- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
පසුගිය සතියේ දී කොටස් වෙළෙඳපොළෙන් රු. බිලියන 3.5 ක ශුද්ධ විදේශීය ගලා යාමක්
May, 16, 2020
කොළඹ කොටස් වෙළෙඳපොළ යම්තාක් දුරකට බලාපොරොත්තු දල්වන ලද සතියක නිමාව ඊයේ (15) දින සටහන් විය.
සති 7 ක් පුරාවට ගනුදෙනු සඳහා විවෘත නොවුණු කොටස් වෙළෙඳපොළ පසුගිය මැයි 11 සඳුඳා දින ගනුදෙනු සඳහා විවෘත වුව ද එදින දෛනික ගනුදෙනු තත්තපර 38 කට පමණක් සීමා වූයේ ලොව මෙතෙක් දිනයක් තුළ අඩුම කාලයක් ගනුදෙනු සඳහා විවෘත වී තිබුණු කොටස් වෙළෙඳපොළ අතරට කොළඹ කොටස් වෙළෙඳපොළ ද එක්කරමිනි. කොටස් වෙළෙඳපොළ නවතම නියාමනයන්ට අනුව යම් දිනයක ගනුදෙනු කාලය අතරවාරයේ දී S&P SL20 දර්ශකය 10% ක ප්‍රමාණයකින් පහළ ගියහොත් එදිනට කොටස් ගනුදෙනු අත්හිටුවීමට තීරණය කර තිබීම මෙලෙස මැයි 11 සඳුදා දින දෛනික ගනුදෙනු තත්පර 38 කට සීමා වීමට හෙතුවිය.
මෙම සතිය ආරම්භයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 4,571.63 ක් ලෙසින් සටහන් ව තිබුණු අතර මැයි 15 ගනුදෙනු අවසානයේ දී එය ඒකක 4,439.04 ක් ලෙසින් වාර්තා විය. එසේම සතිය ආරම්භයේ දී ඒකක 1,947.42 ක් ලෙසින් දැක්වුණු S&P SL20 දර්ශකය සතිය අවසානයේ දී සටහන් වූයේ ඒකක 1,755.51 ක් ලෙසිනි. මේ අනුව සමස්තයක් වශයෙන් ගත් කල පසුගිය සතිය තුළ දී සියලු කොටස් මිල දර්ශකය පූර්ව සතියට සාපේක්ෂව 2.9% කින් සහ S&P SL20 දර්ශකය 9.85% කින් පහළ ගොස් තිබේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූයේ සතියේ ආරම්භක දින දෙක තුළ දී සියලු කොටස් මිල දර්ශකය පිළිවෙලින් 3.92% ක් හා 3.29% ක් බැගින් පහළ යාම සහ S&P SL20 දර්ශකය පිළිවෙලින් 9.60% ක් හා 4.26% ක් බැගින් පහළ යාමයි.
කෙසේ වෙතත් මැයි 13 බදාදා දින කොටස් වෙළෙඳපොළට යහපත් දිනයක් විය. එදින සියලු කොටස් මිල දර්ශකය ඒකක 119.30 ක වාර්තාගත ඉහළ යාමක් සනිටුහන් කළ අතර එය 2.81% ක වර්ධනයකි. මෙය 2018 වසරේ නොවැම්බර් මාසයෙන් පසු සියලු කොටස් මිල දර්ශකයේ තනි දිනක් තුළ වාර්තා වූ ඉහළම ප්‍රතිශතාත්මක වර්ධන අගය ද වේ. එසේම 2019 ජූලි මාසයෙන් පසු S&P SL20 දර්ශකය තනි දිනක් තුළ ඉහළ ගිය වැඩිම ප්‍රතිශතාත්මක අගය වාර්තා කරමින් මෙදින 2.59% ක ඉහළ යාමක් වාර්තා කළේය. මෙම වාර්තාව අලුත් කරමින් ඊයේ 915) දින S&P SL20 දර්ශකය 2.84% කින් ඉහළ ගියේය.
2020 මැයි 11-15 සතිය තුළ දක්නට ලැබුණු තවත් කැපී පෙනෙන සිදුවීමක් නම් රුපියල් බිලියන 3.5 ක් ඉක්මවූ ශුද්ධ විදේශීය ගලා යාමක් වාර්තා වීමයි. මෙම සතිය තුළ විදෙස් ආයෝජකයින් විසින් රු. බිලියන 1.58 ක කොටස් මිල දී ගෙන තිබුණු අතර රු. බිලියන 5.09 ක කොටස් විකුණා තිබිණ. සතිය තුළ වාර්තා වූ සමස්ත පිරිවැටුම රු. බිලියන 9.6 කි.
මෙම සතිය තුළ දී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් මිල රු. 115.40 සිට රු. 80.50 දක්වා 30% කින් අඩු වීම මිල දර්ශක පහළ වැටීම කෙරෙහි වැඩි වශයෙන් හේතු විය. කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම් අතුරින් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව දෙවැනියට විශාලතම සමාගම වන්නේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමයි. එබැවින් එහි කොටස් මිල උච්ඡාවචනය වීම මිල දර්ශක කෙරෙහි ඉහළ සංවේදිතාවයක් දක්වනු ලබයි.
මැයි 12 දින සිදු වූ වටවල වැවිලි සමාගමේ රු. බිලියන 3 ක කොටස් ගනුදෙනුව, මෙම සතිය තුළ සිදු වූ විශාලතම තනි ගනුදෙනුව වන අතර එහිදී සමාගමේ කොටස් මිලියන 150 ක් රු. 20.00 බැගින් හුවමාරු විය. වාර්තා වන අන්දමට මෙය සමාගමට සම්බන්ධිත අභ්‍යන්තර පාර්ශව දෙකක් අතර වූ ගනුදෙනුවකි.
සමස්තයක් වශයෙන් සැලකූ විට 2020 මැයි 15 දිනෙන් අවසන් වූ සතිය අවසානයේ දී වසර ආරම්භයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකය 27.58 කින් හා S&P SL20 දර්ශකය 40.23% කින් පහළ ගොස් තිබේ.
http://biz.adaderana.lk/