The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ Empty Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ

    Post by nihal123 Tue Jun 28, 2016 12:27 pm

    ලෝක ආර්ථිකයත් සමග ඒකාබද්ධ වී සිටින විට ලෝකයේ ඇතිවෙන හැළහැප්පීම්වලට මුහුණ දීමට සිදුවීම සාමාන්‍ය දෙයක් බවත්, එවැනි තත්ත්වයකට මුහුණදීමට පිළියම් වශයෙන් විය යුත්තේ අපේ අපනයන අංශය ශක්තිමත් වීම හා විවිධාංගීකරණය වීම බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පවසා සිටියේය.

    බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට පසුගිය බ්‍රහස්පතින්දා (23දා) පැවති Brexit ජනමතවිචාරණයේදී එරට ජනතාව තීරණය කිරීමත්, ඒ හා සමගම ලෝක ආර්ථිකයේ ඇති වූ හැළහැප්පීම් හා ඒ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මහාචාර්යවරයා මෙසේ පවසා සිටියේය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා,

    &බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට එරට ජනතාව තීරණය කිරීම ආර්ථිකමය හේතුවලට වඩා දේශපාලනමය හේතු මත ඇති වූවක්. මොකද, යුරෝපා සංගමය කියන්නෙ කලාපීය සංගමයක්. ඒක වෙළෙඳාමට වඩා පුළුල් ගිවිසුමක්. එවැනි ගිවිසුමක් තුළ සිටින ඒ ගිවිසුම තුළ ඇති නිදහසේ භාණ්ඩ හා සේවා වගේම, නිදහසේ මුදල් හුවමාරුව මෙන්ම, නිදහසේ යුරෝපා සංගමයේ ඕනෑම රටකට ඇතුළු විමේ හා පදිංචි වීමේ ඉඩකඩ මිනිසුන්ට තිබෙනවා. මෙතනදි, මේ අවසාන කාරණය ගොඩක් වැදගත් වී තිබුණා. මොකද, බොහෝ දුරට සංක්‍රමණිකයන් තමයි මේ තුළින් වැඩි වාසි ලබා තියෙන්නෙ. මේ තත්ත්වය තුළ සංක්‍රමණිකයන් බොහෝ වශයෙන් යුරෝපයට ඇවිත් තියෙනවා.

    ආර්ථිකමය ප්‍රශ්නයකට වඩා දේශපාලනමය ප්‍රශ්නයක්

    ඒ නිසා ප්‍රධාන වශයෙන්ම දේශපාලන ප්‍රශ්නයක් ලෙස මේ තත්ත්වය සලකා බලමින් ඔවුන් යුරෝපා සංගමයෙන් ඉවත් වීමට සිය කැමැත්ත ප්‍රකාශ කළා වෙන්න පුළුවන්. නමුත්, ඒ හේතුවෙන් හුඟක් අවාසි තියෙනවා. ඒ අවාසි තමයි ආර්ථිකමය අවාසි. නමුත්, ඒ ආර්ථිකමය අවාසි පැත්ත ගන්නෙ නැතිව, එහෙම නැතිනම් ඒක දැනගෙනත්, එහි ප්‍රතිවිපාක දැනගෙනත්, ඊට වඩා තමන්ගේ දේශපාලන අරමුණු වැදගත් වූ නිසා එංගලන්තයේ ජනතාව ඒ වගේ තීරණයකට ඇවිල්ල තියෙනව කියල අපිට හිතන්න පුළුවන්.

    ක්ෂණිකව ඇති වූ ආර්ථික ප්‍රතිවිපාක කිහිපයක්

    මෙයින් ඇති වූ ආර්ථික ප්‍රතිවිපාක දැනටමත්, ක්ෂණිකව අපට දකින්න ලැබුණා. ස්ටර්ලිං පවුමේ විනිමය අනුපාතය ශීඝ්‍රයෙන් පිරිහිලා තියෙනවා. ස්ටර්ලිං පවුමේ විතරක් නෙමෙයි, යුරෝ මුදලත් ඇතුළුව මේ ගෙවීගිය දින කිහිපය තුළ බොහෝ විනිමය අනුපාත පිරිහී තියෙනවා. ඒ වගේම, කොටස් වෙළෙඳ පොළවල් තුළ විශාල පහළ වැටීම් දක්නට ලැබුණා. එතකොට මේවා හරහා තමයි, ආර්ථික ප්‍රතිවිපාක අනෙක් රටවලට බලපාන්නෙ.

    යුරෝපා සංගමයට ශ්‍රී ලංකාව් අපනයනවලින් 25% ක්

    ශ්‍රී ලංකාවට මේක වැදගත් වෙන්නෙ ඔය කියන ආර්ථික ප්‍රතිවිපාක ප්‍රධාන වශයෙන්ම වෙළෙඳාමට බලපාන නිසයි. මොකද අපේ වෙළෙඳාමෙන් වැඩි කොටසක් යුරෝපා සංගමයට තියෙනවා. අපේ අපනයනවලින් 25% ක් විතර යන්නෙ යුරෝපා සංගමය තුළ තියෙන රටවල්වලටයි. එතකොට මේ විනිමය අනුපාතවල අවප්‍රමාණයත් එක්ක ඒවායේ මිල ගණන් ඒ රටවල්වල මුදලින් බලද්දි ඉහළ යෑමක් සිදුවෙනවා. ඒ නිසා ඒක අපේ වෙළෙඳාමට තමයි අවාසිසහගත වෙන්නෙ. අනෙක් අතට අපේ අනෙකුත් සබඳතා මේ රටවල් සමග එතරම් දුරට පවතින්නෙ නැහැ. නැත්නම් තියෙන ඉඩකඩ ඉතාමත්ම අඩුයි. වෙළෙඳාම තමයි ප්‍රධාන කාරණය වන්නෙ.

    අනාගතය ගැන සිතා අදම ප්‍රතිකර්ම කළ හැකි ප්‍රශ්නයක්

    ලෝක ආර්ථිකයත් සමග ඒකාබද්ධ වෙලා ඉන්නකොට ලෝකයේ ඇතිවෙන හැළහැප්පීම්වලට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. එතනදි පිළියම් වශයෙන් විය යුතු දේ තමයි, අපේ අපනයන අංශය ශක්තිමත් වීම හා විවිධාංගීකරණය වීම. විවිධාංගීකරණය වෙන්නෙ, ඒවා ගමන් කරන දිශාවන් අනුවයි. ඒ කියන්නෙ, යුරෝපා සංගමයට විතරක් නොවෙයි. මේ ආසියාව අද වනවිට වැදගත් වෙළෙඳ පොළක්. ආසියානු වෙළෙඳ පොළවල්වලට, ලෝකයේ වෙනත් වෙළෙඳ පොළවල්වලට විවිධාංගීකරණය වීම හා අපනයන අංශය ශක්තිමත් වීම තමයි අවශ්‍ය වෙන්නෙ. නමුත්, අප ඒ අතින් තවමත් බොහොම දුර්වල මට්ටමක ඉන්න බව පැවසිය යුතුයි. මොකද, අප මේ කාරණය හැමදාම කල්දමමින් ඉන්න ප්‍රශ්නයක්. ඒ නිසා මේ වගේ තත්ත්වයක් තුළ අපට තියෙන පීඩාව, බලපෑම වැඩි විය හැකියි. ඒ නිසා අනාගතයේදීත් මේ වගේ ප්‍රශ්න ඇතිවිය හැකියි හා තිබෙන ප්‍රශ්න උග්‍රවිය හැකියි කියන අදහස අපේ හිතේ තියෙනවා නම්, රටක් හැටියට අපට අද වුණත් මේකට ප්‍රතිකර්ම යොදාගන්නට පුළුවන් බව මගේ අදහසයි.

    - See more at: http://www.ada.lk/article/168482/Brexit-
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ Empty Re: Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ

    Post by nihal123 Wed Jun 29, 2016 6:30 am

    බ්‍රිතාන්‍ය වෙන් වීම: ශ්‍රී ලංකාව කළ යුත්තේ කුමක්ද?

    යුරෝපා සංගමයෙන් ඉවත් වීමට බ්‍රිතාන්‍යවාසීන් ගනු ලැබූ තීන්දුව හේතුවෙන් ශ්‍රී ලංකාවට කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීන බලපෑම් එල්ල විය හැකි බව වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික විශේෂඥ අනුෂ්ක විජේසිංහ පවසයි.
    බ්‍රිතාන්‍යයේ පැවති ජනමත විචාරණයෙන් අනතුරුව ජාත්‍යන්තර වෙළඳපොලේ ඇති වී තිබෙන විචල්‍යතාව ශ්‍රී ලංකාවට ඇති වී තිබෙන කෙටි කාලීන බලපෑමක් ලෙස හැඳින්විය හැකි බව ඔහු කියා සිටියේ බීබීසී සංදේශය සමග සාකච්ඡාවකට එක් වෙමිනි.
    ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව වෙත විදේශ මුදල් ආකර්ෂණය කර ගැනීමේ යම් අපහසුතාවක් ඇති විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.
    ''ඒකට හේතුව තමයි මෙවැනි අර්බුදයක් ඇති වූ විට ආයෝජකයන් කැමතියි තමන් දන්නා ක්ෂේත්‍ර තුළ මුදල් යොදවන්න. රත්‍රන්, ඇමරිකානු ඩොලර්, ඇමරිකානු භාණ්ඩාගාර බිල්පත් වැනි දේ වෙත ඔවුන් යනවා''
    මේ අතර අපනයන ක්ෂේත්‍රය තුළින් ශ්‍රී ලංකාවට දීර්ඝ කාලීන බලපෑම් එල්ල විය හැකි බවයි වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික විශේෂඥ අනුෂ්ක විජේසිංහ පවසන්නේ.
    බලපෑමෙන් මිදීමට නම්!
    ''ඒකට හේතුව තමයි ශ්‍රී ලංකාවේ අපනයනවලින් 10% ක් බ්‍රිතාන්‍යටත්, 30% වැනි ප්‍රමාණයක් යුරෝපය වෙතත් යැවෙනවා. ඒ කියන්නේ ඩොලර් බිලියන හතරකට ආසන්න අපනයන. බ්‍රිතාන්‍යයේ සහ යුරෝපයේ ඇති වී තිබෙන අස්ථාවරත්වය හමුවේ අපේ අපනයනවලට පහරක් එල්ල වෙන්න පුළුවන්''
    මීට අමතරව ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය සමග නව ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම්වලට එළඹීමට සිදු වනු ඇති බවත් ඔහු කියා සිටියේය.
    ''මොකද ජීඑස්පී ප්ලස් වැනි යුරෝපය සමග තිබෙන අපේ ගිවිසුම්වලට තවදුරටත් බ්‍රිතාන්‍ය අයත් නොවන නිසා''
    මෙම තත්වයෙන් මිදීමට නම් ශ්‍රී ලංකාවේ අපනයන වෙළඳපොල පුළුල් කර ගත යුතු බව වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික විශේෂඥ අනුෂ්ක විජේසිංහ පෙන්වා දෙයි.
    යුරෝපය, බ්‍රිතාන්‍ය, ඇමරිකාව වැනි වෙළඳපොළවල් වෙත ශ්‍රී ලංකාවෙන් 60% පමණ අපනයන යැවෙන බවත් ඔහු පැවසීය.
    'වෙළඳපොල පුළුල් කර ගනිමින් අපි අලුත් වෙළඳ ගිවිසුම් අත්සන් කළ යුතුයි. ඒ අතරම නව උත්පාදනය සහ තාක්ෂණය හරහා අපේ අපනයන තරඟකාරීත්වය ඇති කිරීමට පිළියම් යෙදිය යුතුයි' වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික විශේෂඥ අනුෂ්ක විජේසිංහ වැඩිදුරටත් කියා සිටියේය.


    http://www.bbc.com/sinhala/sri-lanka-36653481
    avatar
    sanjulanka


    Posts : 180
    Join date : 2015-10-29

    Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ Empty Re: Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ

    Post by sanjulanka Wed Jun 29, 2016 6:47 am

    Thanks nihal I love you I love you I love you
    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

    Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ Empty Re: Brexit බලපෑම හමුවේ ශ්‍රී ලංකාව කළ යුත්තේ

    Post by Backstage Wed Jun 29, 2016 10:54 am

    Nihal, read Dr. Kelagama's view I posted today, touches (breifly) on possible positive aspects for Commonwealth members.

      Current date/time is Sun Sep 01, 2024 6:48 am