- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි
විස්තීර්ණ ණය පහසුකමෙහි ප්‍රධාන අරමුණු වනුයේ ගෙවුම් තුලනය ශක්තිමත් කිරීම සහ රජයේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා සහාය වීමයි. දෙවන සමාලෝචනය පිළිබඳ විධායක කමිටු සාකච්ඡාවෙන් අනතුරුව, දැඩි කාලගුණික තත්ත්වයන් හා ගෝලීය වෙළෙඳපොළ අස්ථාවරත්වයන් මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ පවතින ස්ථාවර සාර්ව ආර්ථික හා මූල්‍ය තත්ත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්විය.
විශේෂයෙන්ම නව දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැනි රජය විසින් ක්‍රියාත්මක කරන ලද රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාමාර්ග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක් වූ අතර, මූල්‍ය ස්ථායීතා දර්ශකයන් හි ස්ථාවරතාවය සහ අඛණ්ඩ ජාත්‍යන්තර සංචිත රැස්කර ගැනීමටත්, විදේශ විනිමය අනුපාතිකයේ ඉහළ නම්‍යශීලී බවක් පවත්වා ගැනීමටත් බලධාරීන් විසින් දරනු ලබන ප්‍රයත්නය ඇගයීමට ලක්කර ඇත. විස්තීර්ණ ණය පහසුකම යටතේ වන ප්‍රමාණාත්මක කාර්යසාධන මිනුම් සම්පූර්ණ කර ගැනීම සඳහා බලධාරීන් විසින් ගනු ලබන වෑයම ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්විය.
විස්තීර්ණ ණය පහසුකම අඛණ්ඩව ලැබීම මගින් බාහිර කම්පනයන්ට ඔරොත්තු දීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ශක්තිමත් කර ගැනීමටත්, සාර්ව ආර්ථික ස්ථායිතාව වර්ධනය කර ගැනීමටත් හැකි වන අතර, එමගින් මැදි කාලීන ආර්ථික වර්ධනය අත්කර ගැනීමට සහ වෙළෙඳපොළ විශ්වාසය ඉහළ නංවා ගැනීමට හැකි වනු ඇත.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 8793
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම
Re: ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
- Ethical TraderTop contributor
- Posts : 5567
Join date : 2014-02-28