The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
HAYC - HaycarbFri Oct 16, 2020 12:55 amsubash
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Dividend AnnouncementsMon Aug 17, 2020 1:27 pmRana
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

හම්බන්තොට වරායේ අයිතිය 'ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට' Empty හම්බන්තොට වරායේ අයිතිය 'ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට'

on Sat Jul 29, 2017 5:01 pm
BBC Sandeshaya  පැයකට පෙර
හම්බන්තොට වරායේ අයිතිය 'ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට' _97122007_signingceremony
Image copyright LAKRUWAN WANNIARACHCHI/GETTY IMAGES

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ පවත්වාගෙන යාම සඳහා වූ ශ්‍රී ලංකා රජය සහ චීනයේ "චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගම" අතර ගිවිසුමට සෙනසුරාදා (ජුලි 29) කොළඹ දී අත්සන් තැබුණි.

පෙරවරු 10.43 ට එළඹුණු සුභ මොහතින් කොළඹ වරාය අමාත්‍යංශ පරිශ්‍රයේදී ගිවිසුමට අත්සන් තැබූ අවස්ථාවට මැති ඇමතිවරුන් සහ චීනයේ චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගමේ නිලධාරීහු ද එක්ව සිටියහ.

වරාය හා නාවික කටයුතු අමාත්‍යංශ ලේකම් එල්පී ජයම්පති සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ද චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගම වෙනුවෙන් එහි උප සභාපති ආචාර්ය හූ ජියාන්හුවා (Dr. Hu Jianhua) ද ගිවිසුමට අත්සන් තැබූහ.

විනාඩි 40ක පමණ කෙටි වේලාවකට සීමා වූ ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය අමතා වරාය අමාත්‍ය මහින්ද සමරසිංහ, මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගමේ උප සභාපතිවරයා අදහස් දැක්වූහ.

'සංශෝධනය කළ හැකියි'

උත්සවය අමතා අදහස් දැක්වූ වරාය අමාත්‍ය මහින්ද සමරසිංහ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ නියමයෙන් මෙම ගිවිසුම ඕනෑම මොහොතක සංශෝධනය කළ හැකි බවට වගන්තියක් අවසාන මොහාතේ ගිවිසුමට ඇතුළත් කළ බව කියා සිටියේය.

චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගම වෙනුවෙන් එහි උපසභාපති ආචාර්ය හූ ජියාන්හුවා අදහස් දක්වමින්: හම්බන්තොර වරාය අයිතිය තිබෙන්නේ ශ්‍රී ලංකාවාසීන්ට බව අවධාරණය කළේය.
හම්බන්තොට වරායේ අයිතිය 'ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට' _97122009_china1
Image copyright Twitter/@mangalalk

"මිනිසුන්ට ජාතිකත්වයක් සහ පුරවැසිභාවයක් තියෙනව. ඒත් ආයෝජනවලට, ව්‍යාපාරවලට දේශසීමා නැහැ. මේ වරාය ඉදිකරලා තියෙන්නේ හම්බන්තොට. කිසිවෙකුටත් එය එතැනින් ඉවත් කළ නොහැකියි. එහි අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට," ඔහු පැවසීය.

"හම්බන්තොට වරායට අදාළ ව්‍යාපාර දේශසීමා තරණය කරමින්, ඉන්දීය සාගරය හරහා යුරෝපය ඇතුළු සමස්ත ලෝකය දක්වා ව්‍යාප්ත වේවි."

උත්සවයෙන් අනතුරුව බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ මුදල් අමාත්‍ය මංගල සමරවීර, ශ්‍රී ලංකාවට ඉතිහාසයේ ලැබී ඇති වැඩිම තනි ආයෝජනය මෙය බව පෙන්වා දුන්නේය.

