- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
කොටස් වෙළෙඳ පොළේදී මේ ගැනත් උනන්දු වන්න
( ෂමිල පෙරේරා ) 2016-11-21
කොටස් තරැව්කාර ආයතනයක සේවය කරන්නෙකුට කොටස් ගනුදෙනු කළ හැක්කේ ඔහු හෝ ඇය සේවය කරන ආයතනයෙන් පමණි.
ඔබගේ ආයෝජන උපදේශකවරයාටද තමන් වෙනුවෙන් කොටස් ගනුදෙනුවල නිරත වීමට හැකියාව ඇති අතර, ඒ පිළිබඳවත් ඔබ දැනුම්වත්ව ගනුදෙනු කිරීම ආයෝජකයෙකු වශයෙන් වැදගත් වේ. ඒ අනුව, ආයෝජන උපදේශකයෙකුට තමන් දැනට සේවයේ නිරතව සිටින ආයතනයෙන් හැර වෙනත් කොටස් තරැව්කාර ආයතනයකින් කොටස් මිලදී ගැනීමට හැකියාවක් නැත. එමෙන්ම එම ආයෝජන උපදේශකයන්ට ගනුදෙනු කිරීම තහනම් කර ඇති කොටස් ලේඛනයේ ඇති කොටස් ගනුදෙනු කිරීමටද හැකියාවක් නොමැත. එසේ ගනුදෙනු කිරීම තහනම් කර ඇති කොටස් යනු මහජනතාවට තොරතුරු ප්‍රසිද්ධ කර නොමැති කොටස් තැරැව්කාර සමාගම සතුව පමණක් පැවතීමයි. එවැනි ගනුදෙනුවලින් ඉවත්වීම තුළින් ආයෝජකයා සහ කොටස් තැරැව්කාර ආයතනය අතර ඇති වෘත්තීමය සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇත.
ආයෝජකයාගේ මූල්‍ය තත්ත්වය, පළපුරුද්ද සහ ආයෝජන අරමුණු පිළිබඳව ආයෝජන උපදේශකයා හොඳින් තේරුම්ගත යුතුය.
ආයෝජන තීරණ ගැනීමේදී ආයෝජකයාට සහාය වීම ආයෝජන උපදේශකයකුගේ වගකීමකි. එමෙන්ම, ආයෝජකයකුද තම ආයෝජන උපදේශකවරයා වෙත පැහැදිලි, නිවැරදි තොරතුරු ලබාදීම පිළිබඳ සහතික විය යුතුය. එනම්, ආයෝජකයා තමන් සතු මුදල් ප්‍රමාණය කොපමණද, තමන්ගේ අනාගත බලාපොරොත්තු මොනවාද යන්න ආදී තොරතුරු නිවැරදිව ආයෝජන උපදේශකවරයා වෙත ලබාදීමෙන්, තමන්ට ගැළපෙන ආයෝජන උපදෙස් නිසි ලෙස ලබාදීමට එය පහසුවක් වේ. ඔබ නිවැරදි තොරතුරු ඔබගේ ආයෝජන උපදේශකවරයා වෙත නොපැවසුවහොත් ඔබ පිළිබඳ වැරදි චිත්‍රයක් ආයෝජන උපදේශකවරයාගේ සිතෙහි ඇතිවීමට පුළුවන. එය ඔබට අවාසි ගෙනදීමට හේතුවක්ද විය හැකිය.
ඔබ කොටස් තැරැව්කාර ආයතනයකින්ම කොටස් ගිණුමක් ආරම්භ කරගත යුතුය.
කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කිරීමට ප්‍රථම ඔබ කැමති කොටස් තරැව්කාර ආයතනයකින් කොටස් ගිණුමක් ආරම්භ කර ගත යුතුය. එය ආරම්භ කිරීමේදී ඔබගේ සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත්‍රයෙහි අංකය නිවැරදිව සටහන් කිරීම, ඔබගේ අත්සන නිවැරදිව තැබීම, ඔබගේ පදිංචි ලිපිනය, රැකියාව සහ ඔබගේ රැකියා ස්ථානයේ නම, ලිපිනය සහ දුරකථන අංකය ආදියද නිවැරදිව සටහන් කිරීම අවශ්‍ය වේ.
වෙළෙඳ පොළෙහි ඇති අවදානම පිළිබඳව කොටස් තැරැව්කාර ආයතනය ඔබව නිසි ලෙස දැනුවත් කර තිබිය යුතුය.
ඔබ කොටස් ගිණුමක් ආරම්භ කිරීමේදී කොටස් තරැව්කාර ආයතනය ඔබට ආයෝජක ගිවිසුම ඉදිරිපත් කළ යුතු අතර, එහි ඇති අවදානම පිළිබඳ විස්තර කරන ප්‍රකාශය දෙස ඔබගේ අවධානය යොදවා එය පැහැදිළි කරදීම තරැව්කාර ආයතනයේ වගකීමකි. ආයෝජකයා විසින් එය නිසි ලෙස කියවීමෙන් අනතුරුව එය කියවූ බවට ඔහුගේ නිවැරදි අත්සන තැබීමද අවශ්‍ය වේ. ඉන් අදහස් වන්නේ ආයෝජකයා කොටස් වෙළෙඳ පොළෙහි ඇති අවදානම පිළිබඳ තේරුම් ගෙන තම මුදල් ආයෝජනය කරනවා යන්නයි.
කොටස් තරැව්කාර ආයතනය නිවැරදි සහ අංග සම්පූර්ණ වාර්තා තබා ගැනීමක්ද කළ යුතුය.
එක් එක් ආයෝජකයා විසින් සිදුකළ කොටස් ගනුදෙනුවලට අදාළ ගැනුම් සටහන් හා විකුණුම් සටහන් (Bought Note සහ Sold Note) පොත්පත් සහ අනෙකුත් ලිපි ලේඛන නිවැරදිව ඕනෑම අවස්ථාවක ලබාගත හැකි ආකාරයෙන් පවත්වාගෙන යා යුතුය. එය ඉතා පහසුවෙන් ලබාගත හැකි ලෙස විද්‍යුත් ආකාරයෙන් හෝ ලිඛිතව පවත්වාගෙන යා හැකිය. එමෙන්ම කොටස් තරැව්කාර ආයතනයක් මෙම තොරතුරු ඉතා අවංකව, සුරක්ෂිතව සහ රහසිගතව පවත්වා ගැනීම පිළිබඳවද සහතික විය යුතුය.
ආයෝජකයෙක් සිදුකළ කොටස් ගනුදෙනුවකට අදාළ විස්තර පත්‍රිකාවක් ගනුදෙනු දිනය අවසානයේදී ආයෝජකයා වෙත ලබාදිය යුතුය.
ඔබ කළ ගනුදෙනුවක් හා සම්බන්ධ විස්තර (ගැනුම් හෝ විකුණුම්) සඳහන් කොට ගනුදෙනු දිනය අවසානයේ විස්තර පත්‍රිකාවක් ඔබට ලබාදීමට කොටස් තැරැව්කාර ආයතනය කටයුතු කළ යුතුය. එය තැපැල් මගින් හෝ ඊ-මේල් මගින් යවනු ඇත. එහි සඳහන් තොරතුරු අතර, ඔබ මිලදීගත් සහ විකුණූ කොටස් වර්ග මොනවාද, කුමන මිලක් යටතේද, කුමන කොටස් ප්‍රමාණයක්ද, කොටස් තැරැව්කාර ආයතනය අය කළ ගාස්තු ආදී ඉතා වැදගත් තොරතුරු එහි අනිවාර්යෙන් සටහන් වී ඇත. එය ආයෝජකයෙකුට තමන් සිදුකළ කොටස් ගනුදෙනුව පිළිබඳ තහවුරු කරගැනීමට ඇති වටිනාම ලියවිල්ලකි. විශේෂයෙන්ම ඔබ වෙනුවෙන් කොටස් ගනුදෙනු කිරීමට කොටස් තරැව්කාර ආයතනය වෙත පවරා ඇත්නම් (ඔබ අභිමතය පරිදි ගනුදෙනු කිරීමේ ගිණුමක් පවත්වාගෙන යන්නෙක් නම්) මෙම ගැණුම් හෝ විකුණුම් සටහන් ඉතා ප්‍රයෝජනවත් වන අතර, ඒවා ඉතා සුරක්ෂිතව තබාගැනීම ආයෝජකයෙකු විසින් සිදුකළ යුතුය.
මෙහි තවත් කොටසක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
- See more at: http://www.ada.lk/article/196249/
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: කොටස් වෙළෙඳ පොළේදී මේ ගැනත් උනන්දු වන්න
ආයෝජකයාගේ තොරතුරු පිළිබඳ රහසිගතභාවය කොටස් තැරැව්කාර ආයතනය ආරක්ෂා කළ යුතුය.
කිසිම කොටස් තැරැව්කාර ආයතනයකට තම ගනුදෙනුකරුවන්ගේ තොරතුරු තවෙකෙකුට හෝ අවසරයකින් තොරව ලබාදිය නොහැක. එසේ ලබාදෙන්නේ නම් ඒ ආයෝජකයාගේ පූර්ව ලිඛිත අවසරයකින් හෝ කිසියම් නීතියක් අනුව හෙළිදරව් කළ යුතු නිසා හෝ කොළඹ කොටස් හුවමාරුවේ මධ්‍යම තැන්පතු ක්‍රමයේ නීති ප්‍රකාරව වේ.
ගනුදෙනු දින සිට ඉදිරි දින 3ක් ඇතුළත (T+3) ආයෝජකයෙක් කොටස් ගනුදෙනු සඳහා අදාළ බේරුම්කරණය සිදුකළ යුතුය.
කොටස් ගනුදෙනුවක් කළ සැණින් ඒ සඳහා ගෙවීම් සිදුකර අවසන් කිරීම අත්‍යවශ්‍ය නැත. ආයෝජකයාට තම බේරුම්කරණයන් සිදුකිරීමට ඉදිරි දින කිහිපයක් ලබාදෙයි. T+3 යනුවෙන් හඳුන්වනු ලබන්නේ එයයි. එය ආයෝජකයාට පහසුවකි. එසේ බේරුම්කරණය නොකරන්නේ නම් ඔවුන් වෙනුවෙන් මිලදී ගත් කොටස් නැවත විකුණා දැමීමට කොටස් තැරැව්කාර සමාගමට හැකියාව ඇත. එමෙන්ම එම කොටස් තැරැව්කාර ආයතනය විසින් ගනුදෙනු බේරුම්කරණය සඳහා ආයෝජකයාට T+3 වලට වඩා තවත් දින කිහිපයක් ලබාදුනහොත් එම දිනයන් දක්වා පොලියක් ගෙවීමටද සිදුවේ.
කොටස් තැරැව්කාර ගාස්තුවක් ගෙවීමට සිදුවේ.
කොටස් ගනුදෙනුවලට අදාළව ආයෝජකයන් විසින් කොටස් ගනුදෙනු පිරිවැයක් දැරිය යුතුය. විශේෂයෙන්ම එහි සඳහන් ගාස්තු අතර කොටස් වෙළෙඳ පොළ අය කරන ගාස්තු, කොටස් තරැව්කාර ආයතනයේ ගාස්තු, මධ්‍යම තැනැපතු ක්‍රමයේ ගාස්තු, රජයේ සෙස් බදු සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ ගාස්තු ආදියද ඇතුළත් වේ. මෙම සියලුම ගාස්තු ආයෝජකයා කොටස් ගනුදෙනුවක් සිදුකළ සැණින් තැරැව්කාර සමාගමින් අය කරනු ඇත. රු.මිලියන 50ක් වටිනා කොටස් ගනුදෙනුවක් වෙනුවෙන් 1.12% ක ගනුදෙනු පිරිවැයක්ද, රු.මිලියන 50 ට වඩා වැඩි කොටස් ගනුදෙනුවක් සඳහා ඊටත් වඩා අඩු ගාස්තුවක්ද අයකරනු ඇත.
කොටස් ගනුදෙනුවකදී යම් වරදක් සිදුවූ විට
කොටස් වෙළෙඳ පොළ ගනුදෙනුවලදී යම් වරදක් සිදුවී ඇත්නම් එය නිරාකරණය කරගැනීමට ඇති හැකියාව පිළිබඳව ආයෝජකයන් දැන සිටිය යුතුය. ගනුදෙනුවක් හා සම්බන්ධ යම් පැමිණිලි කිරීමක් සිදුකිරීමට ඇත්නම් එය ප්‍රථමයෙන් අදාළ කොටස් තැරැව්කාර ආයතනයේ අනුකූලතා නිලධාරියා වෙත දැනුම් දිය යුතුය. එනම්, එය ලිඛිතව ලබාදිය යුතු අතර, ගනුදෙනු සිදුවී මාස 3ක් ඇතුළත ලබාදිය යුතුය. ඒ අනුව, කොටස් තැරැව්කාර ආයතනයේ අනුකූලතා නිලධාරීවරයා එම පැමිණිල්ල කෙරෙහි නිසි අවධානය යොමුකර සාධාරණ විසඳුමක් ලබාදීම අපේක්ෂා කෙරේ. එමගින් ලබාදෙන විසඳුම් පිළිබඳ ආයෝජකයා සෑහීමකට පත් නොවේ නම් හෝ කිසිඳු විසඳුමක් ලබානොදෙන්නේ නම් ආයෝජකයාට තම පැමිණිල්ල කොටස් වෙළෙඳ පොළ වෙත යොමුකර විසඳුමක් ලබාගැනීමට හැකියාව ඇත. එමෙන්ම, කොටස් වෙළෙඳ පොළ විසින් ලබාදෙන විසඳුම සමගද ආයෝජකයා එකඟ නොවන්නේ නම්, කොටස් වෙළෙඳ පොළෙහි ආරවුල් විසඳීමේ කමිටුවට ඉදිරිපත් කර විසඳුමක් බලාපොරොත්තු විය හැකිය. එය නියෝජනය කරනු ලබන්නේ කොළඹ කොටස් හුවමාරුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඇතුළත් වන මුදල් අමාත්‍යාංශය නියෝජනය කරන අධ්‍යක්ෂවරුන් සහ කොටස් තැරැව්කාර සමාගම් නියෝජනය කරන අධ්‍යක්ෂවරුන්ය.
ආයෝජකයෙකු ලබාදෙන ඇණවුම් පිළිබඳ වාර්තා කොටස් තැරැව්කාර සමාගම පවත්වාගෙන යා යුතුය.
ආයෝජකයා සහ කොටස් තැරැව්කාර ආයතනය අතර ඇතිවිය හැකි ගැටලු අවම කරගැනීම සඳහා සුදුසුම ක්‍රියාමාර්ගයක් වන්නේ ආයෝජකයෙකු කොටස් මිලදී ගැනීමක් සහ කොටස් විකිණීමක් සම්බන්ධයෙන් ලබාදෙන ඇණවුම් පිළිබඳ වාර්තා අඩුම තරමින් මාස 6ක් යනතුරු පවත්වාගෙන යා යුතුවීමය. සමහර අවස්ථාවල කොටස් තැරැව්කාර සමාගම එම ඇණවුම් පිළිබඳ දුරකථන තොරතුරු වාර්තා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සහ ලිඛිතව ලබාදෙන ඇණවුම් වශයෙන් යන දෙයාකාරයෙන්ම වාර්තා තබා ගනී. ඇණවුම් සම්බන්ධයෙන් ඇතිවන ගැටලු නිරාකරණය කිරීමට සහ ආයෝජකයා ඉදිරිපත් කළ ඇණවුම් පිළිබඳව තහවුරු කිරීමට එම තොරතුරු පවත්වාගෙන යාම වැදගත් වේ.
ආයෝජකයාට සුහදශීලී සේවාවක් ලබාදිය යුතුය.
කොටස් තැරැව්කාර ආයතනයක් ආයෝජකයන් වෙනුවෙන් තම සේවා කටයුතු ලබාදීමේදී හැකි සෑම අවස්ථාවකම ඉතා සුහදශීලීව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන අතර උපදේශකයන්ගේ හැකියාවන් අනුව ඉහළම සේවයක් ලබාදිය යුතුය. එමෙන්ම, ඔවුන් තුළ ආයතනය පිළිබඳ ඇති ආකාර්ෂණීයත්වය තවදුරටත් ඉහළ නැංවෙන සේවාවක් ලබාදිය යුතුය. ඊට හේතුව ආයෝජකයන්ට මෙම තැරැව්කාර ආයතනවල සේවාව අත්‍යවශ්‍ය මෙන්ම තැරැව්කාර සමාගම්වලටද තම ගනුදෙනුකරුවන් අත්‍යවශ්‍ය වන බැවිනි. ආයෝජන උපදේශකයන් පමණක් නොව එම ආයතනවල කටයුතු කරන සියලුම සේවකයන් වෙතින් ආයෝජකයා සමග ගැටුම් ඇති නොවන ආකාරයෙන් ඉතා හොඳ සේවයක් තම ගනුදෙනුකරුවන්ට ලබාදිය යුතුය.
මෙහි තවත් කොටසක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
- See more at: http://www.ada.lk/
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: කොටස් වෙළෙඳ පොළේදී මේ ගැනත් උනන්දු වන්න
( ෂමිල පෙරේරා ) 2016-12-22 23:00:06
ඔබ කොටස් වෙළෙඳපොළ ආයෝජකයකු නම්,
අනාගතයේදී යම් ප්‍රතිලාභයක් ලැබීමේ චේතනාව ඇතිව තමන් මහන්සියෙන් උපයාගත් ධනයෙන් යම් ප්‍රතිශතයක් කිසියම් වත්කමක ආයෝජනය කිරීම ආයෝජකයකුගේ අරමුණයි. ආයෝජකයෙකු තම මුදල් එවැනි කටයුතු සඳහා වෙන්කිරීමේදී තමන් ගනුදෙනු කරනු ලබන ආයතනය පිළිබඳව ඉතා හොඳින් සොයාබලා ගනුදෙනු ආරම්භ කිරීම සහ ගනුදෙනු ආරම්භ කර ඉදිරියට යාමේදී විමසිලිමත්ව ආයෝජනයෙහි නිරතවීම ඉතා වැදගත් වේ. ඒ අනුව, ගත්විට කොටස් වෙළෙඳ පොළ ආයෝජනයේදීද ආයෝජකයෙකුට මුලින්ම මුණගැසෙන ආයතනය කොටස් තැරැව්කාර සමාගමයි. එමෙන්ම එහි ගනුදෙනු සඳහා ආයෝජකයාට පහසුකම් සලසනු ලබන්නේ කොටස් තැරැව්කාර සමාගමේ ලියාපදිංචි ආයෝජන උපදේශකවරයන්ය. මේ අනුව, ආයෝජකයකු ආයෝජන උපදේශකවරයා සහ කොටස් තැරැව්කාර ආයතනය සපයනු ලබන සේවා මොනවාද යන්න සොයා බැලීමක් කරනවා සේම ආයෝජන උපදේශකවරයා කුමන ආකාරයේ පුද්ගලයෙක්ද, ඔහු අදාළ සුදුසුකම් සපුරා ඇත්ද සහ කොටස් තැරැව්කාර ආයතනයේ ස්වභාවය, එහි පැවැත්ම සහ මූල්‍ය තත්ත්වය ආදී කරුණු පිළිබඳවත් සොයා බැලීමක් කළ යුතුය.
කොටස් තැරැව්කාර ආයතනය පිළිබඳව ඔබ කොතරම් දැනුම්වත්ද?
ඔබගේ කොටස් වෙළෙඳ පොළ ආයෝජන ගමන් මගේදී කොටස් තැරැව්කාර ආයතනයක් විසින් සපයනු ලබන්නේ ප්‍රබල කාර්යභාරයකි. එමෙන්ම ආයෝජන තීරණ ගැනීමේදී කොටස් තැරැව්කාර ආයතනයක් මගින් අවශ්‍ය සියලු විස්තර අසා දැනගැනීම තුළින් සමහර අවස්ථාවල ඔබට අනාගතයේදී මුහුණ දීමට සිදුවිය හැකි විවිධ ගැටලුවලින් ආරක්ෂා වීමට උපකාරී වේ. පසුගිය ලිපි මගින්ද අප ඔබට ඒ සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් ඉදිරිපත් කළෙමු. මෙම ලිපිය මගින්ද අප බලාපොරොත්තු වන්නේ කොටස් තැරැව්කාර ආයතනයක් සමග ගනුදෙනු කිරීමේදී ආයෝජකයෙකු වශයෙන් අවධානය යොමුකළ යුතු සහ හොඳින් දැනුම්වත්ව සිටිය යුතු තවත් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව ඔබව දැනුම්වත් කිරීමය.
කොටස් තැරැව්කාර ආයතනයේ මූල්‍ය තත්ත්වය පිළිබඳව නිරත්තර විමසිල්ලෙන්
කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව කොටස් තැරැව්කාර සමාගම්වල මූල්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලීමක් සිදුකරනු ලබයි. උදාහරණයක් වශයෙන් ගත්විට කොටස් තැරැව්කාර ආයතනයක් සෑම මාසයක් අවසානයේම මූල්‍ය වාර්තාවක්, දෙනලද ආකෘතියට අනුව සකසා අදාළ මාසයේ අවසානයේ සිට දින 20ක් ඇතුළත කොටස් වෙළෙඳ පොළ සහ සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට භාරදිය යුතුය. එමෙන්ම එය වසර අවසානයේදීද ඒ ආකාරයෙන්ම යැවිය යුතු වේ.
මේ ආකාරයෙන් කොටස් තැරැව්කාර ආයතනයක් කටයුතු කරන ආකාරය ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව විසින් සිදුකිරීම හරහා ආයෝජනයේ නිරත පුද්ගලයන්ට කොටස් වෙළෙඳ පොළ ආයෝජනය පිළිබඳ විශ්වාසය ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබේ. අදාළ උපදෙස් මාලාවන් අනුව තැරැව්කාර ආයතනයක් කටයුතු කරන ආකාරය පිළිබඳව සිදුකරන අඛණ්ඩ සොයා බැලීම් අනුව ඔවුන් විසින් තම ගනුදෙනුකරුවන් සඳහා ලබාදෙන සේවාව ඉහළ මට්ටමින් සිදු කිරීමටත් හැකියාව ලැබේ.
තොරතුරු දැනගැනීමේ අයිතිය
දැනුම්වත් ආයෝජන තීරණ ගැනීම සඳහා වැදගත් වන්නා වූ කොටස් තරැව්කාර සමාගම් සතු සමහර කරුණු පිළිබඳව සොයා බැලීමට මෙන්ම පරිහරණය කිරීමට ආයෝජක ඔබට අයිතියක් ඇත. උදාහරණයක් ලෙස යම් කොටස් තැරැව්කාර ආයතනයක් තම මූල්‍ය වර්ෂය අවසාන වී මාස 4ක් තුළ විගණනය කරන ලද මූල්‍ය වාර්තා කොළඹ කොටස් හුවමාරුව වෙත භාරදිය යුතුය. එමෙන්ම මෙහිදී සිතෙහි තබාගත යුතු වැදගත් කරුණක් වන්නේ ආයෝජකයෙකු විසින් යම් ඉල්ලීමක් කළ අවස්ථාවක ඕනෑම තැරැව්කාර සමාගමක් තම විගණනය කළ මූල්‍ය වාර්තා ලබාදීමට බැඳී සිටින බවය.
ආයෝජකයාට කොටස් තැරැව්කාර ආයතනයේ මූල්‍ය තත්ත්වය පිළිබඳව තීරණය කිරීමට පහසුවක් මෙම මූල්‍ය වාර්තා මගින් ලබාදෙයි. බොහෝ අවස්ථාවල දක්නට ලැබෙන විශේෂත්වයක් වන්නේ ආයෝජකයෙකු කොටස් තැරැව්කාර ආයතනයක් තෝරාගැනීමේදී හෝ අඛණ්ඩව එවැනි ආයතනයක් සමග කටයුතු කරගෙන යාමේදී එම ආයතනවල මූල්‍ය තත්ත්වය පිළිබඳව තොරතුරු විමසීම ඉතා කලාතුරකින් සිදුවන දෙයක් බවය. බුද්ධිමත්ව ආයෝජනය කරන්නෙකු මේ සියලු කරුණු පිළිබඳව අවධානය යොමු කරනු ලබයි.
ප්‍රචාරණ කටයුතුවලදී වගකීමෙන් කටයුතු කළ යුතුවේ
තම ආයතනයෙන් සපයනු ලබන සේවා පිළිබඳව සිදුකරනු ලබන වෙළෙඳ දැන්වීම් සහ අනෙකුත් ප්‍රචාරණ කටයුතුවලදී අදාළ නීති රාමු තුළ සිටිමින් සහ සීමාවන් දැන කටයුතු කළ යුතුවේ. එවැනි ප්‍රචාරණවලදී වැරදි තොරතුරු සහ නොමග යැවීම් සිදුනොවිය යුතුය. තවද ප්‍රචාරණ උපාය මාර්ගයන් වෙළෙඳ පොළ අපකීර්තියට පත් නොවන අයුරින් සිදුකළ යුතුය. කොටස් තැරැව්කාර ආයතන යොදාගනු ලබන නවීනතම ක්‍රමයන් සහ එහි ඵලදායීත්වයන් පිළිබඳව යම් යම් තර්ක විතර්ක දැකගත හැකිය. කෙසේ වෙතත්, ආයෝජකයෙකුට එවැනි ප්‍රචාරණයන් මගින් ලබාදෙන පණිවුඩය සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් සහ තේරුම් ගැනීමෙන් අනතුරුව ආයෝජනය ආරම්භ කිරීම් සිදුකිරීම වඩාත් උචිතය.
ආයෝජන සඳහා ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන මුදල් පවත්වා ගැනීම විශ්වාසවන්තව සිදුකළ යුතුය
ආයෝජකයන් විසින් කොටස් මිලදී ගැනීම සඳහා ලබාදෙන මුදල් තැන්පත් කිරීමට කොටස් තැරැව්කාර ආයතනයක් විසින් වාණිජ බැංකුවක වෙනම ගිණුමක් පවත්වාගෙන යා යුතුවේ. එසේ ආයෝජකයන් විසින් කොටස් තැරැව්කාර සමාගම වෙත ලබාදෙන මුදල් ඉතා විශ්වාසවන්ත අයුරින් පවත්වා ගැනීමට කොටස් තැරැව්කාර ආයතනය සමත්විය යුතුය. කිසිම අවස්ථාවක එම අරමුදල් කොටස් තැරැව්කාර සමාගමකට තම ප්‍රයෝජනය සඳහා හෝ එහි ණය මුදලක් පියවීම වැනි කාර්යයන් සඳහා යොදාගත නොහැකිය. ආයෝජකයෙකු කොටස් මිලදී ගැනීමක් වෙනුවෙන් මුදල් යොමුකරනු ලබන්නේ එම බැංකු ගිණුමට වන අතර, එසේ මුදල් තැන්පත් කළ පසු ආයෝජකයා එහි ෆැක්ස් පතක් තැරැව්කාර ආයතනයට යැවීමද කළ යුතුය.
මෙහි තවත් කොටසක් මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න...
- See more at: http://www.ada.lk/article/201927/