මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 57
Location : Waga
මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි
2016 මැයි 02 වන දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර ඇත.
ජාත්‍යන්තර කම්කරු දිනය යෙදෙන මැයි 01 වන දින ඉරිදා දිනයක් වීම හේතුවෙන්, මෙලස ඊට පසු සඳු දින බැංකු නිවාඩු දිනයක් ලෙසින් නම් කර තිබේ.
මේ අතර මැයි 02 වන දින කොළඹ කොටස් වෙළෙඳපොළ ද ගනුදෙනු සඳහා විවෘත නොවන බව අද දෙරණ Biz කළ විමසීමක දී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේය.
TAGS
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 65
Location : රජ්ගම
Re: මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි

- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
Re: මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි
මාගේ පුද්ගලික මතය නම් ප්‍රධාන ආගමික උත්සව සහ අලුත් අවුරුද්ද සහ කම්කරු දිනය හැර අනෙකුත් සියලුම නිවාඩු අවලංගු කල යුතුය.
කිත්සිරි ද සිල්වා wrote:Where are we heading ?![]()
- CKActive Member
- Posts : 1393
Join date : 2015-11-01
Re: මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි
Ps: i am not a government employee.
- Yin-Yang
- Posts : 1321
Join date : 2016-03-12
Re: මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි
Rana wrote:
මාගේ පුද්ගලික මතය නම් ප්‍රධාන ආගමික උත්සව සහ අලුත් අවුරුද්ද සහ කම්කරු දිනය හැර අනෙකුත් සියලුම නිවාඩු අවලංගු කල යුතුය.කිත්සිරි ද සිල්වා wrote:Where are we heading ?![]()
I would propose it to be more democratic (If I were the authority).
Every employee would be given the choice of his.her holidays at the beginning of the year. Who seek more holidays would be paid less; proportionately.
- BackstageTop contributor
- Posts : 3803
Join date : 2014-02-24
Re: මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි

- CKActive Member
- Posts : 1393
Join date : 2015-11-01
Re: මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 65
Location : රජ්ගම
Re: මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි

Backstage wrote:I think we should have a 4 day working week with longer hours for working. All should be required to WORK during working hours with minimum wastage and maximum efficiency. Have plenty of holidays and improve home life. Have plenty of sex too, as a lot of people spend a lot of time and energy plotting their next copulation.![]()
- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
Re: මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි
charith666lk wrote:Agreed backstage. Good one. Problem is not the no. Of holidays. Its the efficiency. ..more holidays mean free mind and improve the creativity. . Otherwise all behave like machines
- Yin-Yang
- Posts : 1321
Join date : 2016-03-12
Re: මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි
*work from home 60% of working time,
*allow anyone to engage in multiple jobs (for more income)
*wages to be linked to 'effective' work done (not the days 'spent' in the office).
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 65
Location : රජ්ගම
Re: මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි
Unfortunately the guys and gals we send there do not want to think this way.
They have an attitite, "why try to fix if it is not broken (yet) ?".

Yin-Yang wrote:If I became the country leader, I would promote
*work from home 60% of working time,
*allow anyone to engage in multiple jobs (for more income)
*wages to be linked to 'effective' work done (not the days 'spent' in the office).
- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
සඳුදා රජයේ නිවාඩු දිනයක් නොවේ
ලෝක කම්කරු දිනය ඉරිදා දිනයක් වන අදට (01) යෙදී තිබීම නිසා හෙට (02) දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කර නොමැති බව රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශයේ ලේකම් ජේ. දඩල්ලගේ මහතා කියා සිටියේ සදුදා දිනය සාමාන්‍ය පරිදි රාජකාරි දිනයක් බවයි.
මේ අතර මේ සම්බන්ධයෙන් කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශයද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින් දැක්වේ.
http://www.sinhala.srilankamirror.com/news/item/13542-monday
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 65
Location : රජ්ගම
Re: මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි

Rana wrote:සඳුදා රජයේ නිවාඩු දිනයක් නොවේ
ලෝක කම්කරු දිනය ඉරිදා දිනයක් වන අදට (01) යෙදී තිබීම නිසා හෙට (02) දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කර නොමැති බව රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශයේ ලේකම් ජේ. දඩල්ලගේ මහතා කියා සිටියේ සදුදා දිනය සාමාන්‍ය පරිදි රාජකාරි දිනයක් බවයි.
මේ අතර මේ සම්බන්ධයෙන් කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශයද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින් දැක්වේ.
http://www.sinhala.srilankamirror.com/news/item/13542-monday
- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
Re: මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 57
Location : Waga
Re: මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි
Rana wrote:එතකොට හෙට කොටස් වෙළඳපොල ගනුදෙනු වෙන දවසක්ද නැත්තම් නිවාඩුද ?
නිවාඩු දවසක්

හෙට නිවාඩු නැති හේතුව පහදයි
( චිරාන් ජීවන්ත ) 2016-05-01 10:45:34
ජාත්‍යන්තර කම්කරු දිනය අදට (01) යෙදී තිබුණද හෙට (02) දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කර නොමැති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.
නෙත් නිවුස් කළ විමසීමකදි අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ අපේ‍්‍රල් මස 15 වනදාද රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කළ බවයි. එමෙන්ම වෙසෙක් පොහොය යෙදී ඇත්තේ මැයි මස 21 වනදාටයි. එදිනද සෙනසුරාදා දිනයක් බැවින් ඒ වෙනුවෙන් 23 වන සඳුදා දින නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට සිදුවනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
එම නිසා හෙට දිනය නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් නොකරන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියාසිිටියා.
- See more at: http://nethfm.com/article/104892#sthash.62qt4sOi.dpuf
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 57
Location : Waga
Re: මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි
biz_man Features, Top News May 2nd, 2016
අද දින (02) රජයේ රාජකාරි දිනයක් වුවද බැංකු සහ බොහෝ පුද්ගලික අංශයේ කාර්යාලවලට නිවාඩු දිනයකි. ඒ ඊයේ ට යෙදී තිබුණු ජාත්‍යන්තර කම්කරු දිනය ව්‍යවස්ථාපිත නිවාඩු දිනයක් වූ බැවිනි.
යම් ව්‍යවස්ථාපිත නිවාඩු දිනයක් සති අන්තයක යෙදී තිබුණු අවස්ථාවක එම නිවාඩුව ඊට ආසන්නතම සතියේ වැඩකරන දිනයක ගැනීමේ හැකියාව සේවකයින්ට ලැබී තිබේ. නැතහොත් එය වෙනත් වැඩකරන දිනයක ගනු ලබන නිවාඩුවක් හා හිලවු කර ගැනීමට අවස්ථාව හිමිවේ. කෙසේ වෙතත් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය හැරෙන්නට සෙසු පුර පසළොස්වක පොහොය දිනයන් ව්‍යවස්ථාපිත නිවාඩු දින නොවන බැවින් එවැනි පොහොය දිනයක් සති අන්තයක යෙදුණහොත් ඒ සඳහා සතියේ දිනයක නිවාඩු ලබා ගැනීමට හැකියාවක් නොමැත.
සේවක නිවාඩු හිමිකම් පිළිබඳ පූර්ණ විග්‍රහයක් පහත දැක්වේ.
ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී එහි කටයුතු වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට සේවක සේවිකාවන් යොදවා ගැනීම සිදුවේ. මෙහිදී ආයතනයක සේවයේ යෙදෙන්නා සේවාදායකයා (Employee) ලෙස සැලකෙන අතර සේවාවෙහි යොදවන්නා සේවා යෝජකයා (Employer) ලෙසද හැදින්වේ.
මෙම ලිපිය මගින් රාජ්‍ය නොවන අනෙකුත් ආයතනවල සේවයේ යෙදෙන සේවක සේවිකාවන් සදහා බලපානු ලබන නිවාඩු සම්බන්ධව ඉතා වැදගත් කරැණු රැසක් ඉදිරිපත් කෙරේ. මෙම කරැණු සම්බන්ධව සලකන විට ප්‍රධාන වශයෙන් නීතිමය පණත් දෙකක් අදාල වේ. එනම්,
1. සාප්පු හා කාර්යාල සේවක පණත
2. පඩිපාලක සභා ආඥා පණත
සාප්පු හා කාර්යාල පණතට අදාලව ගත්කල සාප්පු වශයෙන් සැලකෙන්නේ තොග සහ සිල්ලර වෙළද ව්‍යාපාර, ආහාරපාන අලෙවි සැල්, බේකරි, සිනමා ශාලා, කොණ්ඩා කපන සහ රෑපලාවන්‍යාගාර, නේවාසික හෝටල්, ඇදුම් මසන සාප්පු, ඛණ්ජ තෙල් විකුණුම් ස්ථාන, විවිධ අලෙවිසැල් සහ ගනුදෙනුකරුවන් සදහා භාණ්ඩ හෝ සේවා සපයන ගබඩා හෝ මධ්‍යස්ථාන සදහන් කල හැක.
කාර්යාල ලෙස සැලකෙනුයේ ව්‍යාපාරික කාර්යයන් සදහා පවත්වාගෙන යනු ලබන කාර්යාල, හෝටල්, සමාජශාලා, සිනමා ශාලා, පාසැල්, කර්මාන්තශාලා ආදිය වේ.
ඉහත සදහන් කල පණත් දෙකට අනුව සේවක සේවිකාවන් සදහා බලපානු ලබන නිවාඩු මොනවාද යන්න දැන් විස්තර කරමු.
ව්‍යවස්ථාපිත නිවාඩු (Statutory Holidays)
ඉහත දැක්වු පණත් දෙකම යටතට අයත් සේවක සේවිකාවන් රජය විසින් වර්ෂයක් සදහා ප්‍රකාශයට පත්කල විශේෂ වෙළද නිවාඩු 08 කට හිමිකම් ලබයි. මේ යටතේ සැලකෙන නිවාඩු වනුයේ,
• ජාතික නිදහස් දිනය
• දෙමළ තෛපොන්ගල් දිනය
• මිලා-දුන් නබි තුමාගේ උපන් දිනය
• සිංහල සහ දෙමළ අළුත් අවුරැදු දිනට පෙර දිනය
• සිංහල සහ දෙමළ අළුත් අවුරැදු දිනය
• මැයි 01 දින කම්කරු දිනය
• වෙසක් පුර පසළොස්වක දිනට පසු දිනය
• නත්තල් දිනය
ඉහත සදහන් ව්‍යවස්ථාපිත නිවාඩු සති නිවාඩු දිනයකට යෙදී තිබුණි නම් එම දිනයට හිලව් ලෙස නිවාඩු දිනයක් හෝ දින ½ ක් ලබාදිය යුතුය (පඩි පාලක සභා පණත යටතට ගැනෙන සේවක සේවිකාවන්ට අදාල නොවේ.)
පුර පසලොස්වක පොහොය දින නිවාඩු (Full Moon Poya Holidays)
සෑම පුර පසළොස්වක පොහොය දිනයක්ම නිවාඩු දිනයක් ලෙස සලකා නිවාඩු ලබාගැනීමට ඉහත පණත් දෙක යටතට අයත් සේවක සේවිකාවන්ට හැකියාව පවතී.
වාර්ෂික නිවාඩු (Annual Leave)
සෑම කැලැන්ඩර් වර්ෂයකටම අදාලව මෙම වාර්ෂික නිවාඩු දින 14 ක් සේවක සේවිකාවන්ට ලබා ගැනීමට හැක. මෙම අනුමත වාර්ෂික නිවාඩු දින 14 න් 07 ක් අඛන්ඩව ලබා ගත යුතුය. කෙසේ වෙතත් වාර්ෂික නිවාඩු ලබාගැනීමේදී දෙපාර්ශවයේ එකගතාවෙන් සිදු කල යුතුය.
අළුතින් සේවයට බැදුණු සේවක සේවකාවන් සදහා මෙම වාර්ෂික නිවාඩු හිමිවනුයේ දෙවැනි ලිත් වර්ෂයේ සිට වන අතර නිවාඩු ගණන සේවයට බැදුණු කාලය අනුව වෙනස් වේ.
සේවයට බැදුණු කාල වකවානුව 2වැනි ලිත් වර්ෂයේදී හිමි වාර්ෂික නිවාඩු ගණන
• ජන. 01 සිට මාර්තු 31 දක්වා 14
• අප්‍රේල් 01 සිට ජුනි 30 දක්වා 10
• ජුලි 01 සිට සැප්. 30 දක්වා 07
• ඔක්. 01 සිට දෙසැ. 31 දක්වා 04
අනියම් නිවාඩු (Casual Leave)
සේවකයා හෝ සේවිකාවකගේ හදිසි අවශ්‍යතා සදහා ලබා ගැනීමට ඉඩ ප්‍රස්තා පවතී. එක් ලිත් වර්යක් වෙනුවෙන් දින 07 අනියම් නිවාඩු ලෙස ලබාගත හැක. නමුත් සේවයට බැදුණු පළමු ලිත් වර්ෂය තුලදී එක් මාසයකට දින ½ ක් වශයෙන් ලබාගත හැක.
උදාහරණ වශයෙන් සිසිර කුමාර නමැති තරැණයා එක්තරා වෙළද ආයතනයකට රැකියාව සදහා 2012 වසරේ ජුනි මස 10 දින ඇතුළු විය. ඔහුට නිවාඩු ලබා ගැනීමට හැකිවනුයේ මෙම ලිත් වර්ෂය තුළදී සෑම වැඩකරන මාසයක් සදහාම දින ½ බැගින් හෝ දෙමසකට වරක් 01 දිනක් බැගින් අනියම් නිවාඩු වේ. ඔහු සාර්ථකව සේවා කටයුතු ඉදිරි ලිත් වර්ෂයේදී (2013 වර්ෂය) ද සිදුකරන්නේ නම් එම 2 වැනි ලිත් වර්ෂය සදහා වාර්ෂික නිවාඩු 10 ක් සහ අනියම් නිවාඩු 07 ක්ද ලබාගත හැක.
සති (අන්ත) නිවාඩු (Weekly Holidays)
සාප්පු හා කාර්යාල සේවක පණත යටතට ගැනෙන සේවක සේවිකාවන් සාමාන්‍ය සේවයේ එක් සතියක් තුළදි අවම පැය 28 ක් වැඩ කර ඇත්නම් සතියකට දින 1 ½ ක ගෙවීම් සහිත සති නිවාඩු හිමිවේ. නමුත් පඩි පාලක පණත යටතට ගැනෙන සේවක සේවිකාවන් සදහා මෙය දින 01 කි. බොහෝමයක් පඩි පාලක සභා යටතේ පාලනය වන ක්ෂේත්‍රවල දී ඉරිදා දිනය මෙලෙස නිවාඩු දිනය ලෙස සැලකේ. නමුත් සමහර ක්ෂේත්‍ර සදහා මෙය සතියේ වෙනත් ඕනෑම දිනයක් විය හැකි අතර උදාහරණ වශයෙන් සිනමාශාලා සේවකයින් සදහා මෙය සදුදා සිට සිකුරාදා දක්වා වන ඕනෑම දිනයකින් එකක් විය හැක.
උපුටා ගැනීම – ව්‍යාපාර සංවර්ධන කේන්ද්‍රය
- කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව 5 වන දිනයටත් ඉහළට. සියලු කොටස් ඒකක 94 කින් නගී
- ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ දෙවැනි විශාලතම කොටස් ගනුදෙනුව අද
- කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට
- කොටස් ගනුදෙනු බද්ද 2016 අප්‍රේල් 15 වන දින සිට යළි ක්‍රියාවට නංවන බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර තිබේ.
- කොටස් වෙළෙඳපොළ පරීක්ෂණ කඩිනමින් අවසන් කළ යුතුයි – කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපති කියයි