The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  Empty දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -

    Post by nihal123 Tue May 17, 2016 7:44 am

    දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි - See more at: http://www.ada.lk/

    කොළඹ කොටස් වෙළෙඳ පොළ මේ වසර ආරම්භයේදී විශාල පහළ වැටීමක් පෙන්නුම කළ අතර, මාර්තු මාසය වනවිට එය මේ වසරට 14% ක පමණ පහළ වැටීමක් පෙන්නුම් කර තිබුණි. මෙසේ කොටස් වෙළෙඳ පොළ පහළ වැටීම අප රටට පමණක් සීමා නොවූ අතර, ලෝකයේ අනෙක් රටවල කොටස් වෙළෙඳ පොළවල්ද විශාල පහළ යෑම්වලට ලක්වුණි. කෙසේ වෙතත්, ලෝකයේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. මේ පිළිබඳව 'අද ව්‍යාපාරික පිටුවේ දැනුමෙන් ආයෝජනයට' ලිපිමාලව තුළින් අප දිගින් දිගටම කරුණු පැහැදිලි කළෙමු. එනමුදු, වර්තමානය වනවිට අපගේ කොටස් වෙළෙඳ පොළ සැලකිය යුතු ඉහළ යාමක් වාර්තා කරමින් පවතින අතර, පසුගිය මාස එකහමාරක පමණ කාලය තුළ කොටස් වෙළෙඳ පොළේ මිල දර්ශක සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. මේ වනවිට කොළඹ කොටස් වෙළෙඳ පොළ මේ වසරට පහළ වැටී ඇත්තේ 3% ක පමණ සුළු ප්‍රතිශතයකින් වන අතර, සමස්ත මිල දර්ශකය ඒකක 7,000 සීමාවට ආසන්න වෙමින් පවතී. කොටස් වෙළෙඳ පොළ පහළ වැටී ඇති විට, පහළ යමින් පවතින කොටස් වෙළෙඳ පොළක් තුළින් ප්‍රතිලාභ ලබාගන්නේ කෙසේදැයි යන්න අපි මීට පෙර පැහැදිලි කළෙමු. මෙවර 'දැනුමෙන් ආයෝජනයට' ලිපිය මගින් ඉහළ යමින් පවතින කොටස් වෙළෙඳ පොළ තුළින් ප්‍රතිලාභ ලබාගන්නේ කෙසේද යන්න අපි පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමු. මෙහිදී, ආයෝජකයන් තේරුම්ගත යුතු ප්‍රධානතම කාරණය නම්, කොටස් වෙළෙඳ පොළක් ඉහළ නැඟෙන විට හෝ පහළ වැටෙන විට නොනවත්වා ආයෝජනය කළහොත් මේ දෙයාකාරයෙන්ම ඉහළ ප්‍රතිලාභයක් ලබාගත හැකි බවය.

    ලොව සෑම රටකම පාහේ අවම වශයෙන් එක් කොටස් වෙළෙඳ පොළක් හෝ දැකිය හැකිය. එ‍මෙන්ම මෙම කොටස් වෙළෙඳ පොළවල් සියල්ල සමස්තයක් වශයෙන් ගත් විට එකවර ඉහළයාමක් හෝ එකවර පහළයාමක් දැකිය නොහැකිය. මෙසේ කොටස් වෙළෙඳ පොළක් ඉහළ ගියත් පහළ ගියත් එහි ආයෝජනය කරන්නන්ට ප්‍රතිලාභ ලැබිය හැකි වීම මෙම ආයෝජනයේ ඇති එක්තරා විශේෂත්වයකි. කොටස් වෙළෙඳ පොළක් පහළ යන අවස්ථාවේ වුවද නිවැරදිව ආයෝජනය කරන ආයෝජකයෙකුට සෑහීමකට පත්විය හැකි ප්‍රතිලාභ ලබාගත හැකි බව අපි මීට පෙර ලිපියකින් ඔබව දැනුවත් කළෙමු. මෙවර ලිපියෙන් අපි ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නේ එකදිගට ඉහළ යන කොටස් වෙළෙඳ පොළක් පවතින අවස්ථාවේ වඩාත් නිවැරදිව ආයෝජනයේ නිරත වන්නේ කෙසේද යන්නත් ප්‍රතිලාභ ලබන්නේ කෙසේද යන්නත් පිළිබඳ කරුණු විමසා බැලීමකිනි.

    කොටස් වෙළෙඳ පොළක් දිගින් දිගටම ඉහළයාම

    කොටස් වෙළෙඳ පොළක් අඛණ්ඩව යම් කාලසීමාවක් තුළ ඉහළ යා හැකිය. එභෙත් එය යම් සීමාවක් දක්වා පමණි. එම ඉහළ යාම සඳහා විවිධ කරුණු කාරණා බලපෑ හැකිය. එම කරුණු අතර ප්‍රධාන වනුයේ රටක ආර්ථික සාධක, දේශපාලන සාධක, ආයෝජන අභිප්‍රායන්, සමාගම්වල කාර්යසාධනය ඇතුළු අනෙකුත් සාධකයන්ය. යහපත් ආර්ථික හා දේශපාලන වටපිටාවක් රටක් තුළ නිර්මාණය වනවිට රටේ ජනතාවගේ බලාපොරොත්තුත් ඉහළ යනු ඇත. එම බලාපොරොත්තු අතර ආයෝජන අවශ්‍යතා සඳහා ජනතාව තුළ ඇති ඉල්ලුමද ඉහළ නැංවීමට හේතු වේ. ඒ අනුව, කොටස් සඳහා ඇති ඉල්ලුම ඉහළයන විට ස්වභාවිකවම කොටස් වෙළෙඳ පොළ ක‍්‍රමානුකූලව ඉහළට යනු ඇත.

    ආයෝජක කැමැත්ත

    කොටස් වෙළෙඳ පොළක් ඉහළ යන විට බොහෝ ආයෝජකයන් ඊට දක්වන්නේ තද බල කැමැත්තකි. එය සමාන්‍ය තත්ත්වයකි. එවැනි අවස්ථාවක කොටස්වල ආයෝජනය කරන සෑම දෙනාටම ඉහළ ප්‍රතිලාභ ලබාගැනීමට අවකාශ විවර වන බැවිනි. එවැනි අවස්ථාවල අප දිගින් දිගටම අවධාරණය කළ කරුණක් වන්නේ කල්පනාකාරීව නිසි වෙලාවට නිසි තීන්දු තීරණ ගනිමින් ආයෝජනයේ නිරතවීම වඩා වැදගත් බවය.

    කොටස් මිල ඉහළයාම තුළ වඩාත් නැවැරදිව ප්‍රාග්ධන ලාභ ලබන්න

    ප්‍රාග්ධන ලාභ යනු ප්‍රාග්ධන වත්කම්වල වටිනාකමේ ඉහළ යාමකි. එනම් වත්කම් මිලටගත් මිලට වඩා වැඩි මිලකට විකුණා ගැනීමයි. නමුත් වත්කම් විකුණන තෙක් ප්‍රාග්ධන ලාභ ලැබිය නොහැකිය. එමෙන්ම මෙම ප්‍රාග්ධන ලාභ කෙටිකාලීන හෝ දිගුකාලීන වශයෙන් ලැබිය හැකිය.

    කොටස් වෙළෙඳ පොළක් දිගින් දිගටම ඉහළයාම තුළින් පෙන්නුම් කරනු ලබන්නේ කොටස් සඳහා ඇති ආයෝජක ඉල්ලුමේ ඉහළයාමයි. කොටස් විකිණීම්වලට සාපේක්ෂව කොටස් ඉල්ලුම ඉහළයාම නිසා කොටස් මිල ඉහළ යන බව ඔබ අපි කවුරුත් දන්නා න්‍යායාත්මක කරුණකි. කොටස් මිල ඉහළයාම තුළ ආයෝජකයන් බොහෝ දෙනා බලාපොරොත්තු වන්නේ වැඩි මිලකට තම කොටස් විකුණා ඉහළ ප්‍රාග්ධන ලාභයක් උපයා ගැනීමයි.

    ඉතා කෙටි කාලයක් තුළ වුවද ප්‍රාග්ධන ලාභ

    ඉහළ නැගෙන වෙළෙඳ පොළක් තුළ ඉහත කී ආකාරයෙන් ඉතාම කෙටි කාලයකින් වුවද තම කොටස් විකුණා යම් ප්‍රාග්ධන ලාභයක් උපයා ගත හැකිය. ඕනෑම ආයෝජකයෙකුට තම කොටස් ඕනෑම අවස්ථාවක විකුණා දැමීමටත් අවස්ථාව තිබේ. එම නිසා කොටස් වෙළෙඳ පොළ ආයෝජනයෙන් වැඩි ප්‍රතිලාභ අත්පත් කරගත හැක්කේ දිගුකාලීන ආයෝජනය මගිනි. කොටස් වෙළෙඳ පොළ ආයෝජනය සලකනු ලබන්නේ දිගුකාලීන ආයෝජනයක් ලෙසිනි.

    අනෙකුත් ප්‍රතිලාභ

    කොටස් වෙළෙඳ පොළ ආයෝජනයෙන් ආයෝජකයන්ට ලබාදෙන්නේ ප්‍රාග්ධන ලාභ පමණක් නොවේ.

    • ඡන්දය ප්‍රකාශ කිරිමේ අයිතිය

    සමාගමක වාර්ෂික මහා සභා රැස්වීමේදී එහි අධ්‍යක්ෂ මන්ඩලය විසින් ගනු ලබන ප්‍රධාන යෝජනා සඳහා සමාන්‍ය කොටස් හිමියන්ගේ කැමැත්ත ලබාගැනීමට සිදු වේ. එහිදී කොටස් හිමියන්ට ඒ සඳහා තම කැමැත්ත හෝ අකමැත්ත ප්‍රකාශ කිරීම සඳහා ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව උදාවෙයි.

    • සමාගම් ලාභාංශ

    කොටස් ආයෝජනයේදි ප්‍රාග්ධන ලාභවලට අමතරව ආයෝජකයෙකුට ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභයක් ලෙස ලාභාංශ හඳුන්වා දිය හැකිය. යම් පුද්ගලයෙකුට තමා සතු කොටස්වලට අනුපාතිකව කොටසකට රුපියල් හෝ ශත කිහිපයක් වශයෙන් ලාභාංශ හිමි වෙයි. මේවා කාර්තුමය වශයෙන් හෝ වාර්ෂිකව සමාගම් විසින් ගෙවනු ලබයි.

    • හිමිකම් නිකුතු

    කිසියම් සමාගමක් තම කොටස් හිමියන්ට වෙළෙඳ පොළේ පවතින මිලට වඩා අඩු මිලකට දැනට අතැති කොටස්වලට අනුපාතිකව කොටස් ලබාදීමක් සිදුකළ හැකිය. එසේ සමාගමක් කොටස් නිකුත් කරනු ලබන්නේ නව කොටස් ආකාරයෙනි. ආයෝජකයෙකුට එම කොටස් නැවත වැඩි මිලකට විකුණා ප්‍රාග්ධන ලාභ ලබාගැනීමට හෝ ගිණුම් හි යම් කාලයක් රඳවා තබාගෙන ඉදිරි ප්‍රතිලාභ ලැබීමටත් අවස්ථාව උදා වේ.

    • නොමිලේ කොටස් (සංචිත ප්‍රාග්ධනීකරණය)

    සමාගමක් තම කොටස් හිමියන් සඳහා මිලක් අය නොකර කොටස් ලබාදීමක් සිදු කළ හැකිය. මෙය පෙර ප්‍රසාද කොටස් ලෙසද හඳුන්වනු ලැබීය. එභෙත් මේ වනවිට එය කොටස් වෙළෙඳ පොළ විසින් සංචිත ප්‍රාග්ධනීකරණය ලෙස හඳුන්වනු ලබන අතර සමාගමක් වාර්ෂිකව ලබන ලාභවලින් සංචිත වශයෙන් පවත්වාගෙන යනු ලබන ප්‍රාග්ධනයෙන් යම් ප්‍රතිශතයක් මෙසේ නොමිලේ කොටස් වශයෙන් ලබාදෙයි.

    දිගුකාලීනව ආයෝජනයෙහි නිරතවීම තුළ අනෙකුත් සියලු ප්‍රතිලාභවලටද අවස්ථාවක්

    ඉහළ නැගෙන වෙළෙඳ පොළක් තුළ අඩු මිලකට කලින් ගත් කොටස් වැඩි මිලකට විකුණා ප්‍රාග්ධන ලාභ හිමිකර ගැනීමට අවස්ථාව ලැබෙනවා සේම ඒවා රඳවා තබාගන්නා කාලය තුළ අප ඉහතින් සාකච්ඡා කළ ප්‍රතිලාභවලින් කිහිපයක් හෝ සියල්ලම වුවත් ලබාගැනීමටත් අවස්ථාව ඇත.

    ඉහළ යන වෙළෙඳ පොළ තත්ත්වයක් තුළ කලබලයට පත්වීම සුදුසු නැත

    ඉහළ නැගෙන වෙළෙඳ පොළ තත්ත්වයක් හමුවේ අප රටේ බොහෝ ආයෝජකයන් වඩාත් කලබලයට පත් වන අයුරු දැකගත හැකි ස්වභාවයකි. එභෙත් එසේ හදිස්සි වී කොටස් ගනුදෙනුවල නොයෙදී මෙම ඉහළයාම පිළිබඳව යම් විමසීමක් සිදුකළ යුතුය. තමාට ඒ සම්බන්ධ දැනුමක් නොමැති නම් තම ආයෝජන උපදේශකවරාගේ සහාය ලබාගත හැකිය. සමහර ආයෝජකයන් එසේ කලබලයට පත්ව අනෙක් ආයෝජකයන් සිදුකරන දේම කිරීමට ගොස් අනවශ්‍ය කරදරවල වැටී ඇති බව පසුගිය කාලවකවානුවේ අසන්නට ලැබිණි.

    ඉහළ නැගෙන ව්‍යාපාර ක්ෂේත‍්‍ර තෝරාගත යුතුයි

    ආර්ථික තත්ත්වය, දේශපාලන තත්ත්වය ස්ථාවරව පැවතීමත් සමග කොටස් වෙළෙඳ පොළ ඉහළ යන බව සැබෑය. එභෙත් එම කොටස් වෙළෙඳ පොළ තුළ සියලුම ව්‍යාපාර ක්ෂේත‍්‍ර‍්‍ර එකවර කාර්යසාධනය අතින් ඉහළට නොඑනු ඇත. මේ නිසා තමන් කොටස් මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නාවූ සමාගම හෝ ව්‍යාපාර ක්ෂේත‍්‍රය හොඳට අධ්‍යයනය කර වර්ධනය වන ක්ෂේත‍්‍ර සලකා බලා ආයෝජනය කළ යුතුය.

    ඉහළ කාර්යසාධන මට්ටමක් නොමැති කොටස්වල ආයෝජනය

    කොටස් වෙළෙඳ පොළ ආයෝජනයේදී අඛණ්ඩව ඉහළ නැගෙන වෙළෙඳ පොළක් තුළ සමහරු නිසි සොයා බැලීමකින් තොරව වටිනාකමක් නොමැති කොටස් (Penny Stocks) වල ආයෝජනය කරයි. මෙම කොටස් සමාන්‍යයෙන් පහළ මිල ගණන්වල ගනුදෙනු වේ. තවද, මෙම කොටස් පහළ ප්‍රාග්ධනීකරණයකින් සහ දුවශීලතාවකින් යුතු වේ. මෙම කොටස්වල ගනුදෙනු කිරීම අවදානම් සහිත වේ. තවද මෙම කොටස් මගින් වෙළෙඳ පොළ කෘත්‍රිමව ඉහළ පහළ දැමීමට ඇතැමුන් උත්සාහ කරති. එම නිසා මෙම කොටස්වල ආයෝජනය කරන විට සුපරික්ෂාකාරී විය යුතුය.

    කැසිනෝ මානසිකත්වයෙන් ඉවත්වීම

    කොටස් වෙළෙඳ පොළක් දිගින් දිගටම ඉහළායම තුළ ආයෝජකයන්ට ප්‍රතිලාභ ලබාදන බව සෑබෑ වුවත් එය කැසිනෝ මානසිකත්වයෙන් තොරව නිසි ලෙස අධ්‍යයනය කර සිදුකළ යුතු ආයෝජනයක් බව බොහෝ ආයෝජකයන්ට අමතකව යයි. අඛණ්ඩව වෙළෙඳ පොළ ඉහළ යන විට එම තත්ත්වය පසුගිය කාලයේ දැකගත හැකි විය. කොටස් වෙළෙඳ පොළක ලක්ෂණයක් වන්නේ ලැයිස්තුගත සමාගම්වල කාර්සාධනය මත වෙළෙඳ පොළ ඉහළයාමක් දැකගත හැකිවීමය. ඉහළ මූල්‍ය ශක්තියකින් යුත් ඉහළ ලාභදායීත්වයක් සහිත සමාගම්වල ආයෝජනය කිරීම හොඳ ආයෝජකයෙකුගේ ස්වභාවයයි.

    සුදුසු අවස්ථාවේ වෙළෙඳ පොළෙන් ඉවත්වීම

    දිගින් දිගටම ඉහළ යන වෙළෙඳ පොළක් පැවතියද ආයෝජකයා කල්පනාකාරීවීම අත්‍යවශ්‍යය. සමහර විට තවත් ඉදිරියට සමාගම්වල කොටස් මිල ගණන් ඉහළ යා හැකිය. එභෙත් කොටස් මිල ගණන් ඉහළයාම තුළ අධික තණ්හාව ඇතිව ලාභ ලැබීමේ චේතනාවෙන් කටයුතු නොකළ යුතුය. එය අනෙක් අතට ආයෝජකයාට අවාසියට හැරීමටත් මුල් විය හැකිය. කොටස් මිල ඉහළ යාම තුළ යම් අවස්ථාවක තමන් සෑහීමකට පත්වීම කළ යුතුම දෙයකි. එය බොහෝ ආගම්වල කියාදෙන පරිදි ද සත්‍යයක් වන අතර අධික තණ්හාවට යාම කණස්සල්ලට හේතුවක් වන බැවිනි.

    අඛණ්ඩව ඉහළ නැගෙන වෙළෙඳ පොළක් තුළ වුවද අධික ණය මත කොටස් ආයෝජනය නොකිරීම

    බොහෝ ආයෝජකයන් කොටස් වෙළෙඳ පොළ ඉහළයාමත් සමග කොටස් අධික ලෙස ණයට ආයෝජනය කිරීමට පෙළෙඹ්. එය එතරම් සුදුසු ක‍්‍රියාවක් ලෙස සැළකිය නොහැකිය. එයට හේතුව වෙළෙඳ පොළේ යම් හදිසි පහළ වැටීමකදී එවැනි ආයෝජකයන්ට යම් අසීරුතාවකට පත්විය හැකි බැවිනි. ණය මත කොටස් ආයෝජනයේදී සමාන්‍යයෙන් ආයෝජකයෙකු ගෙවිය යුතු කොටස් තැරැව්කාර ගාස්තුවට අමතරව ලබාගන්නා ණය මත පොලියක්ද ගෙවිය යුතු වේ.

    ඉහළ නැගෙන වෙළෙඳ පොළ තත්ත්වයකදී වුවද ආයෝජනයේ අවසාන තීරණය තමා විසින්ම ගැනීම

    යහපත් වෙළෙඳ පොළ වාතාවරණයක් තුළ වුවද ආයෝජකයන් අමතක නොකළ යුතු දෙයක් වන්නේ තමන් කොටස් මිලදී ගන්නා හෝ විකුණන සමාගම, කොටස් ප්‍රමාණය හා මිල යන කාරණා තමන් තීරණය කර ආයෝජන උපදේශකවරයා වෙත ලබාදීමයි. සමහර ආයෝජකයන් වෙළෙඳ පොළ ඉහළයාමත් සමග එය සෑම සමාගමකටම පොදුවේ බලපාන බව සිතා ආයෝජන උපදේශකවරයා වෙත දැන හෝ නොදැන තීරණ ගැනීමේ අයිතිය කිසිදු විමසීමකින් තොරව ලබාදෙයි. එය වෙළෙඳ පොළක් එක දිගට ඉහළ යන විටදී පමණක් නොව කිසිම අවස්ථාවක සිදු නොකළ යුතුම දෙයක් බව ඕනෑම ආයෝජකයකු තරයේ මතක තබාගත යුතුය.

    මූලික විශ්ලේෂණයක් සිදු නොකර ආයෝජනය නොකළ යුතුය

    සමස්තයක් වශයෙන් වෙළෙඳ පොළ ඉහළ නැගෙන අවස්ථාවකදී වුවද ආයෝජකයකු අතපසු නොකළ යුතු තවත් වැදගත් කාරණයක් වන්නේ මූලික විශ්ලේෂණයකින් තොරව කොටස් මිලදී නොගත යුතු බවයි. සමහර සමාගම්වල කොටස් මිල ගණන් ඉහළ නැගෙනුයේ පදනමකින් තොරව වීමයි. එවැනි අවස්ථාවක යම් පුද්ගලයෙක් එම කොටස්වල ආයෝජනය කළහොත් පදනමකින් තොරව නැවත මිල පහළට ඒමටද ඉඩ කඩ ඇත. එය ආයෝජකයාට අවදානමකි. ඉන් මිදීමට ආයෝජකයා වගබලාගත යුතු අතර සමාගමේ ලාභාලාභ තත්ත්වය, ගෙවුම් ශේෂ ලේඛනයේ තත්ත්වය, ආදායම් වියදම් ප්‍රවාහය ආදී මූලික තොරතුරු සොයා බලා වඩාත් ලාභදායී සහ ශක්තිමත් සමාගම්වල ආයෝජනය කිරීමට පෙළඹිය යුතුය.

    ආයෝජන උපදෙස්ද පිළිපැදිය යුතුය

    සමහර ආයෝජකයන් එකදිගට කොටස් වෙළෙඳ පොළක් ඉහළ නැගෙන විට අමතක කරන කාරණයක් වන්නේ ආයෝජන උපදෙස්වලට පිටින් කටයුතු කිරීමයි. තමන් සියල්ල දන්නවා යන පදනමෙන් ආයෝජනය කිරීමට පෙළඹේ. එවැනි සමහර අවස්ථාවල තමන් නොදැනුවත්වම අලාභ ලබන අවස්ථාද ඇත. ආයෝජන උපදේශකවරයන් සතුව ආයතනයේ පර්යේෂණ වාර්තා සහ අනෙකුත් වැදගත් කරුණු ඇත. ඒවා සම්පූර්ණයෙන් බැහැර කර ආයෝජනයේ නිරත වීම ආයෝජකයාට අවාසියට හේතු විය හැකිය. මේ නිසා ආයෝජන උපදෙස් සමග තමන්ගේ දැනුමද භාවිත කොට නිසි ලෙස කොටස් මිලදී ගැනීම් විකිණීම් සිදු කිරීමෙන් සාර්ථක ආයෝජනයකට මගපෑදෙනු ඇත.

    - See more at: http://www.ada.lk/article/159382
    avatar
    sanjulanka


    Posts : 180
    Join date : 2015-10-29

    දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  Empty Re: දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -

    Post by sanjulanka Tue May 17, 2016 8:13 am

    ස්තුතියි නිහල් සල්ලි ලැබෙන විට මොලෙ අඩු වෙනව.මුල අමතක වෙනව .මතක් කලාට නැවතත් ස්තුතියි. Very Happy Very Happy Very Happy I love you I love you I love you
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -  Empty Re: දිගින් දිගටම ඉහළ යන කොටස් වෙළෙඳ පොළක ප්‍රතිලාභ ලබන හැටි -

    Post by Ethical Trader Tue May 17, 2016 10:15 am

    Thanks Nihal.

      Current date/time is Sat Jul 27, 2024 9:05 am