- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
‘කොටස් වෙළඳපොළේ කෝටි ගණනක කොටස් රැස්කර ගනී‘
ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්ක සිද්ධියේදී මෙම සමාගම මතභේදයට ලක්විය.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සහ පර්පෙචුවල් ඊක්විටීස් සමාගම් එන්ඩීබී බැංකුවේ (ජාතික සංවර්ධන බැංකුවේ) රුපියල් මිලියන 10ක කොටස් ඇතුළු රුපියල් බිලියන 1.6ක කොටස් මිලට ගෙන ඇතැයි වාර්තාවේ. පසුගිය මාසයේ මෙම කොටස්වල වටිනාකම රුපියල් මිලියන හයකට වඩා වැඩි බව කියති.
පර්පෙචුවල් සමගාමට සම්බන්ධ තවත් ආයතනයක් වනුයේ තර්ස්ටන් ඉන්වෙස්ට්මන්ට්ස් ආයතනයයි.
සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමේ ද ඔවුන් වැඩි වශයෙන් ආයෝජන කර ඇති අතර එහි කොටස් හිමිකරුවන් අතර පළමු දස දෙනා අතරට ඇතුළත් වී ඇතැයි ඩීඑෆ්සීසී (ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් කෝපරේෂන් ඔෆ් සිලෝන්) කොටස් තැරැව්කරුවෝ කියති.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ වත්මන් අධ්‍යක්ෂවරුන් වනුයේ ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස්, චිත්‍රා රන්ජන් හුළුගල්ල, අජාන් ගාර්ඩියේ පුංචිහේවා සහ හෙට්ටියාදුර ශිරාන් සංජීව ප්‍රනාන්දු යි.
‘එම වත්මන් ගනුදෙනු සමග ඔවුන් එන්ඩීබී බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල පුටුවට එන්න උත්සාහ කරනවා‘ යැයි කොටස් තැරැව්කරුවෝ කියති.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ ධූරයෙන් අර්ජුන් ඇලෝසියස් අස්වූයේ 2015 ජනවාරි 16 වැනිදාය. ඒ ඔහුගේ මාමණ්ඩිය වූ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති වී දින කිහිපයකට පසුවය.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම 2016 මාර්තු මාසයෙන් අවසන් වූ වසරක කාලයේ දී රුපියල් බිලියන 5.1ක (රුපියල් කෝටි 510) ලාභයක් පෙන්නුම් කර ඇතැයි සමාගම් වාර්තාවන්හි සඳහන්වේ. එය පෙර වසරට වඩා සියයට 430ක වර්ධනයකි. සිකුරාදා කෝප් කමිටුව බැඳුම්කර සිද්ධියේ පරීක්ෂණ වාර්තාව එළි දැක්වීය. 2015 පෙබරවාරි 27 සිදුවූ මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයාව සිටි අර්ජුන් මහේන්ද්‍රන් ඊට බලපෑමක් කර ඇතැයි එහි සඳහන් වේ. එසේම එයින් සිදුවූ පාඩුව රජයෙන් පියවා ගැනීමටඅවශ්‍ය කටයුතු යෙදීම පාර්ලිමේන්තුවේ වගකීමක් බවද කෝප් වාර්තාවේ සඳහන්ය.
එන්ඩීබී බැංකුව නොවැම්බර් 30 වැනිදා සිට ප්‍රධාන විධායකයකු නොමැතිව කටයුතු කිරීමට යයි. ප්‍රධාන විධායක නිලධාරී රාජේන්ද්‍ර ත්‍යාගරාජා මාස තුනක කාලයක සිට දන්වා සිටියේ ඔහුගේ කාලය අවසන් බවයි. ත්‍යාගරාජා මහතා පසුගිය අගෝස්තු මාසයේ විශ්‍රාම ගියේය. බැංකුව අනුප්‍රාප්තිකයකු නම් කර නැත.
http://www.lankadeepa.lk/index.php/articles/474316
- ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ දෙවැනි විශාලතම කොටස් ගනුදෙනුව අද
- කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව 5 වන දිනයටත් ඉහළට. සියලු කොටස් ඒකක 94 කින් නගී
- කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට
- කොටස් ගනුදෙනු බද්ද 2016 අප්‍රේල් 15 වන දින සිට යළි ක්‍රියාවට නංවන බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර තිබේ.
- කොටස් වෙළෙඳපොළ පරීක්ෂණ කඩිනමින් අවසන් කළ යුතුයි – කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපති කියයි