The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න Empty මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න

    Post by nihal123 Wed Sep 16, 2015 6:36 am

    ඉක්මනින් ජනප්‍රිය වෙන්න පුළුවන්. ඉක්මනින් දක්‍ෂ වෙන්න පුළුවන්. ඉක්මනින් ඉගෙන ගන්නත් පුළුවන්. ඉක්මනින් උපාධි ගන්නත් පුළුවන්. එහෙත් ඉක්මනින් මාස්ටර් කෙනෙක් වෙන්න බැහැ. සැබැවින්ම ඕනෑම ක්ෂේත්‍රයක මාස්ටර් කෙනෙක් වෙන එක ලෙහෙසි නැහැ. "ඔබට අලෙවිකරණය එක දවසින් ඉගෙන ගන්න පුළුවන් වෙයි. එහෙත් එහි මාස්ටර් කෙනෙක් වෙන්න ජීවිත කාලයම ගතවෙයි." නූතන අලෙවිකරණයේ පියා ලෙස සලකන පිලිප් කොට්ලර් මාස්ටර් කෙනෙක් වීම ගැන දරන්නේ එහෙම අදහසක්. නැසී ගිය සංගීතඥ ප්‍රේමසිරි කේමදාස ඇත්තටම මාස්ටර් කෙනෙක් කියලා පැහැදිලිවම කියන්න පුළුවන්. එම නිසා ඔහුට මාස්ටර් ප්‍රේමසිරි කේමදාස යැයි පැවසීම කිසිසේත්ම අතිශයෝක්තියක් නෙවෙයි. මාස්ටර් (Master) කියන්නේ ඉංග්‍රීසි වචනයක් නේ. එහි තේරුම් ප්‍රවීණයා. ඒ ඔස්සේ එන අනිත් වචනය තමයි මාස්ටරි (Mastery) එනම් ප්‍රවීණත්වය. ප්‍රවීණත්වය ලැබුව ප්‍රවීණයෙක් නිර්මාණය කළ උසස්ම දෙය උසස් නිර්මාණ කෘතිය (Master Piece) ලෙස හඳුන්වනවා.

    කිසියම් ක්ෂේත්‍රයක හෝ විෂයක ප්‍රවීණත්වයට පැමිණීම මිනිස් ජීවිතයේ අරුත වෙත ආසන්න වශයෙන් ළංවීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. එහෙම ප්‍රවීණත්වයට පැමිණි අයෙක් අතින් උසස් නිර්මාණ කෘතියක් බිහිවෙනවා. එය අදහසක්, ව්‍යාපාරයක්, භාණ්ඩයක්, ගීතයක්, දර්ශනයක් ආදී නොයෙක් වටිනා දේ වෙන්න පුළුවන්. සෑම මනුෂ්‍යයෙක්ම ඉපදෙන්නේ ප්‍රවීණත්වයට පත්වෙන්න අවශ්‍ය සියලු ශක්තීන් ශරීරය තුළ අන්තර්ගතවයි. ගවේෂණය ඔස්සේ ප්‍රවීණත්වයට පත්වීම විශ්වය මිනිසාට පවරා ඇති ප්‍රධාන ජීවන කාර්යයයි. රියැදුරු මහත්මයකුට රිය පැදවීමෙන්ම මාස්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙත් වාහන පදවලා ප්‍රවීණයෙක් වෙන්නේ කොහොමද හිතන්නත් අමාරුයි වගේ. නමුත් එය කළ හැකියි. "තමන් පිළිබඳ ප්‍රවීණත්වට පැමිණීම තරම් ප්‍රවීණත්වයක් තවත් මෙලොව නොමැත." ලියනාඩෝ ඩිවින්චි ප්‍රවීණත්වය ගැන එහෙම කියනවා. "මම ප්‍රවීණයෙක් වෙන්න මහන්සි වුණු තරම මිනිසුන් විශ්වාස නොකරනවා සත්තයි." ඩිවින්චිගේ සමකාලීන ප්‍රතිවාදියා වුණු මයිකල් ආන්ජිලෝ එහෙම කියනවා.


    ඇන්ඩි වොර්හෝල්, මයිකල් ජැක්සන්, බෘෘස් ලී, පණ්ඩිත් අමරදේව, මාර්ටින් වික්‍රමසිංහ වැනි විශිෂ්ටයන් ප්‍රවීණයන් කියන්න පුළුවන්. විශේෂයෙන්ම වත්මන් තරුණ පරපුර පවතින අධ්‍යාපන ක්‍රමවේදවල දුර්වලතා, ආර්ථික ගැටලු සහ සමාජ රැලි නිසා ප්‍රවීණත්වයට පත්වීම අතහැර ජනප්‍රියත්වයට පත්වීම තෝරාගෙන තියෙනවා. ඔවුන් ජනප්‍රියත්වය තුළ කෙටි කාලීනව යමක් ලබාගන්නවා. එහෙත් කිසියම් කෙනෙක් ප්‍රවීණයෙක් වුණොත් ජනප්‍රියත්වය, ධනය සහ බලය වැනි දේවල් බෝනස් එකක් විදියට හිතුවාටත් වඩා ඉහළින් ලැබෙනවා. එහෙත් ප්‍රවීණත්වයට පත්වීමේ සැබෑ චාරිකාව ඉතා අසීරුයි. තිත්ත වුණත් ඇත්ත ඒකයි. මැල්කොම් ග්ලැඩ්වෙල් එය පැය 10,000ක සිද්ධාන්තය ලෙස හඳුන්වනවා. ඔහු පවසන ආකාරයට කිසියම් කෙනෙක් කිසියම් ක්ෂේත්‍රයක ප්‍රවීණත්වයේ ගමනේ ඇරැඹුම වෙන්න එන්න පෙර එම විෂයේ අධ්‍යයන කටයුතු සහ පුහුණුව වෙනුවෙන් පැය 10,000ක් වෙන් කළ යුතු බවයි. උපතින්ම දක්‍ෂ ක්‍රීඩකයෙක් ලෙස නොපිළිගන්න සංගක්කාර පුහුණුව ඔස්සේ අති දක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණු අයුරු බොහෝ ප්‍රවීණ විචාරකයන් සහ ඔහුගේ පියා පවා පවසන කාරණයක්. "උප්පත්තියෙන් ලැබුණු දේවල් ගැන විශ්වාස කරන්න එපා. ප්‍රවීණත්වය පැමිණෙන්නේ ජානවලින් හෝ උප්පත්තියෙන් හෝ වාසනාවෙන් නෙවෙයි. ඔබගේ ඇතුළත සැඟවුණු සැබෑ ආශාව අවදි කරන්න ඔබට ඇති සැබෑ ආශාව මතයි." ප්‍රවීණත්වය පිළිබඳ දැවැන්ත පර්යේෂණ කළ නූතන ලේඛකයෙක් වන රොබර්ට් ග්‍රීන් එලෙස පවසනවා. පහත ඉතාම සරලව දැක්වෙන්නේ ඕනෑම ක්ෂේත්‍රයක නියැළෙන ඕනෑම කෙනෙක් ජනප්‍රියත්වයෙන් එහි යුග යුග නම පවතින ප්‍රවීණත්වට පත්වීමේ පියවරයන් කිහිපයකි.


    මාස්ටර් කෙනෙක් වීමේ පියවරයන්
    1. ඔබ ඇතුළතින් ඔබට කොඳුරන දේ වටහා ගන්න
    ජීවිතය තුළ වඩාත් තෘප්තිමත් වෙන්නේ ඔබ වඩාත් කැමැති දේ කැමැත්තෙන් කැපවෙලා කළොත් පමණයි. ඔබට වඩාත් හොඳින් කළ හැකි දේ දන්නේ ඔබගේ ඇතුළු නුවණයි. ඇතුළු නුවණට සවන් දී තමන් තෝරාගත යුතු ජීවන කාර්ය වටහා ගැනීම තමයි ප්‍රවීණත්වයට පත්වීමේ ප්‍රධානතම සහ මුල්ම කාර්යය. තමා කැමැති දේ කිරීම ඉරණම කියන දේ පිළිනොගැනීම ලෙසද සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වනවා. ඉරණමට අනුව ජීවත් වෙනවා යනු ඇතුළු හදවත කියන දේ අනුගමනය නොකර සමාජය කෙනෙක් ගැන පූර්ණ අවබෝධයෙන් කියන දේ පිළිගැනීමයි. බොහෝ වෙලාවට මිනිස්සු ඉරණම කියලා පිළිගන්නේ අනෙක් අය ඉරණම ලෙස පවසන දෙය මිසක සැබෑ ඉරණම නෙවෙයි. සැබෑම ඉරණම පිළිබඳ කතාව හරියටම දන්නේ හදවතයි. සමහර වෙලාවට තමන්ගේ සැබෑ ජීවන කාර්යය වටහා ගන්න තරමක් නෙවෙයි ගොඩක් පහු වෙන්නත් පුළුවන්. ජීවන කාර්යය රැකියාව හෝ වෘත්තිය ලෙස සරලව නිර්වචනය කරන්න බැහැ. ඔබගේ රැකියාව වුණත් හදවතින්ම කරනවා නම් එය කෙනකුගේ ජීවන කාර්යයයි.


    2. දුෂ්කර පුහුණුවීමක නියැළෙන්න
    ජීවන කාර්යය එහෙමත් නැතිනම් මෙම කෙටි ජීවිත කාලය තුළ දී විශ්වාසයට අගයක් එකතු කරන්න තමන් කළ යුතු කාර්ය පුහුණුවෙන් තොරව කළ නොහැකියි. ඕනෑම විෂයක ප්‍රවීණයෙක් වෙන්න කිසියම් කෙනෙක් දැවැන්ත පුහුණුවීමක නියැළෙන්න ඕන. මිනිත්තුවක පුහුණුව පැයක යාච්ඥා කිරීමට වඩා ඉතා වටිනවා. එම නිසා පුහුණුවීම හොඳම තැනින් පටන්ගන්න හිතන්නේ නැතිව තමන්ට අවස්ථාව ලැබුණු තැනින් පුහුණුවීම පටන්ගැනීම ඉතා වටිනවා. පුහුණුව කියන්නේ ඔබ දැනටමත් හොඳ දේ දිගින් දිගටම කිරීම නොව ඔබ දැනටමත් හොඳ නැති දේ හොඳම වන තුරු කිරීමයි. සරලවම පුහුණුවේ නියම අරුත එයයි. ඔබ සෙල්ලම් කරන්නේ ඔබ පුහුණු වුණු ආකාරයටයි. අන්න ඒ නිසා ප්‍රවීණත්වයට පත්වෙන්න දුෂ්කර පුහුණුවක කැපවීමෙන් නියැළිය යුතු වෙනවා. වේදනාව තාවකාලිකයි එහෙත් අභිමානය සදාකාලිකයි ලෙස සිතා පුහුණුවීම් කිරීම ඉතා වටිනවා.

    3. ප්‍රවීණයන්ගේ ඇසුරේ වැඩෙන්න
    පුහුණුවට වඩා විශිෂ්ට වන්නේ ඔබ පුහුණු වන්නේ කාගේ යටතේ ද කියන කරුණ අනුවයි. ලොව බොහෝ ක්ෂේත්‍රවල ප්‍රවීණත්වයට පත්වුණු පුද්ගලයන්ගේ ජීවිත පිළිබඳ විමසීමක් කළොත් ඔවුන්ගෙන් 80%ක් දැවැන්ත ප්‍රවීණයන්ගේ ඇසුර යාන්තමට හෝ ලැබිලා තියෙනවා. එම නිසා ප්‍රවීණත්වට කෙනෙක් පත්වෙන්න හිතනවා නම්, ඔහු හෝ ඇය ඔවුන් ඉදිරියට යන්න බලාපොරොත්තු වන ක්ෂේත්‍රයේ ඉහළට ගිය අයගේ උපදෙස් ලබාගත යුතුයි. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මඟපෙන්වීම් පිළිගන්න අකැමැති වීම යනු ඔහු හෝ ඇය ප්‍රවීණත්වයට පත්වෙන්න නුසුදුසු බවයි. ප්‍රවීණත්වය කියන්නේ තරගයකට ක්‍රීඩකයන් පුහුණුවෙනවා සහ සමාන දෙයක්. දක්‍ෂ ක්‍රීඩකයෙක් බිහිවෙන්න පුහුණුකරුවකුගේ උපදෙස් ඉතාම අත්‍යවශ්‍යයි.

    4. මිනිස්සු කියවන්න පුරුදු වෙන්න
    මිනිස්සු පෙනෙන විදියට නෙවෙයි මිනිස්සු ඇත්තටම හිතන්නේ සහ වැඩකරන්නේ. ඕනෑම මිනිහෙක් තුළ අවම වශයෙන් ද්විත්ව හෝ ත්‍රිත්ව ස්වරූපයක් තියෙනවා. එම නිසා මිනිස්සු සමඟ ගනුදෙනු කිරීමට ඇති හැකියාව ප්‍රවීණයෙක් වෙන්න ඉතාම අවශ්‍යයි. ප්‍රවීණත්වයට පත්වීම ඇත්තටම තනියෙන් කළ හැකි දෙයක් නෙවෙයි. එය සාමූහික ක්‍රියාවක්. කිසිම කෙනෙක් ඔබව රතු පලසක් මතින් ප්‍රවීණත්වයට ගෙනියන්නේ නැහැ. ඔබ ඔබට මුණගැසෙන වැඩකරන සියලු පිරිස්වල සහයෝගය රැගෙන ඉදිරියට යා යුතුයි. ඉතා වැදගත් වන්නේ මිනිසුන්ගේ විවිධ සහ විසම සැබෑ ස්වාභාවය තේරුම් අරගෙන ජීවත්වීමයි. මෙහි ඉතාම වැදගත් දෙය නම් මිනිස්සු නොකියන දේවල් කියවන්න ඇති හැකියාවයි. ලෝකය හොඳ මිනිස්සුත් නරකම මිනිස්සුත් කියලා වර්ග දෙකක් නැති බවත් එම දෙකෙහිම අඩු වැඩි සංයෝජනයන් සහිත මිනිස්සු සිටින බවත් මනාව වටහාගෙන මිනිස්සු සමඟ එකතුවෙලා වැඩකිරීමේ කලාවත් මිනිසුන්ගෙන් වැඩ ගැනීමේ කලාවත් ප්‍රගුණ කළ යුතු වෙනවා.

    5. මහා දැක්මක් සහිතව දැනුම සහ අත්දැකීම මුසුකරන ක්‍රියාවලිය පටන්ගන්න
    මෙම සියලු ක්‍රියාවලියන් අවසානයේ කෙනෙක්ට තමාගේ ක්ෂේත්‍රය පිළිබඳත්, තමාගේ ජීවිතය පිළිබඳවත්, සමාජය පිළිබඳවත් පුළුල් ජීවන අවබෝධයකට පැමිණෙන අදියරකට කෙනෙක් එනවා. එය සැබැවින්ම සිදුවෙන්න කාලයක් ගතවෙනවා. එම සුවිශේෂී සංධිස්ථානයේ සියලු දැනුම සහ අත්දැකීම් මුසු කළ යුතුයි. බොහෝ විශිෂ්ට පුද්ගලයන් තමන්ගේ විශිෂ්ට දේවල් කරන්න පටන් ගන්නේ මෙම සුවිශේෂී සංධිස්ථානයට පැමිණි පසුවයි. කෙටි කාලීන ජනප්‍රිය පුද්ගලයෙක් සහ යුග යුග නම පවතින විශිෂ්ටයෙක් අතර පවතින වෙනසද මෙයයි. විශිෂ්ටයන් තමන්ගේ හදවත කියන දේ කරන්නේ ඉතාම නිවැරැදිව වෙලාව පැමිණි පසුවයි. ඔවුන්ට කාලය ගැටලුවක් නොවේ. රොකට්ටුවක් ගුවන් ගත වන්නේ සියලු බලයන් ඊට අනුගත කළ පසුවයි.

    කැලුම් වැලිගම
    avatar
    roshana7549


    Posts : 280
    Join date : 2014-04-18

    මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න Empty Re: මාස්ටර් කෙනෙක් වෙන්න ආස අය කියවන්න

    Post by roshana7549 Wed Sep 16, 2015 7:06 am

    Very good article Nihal....

    For me, this was the best quote in the above article...
    පුහුණුව කියන්නේ ඔබ දැනටමත් හොඳ දේ දිගින් දිගටම කිරීම නොව ඔබ දැනටමත් හොඳ නැති දේ හොඳම වන තුරු කිරීමයි.

      Current date/time is Sat Jul 27, 2024 9:35 am