The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි Empty කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි

    Post by nihal123 Fri Nov 14, 2014 6:01 am

    කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි
    0 November 12, 2014 2:05 am Hits(271)


    අපි කවුරුත් දන්න විදියට රිචර්ඩ් බ්‍රැන්සන් කියන්නෙත් ලොව අංක එකේ ව්‍යවසායකයෙක්. සේවක සේවිකාවන් 50,000කට ආසන්න ප්‍රමාණයක් සේවයේ යෙදිලා ඉන්න වර්ජින් සමූහ ව්‍යාපාරයේ හිමිකාරිත්වය දරන බ්‍රැන්සන් ලොව වැඩිම අවදානම් දරන ව්‍යාපාරිකයකු විදියට තමයි ප්‍රසිද්ධ. ඉතා සාර්ථක ව්‍යාපාරිකයකු වන බ්‍රැන්සන් නිරන්තරවම අනෙක් අයට යමක් කියලා දෙන්න වැඩි කැමැත්තක් දක්වන කෙනෙක්. දැන් වයස අවුරුදු 70ක් වුණත්, කොණ්ඩේ ලස්සනට වවලා, තාමත් ඉලන්දාරියෙක් වගේ කඳු තරණය කරමින්, පිහිනුම් තරගවලට සහභාගි වෙමින් ජීවිතය දිගේ රැඩිකල් ගමනක් ඔහු යනවා. වරක් සරසවි ශිෂ්‍යයෙක් රිචර්ඩ් බ්‍රැන්සන්ට ලිපියක් යොමුකරමින් ඇහුවේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක්.


    'මම කැලිෆෝනියානු රාජ්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. උපාධි ප්‍රදානෝත්සවය දැන් අවසන්. මගේ යාළුවෝ සියල්ලම ඊළඟට කරන්න ඕන මොනවද කියලා හිතමින් තමයි මේ දවස්වල ඉන්නේ. ඒත් එහෙම හිතන්නේ නැති එකම කෙනා මම වෙන්න ඇති. ඔබ කොහොමද අනාගත රැකියාව වශයෙන් කළ යුතු දේ තීරණය කළේ?'
    ට්‍රේවෝර්, ඇමෙරිකා එක්සත් ජනපදය
    පහත දක්වලා තියෙන්නේ ඒ සරසවි ශිෂ්‍යයාගේ ගැටලුවට රිචර්ඩ් බ්‍රැන්සන් දුන්න පිළිතුර. රිචර්ඩ් බ්‍රැන්සන් තමන්ගේ ඇතුළු හඬට සවන් දීලා ඔහුගේ සුවිශේෂ දක්ෂතා හඳුනාගෙන කටයුතු කරපු ආකාරය එයින් මනාව පැහැදිලි වෙනවා.


    'මම පාසලෙන් ඉවත්වුණේ 1967දී. එතකොට මගේ වයස යාන්තමට අවුරුදු 17යි. මම පාසලෙන් ඉවත්වෙන දවසේ විදුහල්පතිතුමා මට කිව්ව දේ තාමත් මතකයි. කිව්වේ සුබ පැතුම් බ්‍රැන්සන්. මට හිතෙනවා කවදාහරි තමුසේ හිරකාරයෙක් වෙයි. නැත්නම් කෝටිපතියෙක් වෙයි. ඒත් මට පුළුවන් වුණා විදුහල්පතිතුමා කිව්ව පළමුවැනි අදහස වැරැදියි කියලා ඔප්පු කරන්න. මම හිරකාරයෙක් නම් වුණේ නැහැ. ඒත් මම කෝටිපතියෙක් වුණා.


    කොහොමහරි පාසලෙන් ඉවත් වෙනකොට අනාගතය පිළිබඳ ලොකු හැඟීමක් මට ඇත්තටම තිබුණේ නැහැ. ඒත් මම ඊළඟට කරන්න ඕන වැඩේ මොකද්ද කියලා සරල අදහසක් විතරක් මට තිබුණා. මට අවශ්‍ය වුණේ ශිෂ්‍ය සඟරාවක් (ඉබභඤඥදබ ර්චඨචලඪදඥ) ආරම්භ කරන්න. ඉතිං අපි ඉතාම සුළුවට සඟරාව මුද්‍රණය කරලා බෙදාහරින්න තීරණය කළා. ශිෂ්‍ය සඟරාව පටන් ගන්න අවස්ථාවේ මට අවශ්‍ය වුණේ ජනමාධ්‍යවේදියෙක් වෙන්න. ඒත් සඟරාවේ මූල්‍ය කටයුතු සහ නිෂ්පාදන කටයුතු තමයි මට වැඩිපුරම බලන්න සිද්ධ වුණේ. ඒ නිසා මම ලියන එක ටිකෙන් ටික අඩු කළා. ඒත් සම්මුඛ සාකච්ඡා වගේ දේවල් දිගටම කළා. ටික කාලයක් යද්දී මටම තේරුණා මම වඩා දක්ෂ ව්‍යාපාරික පැත්තට කියලා. ඔබ විශ්වාස නොකරයි. අපි අපේ සඟරාවේ පළමුවැනි පිටපත් 50,000 බෙදාහැරියේ නොමිලේ. අපි වෙළෙඳ දැන්වීම් අමාරුවෙන් හොයාගත්ත නිසා සඟරාව පාරිභෝගිකයන්ට නොමිලේ දෙන්න හැකියාව ලැබුණා. ඒ පුංචි සඟරාව කරන කාලයේ ගත්ත අත්දැකීම් තමයි පසුකාලීනව මට සමාගම් 200කට වැඩි ප්‍රමාණයක් සහිත වර්ජීන් සමූහය පාලනය කරද්දී ප්‍රයෝජනවත් වුණේ.


    ශිෂ්‍ය සඟරාව කරද්දී තමයි මම මුලින්ම කළමනාකරුවකුගේ චරිතයට ආවේ. අපි සඟරාව කළේ මුදල් ඉපයීමේ අරමුණෙන් නෙවෙයි. අමුතු අත්දැකීමක් ගන්න. ඒ වගේම අපේ නිර්මාණශීලී දක්ෂතා ඔප්නංවාගන්න. සඟරාවේ කටයුතු පටන්ගෙන වසර තුනකට පසු අපි සංගීත පටිගත කිරීමේ ව්‍යාපාරයක් පටන් ගත්තා. අපි අපේ ව්‍යාපාරයේ සන්නම ඍඪපඨඪද කියලා නම් කළා. ඇත්තටම ඒ නමට ගොඩක් අය මුලදී අකැමැති වුණා. එහෙත් අපිට පුළුවන් වුණා ගැහැනු ගතියක් සහ සරාගී ගතියක් තියෙන ඒ අමුතු සන්නමට දැවැන්ත ප්‍රතිරූපයක් එක්කරන්න. අපි ඔක්කොම තරුණයෝ. අපි ඔක්කොම අලුත්. ඒක නිසා තමයි අපි අලුත් නැවුම් ගතිය නිරූපණය වෙන වර්ජීන් කියන සන්නම යොදාගන්න කල්පනා කළේ. අපේ පටිගත කළ සංගීත තැටි විකිණීමේ වැඩේ නැඟලා ගියා. ඒ වගේම අපි තව තවත් දක්ෂ තරුණයන් වැඩි මුදලක් දීලා සමාගමට එකතු කරගත්තා. ඒ වගේම අපි අපේ පාරිභෝගිකයන්ට බලෙන් භාණ්ඩ විකිණීම කළේ නැහැ. අපි පාරිභෝගිකයන්ට වැඩි වාසි ලබාදෙමින් ඔවුන් අපි වෙතට යොමු කර ගත්තා.


    ඇත්තටම මගේ කළමනාකරණ සහ ව්‍යාපාරික කුසලතා ගැන ලොකු විශ්වාසයක් ඒ කාලේ මට තිබුණේ නැහැ. ඒත් ඕනෑම අභියෝගයක් කිසිදු චකිතයකින් තොරව භාරගන්න මම සූදානමින් හිටියා. අභියෝග භාරගැනීමේ පුරුද්ද ඇති කළේ මගේ ආදරණීය අම්මා. ඇය මටයි නංගිටයි ස්වාධීනව වැඩ කරන්න අවශ්‍ය පසුබිම සකස් කළා. අපි කරන දඟ වැඩවලට ඇය බැන්නේ නැහැ. තව තවත් ඇය අපිව දිරිමත් කළා. පුංචි කාලේ ඉඳලම මම මැරතන් තරග, කඳු නැඟීම වගේ වෙහෙසකර අභියෝගාත්මක ක්‍රීඩා කළා. අම්මා අපි ඒවට යොමු කළා.


    ඒ නිසා මගේ අභියෝග ඉතා ප්‍රායෝගිකයි. පාසලේදී මගේ ඇස් පෙනීමේ දුර්වලතාව නිසා පැහැදිලිව අකුරු ලිවීමට නොහැකිවීම මම පාසල් කාලයේදී මුහුණ දුන්න ලොකු ප්‍රශ්නයක්. එයින් ලද පසුබෑම නිසා අධ්‍යාපන කටයුතු කරගෙන යන්න මට දැවැන්ත අරගලයක් කරන්න සිද්ධ වුණා. ඒ කාලේ අධ්‍යාපන රටාව ශිෂ්‍යයාගේ ගැටලු විස¼දමින් ශිෂ්‍යයාව ඉදිරියට ගන්න සමත් වුණේ නැහැ. අධ්‍යාපනය මගෙන් දුරස් වුණත් ජීවිතයේ සතුට මම මගෙන් දුරස්කර ගත්තේ නැහැ. පන්ති කාමරයට වෙලා මම සරල ව්‍යාපාරික සැලසුම් සකස් කළා. පාසල් කාලේ පොඩි පොඩි බිස්නස් කළා. ඕස්ට්‍රේලියානු ගිරවන් ඇති කිරීම, නත්තල් ගස් සැකසීම වගේ දේවල්.
    ඇත්තටම අපි වැඩ කළේ හරිම සතුටින්. නිතරම බයක් සැකක් නැතිව අලුත් දේවල් අත්හදා බැලුවා. අපේ ව්‍යාපාරය බලන් ඉද්දි දියුණුවෙන්න පටන්ගත්තේ අපේ දැවැන්ත කැපවීමේ ප්‍රතිඵලයක් විදියට. රාත්‍රී සමාජ ශාලාවේ සිට ගුවන් සේවාව දක්වා අපේ ව්‍යාපාරය විවිධාංගීකරණය වුණා. මේ සියලු සාර්ථකත්වයන් පසුපස තියෙන රහස තමයි අපේ සමාගමේ තරුණ ජවය. අපි සතුටින්, ඒ වගේම වැඩියෙන් ගොඩක් මහන්සි වෙලා වැඩකළා.


    ආපසු හැරිලා ජීවිතය දෙස බලද්දී මට නම් හිතෙන්නෙ මම කිසියම් නිශ්චිත ක්‍ෂේත්‍රයක රැකියාවක් හොයාගෙන ගිය කෙනෙක් නෙවෙයි. මම කළේ මගේ හිත මට කරන්න කියලා කියපු දේවල්. මගේ ව්‍යාපාරය කරගෙන යද්දී පවා මම හිතන්නේ පාරිභෝගිකයාට වැදගත් වන වෙනසක් කරන ආකාරයක් ගැන පමණයි.
    ඔබ වගේ තරුණ පරපුර අද හිතන්නේ අනාගතයේ කරන්න ඕන රැකියාව ගැන කියලා මම දන්නවා. අද සාම්ප්‍රදායික ව්‍යාපාර සහ රාජ්‍ය ආයතන ඉන්නේ ලොකු ප්‍රශ්නයක. ඒ වගේම අන්තර්ජාලය අලුත් අවස්ථා නිර්මාණය කරන ජාත්‍යන්තර වෙළෙඳපොළක්. චීනය, ඉන්දියාව, බ්‍රසීලය වගේ රටවල් තමයි දැන් ඉදිරියට එන්නේ.

    ඇත්තටම ලෝකය වේගයෙන් වෙනස් වෙනවා. මේ වෙනස් වෙන ලෝකය තුළ ඉඩක් ගන්න නම් ඔබ නිතරම ඔබේ දැනුම ප්‍රායෝගිකව යොදන්න පුරුදු වෙන්න ඕන. ඒ වගේම ඔබ ඇත්තටම කැමැති දේවල් කරන්න බලන්න. ඔබ සංගීතයට කැමැති වුණත් ඔබට තාලයට ගීතයක් ගයන්න බැරිවෙන්න පුළුවන්. නමුත් ඔබට එම ක්‍ෂේත්‍රයේ ව්‍යාපාරික පැත්ත මෙහෙයවන්න අවධානය යොමුකරවන්න පුළුවන්. උපාධිධාරියෙක් වූ ඔබට රැකියාව ගැන අදහසක් නැහැ කියලා දුක්වෙන්න එපා. ඒක ළඟදීම උත්සාහ කළොත් ලැබෙයි. රැකියා ජීවිතයට ඇතුළු වුණාම කැපවීමෙන් වැඩකරන්න. ඒ වගේම ලැබෙන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගන්න. අවස්ථා කියන්නේ හරියට බස් වගේ, එකක් යනකොට තව එකක් එනවා.'


    රිචර්ඩ් බ්‍රැන්සන්ගේ ඒ කතාව ඉතාම වටිනවා. සෑම ක්‍ෂේත්‍රයකම සුවිශේෂ දක්ෂතා හිමි පුද්ගලයන්ට ඉහළ ඉල්ලුමක් වගේම ඉහළ මිලක් හිමිවෙනවා. මොකද කෙනකුගේ දක්ෂතා සහ හැකියාවන් අනුකරණය කරන්න පුළුවන් වුණත් සුවිශේෂ දක්ෂතා සහ හැකියාවන් අනුකරණය කරන්න බැහැ. චිත්‍ර ශිල්පියෙක්ට මොනාලිසා සිතුවම ඒ ආකාරයටම අඳින්න පුළුවන්. නමුත් කාටවත් ලියනාඩෝ ඩාවින්සි ඇන්ද මොනාලිසා අඳින්න බැහැ.
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි Empty Re: කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි

    Post by serene Fri Nov 14, 2014 7:44 am

    Thanks Nihal for sharing.
    avatar
    yellow knife
    Top contributor
    Top contributor


    Posts : 6980
    Join date : 2014-03-27

    කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි Empty Re: කවදා හරි තමුසෙ හිරකාරයෙක් වෙයි නැත්නම් කෝටිපතියෙක් වෙයි

    Post by yellow knife Fri Nov 14, 2014 7:51 am

    Thanx Nihal

    Losing My Virginity and Business Screwed Bare are two books written by him. When I read the books I became so surprised on the subjects he discuss in his book. He has read a lot and a superb net-worker. He managed to help hostages in Iraq wars made Mandela to meet Dalai Lama...

      Current date/time is Sun Sep 01, 2024 6:33 am