේ ජනාධිපතිවරයා හා තමා අතර එවැනි සාකච්ඡාවක් නොවූ බව කියා සිටී.
කැබිනට් රැස්වීමට නැහැ ; ඇමති රවී අස් වෙයිද? නැද්ද? _97267363_ravifbad1
පරීක්ෂණ අවසන් වන තෙක් පක්ෂය ගැන හා ආණ්ඩුව ගැන සිතා පදවියෙන් ඉවත් වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක්ද රවී කරුණානායක ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර, ඔහු ඒ සම්බන්ධයෙන් යම් සාධනීය ප්‍රතිචාරයක් පළ කළ බව රවී කරුණානායක ඇමතිවරයා හමු වූ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් බීබීසියට ප්‍රකාශ කළේය.

රවී කරුණානායක අමාතව්‍යරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාව විවාදයට ගත හැකිද ?නැද්ද ? යන්න කතානායක කරු ජයසූරිය හෙට බ්‍රහස්පතින්දා (අගෝස්තු10) පාර්ලිමේන්තුවට දැනුම් දෙන බව ප්‍රකාශ කර ඇත.

කෙසේවුවද, මතුවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් රවී කරුණානායක ඇමතිවරයාගේ ප්‍රතිචාරය දැනගැනීම සඳහා ඔහුව සම්බන්ධ කරගැනීමට බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

කැබිනට් රැස්වීමට නැහැ ; ඇමති රවී අස් වෙයිද? නැද්ද? Empty Re: කැබිනට් රැස්වීමට නැහැ ; ඇමති රවී අස් වෙයිද? නැද්ද?

Thu Aug 10, 2017 9:53 am
"නීතිපති දෙපාර්තමේන්තුව බැඳුම්කර කොමිසමේ කටයුතු කරන කඩිනම් ආකාරයට පසුගිය රජය සමයේ සිදු වී යයි පැවසෙන මහා පරිමාණ වංචා හෝ දූෂණ සම්බන්ධයෙන් කටයුතු නොකිරීම ගැන කැබිනට් මණ්ඩලය සාකච්ඡා කළ බව තවත් ඇමතිවරයෙක් ප්‍රකාශ කළේය."

ඉහත දැක්වෙනුයේ ඉහත වාර්තාවේ උපුටනයකි. ඇමති මන්ඩලය මෙහිලා දෙකොන පටලවාගෙන ඇති හෙයින් යමක් නොකියාම බැරිය.

සාමාන්‍ය උසාවි පරිපාටිය හා කොමිෂන් සභා පරිපාටිය අහසට පොලව මෙන් වෙනස් බව ඇමති මන්ඩලය (තොත්ත බබාලා) නොදන්නා හැඩයි. කොමිෂන් සභා පරිපාටි සැකසෙනුයේ වේගවත්ව සත්‍ය සෙවීම පිණිසය. උසාවි පරිපාටි සැකසෙනුයේ නිවැරදි කරැවෙකුට නිරපරාදේ ඳඩුවම් නොකරන පිණිසය. මෙහිදී වේගය බාල වන්නේ එහෙයිනි. එහෙයින් එම  පරිපාටි නිසගයෙන්ම මන්දගාමීය. මෙම වෙනස නොදැන පයිත්තියං කතා කිරීම අධිකරණයේ ස්වාධීනත්ත්වයට අපහාස කිරීමකි.

කෙසේ වෙතත් අපගේ අධිකරණය සහ නීති පති අංශය සර්ව සම්පූර්ණ එකකැයි මම නොකියමි. අපේ උසාවි ගැන අමෙරිකා එක්සත් ජනපදයේ හිරබත් කන අපරට වැසියෙකු වූ කූට ආයෝජක රාජ් රාජරත්නම් ද වරක් පවසා ඇත. දැන් ඇමති මන්ඩලය කල යුත්තේ  තොත්ත බබාලා වෙන්නේ නැතිව පහත දැක්වෙන පිලිකා දෙක සමාජ දේහයෙන් ඉවත් කිරීමය. නඩු පැවරීමි පරක්කු වීම ගැන අධිකරණ ඇමති වරයා මෑතකදී දුන් නිදහසට කරැණු රජයේ නොහැකියාව? (ඩබල් ගේම් එක) තහවුරැ කරයි.

(අ) පලමු පිලිකාව-දේශපාලන පලපෑම් මත පසුගිය රජය කාලයේ නඩු ඉල්ලා අස් කරගත් අවස්තා ද, මෙම රජය යටතේ ද ඇතැම් වරද කරැවනට නඩු නොපැවරෑ අවස්තා සහ නඩුපැවරීම පරක්කු කරන අවස්තා එමට ඇත. නීතිය සාමාන්‍ය මිනිසාට එක් විධියකටත් හිටපු සහ වර්තමාන මැති ඇමති වරැනට එක් විධියකටත් යොදවන බව මෑතකදී පාර්ලිමේන්තුවේදී පවා සඳහන් විය. එකිනෙකාගේ පිටකහගැනීමේ මේ සෙල්ලම දැන්වත් නතර කල යුතුය.

(අා) දෙවන පිලිකාව- තවමත් අපගේ යුක්තිය පසිඳලන පද්ධතිය වේගවත් කිරීමේ අවශ්‍යතාව තදින් පවතින බව හැම එකටම කොමිෂන් සභා පත් කිරීමට සිදුවීමෙන් තහවුරැ වේ. යුක්තිය පසිඳලීමට බාධාවක් නොවන පරිදි අධිකරණ පරිපාටි වේගවත් කිරීම පිණිස; (i) එක් එක් නඩු වර්ග පැවරීමටද (නීතිපති අංශයට), (ii) නඩු අසා අවසන් කිරීම සඳහා ද (උසාවි වලට) අනිවාර්ය කාල වකවානු නියම කල යුතුය. අත්‍යවශ්‍ය අවස්තාවල නඩු කල්දැමීමට ඉඩ දිය යුත්තේ දෙපාර්ශවයේම එකගත්වයෙන් පමණි.

මෙම වැඩ කටයුතු වහාම අවසන් නොකරන්නේ නම් ඉදිරි මැතිවරණ වලදී රජයට (පක්ෂ දෙකටම) මහජනයාට මුහුන දිය නොහැකි වනු ඇත.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum