The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
A Bit of History  EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
A Bit of History  EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
A Bit of History  EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
A Bit of History  EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
A Bit of History  EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
A Bit of History  EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
A Bit of History  EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
A Bit of History  EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
A Bit of History  EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
A Bit of History  EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
A Bit of History  EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
A Bit of History  EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
A Bit of History  EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
A Bit of History  EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
A Bit of History  EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
A Bit of History  EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
A Bit of History  EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
A Bit of History  EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
A Bit of History  EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
A Bit of History  EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
A Bit of History  EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
A Bit of History  EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
A Bit of History  EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
A Bit of History  EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
A Bit of History  EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
A Bit of History  EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
A Bit of History  EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
A Bit of History  EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
A Bit of History  EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
A Bit of History  EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
A Bit of History  EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
A Bit of History  EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
A Bit of History  EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
A Bit of History  EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
A Bit of History  EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
A Bit of History  EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
A Bit of History  EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
A Bit of History  EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
A Bit of History  EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
A Bit of History  EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
A Bit of History  EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
A Bit of History  EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
A Bit of History  EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
A Bit of History  EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
A Bit of History  EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
A Bit of History  EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
A Bit of History  EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
A Bit of History  EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
A Bit of History  EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
A Bit of History  EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    A Bit of History

    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    A Bit of History  Empty A Bit of History

    Post by කිත්සිරි ද සිල්වා Thu Jan 21, 2016 5:29 pm

    සුද්ද ලංකාවට එන්නත් පෙර සිටම සියනෑ කෝරළය ආශ්‍රිත ප්‍රදේශයට වසංගතයක් වුණු පවුලක් හිටියා... මේ පවුලෙ සෑහෙන දෙනෙක් ගැන සෑහෙන දෙයක් කියන්න පුළුවනි... අපි දැනට පටන්ගමු ඕලන්ද කාලෙ (1625 ආසන්නව) නවගමුවේ ජීවත් වුණු මොහොට්ටි අප්පුහාමිගෙන්... (වාසගම පසුව කියන්නම්... දැන්ම කිව්වොත් අපරාදෙ... දැනට අපි වාසගම xxx කියල තියමුකෝ) මේ කියන මොහොට්ටි අප්පුහාමි xxxගේ පියා නිලේපෙරුමාල් xxx තමයි 1590-1600 කාලයේ නවගමුව දේවාලයේ මහ කපු උන්නැහේ..... (උන්නැහේගෙ පුත්‍ර රත්නය වන මොහොට්ටි අප්පුහාමි xxx ගැන තාමත් කැළණි මිටියාවතේ ලස්සන ජනකතා හෙම තියෙනව.... ) මෙන්න මේ මොහොට්ටි අප්පුහාමිගේ මුණුපුරා තමයි දොන් ෆ්‍රැන්සිස්කු ඩයස් විජේතුංග xxx... වර්ෂ 1720 ඉපදිලා 1760 සිංහල-ඕලන්ද ගැටුමේදී සිංහලයන්ගේ පැත්ත අරගෙන නුවරට පළාගොස් ඊට තෑගී ලෙස රජ්ජුරුවන්ගෙන් මුදලි පදවියෙන් පිදුම් ලැබූ "විජේතුංග රාළ" කියන්නෙ මුන්නැහැ තමයි.... මේ පරම්පරාවේ හොඳක් කියන්න තියෙන පළමුවෙනියා සහ අන්තිමයා.... මෙන්න මේ විජේතුංග රාළගේ මුණුපුරා විලියම් එඩ්රියන් ඩයස් xxx තමයි 1815 ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ අත්අඩංගුවට ගන්න වෙලාවේ භාෂා පරිවර්තකයා ලෙස ක්‍රියා කළාය කියන්නෙ......

    [Note: ඉතිහාසය දන්න අයට දැන් යමක් මතක් වෙන්න ඕනේ... ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ අත්අඩංගුවට ගන්න සුද්දන්ට මග පෙන්වාපු තුන්දෙනෙක් හිටියා, ඉන් එක්කෙනෙක් හැඳින්වූවේ "තුප්පහි අප්පු" නමින්... තුප්පහි යනු පෘතුගීසි Topaz යන්න.... සිංහල සහ පෘතුගීසි යන භාෂා දෙකම කතාකළ අයව හැඳින්වීමට පාවිච්චි කළ වචනයක් තමයි මේක... එහි අර්ථය ග්‍රාම්‍ය අර්ථයෙන් (slang) ගත්තම, "කවලම්" යන්න.... පෘතුගීසීන් සහ පොදුවේ සුද්දන් වෙනුවෙන් භාෂා පරිවර්තනය කළ උදවියට යෙදුණු අපහාසාත්මක නමක් තමයි "තුප්පහියා" යන්න.... ]

    විලියම් එඩ්රියන් ඩයස් xxxගෙ පුතා තමයි සියනෑ කෝරළේ මුදලි, උඩුගහ පළමු මුදලි දොන් සොලමන් ඩයස් xxx (1774-1859).... කොළඹ-නුවර මහාමාර්ගය හැදීමේ රාජකාරිය බාරව හිටපු මහ ඒජන්තවරයා... ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් තාන්න මාන්න දිනාගෙන පසුව ඒ සියල්ල වාසියට පාවා දී, 1815 ගිවිසුමටත් අත්සන් කර, අවසානයේ "ඉංග්‍රීසි ආණ්ඩුවට කළ සේවය වෙනුවෙන්" 1818 දී ආණ්ඩුකාර රොබර්ට් බ්‍රවුන්රිග්ගෙන් රන් පදක්කම් දිනු පුද්ගලයා..... මෙන්න මේ දොන් සොලමන් ඩයස් xxx ගෙ දුවගේ (කොර්නේලියා සුසානා ඩයස් xxx)ගෙ පුතා, එනම් මුණුපුරා තමයි අපේ කතාවේ වැදගත්ම චරිතය......

    ඒ තමයි සර් සොලමන් ක්රිස්ටෝෆල්ඩ් ඔබේසේකර (1848-1927).... රුහුණේ තල්පේ ප්‍රදේශයේ අටදෙහිවත්ත වලව්වේ වංශාධිපති ඩී.බී.එෆ්. ඔබේ සේකර තල්පෙවත්ත මුදලිතුමා සහ අර කලින් කී කොර්නේලියා සුසානා ඩයස් දෙදෙනාගේ ආදරණීය පුත්‍ර රත්නය..... 1833 ව්‍යවස්ථාදායක සභාවේ උගත් ලාංකිකයන් නියෝජනය කරමින් පාර්ලිමේන්තු ගතවෙන සොලමන් ක්‍රිස්ටෝෆල්ඩ් ඔබේසේකර තමයි 1912 සුරාබදු පණත වෙලාවේ කිසිදු විළි ලැජ්ජාවක් නැතිව ඊට ඡන්දය දෙන්නෙ...... ඒ වෙන කිසිම හේතුවක් නිසා නොවෙයි අරක්කු රේන්දයට ඇති ධනපති ආදරය, තමන් නියෝජනය කරන "සිංහල බෞද්ධ" සමාජයට ඇති බොරු ආදරයට වඩා ලොකු නිසයි......

    1911 ලංකාවේ පොලිස්පති විසින් එවකට ආණ්ඩුකාරවරයා වෙත යවන රහස්‍ය වාර්තාවක දැක්වෙන වාක්‍යයක් මෙසේයි... "ලංකාවේ සිංහලයා බෞද්ධයකු වී සිටින තුරු ඔහුව ආණ්ඩුමට්ටු කළ නොහැක.... ඔවුන් හොඳ ක්‍රිස්තියානින් කිරීමට බැරිනම් අඩුවශයෙන් ඔවුන් නරක බෞද්ධයන් කිරීමට වත් අප උත්සාහ කළ යුතුය......" මෙන්න මේ විනාශකාරී අදහස ඔස්සේ යමින් තමයි එවකට ආණ්ඩුකාර සර් හෙන්රි මැකලම් සහ මහලේකම් සර් හියු ක්ලිෆර්ඩ් අතර පැවැත්වෙන රහස් සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස 1912 සුරාබදු පණත ගෙනඑනු ලබන්නේ....

    ලංකාවට සුරාබදු පණත හඳුන්වාදීමට එරෙහිව ගොඩනැගුනු පළමු ව්‍යාපාරය වන්නේ අමද්‍යප ව්‍යාපාරයයි... 1912 කොළඹ ආනන්ද විද්‍යාලයයේදී තමයි එහි පළමු රැස්වීම පැවැත්වෙන්නේ.... එහි මූලිකත්වය ගන්නේ අනගාරික ධර්මපාල තුමා... එහි අනෙක් සහයෝගිකරුවන් වන්නේ වලිසිංහ හරිස්චන්ද්‍ර, එඩ්මන්ඩ් හේවාවිතාරණ, සී. ඒ. හේවාවිතාරණ, සර් දොන් බාරොන් ජයතිලක, ආතර් වී. දියෙස්‌ ("කොස් මාමා"), කිවියර පියදාස සිරිසේන සහ දොන් ස්ටේපර් සේනානායක.... (මේ කියන දොන් ස්ටේපර් සේනානායක යනු අන් කිසිවෙක් නොවෙයි බෝතලේ වලව්වේ අධිපති, දොන් ස්ටීවන් සේනානායක හෙවත් ඩී.එස්. සේනානායකගෙ පියා..... ) සේනානායකවරුන් අමද්‍යප ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ අවංකවද නැද්ද අප දන්නෙ නෑ.... නමුත් අමද්‍යප ව්‍යාපාරයට ප්‍රභූ සහය අවශ්‍ය මොහොතේ එය ලබාදුන්නේ ඔවුන් බව අපට අමතක කරන්න හැකියාවක් නෑ...

    ඉතිහාසය හරිම විහිළුවක් කියා කියන්නෙ මෙන්න මේ නිසා.... බාහිරයෙන් බලන අපට පෙනෙන්නේ මිනිස්සුන්ගේ ක්‍රියාවන්.... නමුත් අභ්‍යන්තරයේ හැමවිටම ක්‍රියාත්මක වෙන්නේ ධනපතීන් අතර බල අරගලයක් පමණයි.... තමන්ට රුපියල් කෝටි ගණනක් ලැබෙන්න නියමිත සුරාබදු පණත අහෝසි කරන්න හදන බෝතලේ වලව්වට එරෙහිව හොරගොල්ල වලව්ව යුද්ධ ප්‍රකාශ කරපු හැටි ඊළඟ කොටසෙන් බලමු....

    [මේ එක්කම තව දෙයක් කිවයුතුයි.... ඔබ දන්නවාද මේ ඓතිහාසික මොහොතේ ලංකාවේ මිනිස්සුන්ට අරක්කු පොවන්න එපා කියා ඡන්දය දුන් එකම ලාංකිකයා කවුද කියා.... දැනගන්න ඒ තමයි පොන්නම්බලම් රාමනාදන්..... සිංහලයන් නියෝජනය කරන ඔබේසේකර ලංකාවේ ගමක් ගමක් ගානේ අරක්කු තැබෑරුම් අරින්න කැමතියි කියා ඡන්දය දුන් රටක, අනගාරික ධර්මපාල සහ වලිසිංහ හරිස්චන්ද්‍ර සමග එකට එක මතයේ සිටිමින් අරක්කු එපා කියා ඡන්දය දෙන්නෙ දෙමළ මන්ත්‍රීවරයෙක්.... ආඩම්බරයි නේද....... ]

    කෙසේ හෝ අපි කතාවේ ඉස්සරහට යමුකෝ..... අපේ උගත් වැදගත් ඔබේසේකර මහත්මයා තමන් සමග එකට ව්‍යවස්ථාදායක සභාවෙ හිටපු තවත් අරක්කු රේන්දකාරයකු වන ජේම්ස් ද අල්විස්ගේ දුව එක්ක විවාහ වෙනවා... ඒ කසාදයේ ලොකු දුව වන ඩේසි ඇසිලින් ඔබේසේකර විවාහ වෙන්නෙ වාසල මුදලි තැන්පත් දොන් ක්‍රිස්ටෝපර් හෙන්‍ඩ්‍රිකස් ඩයස් අබේවික්‍රම ජයතියලක සෙනෙවිරත් xxx ගේ පුත්, දොන් සොලමන් ඩයස් අබේවික්‍රම ජයතිලක මහ මුදලිතුමා එක්ක...

    ඔබ දන්නවා දැන් මේ අතිශ්‍රේෂ්ට පරම්පරාව මොකක් ද කියල... ඒ තමයි "බණ්ඩාරනායක".... අපේ කතාවේ අවසාන චරිතයත් දැන් ඔබට පැහැදිලි ඇති... ඒ තමයි සුද්දට පරම්පරා ගණනාවක් තිස්සෙ කත් ඇදලා හම්බුකරගත්ත මහමුදලි පට්ටම මදිවාට, තමන්ගෙ පුතාට රටේ සුදු ආණ්ඩුකාරයාගෙ නම තියන්න තරම් නිවට, නියාලු චරිතයක් වුණු මහමුදලි සොලමන් ඩයස් බණ්ඩාරණායක... 1862 මැයි 22 "හොරගොල්ල වලව්ව" නමින් අටවාගත්, සුද්දාගේ අස්ව ඉස්තාලය උඩ හැදූ ඊනියා බංගලාවේ ඉපිද, 1895 ආණ්ඩුකාර එලිබෑන්ක් හැව්ලොක් විසින් මහමුදලි සහ මුළු දිවයිනටම සාම විනිසුරු පදවි ලබා දුන් මහමුදලිතුමා..

    ලෝකෙට මොන බෞද්ධකම පෙන්නුවත් සිය භාර්යාව ඩේසි අයිරින් ඩයස් මෙනෙවිය සමග 1898 අලුත්කඩේ සියලු සාන්තුවරයන්ගෙ පල්ලියේදි පූර්ණ චාරිත්‍ර වාරිත්‍ර සමගව නියම කිතුණුවකු ලෙස විවාහ වෙන මහමුදලිතුමාගේ ආදරණීය පුත්‍ර රත්නය තමයි සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක හෙවත් කවුරුත් දන්න කියන එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක.......

    (චමීර ජීවන්ත දෙද්දූවගේ ගෙන් උපුටා ගැනීමකි...~)


    Source
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    A Bit of History  Empty මහ කප්පින වලව්ව.

    Post by කිත්සිරි ද සිල්වා Wed Feb 06, 2019 1:35 pm


    කටුනායක ගුවන් තොටුපළ ඉදිකිරීමට අක්කර දහසක් පරිත්‍යාග කර කොළඹ ආනන්ද විදුහල හා වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට ඉඩම් පරිත්‍යාග කර ස්වකීය මහා ධනස්කන්ධය රටේ ජනතාව වෙනුවෙන් හා බුදු සසුනේ පැවැත්ම වෙනුවෙන් යෙදවූ අනේපිඬු සිටු පරපුරේ මහමුදලි සිටුවරු විසු වලව්වකි බළපිටියේ මහ කප්පින වලව්ව.

    අධිරාජ්‍යවාදීන්ගේ තාන්න මාන්න ලැබුවද තමන් උපන් රට හා දුප්පත් ජනතාව වෙනුවෙන් නොබියව ඉදිරියට ආ ඉසුරුමත් මහා දානපති ප්‍රභූ පරපුර එදා කරවූ බළපිටියේ රාජපක්‍ෂ වරු කළා වූ අනුපමේය උදාර මහ සේවාව හිරුනැග එන මොහොතේත්- හිරු බැස යන මොහොතේත් සදා සිහිපත් කළ යුතුය.

    කොළඹ - ගාල්ල මහා මාර්ගයේ බළපිටිය තරුණ බෞද්ධ සංගමය හා ගුරු විදුහල මැදින් වැටී ඇති මාර්ගයේ මීටර් සියයක් පමණ දුර ගෙවා ගිය විට මහා කප්පින වලව්ව පිහිටා තිබූ ඓතිහාසික පුණ්‍ය භූමියට ළඟාවිය හැක.

    කළුතර ඓතිහාසික බෝධියේ නිර්මාතෘ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා උපත ලැබූ නිවසට යාබදව බළපිටිය මාදු ගං සීමාව තෙක් විහිදී පැතිර ගිය අක්කර විසිදෙකකින් පමණ සමන්විත පොල් රුප්පාවක් මැද මෙම සුවිසල් වලව්ව පිහිටා තිබුණි..

    ගම්පෙරළිය, විරාගය යන සම්භාව්‍ය චිත්‍රපට මෙන්ම ගම්පෙරළිය හා මඩොල්දූව ටෙලිවෘතාන්ත රූගත කරන ලද්දේ මෙම වලව්ව කේන්ද්‍ර කර ගනිමිනි.

    අප රටේ යම් ප්‍රදේශයක වලව් වැඩිම ගණනක් පිහිටා තිබේ නම් ඒ බළපිටියේම පමණක් යැයි සිතේ. වලව් තිස්පහකට වැඩි ගණනක් බළපිටිභුමිය තුළ පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රභූ පවුල් වාසය කළ වලව්වල ඉතිහාසය සොයා යෑමේදී වීර මද්දුම බණ්ඩාර පරපුරේ ආදිතමයා වූ ඌවේ රන්දෙණිවේලේදී පරංගි සංහාරය කිරීමට නායකත්වය දුන් ​දොන් කොස්මෝ විජේසේකර සෙන්පතියා ජන්මලාභය ලැබූ බළපිටිය බ්‍රාහ්මණවත්ත වලව්ව හා සිංහල රජු දවස රුහුණු ජනපද අධිපති ඉසුරුමුණි කප්පින පෙළපතෙන් පැවත එන ප්‍රභූවරු ජීවත් වූ මහා කප්පින වලව්ව යන වලව් දෙකට බළපිටියේ පිහිටි වලව් අතර ප්‍රමුඛ තැනක් හිමි වේ.

    එද‌ා රට කරවූ කප්පින පෙළපතට අයත් බළපිටියේ රාජපක්‍ෂවරුන්ගේ අතීත උරුමය සොයා ඉරිද‌ා ලංකාදීපය ගිය ගමනක තොරතුරු ඇතුළත් සටහනකි මේ.
    මහ කප්පින වලව් පරපුරට අයත් ආදි වැසියෝ දකුණෙන් බිහිව රට දැය සමය වෙනුවෙන් පෙනී සිටි සම්බුද්ධ ශාසනය රැක ගැනීමට උරදුන් ප්‍රභූවරයන් වූහ.
    කප්පින පෙළපතේ ඉතිහාසය පොළොන්නරු අනුරාධපුර යුග දක්වා සිංහල රජදවස තෙක් දිව යයි.

    බළපිටිය එද‌ා අතීතයේ හැඳින්වූයේ වැලිතොට නමිනි. මෙහි උපන් ගිහි - පැවිදි බොහෝ විරුවන් තම උගතුන් වියතුන් බිහි වූ තවත් ප්‍රදේශයක් රටේ නැති තරම්ය. බළපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ලියාපදිංචි විහාරස්ථාන ගණන අසූදෙකකි. කෝවිල් (දේවාල) තිස් ගණනකි. බළපිටිය, අහුන්ගල්ල, කොස්ගොඩ පිහිටි වලව් ගණනද තිස්හයකි.
    මුහන්දිරම්, මුදලි, මහ මුදලිවරු ජීවත් වූ නිවාස වලව් ලෙස හැඳින්විණි. බළපිටිය වලව්ව පොකුරේ මුදුන්මල්කඩ මහාකප්පිත වලව්වද අද සංඛේතයක් පමණි.

    එද‌ා අධිරාජ්‍යවාදීන්ගේ තාන්න මාන්න ලැබුවද ස්වකීය රට- ජාතිය- අාගම වෙනුවෙන් පෙනීසිටිමින් ධනය, කාලය, කැපකළ මේ මහා ප්‍රතාපවත් පරපුරේ අතීත උදාර මහා සේවාව වර්තමාන පරපුරට ආදර්ශයක්ම වනු ඇත.

    වර්තමානයේ ජාතියටද අමතකව ගිය කප්පින ප්‍රභූ පරපුරේ ඉතිහාසයේ ඓතිහාසික මෙන්ම වැදගත් රසවත් සිද්ධීන් කීපයක තොරතුරු සොයා දැන් අපි මහ කප්පින වලව්වට පිවිසෙමු.

    පෘතුගීසින් ලංකාව පාලනය කළ කාලය තුළ පුත්තලමේ සිට කුඹුක්කන් ආර දක්වා ප්‍රදේශය තොටමුණු හයකට බෙදා පාලනය කර තිබේ. එයින් වැලිතර, වැලිසර, කළුවාමෝදර යන තොටමුණ හතරේ ප්‍රධානීන් වූයේ කප්පින පෙළපතේ ප්‍රභූන්ය. කුරුඳු වගාවේ මහබද්දේ ප්‍රධාන තනතුරු හොබවන ලද්දේ මොවුන් විසිනි. ලන්දේසි යුගයේදී කප්පින පරපුරේ ශ්‍රේ‍ෂ්ඨතම මුදලිවරයා වන්නේ කළුහත් පීටර් ද ආබ්‍රේව් විජයගුණරත්න මහ මුදලිතුමාය.

    වර්ෂ 1810 දී ඔහු මියගිය පසු මහමුදලි තනතුරට පත්වන්නේ ඔහුගේ පුතුණුවන් වූ අද්‍රියන් ද අාබ්‍රේව් විජයගුණරත්න රාජපක්‍ෂ මුදලිතුමාය. 1811 වසරේදී වයස අවුරුදු හතළිස් හතරේදී මෙම තනතුරු ලැබූ මොහු ලංකා ඉතිහාසයේ එතෙක් - මෙතෙක් පත් වූ ළාබාලතම මහ මුදලිවරයා බවට ඉතිහාසගත වන්නේය.


    මෙම පෙළපතේ පැරණිම පෙළපත් නාමය ‘‘කප්පින’’ වන අතර ‘‘රාජපක්‍ෂ’’ යන විරුද නාමය ඉංග්‍රීසින් විසින් මොවුන්ට ප්‍රදානය කර තිබේ. මැගලියන්, රන්හුළු, හල්​ජෝති යන පරම්පරාවන් වාසය කළ මෙම වලව්වේ අවසන් පරම්පරාව කළුහත් පරම්පරාව වේ.

    ​කොළඹ, මාළිගාකන්දේ වලව්වක ජීවත් වූ අද්‍රියන් ද ආබ්‍රේව් විජයගුණරත්න රාජපක්‍ෂ මුදලිතුමා උගත්තු වියත්තු ලෙස ඉංග්‍රීසින් විසින් හඳුනාගෙන තිබුණි. කොළඹ, කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය කුරුඳුවත්ත, බොරැල්ල, මරදාන යන ප්‍රදේශ ඇතුළත් භූමි ප්‍රමාණය එතුමාට අයත් කුරුඳු ඉඩම්ය. ගල්කිස්සේ, ටෙම්ප්ලර් පාරේ සිට වටරප්පල දක්වා කොටස එම මුදලිතුමාගේ කුරුඳු වගා පාලන මධ්‍යස්ථානය පිහිටා තිබූ විශාලතම ඉඩම බව කියති.

    ජූරි සභාවක් සහිතව නඩු විසඳීමේ තනතුරට පත් වූ ප්‍රථම සිංහල විනිශ්චයකාර පදවිය හිමිවන්නේ මෙම මහ මුදලිවරයාටය. එතුමා නඩු විසඳන අයුරු දැක්වෙන පින්තූරයක් අදද අධිකරණ සංකීර්ණ ගොඩනැගිල්ලේ සවිකර ඇති බව සඳහන් වේ. දොළොස් දෙනෙකුගෙන් යුත් ආරක්ෂක හමුදා ඛණ්ඩයක්ද ආණ්ඩුකාරවරයා හැරුණ විට අශ්වයින් හතර දෙනකු බැඳි රියක් පාවිච්චි කිරීමට එකල අවසර තිබුණේද මේ මහා මුදලිවරයාට පමණි.

    ගල්කිස්සේ හෝටලය ගොඩනැංවීම සඳහා ආණ්ඩුකාරවරයා යොමුකළේ මොහු විසින් බව උරුමයේ අරුමය ග්‍රන්ථයේ සඳහන් වේ.

    ශ්‍රි වික්‍රම රාජසිංහ රජු සහ බිසවුන් දෙදෙනා ඉංග්‍රීසින්ගේ රැකවරණය යටතේ කොළඹ සිටි කාලයේදී එම රාජකීයන් මුණගැසීමට අවස්ථාව මෙම මුදලිවරයාට පමණක් ලැබුණි.
    එසේම ඔවුනට අවශ්‍ය දේශීය කෑම වර්ග හා රෙදිපිළි සැපයීමටත් අවසරය හිමිව තිබුණේ මෙම මුදලිවරුන්ටය. ලක්දිව ප්‍රථම අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේද මෙතුමාටය.

    1819 වසරේදී මෙතුමා විසින් සකස් කළ අධ්‍යාපන ක්‍රමය ‘‘රාජපක්‍ෂ ක්‍රමය’’ ඉංග්‍රීසි ආණ්ඩුවට ඉදිරිපත් කිරීමෙන් පසු එහි නිර්දේශ මත කොළඹ රාජකීය විදුහල ඇතුළුව පාසල් දෙකක් පිහිටුවා ඇත.

    වයස අවුරුදු පනස් හතේදී මෙම මහ මුදලිතුමාගේ අභාවය සිදුවීමෙන් අනතුරුව 1824 වසරේදී මහ මුදලි ධුරයට පත්වනුයේ එතුමාගේ ඥාති සොහායුරකු වූ අද්‍රියන් ද ආබ්‍රේව් විජය ගුණරත්න රාජපක්‍ෂ මහ මුදලිවරයාය.

    1830 වසරේදී මහා බද්දේ ඒකාධිකාරය අවසන් වීමෙන් පසු කුරුඳු එ්කාධිකාරය අදිරියන් රාජපක්‍ෂ මුදලිතුමාට යටතට ගැනෙන අතර කුරුඳු පිටරට යැවීමේ මුල්ම ශ්‍රී ලාංකිකයා වීමේ ගෞරවය හිමිවන්නේ බළපිටිය මහා කප්පින වලව්වේ මෙම මුදලිතුමාටය. ඒ හේතුවෙන් මහා විශාල ධනස්කන්ධයක් රටට ඇදී ආ බවත් එම මහා ධනස්කන්ධය මහා කප්පින වලව්ව කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ ශාසනික හා සමාජ මෙහෙවරට යොදවා ඇති බවට සාක්‍ෂි රැසකි.

    ගල්වෙහෙර කළුහත් අද්‍රියන් ද ආබ්‍රේව් විජයගුණරත්න රාජපක්‍ෂ මුදලිතුමා හල්ජෝති කැරොලයින් ද සොයිසා විජය සිරිවර්ධන ළමා තැනී සමඟ විවාහයෙන් අනතුරුව කප්පින වලව්ව කලුහත් පරපුරට අයිති වූ බව කියති.

    විවිධ කාලවකවානුවල පැවති ගෘහ නිර්මාණ ශිල්පයන්ට අනුව වෙනස් වෙමින් ඉදිරියට ආ කප්පින වලව්ව ඕලන්ද ගෘහ නිර්මාණ අනුව අවසන් වරට වෙනස් කරන්නේ අද්‍රියන් රාජපක්‍ෂ මුදලිතුමා විසිනි.

    වලව්ව සෑදීමට මුල්ගල තැබූ සුභ මොහොතේ එහි සිටි සියලු දෙනා පුදුමයට පත් කරමින් කිරි ඉබ්බකු පොළොවෙන් මතු වී තිබේ. අත්තිවාරම කැපීමේදී ඇති වු මෙම සිද්ධියෙන් මුදලිතුමාගේ හිත කනස්සලු තත්ත්වයක පත්වුණද එහි සිටි දෛවඥයන් මුදලිතුමාට පවසා ඇත්තේ මේ ගැන සතුටු වන ලෙසය. විෂ්ණු දෙවියන්ගේ දස අවතාරයන්ගෙන් දෙවන අවතාරය ලෙස ගැනෙන ඉදිබුවා (ඉබ්බා) පොළොව උසුලාගෙන සිටින බැවින් මෙය සුභ ලකුණක් බව දෛවඥයන් මුදලිතුමාට කරුණු පැහැදිලි කිරීමෙන් පසු අතිශය සතුටට පත් ඔහු කිරිඉබ්බා ගමන් කරන ලද වට ප්‍රමාණයේ ලණු ඇද අත්තිවාරම් කපා වලව්ව ඉදිකළ බවට ජනප්‍රවාදයන්හි සඳහන් වේ.

    වලව්ව ඉදිරිපස එකදිගට තුන්පසකට විහිදී ගිය ආලන්දයකින් හා විශාල උස් කණු සහිත මහත් අභිමානවත් හා ප්‍රතාපවත් ලෙස ඉදිකර තිබුණි. මැද මිදුලත් නිදන කාමර, නාන කාමර, ප්‍රධාන සාලය ඇතුළු සාලවල් තුනකින්, විශාල කෑම කාමරයකින් සමන්විත කප්පින වලව්වේ විශාල මුළුතැන්ගෙයක් හා සේවක කාරකාදීන්ට වෙන් වූ කාමරද තිබී ඇත.
    කෑම කාමරයේ කෑම මේසයට ඉහළින් ඝනකම් හා අලංකාර වියනක් ඇද තිබූ අතර පොල්ලක දිග් අතට ඇද තිබූ ලණුව එළියේ සිට සේවකයකු අදින විට මුදලිවරුන් ඇතුළු පවුලේ අය කෑම ගනිමින් සිට ඇති අතර එයින් විදුලි පංකාවකින් මෙන් සුළං හමන බව පැරැන්නෝ කියති. එමෙන්ම වලව්වේ හා වතුවල වැඩකිරීම සඳහා විශාල සේවක පිරිසක් සිටි බවද ඔවුහු පවසති.

    එම සේවකයන් සියලු දෙනා ගම්වාසීන්ය. වලව්වට පසෙකින් අශ්වගාලක් තිබූ බවත් පැරැන්නෝ සඳහන් කරති. දෙමහල් විහාර මන්දිරයේ කටයුතු සඳහා වෙනම සේවකයකු යොදවා තිබුණි.

    ප්‍රදේශයේ සෙසු විහාරස්ථානවලට ගොස් අඩු පාඩු සොයා බැලීම සඳහා වෙනම සේවකයකු පත්කර ඇත. භික්‍ෂූන් වහන්සේලා නිරන්තරයෙන්ම මෙම වලව්වේ මහා ද‌ානමය පිංකම් සඳහා වැඩම කර ඇති බවට ඒ සඳහාම වෙන් වූ විශාල ද‌ානශාලාව අදටද සාක්‍ෂි දරනු ඇත.

    පෘතුගීසි පාලන සමයේදී මහනුවර රජුන්ගේ නිලතල දරමින් මෙන්ම මහබද්දේ තනතුරු දැරූ කප්පින කළුහත් පරපුර කොස්ගොඩ ජීවත් වූ බවත් සෙස්සන් දඩල්ලේ ඉතා උසස් ලෙස ජීවත් වූ බවද ඉතිහාසයේ දැක්වේ.

    අද්‍රියන් රාජපක්‍ෂ මහ මුදලිතුමාගේ එකම පුතුණුවන් වූ සැම්සන් රාජපක්‍ෂ මහ මුදලිතුමා 1830 වසරේ දෙසැම්බර් මස 30 වන මෙලොව එළිය දුටු අතර ‘‘ශක්තිවන්තයා’’ යන අර්ථයෙන් ඔහුට ‘‘සැම්සන්’’ යන නම තැබූ බව කියැවේ.

    එසේම අදිරියන් රාජපක්‍ෂ මුදලිතුමා සමඟ හිතවත්ව සිටි ඉංග්‍රීසි ජාතික උප කපිතාන්වරයෙකුගේ නම සිහිවීමට ඔහුට ගෞරවයක් ලෙස ‘‘සැම්සන්’’ යන නම තබා ඇති බවටද තවත් කථාවකි.

    ගමේ ගුරුතුමාගෙන් අතපොත් තබා සිංහල භාෂාව ඉගෙනීම සඳහා බළපිටියේ ධීරානන්ද හිමියන් වත යන සැම්සන් ශිෂ්‍යයා කොළඹ ඇකඩමියට ඇතුළත්ව ඉංග්‍රීසි භාෂාව මනාලෙස හැදෑරීය, නැවතත් සිය ගමට පැමිණි මොහු කහවේ ඥ‌ානානන්ද හා ලංකාගොඩ ධීරානන්ද යන හිමිවරුන් වෙතින් ධර්ම ශාස්ත්‍ර හැදරූහ.

    ​කොළඹ, ලුණුපොකුණේ වලව්වේ මුදලිතුමන්ගේ දියණිය වූ ජොහානා ඩොරතියා ඇඹලියා ළමාතැනිය සමඟ 1856 වසරේදී සැම්සන් රාජපක්‍ෂ මහතා විවාහ දිවියට පත්වූහ.
    දරුවන් දෙදෙනකු ලැබුවද කෙටිකලකින් සිය ළමාතැනිගේ හා දරුවන් දෙදෙනාගේ අකල් වියෝවෙන් බලවත් ලෙස කම්පා වී කල්ගත කළේය.

    දෙමාපියන් හා ඥ‌ාතීන්ගේ බලවත් ඉල්ලීම මත සිය ඥ‌ාතිවරියක වූ කැරලයින් ද සොයිසා ශ්‍රී වර්ධන ළමාතැනිය සමඟ නැවති විවාහ වීමෙන් පසු දරුවන් දෙදෙනකු ලබා ඉතා ප්‍රීති දායක ජීවිතයක් ගතකොට ඇත.

    කප්පින වලව්ව මුල්කරගෙන අද්භූත කථා රැසකි.

    ජනප්‍රවාදයේ එන අදටත් ප්‍රචලිතව මේ ඉන් එක් කථාවකි. සැම්සන් රාජපක්‍ෂ මහ මුදලිතුමාගේ ළමාතැනි දරුණු හිසරදරයකින් බලවත් සේ පීඩා විඳ ඇත.

    ළමාතැනියට ඒ දරුණු හිසරදය සැදෙන්නේ රාත්‍රී කාලයටය. වලව් භූමියේ සිටින උළමකු හඩන විට ළමාතැනියට හිසරදරය සෑදේ. උළමා සොයා මරා දැමීමට බොහෝ පිරිස් උත්සාහ කළත් නොහැකි වූ තැන ප්‍රදේශයේ දක්‍ෂ වෙඩික්කරුවකුව සිටි ආචිඅප්පුට උලමා මරා දැමීමට හැකි බවට මුදලිවරයාට තොරතුරු ලැබී තිබුණි. අාචිඅප්පු ඒ වන විට සිටියේ සිරකරුවකු ලෙසිනි. අාචිඅප්පු හමුවීමට ගිය මහ මුදලිතුමා සියල්ල ඔහුට දැනුම් දී තාවකාලිකව සිරගෙදරින් නිදහස් කර වලව්ව භූමියට ගෙන්වා ගත්තේය.

    එදින රාත්‍රියේ උලමා හඬන ශබ්දය අනුව වෙඩි තැබූ ආචිඅප්පු උළමා මරා බිම හෙලා ඇත්තේ තමා දක්‍ෂ වෙඩික්කරුවකු බව යළි සනාථ කරමිනි.

    උලමා මරා දැමීමට තෑග්ග ලෙස ආචිඅප්පුට නිදහස ලැබුණි.

    මෙම සිද්ධියෙන් පසු වලව් භූමියේ කිසිම සතකුට වෙඩි නොවදින බව කියති. පොල්රුප්පාවකින් සමන්විත මෙම වලව් භූමිය තුළ විවිධ ගස්වර්ග හා පලතුරු වලින් සමන්විතව තිබූ බවත් සතුන් හා කුරුල්ලන් මේ වලව් භූමියේ ලැබූ නිදහස ගැන කොකැටුවා සන්දේශයේ එන කවිපෙළෙන් පැහැදිළි වේ. මේ ඉන් එක් කවියකි.

    ‘‘බිය කිසි නැතුව උයනට සියොතුන් වැදය
    ලියතුරු එකිනෙකට පැන පැන දෙන නදය
    කියමින් මුදලි මැතිඳුගේ ගුණ යස තෙදය
    පියවන වැන්න නරඹින් පිය සති සදය’’

    කප්පින පෙළපත හලාවත සිට කතරගම දක්වා ව්‍යාප්ත වී තිබූ බව ඔවුන්ගේ ඥ‌ාති සබඳතා පිළිබඳ සොයා බැලීමේදී පැහැදිලි වේ. කොළඹ මාළිගාකන්දේ මහමුදලි වලව්ව (වත්මන් කුප්පියාවත්ත ජයශේඛරාරාම විහාරය) මීගමුවේ මැග්ඩලීන් වලව්ව, ගල්වෙහෙර කුරුඳුවත්ත වලව්ව, අහුන්ගල්ල මාකුඹුර වලව්ව, බළපිටියේ රෙජිස්ට්‍රාර් වලව්ව, ගජේරුව වලව්ව, රාජපක්‍ෂ වලව්ව, සහබන්ධු වලව්ව, හාරඹ වලව්ව, ගල්මන්ගොඩ වලව්ව, ගම කරන වලව්ව, පත්තර වලව්ව හා දඩල්ල වලව්ව, කප්පින වලව් පෙළපත සමඟ ඥ‌ාති සබඳතා පවත්වා ඇත.

    කොළඹ - මරද‌ානේ ගැදරම් වලව්ව, කොළඹ මෝදර කාරලු වලව්ව, මීගමුවේ කදිරානේ මුතුවාඩිය වලව්ව, නුවරඑළියේ ෆ්‍රීඉන් මැදුර, කප්පිත පෙළපතට උරුමයෙන් සතු සෙසු දේපළ අතර වේ.

    බළපිටිය ඓහිහාසික පුණ්‍ය භූමියෙන් ලක්බිමට පහළ වූ ශ්‍රේ‍ෂ්ඨතම ද‌ානපතියා ලෙස සැම්සන් රාජපක්‍ෂ මහ මුදලිවරයා අවිවාදයෙන් නම්කළ හැක.
    ruwan326
    ruwan326


    Posts : 1744
    Join date : 2016-09-29
    Age : 46
    Location : Horana

    A Bit of History  Empty Re: A Bit of History

    Post by ruwan326 Wed Feb 06, 2019 2:18 pm

    කිත්සිරි ද සිල්වා wrote:සුද්ද ලංකාවට එන්නත් පෙර සිටම සියනෑ කෝරළය ආශ්‍රිත ප්‍රදේශයට වසංගතයක් වුණු පවුලක් හිටියා... මේ පවුලෙ සෑහෙන දෙනෙක් ගැන සෑහෙන දෙයක් කියන්න පුළුවනි... අපි දැනට පටන්ගමු ඕලන්ද කාලෙ (1625 ආසන්නව) නවගමුවේ ජීවත් වුණු මොහොට්ටි අප්පුහාමිගෙන්... (වාසගම පසුව කියන්නම්... දැන්ම කිව්වොත් අපරාදෙ... දැනට අපි වාසගම xxx කියල තියමුකෝ) මේ කියන මොහොට්ටි අප්පුහාමි xxxගේ පියා නිලේපෙරුමාල් xxx තමයි 1590-1600 කාලයේ නවගමුව දේවාලයේ මහ කපු උන්නැහේ..... (උන්නැහේගෙ පුත්‍ර රත්නය වන මොහොට්ටි අප්පුහාමි xxx ගැන තාමත් කැළණි මිටියාවතේ ලස්සන ජනකතා හෙම තියෙනව.... ) මෙන්න මේ මොහොට්ටි අප්පුහාමිගේ මුණුපුරා තමයි දොන් ෆ්‍රැන්සිස්කු ඩයස් විජේතුංග xxx... වර්ෂ 1720 ඉපදිලා 1760 සිංහල-ඕලන්ද ගැටුමේදී සිංහලයන්ගේ පැත්ත අරගෙන නුවරට පළාගොස් ඊට තෑගී ලෙස රජ්ජුරුවන්ගෙන් මුදලි පදවියෙන් පිදුම් ලැබූ "විජේතුංග රාළ" කියන්නෙ මුන්නැහැ තමයි.... මේ පරම්පරාවේ හොඳක් කියන්න තියෙන පළමුවෙනියා සහ අන්තිමයා.... මෙන්න මේ විජේතුංග රාළගේ මුණුපුරා විලියම් එඩ්රියන් ඩයස් xxx තමයි 1815 ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ අත්අඩංගුවට ගන්න වෙලාවේ භාෂා පරිවර්තකයා ලෙස ක්‍රියා කළාය කියන්නෙ......

    [Note: ඉතිහාසය දන්න අයට දැන් යමක් මතක් වෙන්න ඕනේ... ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ අත්අඩංගුවට ගන්න සුද්දන්ට මග පෙන්වාපු තුන්දෙනෙක් හිටියා, ඉන් එක්කෙනෙක් හැඳින්වූවේ "තුප්පහි අප්පු" නමින්... තුප්පහි යනු පෘතුගීසි Topaz යන්න.... සිංහල සහ පෘතුගීසි යන භාෂා දෙකම කතාකළ අයව හැඳින්වීමට පාවිච්චි කළ වචනයක් තමයි මේක... එහි අර්ථය ග්‍රාම්‍ය අර්ථයෙන් (slang) ගත්තම, "කවලම්" යන්න.... පෘතුගීසීන් සහ පොදුවේ සුද්දන් වෙනුවෙන් භාෂා පරිවර්තනය කළ උදවියට යෙදුණු අපහාසාත්මක නමක් තමයි "තුප්පහියා" යන්න.... ]

    විලියම් එඩ්රියන් ඩයස් xxxගෙ පුතා තමයි සියනෑ කෝරළේ මුදලි, උඩුගහ පළමු මුදලි දොන් සොලමන් ඩයස් xxx (1774-1859).... කොළඹ-නුවර මහාමාර්ගය හැදීමේ රාජකාරිය බාරව හිටපු මහ ඒජන්තවරයා... ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් තාන්න මාන්න දිනාගෙන පසුව ඒ සියල්ල වාසියට පාවා දී, 1815 ගිවිසුමටත් අත්සන් කර, අවසානයේ "ඉංග්‍රීසි ආණ්ඩුවට කළ සේවය වෙනුවෙන්" 1818 දී ආණ්ඩුකාර රොබර්ට් බ්‍රවුන්රිග්ගෙන් රන් පදක්කම් දිනු පුද්ගලයා..... මෙන්න මේ දොන් සොලමන් ඩයස් xxx ගෙ දුවගේ (කොර්නේලියා සුසානා ඩයස් xxx)ගෙ පුතා, එනම් මුණුපුරා තමයි අපේ කතාවේ වැදගත්ම චරිතය......

    ඒ තමයි සර් සොලමන් ක්රිස්ටෝෆල්ඩ් ඔබේසේකර (1848-1927).... රුහුණේ තල්පේ ප්‍රදේශයේ අටදෙහිවත්ත වලව්වේ වංශාධිපති ඩී.බී.එෆ්. ඔබේ සේකර තල්පෙවත්ත මුදලිතුමා සහ අර කලින් කී කොර්නේලියා සුසානා ඩයස් දෙදෙනාගේ ආදරණීය පුත්‍ර රත්නය..... 1833 ව්‍යවස්ථාදායක සභාවේ උගත් ලාංකිකයන් නියෝජනය කරමින් පාර්ලිමේන්තු ගතවෙන සොලමන් ක්‍රිස්ටෝෆල්ඩ් ඔබේසේකර තමයි 1912 සුරාබදු පණත වෙලාවේ කිසිදු විළි ලැජ්ජාවක් නැතිව ඊට ඡන්දය දෙන්නෙ...... ඒ වෙන කිසිම හේතුවක් නිසා නොවෙයි අරක්කු රේන්දයට ඇති ධනපති ආදරය, තමන් නියෝජනය කරන "සිංහල බෞද්ධ" සමාජයට ඇති බොරු ආදරයට වඩා ලොකු නිසයි......

    1911 ලංකාවේ පොලිස්පති විසින් එවකට ආණ්ඩුකාරවරයා වෙත යවන රහස්‍ය වාර්තාවක දැක්වෙන වාක්‍යයක් මෙසේයි... "ලංකාවේ සිංහලයා බෞද්ධයකු වී සිටින තුරු ඔහුව ආණ්ඩුමට්ටු කළ නොහැක.... ඔවුන් හොඳ ක්‍රිස්තියානින් කිරීමට බැරිනම් අඩුවශයෙන් ඔවුන් නරක බෞද්ධයන් කිරීමට වත් අප උත්සාහ කළ යුතුය......" මෙන්න මේ විනාශකාරී අදහස ඔස්සේ යමින් තමයි එවකට ආණ්ඩුකාර සර් හෙන්රි මැකලම් සහ මහලේකම් සර් හියු ක්ලිෆර්ඩ් අතර පැවැත්වෙන රහස් සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස 1912 සුරාබදු පණත ගෙනඑනු ලබන්නේ....

    ලංකාවට සුරාබදු පණත හඳුන්වාදීමට එරෙහිව ගොඩනැගුනු පළමු ව්‍යාපාරය වන්නේ අමද්‍යප ව්‍යාපාරයයි... 1912 කොළඹ ආනන්ද විද්‍යාලයයේදී තමයි එහි පළමු රැස්වීම පැවැත්වෙන්නේ.... එහි මූලිකත්වය ගන්නේ අනගාරික ධර්මපාල තුමා... එහි අනෙක් සහයෝගිකරුවන් වන්නේ වලිසිංහ හරිස්චන්ද්‍ර, එඩ්මන්ඩ් හේවාවිතාරණ, සී. ඒ. හේවාවිතාරණ, සර් දොන් බාරොන් ජයතිලක, ආතර් වී. දියෙස්‌ ("කොස් මාමා"), කිවියර පියදාස සිරිසේන සහ දොන් ස්ටේපර් සේනානායක.... (මේ කියන දොන් ස්ටේපර් සේනානායක යනු අන් කිසිවෙක් නොවෙයි බෝතලේ වලව්වේ අධිපති, දොන් ස්ටීවන් සේනානායක හෙවත් ඩී.එස්. සේනානායකගෙ පියා..... ) සේනානායකවරුන් අමද්‍යප ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ අවංකවද නැද්ද අප දන්නෙ නෑ.... නමුත් අමද්‍යප ව්‍යාපාරයට ප්‍රභූ සහය අවශ්‍ය මොහොතේ එය ලබාදුන්නේ ඔවුන් බව අපට අමතක කරන්න හැකියාවක් නෑ...

    ඉතිහාසය හරිම විහිළුවක් කියා කියන්නෙ මෙන්න මේ නිසා.... බාහිරයෙන් බලන අපට පෙනෙන්නේ මිනිස්සුන්ගේ ක්‍රියාවන්.... නමුත් අභ්‍යන්තරයේ හැමවිටම ක්‍රියාත්මක වෙන්නේ ධනපතීන් අතර බල අරගලයක් පමණයි.... තමන්ට රුපියල් කෝටි ගණනක් ලැබෙන්න නියමිත සුරාබදු පණත අහෝසි කරන්න හදන බෝතලේ වලව්වට එරෙහිව හොරගොල්ල වලව්ව යුද්ධ ප්‍රකාශ කරපු හැටි ඊළඟ කොටසෙන් බලමු....

    [මේ එක්කම තව දෙයක් කිවයුතුයි.... ඔබ දන්නවාද මේ ඓතිහාසික මොහොතේ ලංකාවේ මිනිස්සුන්ට අරක්කු පොවන්න එපා කියා ඡන්දය දුන් එකම ලාංකිකයා කවුද කියා.... දැනගන්න ඒ තමයි පොන්නම්බලම් රාමනාදන්..... සිංහලයන් නියෝජනය කරන ඔබේසේකර ලංකාවේ ගමක් ගමක් ගානේ අරක්කු තැබෑරුම් අරින්න කැමතියි කියා ඡන්දය දුන් රටක, අනගාරික ධර්මපාල සහ වලිසිංහ හරිස්චන්ද්‍ර සමග එකට එක මතයේ සිටිමින් අරක්කු එපා කියා ඡන්දය දෙන්නෙ දෙමළ මන්ත්‍රීවරයෙක්.... ආඩම්බරයි නේද....... ]

    කෙසේ හෝ අපි කතාවේ ඉස්සරහට යමුකෝ..... අපේ උගත් වැදගත් ඔබේසේකර මහත්මයා තමන් සමග එකට ව්‍යවස්ථාදායක සභාවෙ හිටපු තවත් අරක්කු රේන්දකාරයකු වන ජේම්ස් ද අල්විස්ගේ දුව එක්ක විවාහ වෙනවා... ඒ කසාදයේ ලොකු දුව වන ඩේසි ඇසිලින් ඔබේසේකර විවාහ වෙන්නෙ වාසල මුදලි තැන්පත් දොන් ක්‍රිස්ටෝපර් හෙන්‍ඩ්‍රිකස් ඩයස් අබේවික්‍රම ජයතියලක සෙනෙවිරත් xxx ගේ පුත්, දොන් සොලමන් ඩයස් අබේවික්‍රම ජයතිලක මහ මුදලිතුමා එක්ක...

    ඔබ දන්නවා දැන් මේ අතිශ්‍රේෂ්ට පරම්පරාව මොකක් ද කියල... ඒ තමයි "බණ්ඩාරනායක".... අපේ කතාවේ අවසාන චරිතයත් දැන් ඔබට පැහැදිලි ඇති... ඒ තමයි සුද්දට පරම්පරා ගණනාවක් තිස්සෙ කත් ඇදලා හම්බුකරගත්ත මහමුදලි පට්ටම මදිවාට, තමන්ගෙ පුතාට රටේ සුදු ආණ්ඩුකාරයාගෙ නම තියන්න තරම් නිවට, නියාලු චරිතයක් වුණු මහමුදලි සොලමන් ඩයස් බණ්ඩාරණායක... 1862 මැයි 22 "හොරගොල්ල වලව්ව" නමින් අටවාගත්, සුද්දාගේ අස්ව ඉස්තාලය උඩ හැදූ ඊනියා බංගලාවේ ඉපිද, 1895 ආණ්ඩුකාර එලිබෑන්ක් හැව්ලොක් විසින් මහමුදලි සහ මුළු දිවයිනටම සාම විනිසුරු පදවි ලබා දුන් මහමුදලිතුමා..

    ලෝකෙට මොන බෞද්ධකම පෙන්නුවත් සිය භාර්යාව ඩේසි අයිරින් ඩයස් මෙනෙවිය සමග 1898 අලුත්කඩේ සියලු සාන්තුවරයන්ගෙ පල්ලියේදි පූර්ණ චාරිත්‍ර වාරිත්‍ර සමගව නියම කිතුණුවකු ලෙස විවාහ වෙන මහමුදලිතුමාගේ ආදරණීය පුත්‍ර රත්නය තමයි සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක හෙවත් කවුරුත් දන්න කියන එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක.......

    (චමීර ජීවන්ත දෙද්දූවගේ ගෙන් උපුටා ගැනීමකි...~)


    Source
    Good one.Thank you.
    A Bit of History  Robrt10

      Current date/time is Sun Sep 01, 2024 7:58 am