The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
Kavi කවි සිතුවිලි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
Kavi කවි සිතුවිලි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
Kavi කවි සිතුවිලි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
Kavi කවි සිතුවිලි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
Kavi කවි සිතුවිලි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
Kavi කවි සිතුවිලි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
Kavi කවි සිතුවිලි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
Kavi කවි සිතුවිලි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
Kavi කවි සිතුවිලි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
Kavi කවි සිතුවිලි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
Kavi කවි සිතුවිලි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
Kavi කවි සිතුවිලි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
Kavi කවි සිතුවිලි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
Kavi කවි සිතුවිලි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
Kavi කවි සිතුවිලි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
Kavi කවි සිතුවිලි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
Kavi කවි සිතුවිලි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
Kavi කවි සිතුවිලි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
Kavi කවි සිතුවිලි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
Kavi කවි සිතුවිලි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
Kavi කවි සිතුවිලි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
Kavi කවි සිතුවිලි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
Kavi කවි සිතුවිලි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
Kavi කවි සිතුවිලි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
Kavi කවි සිතුවිලි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
Kavi කවි සිතුවිලි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
Kavi කවි සිතුවිලි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
Kavi කවි සිතුවිලි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
Kavi කවි සිතුවිලි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
Kavi කවි සිතුවිලි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
Kavi කවි සිතුවිලි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
Kavi කවි සිතුවිලි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
Kavi කවි සිතුවිලි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
Kavi කවි සිතුවිලි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
Kavi කවි සිතුවිලි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
Kavi කවි සිතුවිලි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
Kavi කවි සිතුවිලි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
Kavi කවි සිතුවිලි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
Kavi කවි සිතුවිලි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
Kavi කවි සිතුවිලි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
Kavi කවි සිතුවිලි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
Kavi කවි සිතුවිලි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
Kavi කවි සිතුවිලි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
Kavi කවි සිතුවිලි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
Kavi කවි සිතුවිලි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
Kavi කවි සිතුවිලි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
Kavi කවි සිතුවිලි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
Kavi කවි සිතුවිලි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
Kavi කවි සිතුවිලි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
Kavi කවි සිතුවිලි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+12
Backstage
yaka
poor boy
sashimaal
nihal123
kass
smallville
slstock
Ukboy
serene
LSE
chinwi
16 posters

    Kavi කවි සිතුවිලි

    avatar
    chinwi
    Top contributor
    Top contributor


    Posts : 999
    Join date : 2014-02-23

    Kavi කවි සිතුවිලි Empty Kavi කවි සිතුවිලි

    Post by chinwi Sun Nov 23, 2014 1:45 pm

    Although this is not an appropriate time may I start kavi paadam from today. ...


    මේ කවි විස්තරය ලිව්වෙ කතා කරන බාසාවෙන්. හරියට ලඟ ඉන්න කෙනෙකුට කියනව වගේ. පොත් ලියන බසින් ලියන්න හැදුවත් මොකක් දෝ දුරස්ථ බවක් එන නිසා මෙහෙම ලියවෙනව​.  


    පෙර වදන


    කවි ලියන්න ඕන කියා ලියන්න ගත්තටම මුලින් එකපාරට එහෙම කරන්න අමාරු යි.
    දක්‍ෂ කවියෙකුට පවා යම් නිමිත්තක් ඕන උද්දීපනය​ -ස්ටිමියුලෙට්- වෙන්න​.
    කිසි දා කවි නොලියූ අය හිටපු ගමන් රසවත් කවීන් වෙනව යම් අත්දැකීමක් එක්ක​.
    එය බලවත් දුකක් හෝ සතුටක් විය හැකියි.  
    එසේ කවීන් උන අය පසුව ලෝක පූජිත අය වෙලා තියෙනව​.

    බොහෝ විට ආදරවන්තයො උනාම රසකාමී අදහස් එන්න පටන් ගන්නව​.
    මුලින් ඉතා අපහසුවෙන් වචන පටල ගත්ත අයට පසුව පුරුදු උනාම අදහස් ගලා ගෙන එනව​. එකිනෙක ගැලපෙන්න වචන නිරායාසයෙන් එන්න ගන්නව​. සමහර විට ගලන එක නවත්ත ගන්නත් බෑ. !

    මමත් මේකෙ කවි ගැන ලියුවත් මට යම් දෙයක් ගැන කවි ලියන්න කිව්වට ලියන්න බෑ.
    ඒත් යම් හිතට වදින දෙයක් හෝ රසවත් අවස්ථාවක් අත් දැක්කම ලියන්න පුලුවන් වෙන වෙලාවල් තියෙනව​.  

    ඒ නිසා නිකම්ම ලියන්න උත්සාහ කරල කිසිම අදහසක් හෝ වචන එන්නෙ නැති නිසා මට මේක පිහිටල නෑ කියා හිතන්න එපා.

    කවිය කියන එක විවිධ රස මතුකර ගන්න පුලුවන් දෙයක්. බොහෝ විත සෘංගාරය ඉහලින්ම මතුවෙන කවි ඉතා රසවත්ව ලිය වෙනව​. කෙලින්ම කිව්වම අසැබි දේ පවා ව්‍යංගාර්ථයෙන් කවියේ රස උතුරායමින් ලියැවෙනව​. අපේ සාහිත්‍යයේ ඒවා බොහෝයි.

    -------------------------------------------------
    සැලකිය යුතුයි.
    මේ වා මම අමුතුවෙන් ඉගෙන ගෙන නෑ. අපේ පියා සමහර වෙලාවට ළඟට ඇදල අරගෙන විස්තර කරනව​.  ඒ දවස් වල අපි ගණන් ගත්තෙ නෑ. මොන කරදරයක් ද මේ කියා.    දැන් මේ මතක් වෙන විදියට ලියන්නේ.
    ඒ නිසා වරද ඇතොත් පෙන්වා දෙන්න​.

    --------------------------------------------------


    [Start]

    කවි තියනව විවිධ විරිත් වලට ලියන්න පුලුවන්.

    මුලින්ම ඉතා ප්‍රචලිත සිවු පද ( පේලි හතරේ ) කවියක අඩංගු විය යුතු මූලික ලක්‍ෂණ :


    කවියෙක් වෙන්න නම් මාත්‍රා ගැන දැන ගැනීම ඉතා අවශ්‍යයි.
    කවියේ පේලි හතරෙම මාත්‍රා සම විය යුතුයි*.  
    ඒ කියන්නෙ කවිය කියන කොට පද වල දිග වෙනස් කියා දැනුනොත් කැතයි.
    මාත්‍රාවක් යනු ශබ්ධ කොටසක්.
    ඒ ඒ අකුරට අයත් මාත්‍රා ගනන ලියා එකතුකර බැලීමෙන් පේලියක මුලු මාත්‍රා ගණන දැනගත යුතුයි.
    පදය යන්නෙන්  අදහස් කරන්නේද​ පේලියක්.
    (* මාත්‍රා සම නොවන, ඒ ඒ පදයට නියමිත වෙනස් මාත්‍රා ඇති කවි ලියන විධිද (විරිත්) ඇත​.    ඒ ගැන පසුව දක්වන්නම්. )

    අකුරක් මාත්‍රා 1 යි. ඇදෙන අකුරක් මාත්‍රා 2 යි.
    අ, ට, ජ, වෙ, ලෙ වැනි තනි අකුරක් එක මාත්‍රාවක්. එය 'ලඝු' ලෙස හැඳින් වෙනව​.
    පා, නා, වේ, ලේ  වගේ ඇදෙන අකුරු මාත්‍රා 2 යි . 'ගුරු' ලෙස නම් වෙනව​. ​
    ලඝු , ගුරු වලට සංකේත තියෙනව​.

    මාත්‍රා සංකේත ලෙස ලියන්නෙ මෙහෙමයි.
    ලඝු = ─
    ගුරු = ∩ සංකේතය උඩු අතට හරවන්න​.    ප්‍ර ලියනකොට යටට දාන්නෙ. අන්න ඒ සංකේතය​.
     ‍ASCII නැති නිසා මෙහි පහසුව සඳහා  මා V භාවිතා කරනව​.
    හල් අකුරක් ලඝු බාගයක් ලෙස ගන්නව​. නමුත් කවියක ශබ්ධ් වන අයුරින් එය ලඝු 1 ලෙස ගැනෙනව​.

    ගුරු = V = මාත්‍රා 2 යි.
    ලඝු=  -  = මාත්‍රා 1යි.

    මේ කියපු දේ උදාහරණය දැක්කම තේරෙයි.

    උදා :

    සමර =   - - -   =  ලඝු ලඝු ලඝු  = 111 =  මාත්‍රා 3 යි.
    කාන්ති =  V - -  = ගුරු ලඝු ලඝු =  2 1 1 = මාත්‍රා 4 යි
    මාලිනී = V - V =  ගුරු ලඝු ගුරු = 2 1 2  මාත්‍රා 5 යි.

    Note:  (කාන්ති =  V - -  =  VV = මෙහි ගුරු ගුරු ලෙසද ගණ පිහිටුවීමේදී ගැනෙනව​. දැනට අවශ්‍ය නැත. පසුව දක්වමි​)


    මාත්‍රා ගණන් කිරීම පහසුවෙන්න තමයි සංකේත දෙක යොදා ගන්නෙ.
    කවි ලියන අය​ ලියපු  කවි පදේට පහලින් හෝ පැත්තෙන් ඒ සංකේත ලියල ගණන් කිරීමෙන් තමයි මාත්‍රා ගනන් කරන්නෙ. දැන් පරිගනකයේ කවි ලියන විට මම නම් අතේ ඇඟිලි වලින් තමයි මාත්‍රා ගනන් බලන්නෙ.
    හැබැයි පළ පුරුදු උනාම කවි පදේ කියනවිට ම මාත්‍රා හරිද වැරදිද කියා හිතා ගන්න පුලුවන්.


    Note:
    [මේ ගුරු ලඝු ගැන මීට වඩා හිතන්න එපා. දැනට​. මාත්‍රා ගනන් කරන හැටි දැන ගත්තම ඇති.
    ගුරු ලඝු සලකන්නෙ සෙත් කවි, වස් කවි ලියන කොට​, දරුවන් ට නම් දාන කොට​. එ මෙන්ම සමහර විරිත්  (තාල​) වලට කවි ලියන විට​.
    ඒවගේ සුභ අශුභ කම්බිනේශන් තියෙනව . මේ combinations වලට කියන්නෙ 'ගණ' කියල .
    ඒවා ඕන වෙන්නෙත් ඔය  වස් කවි සෙත් කවි වල ගණ පිහිටුවන කොට නිසා අපට දැනට​ කවි ලියන්න අවශ්‍ය නැත​. දේව අක්‍ෂර​, අපාය අක්‍ෂර ආදී ලෙස අකුරු වෙන් කරලත් තියෙනව​.  හැබැයි ඒවා ඉගෙන ගත්තොත් හම්බ කරන්න පුලුවන්. දරුවෙකුට නමක් තියන්න 5000 - 6000  ගන්න ප්‍රසිද්ධ අය ඉන්නව​.  ඒ ගැන වෙනම සටහනක් කාට හරි අවශ්‍ය නම් පසුව දාන්නම්.  ]


    දැන් කවියක මාත්‍රා බලමු.  

    මගේ හිතට සුව  ගෙන් වූ
    ඒ සුදු අයියගෙ නම බන් දූ

    මගේ හිතට සුව  ගෙන් වූ
    -V   - - -    - -    - - V
    1 2   111   11    112 = මාත්‍රා 12 යි

    ඒ සුදු අයියගෙ නම බන් දූ
    V  - -   - - - -   - -    - - V
    2  1 1   1 1 1 1    1 1    1 1 2 = මාත්‍රා 14 යි
     
    ඒ කියන්නෙ මාත්‍රා සම නෑ. ගයන කොට අමුත්තක් දැනෙනව​.
    මෙහෙම කවි ලිව්වම එම   රීතිය  නොදත් බව හෙලි වෙනව​.
    දැන් මාත්‍රා අඩු කරමු.

    ඒ අයියගෙ නම බන් දූ
    V    - - - -    - -    - - V
    2   1 1 1 1    1 1    1 1 2 = මාත්‍රා 12 යි.
    සමයි.

    මගේ හිතට සුව  ගෙන් වූ  = 12
    ඒ  අයියගෙ නම බන් දූ   = 12

    පද හතරෙම මෙසේ විය යුතු.

    හැබැයි මේ කවියේ තව දෝසයක් තියෙනව​.
    පද දෙකේ ම අන්තිම අකුර සමාන නෑ.
    ගෙන් වූ  - බන් දූ .

    ඒකට කියන්නෙ එලි සමය වරද්දල කියල​. ඒක නම් බරපතල වරදක්.
    විශේෂ විරිතක් නොමැත්තේ නම් සිවු පද ( පේලි හතරේ ) කවියක එලි සමය සමාන විය යුතුයි.

    ඔබම මෙහි  එලි සමය හරි ගස්සන්න බලන්න​.
    අරුතට ගැලපෙන සේ හා මාත්‍රා සම වන සේ  අනිත් පද දෙකත් ලියන්න​.


    මේ එළි සමය නොදැන ලියූ කවියක්.

    අන් දර වැට ලඟ ඉන්නා
    ගින් දර  ලඳ රතු නන්දා
    සුන් දර වත මට දෙන්නා
    පෙම් බර කොට මං ගන්නා
    (chinwi)
    දෙවන පදයේ එළිසමය වරද්දා ඇත​


    මේ එළි සමය සහිත කවක්

    පල ඇති රුකේ වවුලොත් එල්ලෙති පේනූ
    රුව ඇත්නම් අපටත් බස් දෙති     ගෑනූ
    දෑසින් කඳුළු බිඳු එයි නොහැකිය   වානූ
    ඉතින් මොටද මේ වයසට නැති    ගෑනූ
    (අන්දරේ)


    මතු සම්බන්ධයි......


    ඊළඟ කොටස - එළි සමය


    [Note: Please do not use + Rep system for this kind of unrelated stuff I write]


    Last edited by chinwi on Fri Nov 28, 2014 6:41 pm; edited 1 time in total
    LSE
    LSE
    Tech Contributor
    Tech Contributor


    Posts : 1321
    Join date : 2014-06-04

    Kavi කවි සිතුවිලි Empty Re: Kavi කවි සිතුවිලි

    Post by LSE Sun Nov 23, 2014 2:19 pm

    චින්වි මේ වැඩේ නම් බොහොම අගෙයි... මට කවි ලියන්න බෑ.. එත් ඔන්න කිව්ව විදියට මම එළිසමයත් දාල ඉතුරු  පද දෙකත් සම්පූර්ණ කලා... මේකෙ හරි වැරදි බලල කියන්න පුළුවන්ද...?

    මගේ හිතට සුව කැන් දූ
    ඒ අය්යගෙ නම බන් දූ
    ආදරයෙන් මම රැන් දූ
    ඔබමයි මට සිරි කැන් දූ

    ස්තූතියි...
    studystudystudy
    LSE
    LSE
    Tech Contributor
    Tech Contributor


    Posts : 1321
    Join date : 2014-06-04

    Kavi කවි සිතුවිලි Empty Re: Kavi කවි සිතුවිලි

    Post by LSE Sun Nov 23, 2014 2:28 pm

    මෙන්න මගෙන් හිටිවන කවියක්...

    කාගෙත් කෙරුවාව ටික ටික එළි     වෙනවා
    කට්ටිය කලබලෙන් එහෙ මෙහෙ දුව    යනවා
    යනවද ඉන්නවද කියමින් ලත    වෙනවා
    තව ටික දවසකින් ඔක්කොම නැති    වෙනවා
    (LSE)

    ස්තූතියි...
    studystudystudy


    Last edited by LSE on Sun Nov 23, 2014 2:33 pm; edited 1 time in total
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    Kavi කවි සිතුවිලි Empty Re: Kavi කවි සිතුවිලි

    Post by serene Sun Nov 23, 2014 2:31 pm

    Thanks Chin.
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    Kavi කවි සිතුවිලි Empty Re: Kavi කවි සිතුවිලි

    Post by serene Sun Nov 23, 2014 2:32 pm

    LSE wrote:චින්වි මේ වැඩේ නම් බොහොම අගෙයි... මට කවි ලියන්න බෑ.. එත් ඔන්න කිව්ව විදියට මම එළිසමයත් දාල ඉතුරු  පද දෙකත් සම්පූර්ණ කලා... මේකෙ හරි වැරදි බලල කියන්න පුළුවන්ද...?

    මගේ හිතට සුව කැන් දූ
    ඒ අය්යගෙ නම බන් දූ
    ආදරයෙන් මම රැන් දූ
    ඔබමයි මට සිරි කැන් දූ

    ස්තූතියි...
    studystudystudy

    Not Bad LSE. Keep it up.
    bounce Basketball cheers
    avatar
    Ukboy
    Top contributor
    Top contributor


    Posts : 360
    Join date : 2014-02-28

    Kavi කවි සිතුවිලි Empty Re: Kavi කවි සිතුවිලි

    Post by Ukboy Sun Nov 23, 2014 2:32 pm

    Chinwi ඔබට ඉස්තුති. 
    මම කවදාවත් කවි ලියපු කෙනෙක් නම් නෙමේ. අඩුම ගානේ පරණ කෙල්ලන්ටවත් , wife ගැනවත් හෝ ජොලියටවත් කවි ලියලා නැහෙ. 
    පොඩි උත්සහයක්  දාන්නම් 
    LSE
    LSE
    Tech Contributor
    Tech Contributor


    Posts : 1321
    Join date : 2014-06-04

    Kavi කවි සිතුවිලි Empty Re: Kavi කවි සිතුවිලි

    Post by LSE Sun Nov 23, 2014 2:48 pm

    අදහස් ගලාගෙන එනකොට නොලිය ඉන්නෙ කොහොමද මම...? මෙන්න තව එකක්...

    නිතඹ සලා දුව එන විට මගෙ    ලගට
    නාරි ලතා මල පරදි ඔබෙ    රුවට
    කැන්දා ගෙන අවුත් ඔබ මාගේ    ලගට
    ඉතින් කියමි මගෙ ආදරබස්    නුඹට
    (LSE)

    ස්තූතියි...
    studystudystudy
    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    Kavi කවි සිතුවිලි Empty Re: Kavi කවි සිතුවිලි

    Post by slstock Sun Nov 23, 2014 3:11 pm

    Alright here is mine...

    චින්විගෙ කවි මඩුවත් දැන් ඇරඹෙන්නේ
    හිච්චි නගේ හනිකට මෙහෙ දුවපන්නේ
    පිච්චිය නැති අප හට කවි කියපන්නේ
    ඔබෙ සීපද රැව්දී දුක නැතිවන්නේ


    _________________
    Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
    Please read : https://forum.lankaninvestor.com/t1548-important-warning-and-message
    ---------
    smallville
    smallville
    Top contributor
    Top contributor


    Posts : 1872
    Join date : 2014-02-23
    Location : Trying to figure out..

    Kavi කවි සිතුවිලි Empty Re: Kavi කවි සිතුවිලි

    Post by smallville Sun Nov 23, 2014 3:14 pm

    LSE wrote:චින්වි මේ වැඩේ නම් බොහොම අගෙයි... මට කවි ලියන්න බෑ.. එත් ඔන්න කිව්ව විදියට මම එළිසමයත් දාල ඉතුරු  පද දෙකත් සම්පූර්ණ කලා... මේකෙ හරි වැරදි බලල කියන්න පුළුවන්ද...?

    මගේ හිතට සුව කැන් දූ
    ඒ අය්යගෙ නම බන් දූ
    ආදරයෙන් මම රැන් දූ
    ඔබමයි මට සිරි කැන් දූ

    ස්තූතියි...
    studystudystudy

    පට්ට නේ.. බැහැයි කිව්වට ඔය යස අගේට කියලා තියෙන්නෙ..

    ඔන්න අමාරුවෙන් තව පද හතරක් එක් කලා.. හරිද දන්නෙත් නෑ..

    මගේ හිතට සුව කැන් දූ
    ඒ අය්යගෙ නම බන් දූ
    ආදරයෙන් මම රැන් දූ
    ඔබමයි මට සිරි කැන් දූ

    ඉඟියෙන් අප මන බැන් දූ
    අදරයකි සුව රැන් දූ
    මා කැන්දන් ආ බන් දූ
    කියනව දැන් තව සින් දූ


    _________________
    I take risks as a Trader and I select stocks based on Tech and daily Cash in/out. Therefore, my methods may not suit u.. so DYO analysis before making any decisions.
    kass
    kass
    Top contributor
    Top contributor


    Posts : 470
    Join date : 2014-02-27

    Kavi කවි සිතුවිලි Empty Re: Kavi කවි සිතුවිලි

    Post by kass Sun Nov 23, 2014 6:25 pm

    Great post Chinwi, Nice Kavi by all I'm  also trying to write my first Kavi
    avatar
    chinwi
    Top contributor
    Top contributor


    Posts : 999
    Join date : 2014-02-23

    Kavi කවි සිතුවිලි Empty Re: Kavi කවි සිතුවිලි

    Post by chinwi Sun Nov 23, 2014 8:14 pm

    Thanks everybody for the support.
    ඔය ඉන්නෙ කවි කාරයො ! නියමයි නේ.
    කැන් දූ, බන් දූ, රැන් දූ , ලන් දූ ඔය එන්නෙ නියම කවි හැකියාව​


    @ LSE
    මේ ඇත්තමයි
    ඊළඟ කොටසට මම දාන්න ලියල තිබුනෙත්

    මගේ හිතට සුව කැන් දූ
    ඒ අය්යගෙ නම බන් දූ

    කියලම තමයි !

    --
    මේ අයිය ක්‍රිකට් ගහන කෙනෙක් . ඉතින් නගාට මෙහෙමත් කියවෙනව​

    මගේ හිතට සුව  කැන් දූ
    සුදු අයියගෙ නම බන් දූ
    කියැවෙනවා මට සින් දූ
    අයිය ගහන විට පන් දූ  Smile
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    Kavi කවි සිතුවිලි Empty Re: Kavi කවි සිතුවිලි

    Post by serene Sun Nov 23, 2014 8:25 pm

    Great Guys
    Keep it up
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    Kavi කවි සිතුවිලි Empty Re: Kavi කවි සිතුවිලි

    Post by nihal123 Sun Nov 23, 2014 8:35 pm

    Mara kavi karayo tikak ne metana enne

    Very Happy Very Happy Very Happy

    chinwi & LSE lassanai.
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    Kavi කවි සිතුවිලි Empty Re: Kavi කවි සිතුවිලි

    Post by sashimaal Tue Nov 25, 2014 3:50 pm

    Kavi කවි සිතුවිලි 14551010

    තොගෙ දෑස දුටුවාම ගැහෙනවා පෙර සේම
    උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
    බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හිනැහෙන්නේ
    මට දෙන්න මගෙ සිහිනේ කරගන්න පෙරවාගේ...//

    රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
    තරු පවා හඬනවා ‍ඔබට නෑ තේරෙන්නේ
    තෙවන වර හිමි නැතිද අහනවා හිත මාගේ
    ම‍ට දෙන්න මගෙ සිහිනේ කරගන්න පෙර වාගේ...

    තොගෙ දෑස දුටුවාම..//

    පෙර එදා හමුවෙලා හිටිය හැටි මුදු පහසේ
    විදිනවා දකිනවා නිහඩ රෑ දුර අහසේ
    දුරම මිස ලඟ නැතිද අහනවා නෙතුමාගේ
    කවදාද ඔබ වෙන්නේ නැතුවාද මම වෙන්නෙ

    තොගෙ දෑස දුටුවාම..//

    -විමාශ සිල්වා-
    avatar
    poor boy
    Active Member
    Active Member


    Posts : 766
    Join date : 2014-10-09

    Kavi කවි සිතුවිලි Empty Re: Kavi කවි සිතුවිලි

    Post by poor boy Tue Nov 25, 2014 4:49 pm

    maru kavi paadama,thanks

    me kale hondai kavi kiya kiya inna.market eka eka vidiyak venakan.
    LSE
    LSE
    Tech Contributor
    Tech Contributor


    Posts : 1321
    Join date : 2014-06-04

    Kavi කවි සිතුවිලි Empty Re: Kavi කවි සිතුවිලි

    Post by LSE Tue Nov 25, 2014 5:18 pm

    යාළුවනේ...

    කාලය හොදයි තව කවි පද      මුමුනන්න
    කලබල නොවී ඔබෙ හිත දැඩි      කරගන්න
    යා යුතු මග දුරයි ඔබ සැම      දැනගන්න
    ඉදිරිය සුභයි අලුතින් වැඩ      අරඹන්න
    (LSE)

    ස්තූතියි...
    study study study
    sashimaal
    sashimaal
    Top contributor
    Top contributor


    Posts : 5785
    Join date : 2014-02-28

    Kavi කවි සිතුවිලි Empty Re: Kavi කවි සිතුවිලි

    Post by sashimaal Tue Nov 25, 2014 5:19 pm

    Smile, +

    LSE wrote:යාළුවනේ...

    කාලය හොදයි තව කවි පද      මුමුනන්න
    කලබල නොවී ඔබෙ හිත දැඩි      කරගන්න
    යා යුතු මග දුරයි ඔබ සැම      දැනගන්න
    ඉදිරිය සුභයි අලුතින් වැඩ      අරඹන්න
    (LSE)

    ස්තූතියි...
    study study study
    kass
    kass
    Top contributor
    Top contributor


    Posts : 470
    Join date : 2014-02-27

    Kavi කවි සිතුවිලි Empty Re: Kavi කවි සිතුවිලි

    Post by kass Tue Nov 25, 2014 11:12 pm

    chinwi wrote:Thanks everybody for the support.
    ඔය ඉන්නෙ කවි කාරයො ! නියමයි නේ.
    කැන් දූ, බන් දූ, රැන් දූ , ලන් දූ ඔය එන්නෙ නියම කවි හැකියාව​


    @ LSE
    මේ ඇත්තමයි
    ඊළඟ කොටසට මම දාන්න ලියල තිබුනෙත්

    මගේ හිතට සුව කැන් දූ
    ඒ අය්යගෙ නම බන් දූ

    කියලම තමයි !

    --
    මේ අයිය ක්‍රිකට් ගහන කෙනෙක් . ඉතින් නගාට මෙහෙමත් කියවෙනව​

    මගේ හිතට සුව  කැන් දූ
    සුදු අයියගෙ නම බන් දූ
    කියැවෙනවා මට සින් දූ
    අයිය ගහන විට පන් දූ  Smile

    මෙන්න බන්දු අය්යාගේ කවිය

    ආදරෙ  මගෙ හද රැන්  දු
    ඔබ ඉන්නා විට ඉන්   දු
    ආවත් වේගෙන් පන්  දු
    ගන්නේ නෑ මම බින්  දු
    avatar
    chinwi
    Top contributor
    Top contributor


    Posts : 999
    Join date : 2014-02-23

    Kavi කවි සිතුවිලි Empty Re: Kavi කවි සිතුවිලි

    Post by chinwi Tue Nov 25, 2014 11:17 pm

    mara creative ne !
    avatar
    yaka


    Posts : 374
    Join date : 2014-02-28

    Kavi කවි සිතුවිලි Empty Re: Kavi කවි සිතුවිලි

    Post by yaka Wed Nov 26, 2014 2:22 am

    I never wrote kavi and knew nothing. but sometime I had a feeling what you could say 'kavi sithuvili'. thanks chinwi for this really interesting and looking forward for your next lessons.
    menna mage try 1

    MAGE HITATA SUWA KANDU
    A AIYAGE NAMA BANDU
    MAGE ADARA HITA RANDU
    OHU HATA DEMI AMA BINDU

    bounce seems to me all are in 12. unfortunately I can't type sinhala font. can someone help me with that?
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    Kavi කවි සිතුවිලි Empty Re: Kavi කවි සිතුවිලි

    Post by serene Wed Nov 26, 2014 7:37 am

    Niyamai LSE, Kass and Yaka.
    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

    Kavi කවි සිතුවිලි Empty Re: Kavi කවි සිතුවිලි

    Post by Backstage Wed Nov 26, 2014 8:47 am

    getting better and better, maybe I will chance my arm this weekend. Thanks Chin and all, for making the forum richer in another sense.
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    Kavi කවි සිතුවිලි Empty Re: Kavi කවි සිතුවිලි

    Post by serene Wed Nov 26, 2014 9:01 am

    Love to try but first have to familiar with using of Sinhala fonts.
    slstock
    slstock
    Veteran
    Veteran


    Posts : 6216
    Join date : 2014-06-12

    Kavi කවි සිතුවිලි Empty Re: Kavi කවි සිතුවිලි

    Post by slstock Wed Nov 26, 2014 9:06 am

    Bloody hell.  Nobody remembers me now :-P for giving the start to Kavi, and Chinwi getting inspired to post this wonderful article.
    Typical sri lanka attitude. Shoo shoo .. don't want anyone of you near me

    ( this is all in good humor  )


    Last edited by slstock on Wed Nov 26, 2014 9:09 am; edited 1 time in total


    _________________
    Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
    Please read : https://forum.lankaninvestor.com/t1548-important-warning-and-message
    ---------
    Backstage
    Backstage
    Top contributor
    Top contributor


    Posts : 3803
    Join date : 2014-02-24

    Kavi කවි සිතුවිලි Empty Re: Kavi කවි සිතුවිලි

    Post by Backstage Wed Nov 26, 2014 9:07 am

    Backstage wrote:getting better and better, maybe I will chance my arm this weekend. Thanks Chin and all, for making the forum richer in another sense.

      Current date/time is Sat Jul 27, 2024 9:26 am