The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ Empty අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴

    Post by nihal123 Thu Jan 07, 2016 2:20 pm

    අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴

    අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා
    අරුණලු කැන් හිනැහී නව දිනක් ලබනවා
    අඳුරින් බර ආකර තුළ මැණික් දිලෙනවා
    දෙස බස රැස අපේ අතින් එළිය වැටෙනවා

    උදාසීන ජාතිය නිදි කිරා වැටෙන්නේ
    උදාරතර හැඟුම් පැතුම් නැත ලියලන්නේ
    උදාගිරෙන් උදාවෙමින් හිරු එනවා සේ
    නවෝදයක් බිහි කරලමු අපි ඉතිහාසේ

    මුනි සිරිපා පියුම් පිපුණ මේ මහ දෙරණයි
    දිගන්තයේ ජය ධජ නැගු හෙළ දෑ වරුණයි
    එම බැතියෙන් අභිමානෙන් මුළු ලොව සුවඳයි
    මෙම නිදහන් දිවි හිමියෙන් අපහට උරුමයි
    _______________________
    ගී පද - කරුණාරත්න අබේසේකර
    ගී තනු - ප්‍රේමසිරි කේමදාස
    ගී හඬ - විශාරද නන්දා මාලනී

    අපට පුංචි කාලෙ තිබුණ එක ම ජනමාධ්‍යය රේඩියෝ එක විතරයි. අපේ ගෙදර කලින් ම නැඟිටින්නේ අපේ තාත්තා. තාත්තා අපට ඇහැරවන්න හැමදාම උදේ රේඩියෝව සද්දෙට දානවා. අම්ම නැගිටලා තේ එකක් හදනකන් කම්මැලිකමට ගුලිවෙලා මං රේඩියෝව අහනවා. මගෙ කම්මැලිකම නැති කරල ඇඳෙන් නැගිට්ටවන සින්දුවක් ගැන තමයි අද මේ ලියන්නෙ. මේ ගීතයට ඇත්තට ම මං ණය ගැතියි.

    “අද පමණක් නොවේ අපට
    හෙටක් තියෙනවා
    අරුණලු කැන් හිනැහී නව
    දිනක් ලබනවා
    අඳුරින් බර ආකර තුළ
    මැණික් දිලෙනවා
    දෙස බස රැස අපේ අතින්
    එළිය වැටෙනවා

    මේ පදමාලාව නන්දා මාලනිය ලයාන්විතව ගායනා කරන කොට මට රට ගැන, භාෂාව ගැන, ආගම ගැන පුදුම ආදරයක් ඇතිවෙනවා. මං ඉස්කෝලෙ යන්නෙ මේ ආදරේ පපුවෙ පුරවාගෙන. ජීවිතේ ගොඩක් තැන්වලදී මගේ තීරණ වෙනස් කරන්න ඒ හැඟීම බලපෑවා.

    අද කාලෙ නම් ගුවන් විදුලි යන්ත්‍රයක් ළඟ උදෑසනින් වාඩි උණොත් කී දෙනකුට ඒ වගේ හැඟීම් ඇතිවෙනවා ද කියල සැකයි. (මෑත කාලෙ දි නම් ගුවන් විදුලි නාළිකා කීපයක් වැරදි නිවැරදි කරගෙන තියෙනවා) ඔන්න නිවේදකයෙක් නිවේදිකාවක් ඇවිල්ල ‘හායි ගුඩ් මෝනිං ගම්මුද fun එකක් කියලා කිචි බිචි ගාන්න පටන් ගන්නවා. දෙන්නා කියවන ඒවට හිනායන්නැති නිසා හිනාවක් රෙකෝඩ් කරල දානවා. මට ඇනස්ලි, සැමුවෙල්, බර්ටි සිහිවෙනවා. ඔවුන් ඉන්නව නම් පපුව පැලිලා මැරෙයි දුක හිතිලම.

    මේ බොයිලර් නිවේදක නිවේදිකාවො පාවිච්චි කරන වචන දිහා බැලුව ම අපෙත් පපුව පැලෙනවා. ඒ තරමට ම දෙස බස රැස සුරැකෙනවා. කරුණාරත්න අබේසේකරලා වගේ ගීත රචකයො ළඟ දණ නමන්න හිතෙන්නෙ ඔන්න ඕවා ඇහෙනකොට. මක්කොරන්නද? එතුමන්ලා දිවංගත වෙලා නොවැ.

    ප්‍රේමකීර්තිලා, ධර්මසිරි ගමගේලා, ඩෝල්ටන් ලත් ළඟ පාත නෑ නොවැ. සුනිල් ආරියරත්න මහත්තයලා අජන්තා රණසිංහ මහත්තයලා හොඳට ලියපු අය. ඒ අයටත් විවේකයක් එපායැ. නිලාර් ලා බුද්ධදාස ලා, බණ්ඩාර ඇහැලියගොඩ, රවි සිරිවර්ධනලා අතිනුත් හොඳ නිර්මාණ බිහිවෙනව.

    කරුණාරත්න අබේසේකරයන් එක පෑන් පාරෙන් අප ව අවදි කරනවා. ක්‍රිකට් මැච් එකක් වෙලාවට ජාතික කොඩිය අලවා නොගන්නෙ ලිංගේන්ද්‍රියෙ විතරයි මගෙ සිතේ.

    ඒ තරම් ම දේශාභිමානෙ. ඒත් වැඩක් කරන කොට, වැඩේ බාගෙට කරල කොමිස් පාරක් පගාවක් ගහල සාක්කුව පුරවා ගන්නවා. එතකොට දේශප්‍රේමෙ ඉවරයි. කරුණාරත්න අබේසේකරයන් මේ අඬගසන්නෙ එවැනි දේශප්‍රේමෙකට නෙමෙයි.

    උදාසීන ජාතිය නිදි
    කිරා වැටෙන්නේ
    උදාරතර හැඟුම් පැතුම්
    නැත ලියලන්නේ
    උදාගිරෙන් උදාවෙමින්
    හිරු එනවා සේ
    නවෝදයක් බිහි කරලමු
    අපි ඉතිහාසේ

    මේ ගීතය ඇතුළෙ බොදු හැඟීමක් එක්ක දේශාභිමාන මිශ්‍රවෙලා තිබුණට කිසිම ජාතියකුට ආගමකට නිග්‍රහයක් සිද්ධ වෙලා නෑ.

    “මුනි සිරිපා පියුම් පිපුණ
    මේ මහ දෙරණයි
    දිගන්තයේ ජය ධජ නැ¼ගු
    හෙළ දෑ වරුණයි
    එම බැතියෙන් අභිමානෙන්
    මුළු ලොව සුවඳයි
    මෙම නිදහන් දිවි හිමියෙන්
    අපහට උරුමයි

    ශ්‍රී ලාංකීය සරල ගීතය තුළ වෙනස්කම් ඇතිවිය යුතු සැබෑ වකවානුව මෙය යැයි සිතේ. සින්දු ඇහුවේ ඉස්සරයි. දැන් සින්දු බලන යුගයයි. සින්දුවල විෂුවල් තරම් ‘ගොන් පාට්’ දේශපාලන ලෝකයේ වත් නොමැත. රස වින්දනයේ ලිබරල් අයිතිය වෙනුවෙන් කටපියා ගෙන සිටින්නට වී ඇත. කට ඇරියත් වැඩක් නැත. එහෙත් අඳුරට ශාප කරනු වෙනුවට එක් පහනක් හෝ දැල්විය යුතු ය.

    තම තමන්ගේ පටි තද කරනවාට වඩා ජාතික වගකීමක් අප ඉදිරියේ පවතී. නැතිනම් අනාගතයේ බිහිවන සැබෑ රසිකයන් අපට ශාප කරනු ඇත. අද ගායක ගායිකාවන්ට ද විවිධ මානසික රෝග පවතී. එකකුට එකෙක් රුපියලකින් වත් බාල්දු වීමට අකමැති ය. සංදර්ශනයකට කැඳවා ගැනීමට ලක්ෂයකින් අඩු බැරි ය. අහවල් කෙනා මෙච්චරක් ගන්නවා නම් ඇයි මට විතරක් යනු ඔවුන්ගේ තර්කයයි. තව ටික කලකින් ගෘහස්ත වේදිකා හෝදා පාළු වනු ඇත. එසේ නැතිනම් සැබෑ රසිකයන් ශාලාවලින් පිටත සිටියදී දෙදාහේ තුන් දාහේ ප්‍රවේශපත් රැගෙන මුදලාලිලා පමණක් සංදර්ශන නරඹනු ඇත. මේ සියල්ල වළ කපා දෙන්නේ සුභාවිත ගීතයේ අනාගතයටයි. තමන්ගේ අභිමානයත් රැකෙන මධ්‍ය ලක්ෂයකට පැමිණෙන්නට ලාංකීය රසිකයෝ ඔබ සැමට අත දිගු කරති. ඒ අත සපා කෑමට පෙර දෙවරක් සිතන ලෙස, ගීත රචකයන් ගෙන් ද, සංගීතඥයන්ගෙන් ද ගායක ගායිකාවන් ගෙන් ද මම ඉල්ලා සිටිමි. මක් නිසාද?

    උපුටා ගැනීම
    http://keselmalyaya.blogspot.com/
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴ Empty Re: අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා...෴

    Post by yellow knife Thu Jan 07, 2016 2:22 pm

    Ape appo jathi wade.. awiissei... Dan owa naha.. Dan api Sama Lingkai ne ... Aluth Wenasata hurwenna nihal... Very Happy Very Happy

      Current date/time is Sat Jul 27, 2024 5:32 am