'ඉතිහාසයේ වැඩිම ආයෝජනය'

මෙමගින් ශ්‍රී ලංකාව ලබාගෙන තිබෙන විදේශ ණය ප්‍රමාණය කළමනාකරණය කර ගැනීමේ හැකියාව ලැබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

නව අනුග්‍රාහක ගිවිසුම අනුව ශ්‍රී ලංකා රජය (ශ්‍රී ලංකා වරාය අධිකාරිය) රාජ්‍ය හවුල්කරු වශයෙන් ද අදාළ ආයෝජක සමාගම පෞද්ගලික හවුල්කරු වශයෙන් ද සම්බන්ධ වී සමාගම් දෙකක් පිහිටුවීමට නියමිතය.

1. Hambantota International Port Services Co.(Pvt) Ltd. - (HIPS) සමාගම පිහිටුවනු ලබන්නේ හම්බන්තොට වරායේ සේවාවන් හා පොදු පහසුකම් කළමනාකරණය සඳහාය. එහි ප්‍රාග්ධනය ඇමරිකානු ඩොලර් මිලියන 606 ක් වනු ඇත. මෙම සමාගමේ කොටස්වල 50.7% ක අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරියටද ඉතිරි 49.3% ක අයිතිය CMPort සමාගමටද හිමිවනු ඇත.
හම්බන්තොට වරායේ අයිතිය 'ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට' _97122011_chinaranil
Image copyright Twitter/@mangalalk

2. Hambantota International Port Group (Pvt) Ltd - (HIPG) සමාගම. වරායේ මෙහෙයුම් වත්කම් කළමනාකරණය, වැඩිදුර සංවර්ධන කටයුතු, එහි යටිතල පහසුකම් හා බහාලුම් මෙහෙයවීම අනෙකුත් මෙහෙයුම් වාණිජකරණය පිණිස පිහිටුවනු ලබන, ප්‍රාග්ධනය ඇමරිකානු ඩොලර් මිලියන 794 ක් වන මෙම සමාගමේ කොටස් ප්‍රාග්ධනය දැනට කොළඹ වරායේ SAGT පර්යන්තයේ හා CICT පර්යන්තයේ මෙහෙයුම්වල කොටස් හිමිකම බෙදී ගොස් ඇති ආකාරය අනුවම ශ්‍රී ලංකා වරාය අධිකාරියට 15% ක් ද, CMPort සමාගමට 85% ක් ද වශයෙන් හිමි වනු ඇත.

හම්බන්තොට වරායේ මුල් ගිවිසුමේ යෝජනා වූ සියයට 80:20 කොටස් බෙදී යාමේ පදනම වෙනුවට CMPort සමාගමට සියයට 69.55 ක් හා ශ්‍රී ලංකා වරාය අධිකාරියට සියයට 30.45 වශයෙන් සමස්ත ආයෝජනයෙහි කොටස් අයිතිය මෙම නව ගිවිසුම යටතේ සංශෝධනය වන බව රජය පවසයි.

ගිවිසුම බලාත්මක වන දිනයේ සිට වසර 99කට එනම් 2116 දී CMPort සමාගම, එහි අනුබද්ධ පාර්ශ්ව හා හවුල්කරුවන් විසින් HIPS හා HIPG යන සමාගම්වල දරනු ලබන සියලුම කොටස් අයිතිය, CMPort ආයතනය විසින් ඇමරිකානු ඩොලර් 01 ක මුදලකට ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත පවරා දිය යුතු බව ද ගිවිසුමේ සඳහන් වෙයි.

යුදමය ක්‍රියාවන් සඳහා හම්බන්තොට වරාය භාවිත කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය විධිවිධාන ද යෝජිත ගිවිසුමේ ඇතුළත්ව ඇති බව රජය පවසයි. නව ගිවිසුම ප්‍රකාර වරායේ ආරක්ෂාව සම්බන්ධයෙන් සම්පූ‍ර්ණ වගකීම හා අධිකාරිය ශ්‍රී ලංකා රජය සතුවේ.

ගිවිසුම අනුව රජය බදු දෙන ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 1151 කි.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

හම්බන්තොට වරායේ අයිතිය 'ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට' Empty Re: හම්බන්තොට වරායේ අයිතිය 'ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට'

on Sat Jul 29, 2017 5:07 pm
US $ 794 Million is a big investment. Much awaited good news. Good for the Market & Rupee will be stable.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum