The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Tile - SnapshotWed Sep 28, 2022 12:45 pmකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Kavi කවි සිතුවිලි

+12
Backstage
yaka
poor boy
sashimaal
nihal123
kass
smallville
slstock
Ukboy
serene
LSE
chinwi
16 posters
Go down
avatar
serene
Top contributor
Top contributor
Posts : 4850
Join date : 2014-02-26

Kavi කවි සිතුවිලි - Page 3 Empty Re: Kavi කවි සිතුවිලි

Wed Dec 03, 2014 5:01 pm
nihal123 wrote:
serene wrote:චින්වි අයියෙ මේ අහන්න
තව රස කවි අපට දෙන්න
ඔබෙ දිරියට සවිය දෙන්න
මටත් හිතුන කවි ලියන්න

First ever කවි from me.
To appreciate chinwi's effort.
Chinwi sorry if there are any mistakes/ Pupils are still in the Kindergarten Smile

නියමයි ඔොහොම යං serene

කවි කාරයෝ පිරිලා

Slstock මුල් කවිය කියලා පැත්තකට වුනා

chinwi  ගෙන් අහගන මමත් සිංහළ කොටනවා.

Very Happy study

True Nihal
සි0හල කොටන්න කොටන්න ආස හිතෙනවා

Credit goes to Chinwi.

avatar
serene
Top contributor
Top contributor
Posts : 4850
Join date : 2014-02-26

Kavi කවි සිතුවිලි - Page 3 Empty Re: Kavi කවි සිතුවිලි

Wed Dec 03, 2014 5:07 pm
SLS / Chinwi what about වාද බයිලා class
kass
kass
Top contributor
Top contributor
Posts : 470
Join date : 2014-02-27

Kavi කවි සිතුවිලි - Page 3 Empty Re: Kavi කවි සිතුවිලි

Wed Dec 03, 2014 9:38 pm
serene wrote:චින්වි අයියෙ මේ අහන්න
තව රස කවි අපට දෙන්න
ඔබෙ දිරියට සවිය දෙන්න
මටත් හිතුන කවි ලියන්න

First ever කවි from me.
To appreciate chinwi's effort.
Chinwi sorry if there are any mistakes/ Pupils are still in the Kindergarten Smile

Nice one serene
avatar
chinwi
Top contributor
Top contributor
Posts : 999
Join date : 2014-02-23

Kavi කවි සිතුවිලි - Page 3 Empty Re: Kavi කවි සිතුවිලි

Sat Dec 06, 2014 6:10 pm
Message reputation : 100% (1 vote)
ය​-ව​-හ​-න් දෝශය​

මේක නම් සමහර අය අහල නැතුවත් ඇති.
මේකත් දැනගැනීම අත්‍යවශ්‍යයි. කවියේ  මූලිකව බලන දෝශයක් තමයි 'යවහන්' දෝශය කියන්නේ.
මේක තමයි දැන ගන්න ඕන මූලික කරුණු ලෙස   මා මෙහි දක්වන අවසන් කරුණ​.


සිවු පද  කවියක අන්තිම අකුර එකම වෙන්න අවශ්‍ය බව 'එලි සමය' ලෙස කලින් දැක්වූවා.

නමුත් එම අවසන් අකුර ය​, ව​, හ, න් නම් එය සම වූවාට මදි.
අවසන් අකුරට පෙර ඇති අකුරද පද හතරේම සම විය යුතුයි.
වෙන ලෙසකින් කිවහොත් කවියක් ය-ව-හ-න් යන අකුරු එකකින් අවසන් වේ නම් එම අවසන් අකුරට පෙර අකුරද පේලි හතරේම එකක් විය යුතුයි​.

මෙය සිංහල කවියේ මම​-මි අපි-මු වගේ බල පාන දෙයක් නිසා ඉතා වැදගත්.
මට හිතෙන ලෙස කවියක් ගායනය කිරීමේදී ඇතිවන රිද්මයේ කඩවීම් වලක්වන්න මේ රීතිය පරිනාමය වූවා වෙන්න ඇති.



මේ යවහන් දොස නැති කවියක්

සාගත වසංගත හා එන නියඟ                 වලින්
සහනය පතා වන දෙවියන් ළඟට           කෙළින්
එන මේ පිරිස සැරසීමට නුවණ               මලින්
පෙළෙඹෙන අයට අනුකම්පා කරමි          මුලින්
(විමලරත්න කුමාරගම)

කවිය අවසන් වන්නේ 'න්' අකුරින් බැවින් එයට කලින් අකුරද 'ලි' ලෙස සමානව පද හතරේම යොදා ඇත​.
මෙ ලෙස ය​,ව​,හ අකුරු වලින්  අවසන් වන කවි පද සඳහාද මෙලෙසම විය යුතු.

මේ යවහන් දෝශය සහිත කවියක්

වනෙත් ගිජිඳාය
ලිඳෙත් පණි ඳාය​
අතෙකින් දඬු බෑය​
මිනිහා පැණි කෑය​


ආධුනික කවීන් බොහෝ විට මේ දොස සහිතව ලියනව​.
නමුත් නිවැරදි දැනුම ලැබූ විට යවහන් දොස සහිත කවියක් තමන් අතින් ලියවුනත් එය  පල කරන්න යන්නෙ නෑ. ඒ මක් නිසාද යත් ඔහු එය නොදන්නා බව හෙලිවන නිසා.  

ඊට වඩා මෙම සරල නීතිය  විස්තර කිරීම අවශ්‍ය නොවන නිසා උදාහරණ දක්වමි.


යවහන් දෝශය නොමැතිව කවි ලිවීම වැදගත් කවියකු ගේ නියම ලක්‍ෂනයක් බව පෙන්වන්නට පහත කවි පන්තියේ කොටසක් දක්වමි.

මෙහි 1වන කවිය 'ය​' යන්නෙන් අවසන් වන නිසා එහි ඊට කලින් අකුර සම කල හැටි බලන්න​. දෙවන කවිය එසේ අවශ්‍ය නොවන නිසා අකුරු වෙනස් වී ඇත​.


පරිණාමා - සාගර පලන්සූරිය

ඇගෙ නෙත අහිංසක රසයට                   උල්පත ය
ඇගෙ මොළකැටි ගතිය රැඳුණේ මල්            වෙත ය
සඳ හිරු පළමු බැලුවේ ඇගෙ                 පැල්පත ය
එහි හැම තැනම මිහිරිගෙ සුරතල්                 වත ය

ඇගෙ නෙත් පහර වැද නාදලු නිලට              හැරේ
තොල් පැහැ පෙනේ ගම අහසේ බහින           ඉරේ
පවතී මිහිරි බව ඇගෙ පරිසරය                   කෙරේ
ඇය ඇති තැනදි වැඩි මීමැසි බමර              පොරේ


(රත්නපුර කළල්ඇල්ලේ පලන්සූරිය ‍මොහොට්ටාල්ලාගේ ඩිංගිරි මහත්තයා,
කළල්ඇල්ලේ ආනන්ද සාගර හිමි , K.A.S. = 'කේයස් '
සාගර පලන්සූරිය  1908-1961 )


අපේ ජන කවියා මේ නීතිය ඉතාම හොඳින් පිලිපැද්ද​.  යවහන් දොස ඇති කවි ඉතා අඩුයි.
 කතාවක් හෝ සිද්ධියක් විස්තර කිරීම සඳහා  මේතරම් පහසුවෙන් මේ වචන යොදා ගන්න ඔවුන්ට තිබුනේ පුදුම හැකියාවක්.

කම්පා නොවී   බුදු අප්පොච්චියගෙ     සැරෙන්
නෑනන් ඩියේ  අපි   පැනලා දුවමු       හොරෙන්
කණකර ටිකත් පොදි බැඳගෙන පස්ස  දොරෙන්
ළිඳ ළඟ තියෙන වට කොස් ගහ ළඟට   වරෙන්


මේ තවත් යවහන් දෝශය නැති හිටිවන කියූ කවියක්. කිව්වෙ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්.

විදුලිය කෙටුවා   වැනි  තද      වැස්සෙන්
අඟුලිය දොර ඇරුනා වැනි    කොස්සෙන්
පර ලිය ගිණි   පිඹිනේ   දෙතොලස්සෙන්
මෙම ලිය  ගිණි   පිඹිනේ   පිටි පස්සෙන්

'න්' අකුරට කලින් අකුර 'සෙ' ලෙස පොදු වී ඇත​.  එක වරම කටට ආ පමණින් කිව්වත් ය ව හ න් දෝශය නැතිව කිමට තරම් දක්‍ෂ වී ඇත​.

රාහුල හිමියන්  ගෙයක් අසලින්  වඩින විට   පිලිකන්නේ බිම දැල්වෙන​ ලිපකට පහත් වී ගිණි පිඹමින් සිටි ගැහැනියක දෙසින්  නිකුත් වූ ශබ්ධයක් ඇසී එ හිමියන් හිටි වනම කියූ කවියකි. හාමුදුරුවන්ටත් කට පියාගෙන වඩින වැඩිල්ලක් වඩින්න බැරි හැටි. !   එ හිමියන් යකුන් බැඳ ගෙන වැඩ ගත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හී අති දක්‍ෂයකු වූ නිසා මේ ගැහැනියද නො ඇසුනා සේ ඉන්න ඇති.
 
[ශාන්ත ෆ්‍රන්සිස් සේවියර් තුමා ගේ  නොදිරන දේහය ලෙස ඉන් දියාවේ ගෝවෙ තැන්පත් කර ඇත්තේ සිරි රහල් හිමියන් ගේ ශ්‍රී දේහය බව සමහරු කියති.  රාහුල හිමියන් අපවත් වූ කාලයේම ශාන්ත ෆ්‍රන්සිස් සේවියර් තුමාද ලංකාවේදී මිය ගිය අතර  එම දේහ දෙකම නැව් මගින්  ඉන් දියාවට ගෙන යාමට පෘතුගීසීහූ කටයුතු කලහ​.   විවිධ වූ රහස් මන්ත්‍ර හා වෙදකම් වල කෙල පැමිණ සිටි රාහුල හිමියන් මිය යාමට පෙර පානය කළ සිද්ධාලෝක රසය නම් දේශීය ඖෂධය නිසා එම දේහය වසර දහස් ගානක් නොදිරා පවතිලු. ශාන්ත සේවියර් තුමාගේ දේහය සති ගානක් නැවේ ගෙනයාමට නොහැකිලෙස දියවී ගිය බැවින්  ඒ වෙනුවට  රාහුල හිමියන් ගේ දේහය පෘතුගීසීන් විසින්  ඉන් දියාවේ ගොඩබා අදාල ස්ථානයට රැගෙන ගොස් සත්‍යය හෙලි නොකර බාර දී ඇති බව කියවේ.  අදත් එම දේහෙයේ නිය වැඩෙන බවත් නොදිරන බවත් විශ්වාසයයි. රාහුල හිමියන් වැඩ සිටි විහාරය අම්බලන්ගොඩ හා හික්කඩුව අතර ගාලු පාරේ තොටගමුවෙ තෙල්වත්ත හන් දියේ අදත් තිබේ.  ]
avatar
yaka
Posts : 374
Join date : 2014-02-28

Kavi කවි සිතුවිලි - Page 3 Empty Re: Kavi කවි සිතුවිලි

Sat Dec 06, 2014 11:37 pm
කුංකුණාවේ හාමුදුරුවෝ
meka mata mathak une garu thotagamuwe sri rahula hamuduruwo gana chinwi kiyapu katwa nisa unwahanse gana hoyanna gihin.(e hoyanna haduwe un wahanse kiyapu kavi gana) kunkunawe hamuduruwot godak hitivana kavi kiyala tiynwa.

chinwita mewat puluwanda danne na neda. habai puluwnnam melahatat MR dinwanna 1k kiyala ati Very Happy

http://www.lankanews.org/2014/02/blog-post_19.html
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 57
Location : Waga

Kavi කවි සිතුවිලි - Page 3 Empty Re: Kavi කවි සිතුවිලි

Sun Dec 07, 2014 6:40 am
yaka wrote:කුංකුණාවේ හාමුදුරුවෝ
meka mata mathak une garu thotagamuwe sri rahula hamuduruwo gana chinwi kiyapu katwa nisa unwahanse gana hoyanna gihin.(e hoyanna haduwe un wahanse kiyapu kavi gana) kunkunawe hamuduruwot godak hitivana kavi kiyala tiynwa.

chinwita mewat puluwanda danne na neda. habai puluwnnam melahatat MR dinwanna 1k kiyala ati   Very Happy

http://www.lankanews.org/2014/02/blog-post_19.html

Yaka Thanks with + rep nice

මේ වෙබ් එකට ගිහින් සිංහළ කොටලා බලන්න මමත් අහගත්තේ chinwi

ww.lexilogos.com/keyboard/sinhala.htm
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

Kavi කවි සිතුවිලි - Page 3 Empty Re: Kavi කවි සිතුවිලි

Sun Dec 07, 2014 12:06 pm
Thanks Chinvi. + Rep.
avatar
chinwi
Top contributor
Top contributor
Posts : 999
Join date : 2014-02-23

Kavi කවි සිතුවිලි - Page 3 Empty Re: Kavi කවි සිතුවිලි

Sun Dec 07, 2014 1:23 pm
yaka wrote:chinwita mewat puluwanda danne na neda. habai puluwnnam melahatat MR dinwanna 1k kiyala ati

Smile

ඔය සෙත්කවි හා වස් කවි වල පද දිගටම ගණ පිහිටුවන්න ඕන​. අපාය අක්‍ෂර දේව අක්‍ෂර තියෙනව​. ඒ ඒ අයගෙ නම අනුව හතුරු මිතුරු අකුරු තියෙනවලු .
එක මාත්‍රාවක් හෝ වැරදුනහොත් අදාල පුද්ගලය විතරක් නෙවි ලියපු කෙනාට ආපස්සට වදිනවලු.   මගේ හිතේ විශ්වාසයක් නැති නිසා ඒ ගැන  උත්සාහ කරන්නවත් හිතිල නෑ.

මේ ගැන වැඩි විස්තර පසුව ලියා දක් වන්නම්.
avatar
chinwi
Top contributor
Top contributor
Posts : 999
Join date : 2014-02-23

Kavi කවි සිතුවිලි - Page 3 Empty Re: Kavi කවි සිතුවිලි

Sun Dec 07, 2014 1:34 pm
I think you have effortless flow of words

චින්වි අයියෙ මේ අහන්න
තව රස කවි අපට දෙන්න
ඔබෙ දිරියට සවිය දෙන්න
මටත් හිතුන කවි ලියන්න

මේ කවියෙ මුල මැද අග නිරායාසයෙන් ගලා යන උසස් ලකුණ තියෙනව​.





Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

Kavi කවි සිතුවිලි - Page 3 Empty Re: Kavi කවි සිතුවිලි

Sun Dec 07, 2014 3:49 pm
ඒ දන්ඩේ කොටා
යන කලටා
වැටුනේය ගගටා
හුටා.

මේක මම කොහේදි හරි අහපු එකක්. විහිලුවට කියපු එකක් වගේ. කතෘ අඥාතයි. එලි සමය තිබුනත් මොකද්දෝ අඩුවක් පෙනෙනවා.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum