- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
‘සෙසිල්’ සිහරදුගේ ඉරණම ඔහු පුත් ‘ෂන්ඩා’ටත්
Image copyright Birt duplessis/ fish eagle safaris
Image caption සිය පියා වූ 'සෙසිල්' ගේ පිළිබිඹුවක් වැනි 'ෂන්ඩා'
මෙයින් අවුරුදු දෙකකට පෙර දඩයක්කාරයකු විසින් මරා දමන ලද 'සෙසිල්' (Cecil) සිම්බාබ්වේ සිංහයා පිළිබඳ කතාව අමතක වෙන්නටත් පෙර එම සිහරදුගේ පුත් හය හැවිරිදි 'ෂන්ඩා'ටත් (Xanda) පියාට අත්වූ ඉරණම එලෙසින්ම අත්කිරීම සම්බන්ධයෙන් ලොවපුරා සත්වලෝලීන්ගේ කෝපය පළවෙමින් පවතී.
සිම්බාබ්වේ උතුරු පළාතේ පිහිටි 'හ්වාන්ගේ 'ජාතික වනෝද්‍යානය (Hwange National Park) නිවහන කරගත් සිංහ පෝතකයා වෙඩි තබා මරා දමනු ලැබ තිබෙන්නේ වෘත්තීය දඩයක්කාරයකු විසින් වන නමුත් ඔහුගේ අනන්‍යයතාව තවමත් ප්‍රකාශයට පත් වී නැත.
'සෙසිල්' සිහරදු මෙන්ම ඔහුපුත් 'ෂන්ඩා'ත් දඩයක්කාරයන්ට ඉලක්ක වී ඇත්තේ ඔවුන්ගේ වන උයනින් පිටතට පැමිණ සිටියදීය.
'ෂන්ඩා' සමඟ සිහරැළෙහි හුන් තවත් සිංහ පෝතකයන් කීප දෙනෙක් වෙඩි තබා මරා දමා ඇති බව මේවනවිට වාර්තා කොට ඇත.
Image copyright AP
Image caption ෂන්ඩා'ගේ පියා සෙසිල්;දෙදෙනාටම සමාන ඉරණමක්
වයස අවුරුදු හයක් වන හෙයින් දඩයක්කාරකුට 'ෂන්ඩා'(Xanda) දඩයම් කිරීමට නීතියෙන් ඉඩකඩ ලැබෙන බව බීබීසියේ අප්‍රිකානු වාර්තාකරු ඇන්ඩ්රු හාර්ඩින් පවසයි.
'සෙසිල්' සිංහයා මෙන්ම ඔහු පුත් 'ෂන්ඩා' ජීවිතය පුදා ඇත්තේ විනෝදය සහ වෙඩි තැබීමේ ශක්තිය විදහා දැක්වීම සඳහා දඩයක්කාරයන් අතර වනයේ සිදු කෙරෙන තරඟයක ( Trophy hunting) දීය.
තුවක්කුවේ බලය සාර්ථකව ප්‍රදර්ශනය කිරීම සඳහා එවැනි දඩයම් තරඟ වලට ඉදිරිපත්වන නමගිය තුවක්කුකරුවන් ඒ සඳහා ඩොලර් දශලක්ෂ ගණනින් ගෙවන බවක්ද වාර්තා වෙයි.
එවැනි තරඟයකදී වනසතකු ගොදුරු කර ගන්නා දඩයක්කාරයා තමා අතින් මරණයට පත් ජීවියාගේ සිරුරු කොටස් සිහිවටන හැටියට ළඟ තබා ගැනීමේ සම්ප්‍රදායක් ඇති අතර සතුන්ගේ හිස් ,සම්,දත් ,නියපොතු සහ අන් ආදිය ඔවුන්ගේ සිහිවටන අතර මුල්තැන ගනී.
එසේම දඩයම සඳහා යොදා ගන්න ලද අවි ප්‍රදර්ශනයට තැබීමත් ඔවුන්ගේ සම්ප්‍රදායකි.
මර දමනු ලබන ඇතැම් සතුන්ගේ මස් ජනතාව අතර බෙදීම සහ අනුභව කිරීමත් සිදුවෙයි.
Image copyright AFP/zimbaabwe national park
Image caption සෙසිල් මරා දමනු ලැබීමට ටික කලකට පෙර
'ෂන්ඩා'ගේ ගමන් බිමන් අධීක්ෂණය සඳහා ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් විසින් පළඳවන ලද විද්‍යුත් බොත්තම් සහිත කරපටයක් මරණයට ගොදුරු වෙන විට ඔහු ගෙළෙහි විය.
'ෂන්ඩා' මරා දැමූ වෘත්තීය දඩයක්කරු සිය දඩයම බලධාරීන්ට වාර්තා කරමින් එම ගෙළ පටය භාරදුන් බවත් පැවසෙයි.
එහෙත් දඩයක්කරු සිය දඩයම වෙනුවෙන් කොපමණ මුදලක් ගෙවා ඇද්ද යන්න තවම ප්‍රකාශයට පත්කොට නැත.
මෙම දඩයම් තරඟ සඳහා වැඩි වශයෙන් සහභාගී වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය ,එක්සත් රාජධානිය සහ දකුණු අප්‍රිකාව වැනි රටවලින් පැමිණෙන දඩයකාරයන් බවත් වාර්තා වෙයි.
ෂන්ඩාගේ පියා 'සෙසිල්' මර දමන ලද්දේ ඇමෙරිකානු දන්ත වෛද්‍යවරයකු වූ වෝල්ටර් ජේම්ස් පාමර් විසිනි.
අප්‍රිකාවට සංචාරකයන් ආකර්ෂණය කිරීමේ ආභරණයක් ලෙස විරුදාවලි ලැබ සිටි 'සෙසිල්' මරණයට ගොදුරුකර ගන්නා විට දහතුන් හැවිරිදි වියේ පසුවිය.
සෙසිල් මරා දැමීම නිසා කෝපාවිෂ්ඨ වූ සත්වලෝලීහු වෝල්ටර් ජේම්ස් පාමර්ගේ නිවාස සහ ඔහුගේ දන්ත වෛද්‍ය ශල්‍යාගාරය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර දියත් කළහ.
Image copyright Reuters
Image caption සෙසිල් මරාදැමූ දඩයක්කරුට ජනතාව විරෝධය පළකලේ ඔහුගේ නිවාස ඉදිරිපිට මෙම සුරතල් සත්ව නිර්මාණ තබමිනි
'සෙසිල්' මරා දමන ලද්දේ ඊතල වලින් විදීම මගින් යයි එවකට මාධ්‍ය වාර්තා මගින් කියවුන අතර තුවාල ලද සිංහයා දීර්ඝ වේලාවක් පණ අදිමින් සිටි වාර්තා වීමෙන් ලෝකය සසළ විය.
එහෙත් සෙසිල්ට රයිෆලයකින් වෙඩි තබනු ලැබීමට පෙර පැය හතළිහක කාලයක් ලුහු බැඳීමට සිදු වූ බවක් තවත් වාර්තාවන්හි දැක්වෙයි.
මර දමන ලද සෙසිල් සිංහයාගේ හිස සහ සම සිරුරින් වෙන් කෙරුණ බව සිම්බාබ්වේ වන සංරක්ෂණ කාර්ය සාධක බලකායේ ජොනී රොඩ්රිගෝස් බීබීසියට ප්‍රකාශ කළේය.
ඉතිහාසයට එක්වූ සෙසිල් මරා දැමීමේ මහා දඩයම් තරඟය සඳහා වෝල්ටර් ජේම්ස් පාමර් ඩොලර් 50,000 ක් ගෙවා තිබිණැයි විශ්වාස කෙරෙයි.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28